NovelsRath Dothaluරත් දෝතළු - 61

රත් දෝතළු – 61

-

spot_img

රත් දෝතළු – 61

පැවතියේ මොහොතක නිහැඬියාවකි. පිටතින් සංගීත රාවය නිවස තුළට ගලා ආවේය. අහස් කුමක් කියාවිද කියා මම බලා සිටියේ කුහුළිනි.

“හැමකෙනාටම එහෙම නැහැ නෙවේ සුදු මම්මා… බහුතරයකට අද එහෙම තමා වෙලා තියෙන්නේ… දරුවෝ ළඟින් ඉඳන් සළකන්න නම් එක්කෝ හොඳට සල්ලි තියෙන්න ඕන… මොකද සමහරු ජොබ් කරන්නේ ගෙවල් වලින් දුර ඈත… හැමෝම එහෙම ළඟ හිටියත් සළකන්නේ නැහැ… සමහර අය දරුවෝ හදනවා විතරයි… දරුවන්ට යුතුකම් ඉෂ්ඨ කරලා නැහැ… හැබැයි දරුවන්ගෙන් යුතුකම් බලාපොරොත්තු වෙනවා… ළමයි බලනවා කියලා එහෙම බලනවා නම් මේ රටේ මහළු මඩම් වැහිලා… මේ සේරම බොරු මනස්ගාත… මේ නිදහස් ජීවිතේ සැපයි…”

ඔහු කියන දේද සත්‍යයකැයි කියා මටද සිතිණි. මෙවන් දේ සිදුවන්නේ නම් බොහෝවිට ධනවත් පවුල්වලය. ගමේ මිනිසුන් නම් කවදාවත් මව්පියන් මහළු මඩම්වලට ගෙන යන්නේ නැත.

“උඹ කියන කතාව එක පැත්තකින් හරි… ඒත්… ඉතින් පරම්පරාව ගෙනියන්න නම් දරුවෙක් ඉන්න ඕන… ජීවිතේ අත්වැලක් වෙන්න ගැහැණියක් ඉන්න ඕන… මැරීඩ් ලයිෆ් කියන්නේ උඹ අර කලින් කියපු දේට දෙන සර්ටිෆිකට් එකක් විතරක් නෙවේ…”

“එහෙම ලයිෆ් පාර්ට්නර් කෙනෙක් ඉන්නම ඕන කියලා දෙයක් නැහැ රඝූ… මේවා මිනිස්සු හදාගත්ත ඒවා… තනියම ජීවත් වෙන ගැහැණු මිනිස්සු මේ ලෝකේ ඕන තරම් ඉන්නවා… තමුන්ගේ ජීවිතේ ගොඩනඟා ගන්න ඕන තමුන්මයි… අරයා ඉඳියි මෙයා ඉඳියි කියලා හිතාගෙන ජීවත් වෙන්න බැහැ… මං දැන් කා ගැනවත් විශ්වාස කරන්නේ නැහැ… රොසෑන්ට මං කොහොමවත් කැමැත්තෙන් හිටියේ නැහැ… අම්මාගෙ වදේ නිසා මං පොඩ්ඩක් බුරුලක් පෙන්නුවට… මං එයා ගැන හොඳට හොයලා බැලුවේ නැත්නම් අද මට මොකද වෙන්න තිබුණේ… මං ඒ දවස්වල මොනතරම් ස්ට්‍රෙස් එකකින්ද හිටියේ…”

“ඒක අපි දන්නවා මචං…”

“කෙනෙක් මැරි නොකර තනියම නිදහසේ ජීවත් වෙන්න හිතන් ඉන්න එකටත් මිනිස්සු මෙච්චර අකමැති ඇයි කියලා මට හිතාගන්න බැහැ…”

ඔහුගේ හඬේ වූයේ කෝපයක්ද නැතිනම් කලකිරීමක්ද කියා මට සිතාගැනීම අපජසු විය. මා සිතේ ඔහු කෙරෙහි උපන්නේ අනුකම්පාමුසු හැඟීමකි. කතාබහ කරමින්ම අපි කෑමගෙන අවසන්ව තිබිණි. මම නැඟිට කෑම මේසය අස්පස් කරන විට අහස්ද මට සහාය විය. විහඟ එහි කඩා වැදුණේ ඒ මොහොතේය.

“ඕහ්.. මයි ගෝඩ්… මොකක්ද මෙතන වෙන්නේ… මං හැමතැනම ඔයාලා හෙව්වා… ඔයාලා එකතුවෙලා මෙතන ඉඳන් ඩිනර් ගත්තාද… එක්සලන්ට්… වෙරි නයිස් බිග් බ්‍රෝ…”

ඔහු නොසතුටෙනුත් නොමනාපයෙනුත් කියාගෙන ගිය අතර විහඟ මත්පැන් පානය කර ඇතැයි කියා මට සිතිණි.

“තමුන් අර කොහෙවත් ඉන්න උන්වත් ගෙන්නගන්නවා කියලා දන්නවා නම් මං ඔය පැත්තටවත් එන්නේ නැහැ…”

අහස් කීවේ නොමනාපය මුසු කෝපයකිනි.

“වට්… මං මොනවද කළේ…? මං කාටවත් එන්න කිව්වේ නැහැ… ආස්ක් යුව..ර්…ර් ර් මදර් බිග් බ්‍රෝ… මට ඒ වල් ගෑ…ණිව පේන්න බැහැ… යූ නෝ බිග් බ්‍රෝ… ඔයාව අල්ලගන්න බැරි වුණාම එයා මා ගාවට ආවා… ඒකි එක්ක….නිදා…”

ඔහු ඉතිරිය නොකියා නිහඬ වූයේ මා දෙසට ඉක්මන් බැල්මක් හෙළමිනි. මම වහා නෙත් බිමට යොමා ගත්තේ රොසෑන් කෙරෙහි අලුතින් උපන් පිළිකුළින් යුතුවය.

“චූටි පුතා…”

විනිෆ්‍රීඩා මහත්මිය කෑ ගැසුවේ එය අදහාගන්නට නොහැකිව මෙනි.

“ඔව් සුදු මම්මා… මං ඒකිව පන්නලා දැම්මා… පාරෙ ඉන්න බැල්ලියොත් හොඳයි ඊට වඩා…”

විහඟ එසේ කියා යළි ඉවත ගියේ එහි විශාල නිහඬ බවක් ඇතිකරමිනි.
————————————————————————————————————————————————————-
මිනිසෙකුගේ ජීවිතය ස්වර්ගයක් කිරීමටත් අපායක් කිරීමටත් ගැහැණියකට හැකියැයි කියන කියමන සත්‍යයකැයි කියා මට සිතුණේ රොසෑන් නිසාය. අහස් ඒ රාගයෙන් ඔත්පළ වූ ගැහැණියගෙන් බේරී තිබුණේ ඔහුගේ යහපත් ගතිගුණ නිසා වන්නට ඇත. ඈ කෙතරම් නිර්ලැජ්ජී ගැහැණියකද යත් අහස් අල්ලා ගන්නට නොහැකි වූ තැන විහඟටද දැල එළන්නට සූදානම්ව ඇත. සිතුවිලි අතර වල්මත්ව මම උදෑසන තේ සූදානම් කරන අතරේ විනිෆ්‍රීඩා මහත්මියද එහි පැමිණියාය.

“ඔයා උදෙන්ම ඇහැරිලා නේද… මට නම් නින්ද ගියෙත් නැහැ ළමයෝ…”

“පුරුද්දට ඇහැරුණේ මැඩම්… මටත් හරියට නින්දක් නැහැ ඊයේ…”

මමද කීවෙමි. විහඟත් අහසුත් දෙදෙනාම එක්වරම එහි පැමිණියේ කතාකරගත්තාක් මෙනි. අද ඉරු දිනක් වීත් ඔවුන් මෙතරම් උදයෙන් අවදිවීම පුදුමයකි.

“මේ මොකද අද දෙන්නාම කවදාවත් නැතුව උදෙන්ම ඇහැරිලා…?”

මා මෙන්ම පුදුමයට පත්ව සිටි විනිෆ්‍රීඩා මහත්මිය ඇසුවේ දෙදෙනා දෙසම මාරුවෙන් මාරුවට බලමිනි.

“නින්ද ගියේ නැහැ සුදු මම්මා…”

ඔවුන් දෙදෙනාම කීවේ එක්වරමය. විනිෆ්‍රීඩා මහත්මිය මා වෙත ඉක්මන් බැල්මක් හෙළුවාය.

“අපිටත් ඒකම තමා…”

සුසුමක් හෙළමින් ඈ කී අතර මම ඔවුන් තිදෙනාටම තේ පිළිගැන්වූයෙමි.

“ඊයේ වෙච්ච දේට මට හරි කණගාටුයි සුදු මම්මා… මං එච්චර දෙයක් දැනගෙන හිටියේ නැහැ…”

විහඟ මේ මොහොතේ කීවේ වඩා පසුතැවිලි හඬකිනි.

“දැන් ඕවා හිතලා වැඩක් නැහැ පුතා… මේවා ඔයාලගේ අම්මාගේ වැරදි…”

විනිෆ්‍රීඩා මහත්මිය කීවේද අලුතින් සුසුමක් හෙළමිනි. ඔවුන් කෑම මේසයට හිඳ කතාබස් කරමින් සිටින අතරේ මම එතනින් මෑත්ව පිටතට ඒමට සූදානම් වූ මුත් අහස් මා ඇමතුවෙන් මම ආපසු හැරී බැලීමි.

“සර්…”

“කොහෙද යන්නේ… මෙහෙ එන්න… අපි එක්කම තේ බොන්න…”

එයට විරුද්ධ වන්නට මට නොසිතිණි. මමද ගොස් ඔවුන් සමඟ හිඳගතිමි.

“අම්මට දෙකක් කියන්නම්කෝ මං…”

විහඟ කීවේ අලුතින් ඇති වූ කෝපයෙනි. නිහඬව මොහොතක් ගෙවී ගිය අතර විශාකා මහත්මිය එහි පෙනී සිටියේ මා සිතේ අලුත් තිගැස්මක් ඇතිකරමිනි. ඈ මෙහි නැවතී ඇතිබවක් මා දැන සිටියේ නැත. ඇය එක් බැල්මකින් අප සියළු දෙනම සිය ග්‍රහණයට නතු කරගත්තාය.

“මෙයාලා මෙතන තේ බොනවා… මං අරෙහේ තේ හදලා මෙයාලා බලන්න යනකොට දෙන්නාම නැහැ…”

ඈ දෝෂාරෝපණයක් එල්ල කරන විට විනිෆ්‍රීඩා මහත්මිය හිස් තේ කෝප්පය මේසය මත තබා රෝද පුටුව කරකවමින් ඉවතට ගියේ සොහොයුරිය කෙරෙහි ඇතිකරගෙන සිටි නොමනාපය නිසා බවට සැකයක් නැත.

“වෙනදාටත් ඔයා අපිට තේ හැදුවද… අද මොකෝ මේ කවදාවත් නැතිව…”

විහඟගේ හඬේ වූයේ උපහාසයකි. මමද අසුන මතින් නැඟී සිටියේ විනීෆ්‍රීඩා මහත්මියගේ හිස් තේ කෝප්පයත් රැගෙනය. ඒ සමඟම අහස්ද නැඟී සිටියේය.
මම ඔහුගේ කෝප්පයත් ගන්නට දෑත දිගුකරන විට ඔහු කීවේ ඔහු එය සෝදන්නම් කියාය.

“කමක් නැහැ දෙන්නකෝ…”

ඔහු එය නෑසුණාසේ සේදුම් බේසම සමීපයට යෑමට සූදානම් වූයේ මා පසුකරගෙනය. මම පසෙකට වූයේ ඔහුට ඉඩහරිමින් වුවද පය පැටළී මා ඇද වැටෙන්නට යන විට අහස් වහා මා බඳවටා දෑත යවා මා වත්තන් කරගන්නා විට මා සිතේ ඇතිවූයේ තැතිගැන්මකි. ඔහු වහා මා මුදාහැරි අතර මම සමාව යදිමින් පසෙකට වූයෙමි.

“මේක හරි කෝළමක් වුණානේ… උඹ හදන්නේ මගේ කොල්ලෝ දෙන්නා එක්කම නටන්නද…?”

සිතීමට කාලයක් මා හට නොවීය. මා අසළට ළංව මගේ කම්මුලට ගැසූ පහරින් මම වික්ෂිප්තව ගියෙමි. මා දෑස් පවා නිලංකාරව ගියාක් මෙනි. මුළු කම්මුලම පුපුරු ගසන වේදනාවක් මට දැනිණි. කම්මුලට අත තබාගෙන මම අනෙක් පසට හැරෙන විට අහස් මා පසෙකට ඇද මා පසුපසට කරගෙන පවුරක් මෙන් සිටගත්තේය.

“තමුන්ට පිස්සු හැදිලාද…?”

ඔහු කෝපයෙන් කෑ ගසන විට විහඟ අසුන පසෙකට තල්ලු කරමින් ඇසිල්ලකින් විශාකා මහත්මිය අසලට ආවේය.

“පිස්සු… පිස්සු මට නෙවේ… මේකි උඹලා දෙන්නාවම නටවනවා… මේකිට මම…”

ඈ යළිත් වරක් මට පහර දෙන්නට මෙන් සැරසෙන විට විහඟ ඈ අතින් ඇදගත්තේය.

“ඔයා ඔයාගේ සීමාවේ හිටියොත් හොඳයි… නැත්නම් මට අමතක වෙයි තමුන් මගේ අම්මා කියලත්…”

ඒ අහස් වූ අතර ඔහුගේ හඬ පහත් වුවත් ඉතා දැඩි විය. විනිෆ්‍රීඩා මහත්මිය ඔහු දෙස බලා සිටියේ විදහාගත් දෑසිනි.

“මේකි නිසා මට කතාකරනේ ඔහොමද… අවලම් බැල්ලි…”

“නවත්ත ගන්න… ඔයා අර කරේ තියන් ඉන්න දඩාවතේ යන බැල්ලිට වඩා නම් අරවින්දි සීයට සීයක් හොඳයි… දැන් ඔයා මෙතනින් ගියොත් හොඳයි… මෙතන ඩ්‍රාමා එකක් නොකර…”

විහඟ ඈ ඇදගෙන මෙන් ඉවතට ගියේ ඈ කෝපයෙන් මොනවාදෝ කියමින් කෑ ගසන විටය.

“අයෑම් සොරි අරවින්දි…”

අහස් කීවේ මා මුහුණ ඔහු දෝතට ගන්නට වෑයම් කරමින් මුත් කිසිත් නොකී මම වහා ඔහු කෙරෙන් ඉවත්ව කාමරයට විත් දොරඟුළු ලා ගතිමි.

-අප්‍රේල් 6 වන සඳුදා නැවත හමුවෙමු-

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news

GMOA යළි හෙටත් වැඩවර්ජනයක

හෙට (04) දිනයේ නැවත වැඩවර්ජනයක් කැඳවීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර ඇත. ඒ අනුව හෙට පෙ.ව.08.00 සිට වැඩවර්ජනය ආරම්හ...

බස්නාහිර පළාතේ වාහන ජාවාරමක් වටලයි

බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය මගින් ක්‍රියාත්මක කළ විශේෂ මෙහෙයුමකදී නීති විරෝධී වාහන ජාවාරමක නිරත වූ පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. මීගහවත්ත...

ට්‍රම්ප්ගේ ප්‍රකාශයකට ඉරානයෙන් ප්‍රතිචාර

අමෙරිකා එක්සත් ජනපදය සමඟ කිසිදු ආකාරයක සාකච්ඡාවක් පවත්වා නොමැති බව ඉරානය පවසනවා.ඉරාන පාර්ලිමේන්තු කථානායක මොහොමඩ් බගර් ගලිබාෆ් පවසන්නේ දෙපාර්ශ්වය...

කුෂ් සමග සැකකරුවන් දෙදෙනෙකු කටුනායකදි අත්අඩංගුවට

“ කුෂ්“ මත්ද්‍රව්‍ය ”, සම පැහැපත් කිරිමට යොදා ගන්නා “ කොලැජන් සහ “ විටමින් සී “ පෙති තොගයක් නීතිවිරෝධී...
- Advertisement -spot_img

ජීවිතේ පුරාම වේදනාව තිබුණත් මම නටනවා

ජීවිතේ පුරාම වේදනාව තිබුණත් මම නටනවා - Shakira සිය දිව්‍යමය හඬින්, කොළොම්බියානුවන්ට උරුම වූ ආකර්ෂණීය නර්තන විලාශයෙන් සේම සුන්දර පෙනුමෙන්...

රත් දෝතළු – 59

රත් දෝතළු - 59 විහඟ මේ දින කීපයේම සිටියේ නිවසේමය. මම හැකිතාක් ඔහු මඟහැර සිටීමට උත්සාහ කළෙමි. කුමක් හෝ කියාගෙන...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you