NovelsRath Dothaluරත් දෝතළු - 65

රත් දෝතළු – 65

-

spot_img

රත් දෝතළු – 65

මා නිසා අහස්ගේ කාර්යයන් පහසුව ඇති බව විනිෆ්‍රීඩා මහත්මිය මා සමඟ කීවාය. බොහෝ විට මම ඔහුගේ කාර්යාලයට යන්නේ විනිෆ්‍රීඩා මහත්මිය දහවල් කාලයේ මඳක් විවේක ගන්නා මොහොතේදීය. එවන් විටෙක ශීලා ඇගේ තනියට පැමිණ කාමරයට වී හිඳියි. දිනක් රාඝද අහස් හමුවට පැමිණෙන විට මාද සිටියේ එහිය.

“අලුත් ඇසිස්ටන්ට් බලලා යන්න ආවේ…”

ඔහු කීවේ විහිළුවට බව දැන මම මඳහසක් පෑවෙමි. ඔවුනට කතාබහ කිරීමට ඉඩහැර මම මඳක් ඉවතට යෑමට සිතා නැඟී සිටින විට අහස් මා වළකාලීය.

“මම ආවට කමක් නැහැ… ඔයා ඔයාගේ වැඩේ කරන්න… දන්නවානේ ඔයාගේ බොස්ගේ හැටි…”

රාඝව කීය. පසුව ඔහු මගෙන් තොරතුරු විමසීය.

“හොඳින් ඉන්නව සර්…”

මම කීවෙමි.

“අයියෝ… අයියෝ… අරවින්දි… මට ඔය සර් නොකීවට කමක් නැහැ… රාඝව කියලා කතා කරන්න…”

“ඒත්… එහෙම හොඳ නැහැනේ… සර්…”

“මොකක්ද නොහොඳ… අහස් ඔයාගේ බොස් වුණාට මං ඔයාගේ බොස් නෙවේනේ…”

රාඝව කී දේට මඳහසක් පාමින් මම අහස් දෙසට බැල්මක් හෙළීමි. ඔහු පරිඝණකය වෙත අවධානය යොමා සිටියද රාඝව කී දේ ඇසුණු බවට සාක්ෂි සැපවූයේ ඔහු මුවේ වූ සිනහවය.

“ඔය ළමයට වැඩක් කරගන්න දීලා මෙන්න මෙහට වරෙන් රඝූ…”

ඔහු හැරී නොබලාම කීවේය.

“ළමයා… පුහ් : කොහොමද ඒක… මං ඔයා එක්ක කතාකරන එකට ජෙලස්…”

ඔහු සිනහසෙමින් අසුනින් නැඟී සිටියේය. මමද ලද අවසරයෙන් නැඟී සිටියේ ඔවුනට තේ සාදාගෙන එන්නම් යැයි කියාය. රාඝව පැමිණියේ කුමක් හෝ වැදගත් යමකට විය යුතුයැයි මම අනුමාන කළෙමි. නොඑසේ නම් ඔහු මෙවන් වෙලාවක මෙහි පැමිණෙන්නේ නැත. ගෙතුළට පැමිණි මම විනිෆ්‍රීඩා මහත්මියගේ කාමරයටද හිස පොවා බැලීමි. ඈ සිටියේ.සුව නින්දක වූ අතර බිම වැතිර සිටි ශීලාටද නින්ද ගොස් තිබිණි. මම තේ සාදාගෙන එන අතරේ අහස් සහ රාඝව බර කතා බහක නිරතව සිටියෝය.

“උඹ දැන් මේ සීරියස්මද මේක කරන්න කියන්නේ…?”

රාඝව අසනු මට ඇසුණේ දොරින් ඇතුළුවන විටමය. මා පැමිණියා කියා එම කතා බහ නොනැවතුණෙන් එය රහසිගත වූවක් නොවන බව දැන මම ගොස් දෙදෙනාටම තේ පිළිගන්වා මගේ මේසයට හිඳගතිමි.

“ඔව්… සීරියස්… මං ජෝක් කරන්නේ නැහැ කියලා උඹ දන්නවනේ…”

“ඒකම තමා මටත් පුදුම… ඒත් මේකේ සයිඩ් එෆෙක්ට් එක ගැන උඹ හිතුවද…?”

“ඕනම දේක සයිඩ් එෆෙක්ට් එකක් තියනවා මචං… පැනඩෝල් පෙත්තක් බිව්වත් සයිඩ් එෆෙක්ට් එකක් තියනවානේ… ඩ්‍රින්ක් එකක් ගත්තත් එහෙමයි…”

ඔවුන් කතාකරන්නේ බෙහෙතක් ගැනදැයි කියා මම සිතුවෙමි.

“අනේ මන්දා මචං… ඒත් තව ටිකක් හිතුවොත් මොකද…?”

“මං හොඳට හිතලා මේක ඩිසයිඩ් කළේ මචං… තව හිතන්න දෙයක් නැහැ… අවුරුදු ගානක් මං ඒ ගැන හිතුවා… මේක හදිසියේ ගත්ත ඩිසිෂන් එකක් නෙවේ…”

“රොසෑන්ගේ අෆෙයාර් එකෙන් පස්සෙද…?”

ඇගේ නම සඳහන් වන විට මම තිගැස්සී ගියෙමි.

“ඒක අෆෙයාර් එකක් කියලා කියන්න බැහැනේ මචං… ඒ මඟුලට මං අකමැත්තෙන් හරි කැමති වුණේ අම්මා නිසා… හැබැයි උඹම දන්නවානේ රඝූ… මං ඒ මරාලෙන් ගැළවෙන්න කාපු කට්ට…”

“අම්මා තාත්තා කිව්ව පළියට කවදාවත් ඔය වගේ මෝඩ තීරණ නම් ගන්න හොඳ නැහැ… රොසෑන්ගේ කැරැක්ටර් එක එළිනොවෙන්න… අද උඹ ඔය මරාලෙට කර ගහලා අහස්…”

“එහෙම වෙන්න තිබුණා මං හද්ද මෝඩයෙක් වුණා නම්…!”

“ජීවිතේ ගැන ඔය වගේ තීරණ ගන්නකොට අම්මා තාත්තාගේ මතේට විතරක් ඉඩ දෙන්න නරකයි… තමන්ගේ බුද්ධියෙනුත් හොඳට හිතලා මතලා තීරණ ගන්න ඕන… කරපු මොනම හරි හොඳක් නිසා උඹ ගැලවුණා… නැත්නම් උඹ අදටත් පසුතැවී තැවී ජිවත් වෙන්නේ…”

“අන්න ඒ නිසා තමා… මං මේ තීරණේ ගත්තේ…”

දෙදෙනාගේ කතාබහ මට නොවැටහිණි. අහස් විවාහ වීමට අදහසක් නැත්නම් ගිහිහෙය අතහැර යෑමටවත් සැරසෙනවාද…? එසේ වීමටද හැකියාවක් නොමැත්තේ ඔවුන් කතෝලිකයන් වීම නිසාය. එසේනම්..?

“ඔන්න ඕක තමා කියන්නේ ඌරගේ මාළු ඌරගේ ඇඟේ තියලම කපනවා කියලා… උඹ මං කියපු දේ හොඳ පොයින්ට් එකක් කරගත්තා…”

“පොයින්ට් නෙවේ… මං අදහස් කළේ ඒ දේ…”

“හරි හරි… දැන් කවද්ද මේක දාන්න ඕන…?”

“දැන්ම හදිසියක් නැහැ… මං කියන්නම්…”

“ඒක හොඳයි… මං නම් කියන්නේ… තව කල් අරන් හිතලා බලන්න කියලා… ඕවට ක්‍රම ඊට වඩා තියනවා…”

“මං දන්නවා… ඒත් උඹේ ක්‍රමේට නෙවේ මම වැඩ කරන්නේ… මගේ ක්‍රමේට… ලීගලි මට මේක වෙන්න ඕන…”

එසේනම් අහස් සැරසෙන්නේ පුවත්පතකට මංගල දැන්වීමක් පළකිරීමටද කියා මට යළිත් සිතිණි. මා සිත සියුම් ලෙස හිරිවැටී ගියේ මන්ද කියා මට සිතා ගන්නට නොහැකි විය. මා සිතේ ඔහු කෙරෙහි ඇත්තේ කුමනාකාරයේ හැඟීමක්ද කියා මට සිතාගන්නට නොහැකි විය. මම ඔහු ප්‍රිය කළෙමි. ඒ ආදරය නිසාද කියා මම බිය වූයෙමි. ඔහුත් මා පිළිබඳව වඩා සැළකිලිමත් වන්නේ ආදරය නිසාද කියාත් මට වරෙක සිතී තිබිණි. ඒ සිතුවිල්ල මා සිත හිරිවට්ටවා දැමුවද එය මට සිහිනෙන්වත් සිතීමට බැරිතරම් බියකරුය. ඔහු සිටින්නේ එතරම් දුරකය. සැබෑවටම අහස තරමට ඔහු දුරය. කෙසේ වුවත් ඔහුගේ එම සැළකිලිමත්භාවය හුදෙක් අනුකම්පාවක් පමණක් යැයි කියා මට මේ මොහොතේදී වැටහී ගියේ ඔහු මංගල දැන්වීමක් පළකිරීමට යන බව අවබෝධ වීමෙනි. සුසුමක් මා මුවින් ගිලිහෙන විට මම මගේ කාර්යය කෙරෙහි අවධානය යොමුකළෙමි.

“උඹේ ක්‍රමේට වැඩේ කරපන්… තව හොඳට හිතලා…”

“හිතන්න ඕන තරම් දිග දුරට හිතලා තමා මං උඹට මේක කිව්වේ…”

“හරි…හරි… තව ටිකක් හිතපන්… මං එන්නම් එහෙනම් නිදහසේ මේ ගැන කතාකරන්න… ඇඩ් එක දාන්න කළින්…”

රාඝව අපෙන් සමුගෙන යන්නට ගිය පසුව එහි පැවතියේ දිගු නිහැඬියාවකි.

“අරවින්දි…”

සුළු මොහොතකට පසුව ඇසුණු අහස්ගේ හඬින් මම හැරී ඔහු දෙස බැලීමි.

“සර්…”

“අරවින්දි මොනවද හිතන්නේ මැරීඩ් ලයිෆ් එක ගැන…?”

ඔහු ඇසුවේ මා කිසි මොහොතක බලාපොරොත්තුව නොසිටි පැනයක් නිසා මම අන්දමන්දව ගියෙමි.

“මැරීඩ් ලයිෆ් එක… අනේ මන්දා සර්… මං එහෙම දෙයක් ගැන හිතලා හිටියේ නැති නිසා… මොනව කියන්නද කියලා මට හිතාගන්න බැහැ…”

“හිතුවේ නැති වුණත්… ඔයාට ඒ ගැන අයිඩියා එකක් හරි ඇතිනේ… නැත්ද…?”

මම මොහොතක් නිහඬව සිටියෙමි. බිත්තියේ එල්ලා තිබූ ඔරලෝසුවේ “ටික්..ටික් ” නාදය ඇසෙන තරම් එහි වූයේ නිහැඬියාවකි. අහස් මා දෙස බලා සිටින්නේ මගෙන් පිළිතුරක් ලැබෙන තුරු මෙනි.

“විවාහ ජීවිතේ කියන්නේ සර්… හොඳ විශ්වාසයක්… අවංකභාවයක්…. ආදරයක් වගේම එකිනෙකා වෙනුවෙන් කැප විය යුතු බැඳීමක්… ඒ කිසි දෙයක් නැත්නම්… විවාහයක් සාර්ථක වෙන්නේ නැහැ… සමහර අය හිතන්න පුළුවන්… සල්ලි තිබ්බොත්… යාන වාහන… දේපළ තිබ්බා නම් හොඳ පවුල් ජීවිතයක් ගතකරන්න පුළුවන් කියලානේ…”

“ඉතින් එහෙම නෙවේද?”

“සල්ලි දේපළ තිබිලත් අසාර්ථක පවුල් ජීවිත නැත්ද සර්… පිටින් පේන්න හිනාවෙලා හිටියට… ගොඩාක් අය ප්‍රශ්න කරදර වලින් ඉන්නේ… අපි දුප්පත්… තාත්තට ස්ථිර ආදායමක් තිබුණේ නැහැ… ඒත් අම්මායි තාත්තායි කවදාවත් රණ්ඩු සරුවල් නැතුව හොඳට ජීවත් වුණා… තාත්තාට අසනීප වුණාට පස්සේ වැඩ කරන්න බැරි වෙනකොට අම්මා පවුලේ බර කරට අරන් ඉවරයි…. ඒ දෙන්නා අතරේ හොඳ අවබෝධයක් තිබුණා… අම්මා ගෙදර අඩුපාඩු කිය කියා තාත්තට වදයක් වුණේ නැහැ… එයාලා පිටින් පෙන්නගෙන ආදරේ නොකළාට… දෙන්නාට දෙන්නා අදටත් ඉන්නේ ආදරෙන්… ඒ ඒ දෙන්නා අතරේ අවබෝධය… කැපකිරීම, විශ්වාසය තිබුණු නිසා…”

“හ්ම්ම්… එහෙම ජීවිත හරි අඩුයි…”

“එහෙම ජීවිතත් තියනවා සර්… වැඩේ කියන්නේ මිනිස්සු ඒවා ලෝකෙට පේන්න නොකරන නිසා… ඒත් සර්… ඇයි දැන් එහෙම ප්‍රශ්නයක් ඇහුවේ…?”

“නැහැ… නිකමට… ඒක නෙවේ… ඔයා අහලා තියනවද ලිවින් ටුගෙදර ගැන…? පිටරටවල වගේ දැන් ලංකාවෙත් ඕන තරම් අය එහෙම ජීවත් වෙනවා…”

මට සිහිවූයේ නිර්මාණිය. ඇයත් ජීවත්වන්නේ එසේ නොවේද.?

“ඔව්…මං දන්නවා…”

සුසුමක් හෙළමින් මම කීවෙමි.

“ඔයා මොකද හිතන්නේ ඒ ගැන…?”

“ඒ ජීවිතවල මොන පැවැත්මක්ද සර්… එහෙම ජීවත්වෙනකොට එක එක්කෙනාගේ අඩුපාඩු කැමති, අකමැති දේවල් දැනගන්න ලැබෙන එක ඇත්ත… ඒත් එහෙම ඉඳලාත් පස්සේ තේරුණොත් ඒ කෙනා නෙවේ ගැළපෙනම කෙනා කියලා.. එතකොට මොකද කරන්නේ… වෙන් වෙනවද…. ආයේ තව කෙනෙක් එක්ක ජීවත් වෙනවද… කී දෙනෙක්ව එහෙම ටෙස්ට් කර කර බලන්නද…?”

“ඔව්…ඔව්… ඒක ඇත්ත… හොඳ අවබෝධෙකින් ජීවත් වුණා නම් ප්‍රශ්නයක් නැහැ… සම්මතයද අසම්මතයද නෙවේ වැදගත්… තමන්ට ගැළපෙන කෙනා… ඒත් අරවින්දි… බැඳීම් කියන්නේ මට නම් කරදරයක්…”

මම දිගු සුසුමක් හෙළීමි. මා දැනටමත් ඔහු කෙරෙහි ඇති බැඳීමකින් වේදනා විඳින බවක් මට ඔහුට කියන්නට නොහැකිය. සුසුමක් මුදාහළ මා කළේ මුව මත මඳහසක් මවාගැනීමය.

-හෙටත් හමුවෙමු-

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news

අද දවසේ වැසි ඇතිවන ප්‍රදේශ සහ ඉර මුදුන් වන ප්‍රදේශ

අද (අප්‍රේල් 07) දිනයේදී උතුරු, උතුරු-මැද, මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණු පළාත්වල ප.ව 1.00 න් පසුව තැනින් තැන වැසි...

ජනපති අනුරගේ පාස්කු ඉරුදින පණිවිඩය

දුකට පත් ජනතාවගේ ගැලවීම වෙනුවෙන් සිය ජීවිතය කැප කළ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසප්‍රාප්තියෙන් පසු මරණයේ අඳුර පරාජය කරමින් උත්ථානය...

GMOA යළි හෙටත් වැඩවර්ජනයක

හෙට (04) දිනයේ නැවත වැඩවර්ජනයක් කැඳවීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර ඇත. ඒ අනුව හෙට පෙ.ව.08.00 සිට වැඩවර්ජනය ආරම්හ...

බස්නාහිර පළාතේ වාහන ජාවාරමක් වටලයි

බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය මගින් ක්‍රියාත්මක කළ විශේෂ මෙහෙයුමකදී නීති විරෝධී වාහන ජාවාරමක නිරත වූ පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. මීගහවත්ත...
- Advertisement -spot_img

අද දවසේ වැසි ඇතිවන ප්‍රදේශ සහ ඉර මුදුන් වන ප්‍රදේශ

අද (අප්‍රේල් 07) දිනයේදී උතුරු, උතුරු-මැද, මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණු පළාත්වල ප.ව 1.00 න් පසුව තැනින් තැන වැසි...

අපේ ගෙදර කිසිම දෙයක් තහනම් නෑ

අපේ ගෙදර කිසිම දෙයක් තහනම් නෑ - Suniel Shetty  90 දශකයේ බොලිවුඩ් ක්‍රියාදාම චිත්‍රපටවල වීරයා ඔහුයි. මතක හිටින රංගනය, සටන්...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you