NovelsRath Dothaluරත් දෝතළු - 28

රත් දෝතළු – 28

-

spot_img

රත් දෝතළු – 28

නිර්මාණි පිළිතුරක් දෙන තුරු මා බලා සිටියේ කුහුල් සිතිනි.

“සංජු අද අපිව ඩිනර් එකකට එක්ක යනවා…”

ඈ එසේ කියනවිටම මසිත හැකිළී ගියේය.

“අනේ… මට බැහැ නිරූ… ඔයා යන්න…”

මම වහා කීවෙමි.

“මට බැහැ නෙවේ… සේරම රෙඩි කරලා ඉවරයි… ෆයිව් ස්ටාර් හොටෙල් එකකට යන්නේ… විකාර නැතුව අට වෙනකොට රෙඩි වෙලා ඉන්න… අපි දැන් තේ බොමු… මං වොෂ් එකක් දාන් එන්නම්…”

මා කිසිත් කීමටත් පෙර ඈ නැඟිට නාන කාමරයට වැදී දොර වසා ගත්තාය. නිර්මාණි එහි හිඳ ගීතයක් ගයනු මා සවන් වැකිණි.

“කෙඳිනද කූඩු තනන්නට එන්නේ
කෙඳිනද කූඩු වෙලා අප ඉන්නේ…”

සුසුමක් මුදාහරිමින් මම යහන මතින් බැස මුළුතැන්ගෙයට පැමිණියෙමි. තේ සාදාගෙන කුඩා රවුම් කෑම මේසයට හිඳගෙන මම නිර්මාණි එනතුරු බලා සිටියේ මේ ගමන නොයා සිටින මඟක් ගැනය.

“මොකද හලෝ මේ මිනිහා මැරුණු ගෑනි වගේ මනෝ ගහලා…”

නිර්මාණි එසේ අසමින් විත් හඬ නැඟෙන සේ පුටුවක් ඇද හිඳගත්තාය. ඈ සිටින්නේ සතුටින් බව පෙනිණි. ඇයට මා අද විහඟගේ නිවසට ගිය බවත් අමතකව ගොස් ඇතිවාක් මෙනි. නොඑසේ නම් ඈ ඒ බව අසන්නේ නිවසට ගොඩ වූ සැනින්මය. නමුත් මේ මොහොතේ නම් මා සිතමින් සිටියේ ඒ ගැන නම් නොවේ. රාත්‍රී භෝජනයට නොයා සිටින්නේ කෙසේද කියාය. තරු පන්තියේ හෝටලයකට හැඳගෙන යාමට තරම් සුදුසු ඇඳුමක් මා සතුව නැත. ඇරත් මා කෙදිනකවත් එවන් තැනකට ගොස් තිබුණේද නැත.

“නිරූ… මට එන්න බැහැ… ඔයාලා යන්න…”

පහත් හඬින් මම කීවෙමි. තේ උගුරක රස බලමින්ම ඈ මා දෙස යටැසින් බැලුවේ නොපහන් බවක් සටහන් වූ බැල්මකිනි.

“ඒ මොකද…? සංජු මේක ඇරෙන්ජ් කළේ ඔයා නිසාමයි… යාළුවාව ඩිනර් එකකට එක්ක යමු කිව්වේ එයා… මං මොකුත් කියලා නෙවේ… එයායි මායි ඕන තරම් ගිහින් තියනවා…”

ඈ නොසතුටෙන් එක දිගට කියවන් යනවිට මා සිතේ ඇති වූයේ මවිතයකි. කිසිදිනක දැක නොතිබූ මා වෙනුවෙන් ඔහු එවන් සත්කාරයක් කරන්නේ මන්ද.?

“මට හොඳ ඇඳුමක් නැහැ අනේ…”

නිර්මාණි මා දෙස බැලුවේ මුව ඇදකරගෙනය.

“ඕකද ප්‍රශ්නේ… මෝඩි… ඇඳුම් නම් ඔය මං ළඟ ඕන තරම් ඇති… ඒකක් ඇඳන් යමු… අපිව බලන්න ඔතන මොකෙක්වත් නැහැ…”

ඈ කීවේ සැහැල්ලුවෙනි.

“ඔයාගේ ඒවා මට ඇතිවෙයිද… මං ගාව තියෙන්නේ චීත්ත ගවුම් දෙකක් විතරයි… ඒවා ඇඳන් ඔහොම තැනකට යන්න බැහැනේ… ඒක අරයටත් හොඳ නැහැ…”

“ඒක එයා ගණන් ගනියි කියලා හිතන්න එපා… චීත්ත ගවුම හරි ඇඳුමක්නේ… හෙළුවෙන් නෙවේනේ යන්නේ…”

මම කිසිත් නොකීවෙමි. තර්ක කරන්නට තරම් දෙයක් නැත. අවසන් තුරුම්පුවද ගසා මා සිටියේ පරාජිතවය.

“දෙවියනේ අරවින්දි…”

ඈ එක්වරම කෑ ගැසූ විදියට මම බියෙන් තැති ගතිමි.

“මොකද නිරූ…?”

බියපත් හඬින් මම ඇසුවේ හදගැස්ම පවා වේගවත්ව ගැහෙන විටය.

“ඔයා අද අරෙහේ ගියානේද… මට අමතක වුණා… මොකද වුණේ…? මට සේරම කියනවා මුල ඉඳන්ම…”

ඈ අමතකව ගිය දේ සිහියට නැඟී කෑ ගසා තිබුණේ ඒ නිසාය.

“මෝඩයා… මං බයත් වුණා…”

තවමත් ගැහෙන ළය මත දෑත් තබාගනිමින් මම කීවෙමි.

“හරි… දැන් කියනවකෝ ඉතින්… අපේ නළුවා අද ගෙදර හිටියද…?”

මම නැතැයි කීවෙමි. ඇගේ මුහුණ බලා සිටියදී අඳුරු වූයේ බලාපොරොත්තු කඩ වූ නිසා වන්නට ඇත.

“විහඟ නැත්නම් ඉතින් අර වයසක ආච්චි අම්මාට වොලට් එක දීලා ආවද…? ගියාටත් පාඩුයි… වීල් එකට හයර් එක දුන්නා නේද…? වෙන කවුද හිටියේ ගෙදර… මට නොකියන මොනවා හරි තියනවා… කොල්ලෙක් වත් සෙට් වුණාද… ආව්… ආව්… මූණේ තියන පෙම් පාට… ඉතින් කියනවකෝ විස්තර… අගේ නොකර…”

ඈ එකදිගට විමසන්නට වූ අතර ඈ කියනා ලෙස මා මුහුණේ යම් වෙනසක් ඇති වූවාදැයි සැකයක් මා සිතේ ඇති විය.

“අගේ කරන්නම වැඩේ… වෙන නැතුවට… මට නම් මතක් වෙනකොටත් තරහයි…”

මවාගත් නොමනාපයකින් යුතුව මම කීවද සිතේ නම් එවැන්නක් නොවූ බව සහතිකය.

“ආහ්… එහෙනම් කොලු පරාණයක් යාන්තමට හරි ගෑවිලා තියනවා… ඉතින් දෙයියෝ… දැන්වත් කියනවාකෝ විස්තරේ…”

ඈ නොඉවසිලිමත්ව විමසන විට මම ඈ හා පැවසුවේ සිදුවීම් වලින් අඩක් පමණි. රැකියාව පිළිබඳව හෝ අහස් මා ගෙනවිත් හැරළීම පිළිබඳව මම කිසිත් නොපැවසුවේ එය පසුවට තබමිනි.

“මුගේ ආච්චිට…! දෙකක් අනින්න එපැයි… මං හිටියා නම් දමලා අරිනවා මූණටම…”

මා සිතූ ලෙසම් නිර්මාණි කීවේ කෝපයෙනි. ඔහුගේ වැරදි වැටහීමට හේතුව මම ඈ හා පැවසීමි.

“අද එහේ ඉන්ටර්වීව් එකක්… මාත් ආවේ ඒකට කියලා හිතලා තියෙන්නේ… ඒ මැඩම් නම් හරි පව්…”

යළිත් ඇති වුණු අනුකම්පාවෙන් යුතුව මම කීවෙමි.

“ඒකෙත් හැටි නේද… පව් පින් වලින් කමක් නැහැ… වීල් එකට හයර් එක ගෙව්වානේ..? ඔය සල්ලිකාරයෝ හරිම කුණු… මම මුලින්ම කිව්වා ඔය සල්ලි ටික අරන් වොලට් එක විසි කරමු කියලා… කෝ කියන දේ ඇහුවද… දැන් අහන් ආවේ ගිහින්…”

ඈ තව තවත් කෝපයෙන් කීවාය.

“කතාව තව ඉවර නැහැ… වීල් එකට සල්ලි දීලා කලින්ම ඒක යැව්වා… මට තේ ටිකක් බීලා යන්න කියලා මාව තියාගත්‍තා…”

මා සිතූ සේම ඈ විසල් කරගත් දෑසින් මදෙස බැලුවාය.

“මොකක්…! මෙයා එතකොට තේත් බීලාද ආවේ…? මං හිතුවා වොලට් එක දීලා අනික් පැත්තට ආයේ එන්න ඇති කියලා… ඔහොම ඉන්නවා… ඔහොම ඉන්නවා… මට ඇත්ත කියනවා… තමුන් මට නොකියන තව මොනවාහරි තියනවා නේද…? ත්‍රී වීල් එකත් ආයේම එව්වා නම් ආවේ මොකේද… බස් එකේද…?”

සැකමුසු හඬකින් ඈ ඇසුවේ මා දෙස විපරම් දෑසින් බලමිනි.

“අපෝ… මෙයත් හරියට අහස් සර් වගේ… එයත් ප්‍රශ්න අහන්නේ හරියට සී. අයි. ඩී වගේ…”

“ආහ්… ඒකත් එහෙමද… ඔය එන්නේ ටික ටික සේරම එළියට… නම එහෙනම් අහස්… මම කීවේ හූනා කියන්නා වගේ… මට නොකීව තව ගොඩාක් දේවල් තියනවා… කියනවා ඉතුරු ටිකත් හංගන්නේ නැතුව… අන්තිමේදි මට ගෙදර මිනිස්සුන්ට වග උත්තර බඳින්න වෙයි…”

“මං හංගපු කෙහෙල්මලක් නැහැ… මෙයාට විකාර… කතාව කියන්න දුන්නේ නැහැනේ… ආව ගමන් ඩිනර් එකක් කියලා මගේ ඔළුවත් අවුල් කළා…”

නොසතුටු මුහුණක් මවා ගනිමින් මම කීවෙමි.

“හරි ඉතින්… ඕක කියලා ඉවරකරනවා… අට වෙන්න තව වෙලා තියනවා…”

ඈ බිත්තියේ එල්ලා ඇති ඔරලෝසුව දෙස බලමින් කීවාය. තවම සවස හත වූවා පමණි.සූදානම් වීමට පැයක් ඇත. මම ඉතිරියත් ඈ හා පැවසුවද ඈ කතාව නිම කරන්නට ඉඩ නොතියා කෑ ගැසුවාය.

“ආහ්… ඔය තියෙන්නේ… රස රස සිදුවීම්… මම බොරුද කිව්වේ…? ට්‍රයිෂෝ එක එවලා… තේ බීලා දවල්ටත් කාලා මෙයා බස් එකේ නැඟලා ගෙදර ආවා… අනේ ගොනා…”

“විකාරද අනේ… තේ බිව්වා විතරයි… කන්න හිටියේ නැහැ… අනික බස් එකේ නෙවේ… අහස් සර් මාව මෙතන්ටම ගෙනත් ඇරළුවා…”

මම එය සාමන්‍ය සිදුවීමක් සේ කීවද නිර්මාණිගේ දෑස් විසල් වූයේ පෙරටත් වඩා විශ්මයෙනි.

“බුදු සන්තෝ…! ගෙනත් ඇරළුවා… හරි ෂෝක්… මේක නිකන් හිංදි මුවී එකක් වගේ… මුලින් දෙන්නා රංඩු වෙනවා… ඊට පස්සේ මෙයා සුපර් ගර්ල් වගේ අර රෝද පුටුවෙන් වැටෙන්න ගිය ආච්චිව බේරගන්නවා…”

“ආච්චි නෙවේ මෝඩයෝ… ඒ එයාගේ ලොකු අම්මා… අම්මාගේ අක්කා…”

“හා… මොකා හරි… එයාව වැටෙන්න යනකොට අල්ලගත්ත නිසා සහස්ද මොකාද මෙයාට කැමති වෙනවා… පස්සේ දෙන්නා එකතුවෙලා තේ හදනවා… ඒ ටික හොඳයි තේ කොළ ඇඩ් එකකට… මෙන්න ඊට පස්සේ මරාගන්න ගිය උන් එකට වාඩි වෙලා තේත් බීලා… ගෙදරටත් ගෙනත් ඇරලවනවා… ඔය ටික මුලින් නොකීවේ අගේ කරගන්න වුවමනාවට නේද…?”

“ඔව්… නැත්නම් වැඩක් නැහැනේ…”

“ආහ්… ඒකත් එහෙමද…? උඹලා දෙන්නා මුදු මාරුකරගත්තේ එහෙම නැහැනේ… කෝ පෙන්නනවා අත බලන්න…”

“විකාර…”

ඈ අල්ලාගන්නට දිගු කළ දෑත ගසා දමමින් මම කීවේ මුව ඇදකරගෙනය. ඈ උස් හඬින් සිනහසෙනවිට මා ඇයට රැව්වෙමි.

-හෙටත් හමුවෙමු-

Latest news

සිල්වර් ඩෝන් සුඛෝපභෝගී නෞකාවේ ශ්‍රී ලංකා සංචාරය

සිල්වර් ඩෝන් නැමැති අතිසුඛෝපභෝගී මගී නෞකාව  ඊයේ ( 09) ගාල්ල වරායට පැමිණ තිබේ.සංචාරකයන් 596 දෙනෙකු රැගත් මෙම නෞකාව දින 141ක ලෝක සංචාරයක...

ගාල්ල බන්ධනාගාරයේ කාන්තා වාට්ටුවෙන් සොයාගත් ජීව උණ්ඩ

ගාල්ල බන්ධනාගාරයේ තිබී ජීව උණ්ඩ කිහිපයක් සොයාගෙන තිබෙනවා.ඒ බන්ධනාගාර නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමකදීයි. බන්ධනාගාරයේ කාන්තා රැඳවූවන් රඳවා...

අද දවසේ වැසි ඇතිවන ප්‍රදේශ සහ ඉර මුදුන් වන ප්‍රදේශ

අද (අප්‍රේල් 07) දිනයේදී උතුරු, උතුරු-මැද, මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණු පළාත්වල ප.ව 1.00 න් පසුව තැනින් තැන වැසි...

ජනපති අනුරගේ පාස්කු ඉරුදින පණිවිඩය

දුකට පත් ජනතාවගේ ගැලවීම වෙනුවෙන් සිය ජීවිතය කැප කළ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසප්‍රාප්තියෙන් පසු මරණයේ අඳුර පරාජය කරමින් උත්ථානය...
- Advertisement -spot_img

රත් දෝතළු – 65

රත් දෝතළු - 65 මා නිසා අහස්ගේ කාර්යයන් පහසුව ඇති බව විනිෆ්‍රීඩා මහත්මිය මා සමඟ කීවාය. බොහෝ විට මම ඔහුගේ...

අහඹු සිදුවීම් ජිවිතේ වෙනස් කරනව

අහඹු සිදුවීම් ජිවිතේ වෙනස් කරනව - It Was Just an Accident හැමදේකටම හේතුවක් තියෙනව. අපි අහම්බයක් කියලා හිතන දෙයක් වුණත්...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you