More
    Interviewsමම නිළියක් වෙන්න හිතුවෙ නෑ

    මම නිළියක් වෙන්න හිතුවෙ නෑ

    -

    spot_img

    මම නිළියක් වෙන්න හිතුවෙ නෑ – Malavika Mohanan

    කලා පවුලක සාමාජිකාවක් ලෙසින් සිනමාවට පැමිණි Malavika Mohanan මේ වන විට දමිළ සහ මලයාලම් සිනමාවේ සිටින ජනප්‍රියම නිළියක්. මේ දිනවල ඇය රඟපෑ Hridayapoorvam චිත්‍රපටය සාර්ථක අන්දමින් තිරගත වෙනවා. ඇය එහි රඟපෑවේ සුපිරි නළු Mohanlal සමගයි. එය විශිෂ්ට අත්දැකීමක් බව ඇය කියනවා. 

    Malavika Mohanan

    “මම මීට කලිනුත් ජනප්‍රියම නළු නිළියන් එක්ක වැඩ කරලා තියෙනවා. මම මුම්බායිවල ජීවත්වුණ නිසා වැඩිපුරම බැලුවෙ හින්දි චිත්‍රපට. මලයාලම් චිත්‍රපටත් බැලුවා. තෙළිඟු දෙමළ චිත්‍රපට බැලුවෙ අඩුවෙන්. මොහාන්ලාල් ගෙ චිත්‍රපටයක් කියන්නෙ අති දැවැන්ත කටයුත්තක්. ඔහු මගේ ඇස් ඉදිරිපිට ඉන්නව දැකීම පවා මට අදහගන්න බැරි වුණා. මම හිතුව දවස් කිහිපයකින් ඒ හැඟීම නැතිවෙයි කියලා. ඒත් කවදාවත් එහෙම වුණේ නැහැ. ” 

    Malavika Mohanan

    සිනමාවේ දැවැන්ත චරිත කිහිපයක් සමඟම රංගනයේ යෙදීමට ඇය වාසනාවන්ත වුණා. මම්මූටි (The great father), රජිනිකාන්ත්, විජේ සේතුපති (petta ), විජේ (Master), ධනුෂ් (Maaran) සහ වික්‍රම් (Thangalan) ඒ අතරට අයත්. සිනමාවේ දැවැන්තයන් දෙදෙනෙක් වන අධ්‍යක්ෂක සත්‍යන් අන්තිකාඩ් සහ මොහාන්ලාල් සමග වැඩ කිරීමට ලැබීම වාසනාවක් බවත්, ඔවුන්ගෙන් බොහෝ දේවල් ඉගෙනගත් බවත් Malavika පවසනවා. ඔවුන් දෙදෙනා චිත්‍රපට 22 කට වඩා එක්ව වැඩකළ මිත්‍රයන් දෙදෙනෙක්. වර්තමානයේ සිටින අධ්‍යක්ෂවරුන් ඔවුන්ගේ මුළු වෘත්තීය ජීවිතය තුළම චිත්‍රපට 22 ක්වත් නිර්මාණය කරන්නේ නැති බව ඇය පවසනවා.

    Malavika Mohanan

    ඇයට චරිතය ලැබුණ ආකාරය සිහිපත් කරමින් Malavika පවසන්නේ තමාට අඛිල් සත්‍යන්ගෙන් ඇමතුම ලැබුණු විට, ඔහුගේ පුතුන් දෙදෙනාම චිත්‍රපට නිෂ්පාදකයින් බැවින් එය ඔවුන් අධ්‍යක්ෂණය කරන චිත්‍රපටයක් සඳහා යැයි තමා සිතූ බවයි.

    “ඒ වෙලාවේ තමයි අඛිල් මට කිව්වේ ඒක එයාගෙ තාත්තා කරන චිත්‍රපටයක් කියලා. ඉතින් හැමදේම ඉක්මනින් සිදු වුණා. අඛිල් මට කිව්වා එයාගෙ තාත්තා මට කතා කරයි කියලා, මිනිත්තු පහක් ඇතුළත මට ඇමතුම ලැබුණා. ඒ කාලේ මම හයිද්‍රාබාද්වල හිටියෙ”

    තමාට මලයාලම් භාෂාව හොඳින්ම බැරි වීම ඇයට ප්‍රශ්නයක් වී තිබුණා.
    “මම සත්‍යන් සර්ට කිව්වා මම පයන්නූර් උප භාෂාව කතා කරලා තියෙනව කියලා. චරිතය පූනේවල නිසා ඒ ගැන කරදර වෙන්න එපා කියලා ඔහු මට කිව්වා.” 

    Malavika Mohanan

    ඇය චිත්‍රපටයේ කොටසක් වීමට ඔවුන්ට කොතරම් අවශ්‍යද යන්න ද එයින් ඇයට පෙන්නුම් කෙරෙනවා. දුල්කර් සල්මාන් සමගින් Pattam Pole (2013) චිත්‍රපටයෙන් මලයාලම් රංගනයට පිවිසි ඇය මේවන විට මලයාලම් චිත්‍රපට කර්මාන්තයේ නැගී එන නිළියක් ලෙස තමාව විස්තර කරනවා.
    “සමහර චිත්‍රපට සිනමාහල්වල හොඳින් තිරගත වෙන්නෙ නෑ. ඒත් ඒව පස්සෙ කාලෙක ජනප්‍රිය වෙනවා. Pattam Pole කියන්නෙත් එහෙම චිත්‍රපටයක්”
    Pattam pole චිත්‍රපටයේ රඟපාන අවධියේ ඇය වෙළඳ දැන්වීම්වලට පෙනී සිටි අතර ඉක්මනින්ම චිත්‍රපට සඳහා අවස්ථා ලැබුණා.
    “වයස විසි ගණන්වල මුලදි අපි යන්න ඕනෙ දිශාව අපි දන්නෙ නෑ. මම නිළියෙක් වෙන්න හිතුව කෙනෙක් නෙමේ. නමුත් ඒක සිද්ධ වුණා.”
    මේ වසරේ, ඇය Prabhas සමඟින් ‘The Raja Saab’ තෙළිඟු චිත්‍රපටයේ රඟපාන අතර තමන් එම කතාවට ගොඩක් කැමති බව ඇය කියනවා. The Raja Saab මේ වසර අගදී තිරගත වෙනු ඇත. එමෙන්ම ඇය රඟපෑ Sardar 2 දමිළ චිත්‍රපටය ද නුදුරේදීම තිරගත වීමට නියමිතයි.

    Latest news

    ඉරානයේ උත්තරීතර නායකයාට එරෙහිව ඉරානය පුරා විරෝධතා

    ඉරානයේ උත්තරීතර නොසන්සුන්කාරී තත්ත්වය ඉරානයේ පළාත් 31 පුරාම ව්‍යාප්ත වී ඇති අතර, මේ වන විට ළමුන් 05 ක් ඇතුළුව...

    තමා තවමත් වෙනිසියුලාවේ ජනාධිපතිවරයා බව මදුරෝ අධිකරණය හමුවේ ප්‍රකාශ කරයි

    වෙනිසියුලාවේ ජනාධිපති නිකොලාස් මදුරෝ, නිව්යෝර්ක් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව, අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී තමා තවමත්...

    ද්විත්ව පුරවැසියන්ටත් කටුනායක ගුවන්තොටුපළේදීම තාවකාලික රියැදුරු බලපත්‍රයක්

    විදේශගතව සිට පැමිණෙන මෙරට පුරවැසියන්ට සහ ද්විත්ව පුරවැසියන්ටත් කටුනායක ගුවන්තොටුපළේදීම තාවකාලික රියැදුරු බලපත්‍රය ලබා දීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව...

    මොරගහකන්ද ජලාශය වාන් දැමීමට ඇති හැකියාව සම්බන්ධයෙන් දැනුවත් කිරීමක්

    අධික වර්ෂා තත්ත්වය නිසා ඉදිරියේදී මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමට සිදුවීමේ සම්භාවිතාවක් පවතින බව මහවැලි අධිකාරිය පවසනවා. අද (18)...
    - Advertisement -spot_img

    මැටීගේ කපුටු ප්‍රේමය

    මැටීගේ කපුටු ප්‍රේමය සොබාදහම විටෙක ආවේගශීලී බව මම දැන සිටියෙමි. එබැවින් මම ජීවත්වුණේ ඉතා පරිස්සමිනි. පළමු වරට කූඩුවෙන් පිටවීමට...

    Blackheads ගැටළුවට විසඳුමක්

    Blackheads කියන්නෙ ගොඩක් අයට තියෙන රූපලාවන්‍ය ගැටළුවක්. මේකට වයස බලපෑමක් නැහැ. තරුණ වයසෙ ඉඳලා මැදිවිය දක්වාම ගොඩක් අය මුහුණ...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page