Newsසිහින දේශපාලන මාවත’ විවර කරන්න රජය ඉඩ දෙන්නේ නැහැ

සිහින දේශපාලන මාවත’ විවර කරන්න රජය ඉඩ දෙන්නේ නැහැ

-

spot_img

ත්‍රිකුණාමලය සිදුවීම පදනම් කරගෙන තමන්ගේ ‘සිහින දේශපාලන මාවත’ විවර කර ගැනීමට කිසිවෙකුට ඉඩ ලබා නොදෙන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.

ඒ අනුව, මෙම සිදුවීම භාවිතා කරමින්, තමන්ගේ දේශපාලන ගමන් මග සාදා ගැනීමට හෝ රැස්වීම්වලට සෙනඟ ගෙන්වා ගැනීමට රජය කිසිදු ඉඩක් ලබා නොදෙන බවයි අද (18) කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

ත්‍රිකුණාමලයේ විහාරස්ථාන භූමියක තැන්පත් කර තිබුණු බුද්ධ ප්‍රතිමාවක් ඉවත් කිරීමට පොලීසිය පියවර ගැනීමේ සිද්ධියේදී, පොලීසිය අතින් යම් වරදක් සිදුව ඇත්නම් ඒ පිළිබඳ පරීක්ෂණයක් සිදුකර අදාළ ක්‍රියාමාර්ග ගන්නා බවද කැබිනට් ප්‍රකාශකවරයා සඳහන් කළා.

බුදු පිළිම වහන්සේ ඉවත් කිරීමට පොලීසිය කටයුතු කර ඇත්තේ එහි ඇතිවූ නොසන්සුන්තාවය පාලනය කිරීමට බවත්, ඉන්පසු නැවත බුදු පිළිමය එම ස්ථානයේ තැන්පත් කර ඇති බවත්, ඔහු පැවසුවා.

මේ සම්බන්ධයෙන් වන නඩුව නොවැම්බර් 26 වැනිදා කැඳවීමට නියමිත අතර, ඒ සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන බවයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

 

Latest news

සිල්වර් ඩෝන් සුඛෝපභෝගී නෞකාවේ ශ්‍රී ලංකා සංචාරය

සිල්වර් ඩෝන් නැමැති අතිසුඛෝපභෝගී මගී නෞකාව  ඊයේ ( 09) ගාල්ල වරායට පැමිණ තිබේ.සංචාරකයන් 596 දෙනෙකු රැගත් මෙම නෞකාව දින 141ක ලෝක සංචාරයක...

ගාල්ල බන්ධනාගාරයේ කාන්තා වාට්ටුවෙන් සොයාගත් ජීව උණ්ඩ

ගාල්ල බන්ධනාගාරයේ තිබී ජීව උණ්ඩ කිහිපයක් සොයාගෙන තිබෙනවා.ඒ බන්ධනාගාර නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමකදීයි. බන්ධනාගාරයේ කාන්තා රැඳවූවන් රඳවා...

අද දවසේ වැසි ඇතිවන ප්‍රදේශ සහ ඉර මුදුන් වන ප්‍රදේශ

අද (අප්‍රේල් 07) දිනයේදී උතුරු, උතුරු-මැද, මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණු පළාත්වල ප.ව 1.00 න් පසුව තැනින් තැන වැසි...

ජනපති අනුරගේ පාස්කු ඉරුදින පණිවිඩය

දුකට පත් ජනතාවගේ ගැලවීම වෙනුවෙන් සිය ජීවිතය කැප කළ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසප්‍රාප්තියෙන් පසු මරණයේ අඳුර පරාජය කරමින් උත්ථානය...
- Advertisement -spot_img

රත් දෝතළු – 65

රත් දෝතළු - 65 මා නිසා අහස්ගේ කාර්යයන් පහසුව ඇති බව විනිෆ්‍රීඩා මහත්මිය මා සමඟ කීවාය. බොහෝ විට මම ඔහුගේ...

අහඹු සිදුවීම් ජිවිතේ වෙනස් කරනව

අහඹු සිදුවීම් ජිවිතේ වෙනස් කරනව - It Was Just an Accident හැමදේකටම හේතුවක් තියෙනව. අපි අහම්බයක් කියලා හිතන දෙයක් වුණත්...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you