A shooting – දෙහිවල දුම්රිය ස්ථානය අසල දී පුද්ගලයෙකු ඉලක්ක කර වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.
එම වෙඩි තැබීමෙන් අදාළ පුද්ගලයා තුවාල ලබා ඇති අතර, ඔහුව කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇති බවයි සඳහන් වෙන්නේ.
යතුරුපැදියකින් පැමිණි නාඳුනන වෙඩික්කරුවන් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදු කර ඇති අතර, වෙඩි තැබීම සිදු කර ඔවුන් පළා ගොස් ඇති බවයි වාර්තා වෙන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරනවා.