More
    Artමතුපිටින් පෙනෙන දේ බොරුවක්

    මතුපිටින් පෙනෙන දේ බොරුවක්

    -

    spot_img

    මතුපිටින් පෙනෙන දේ බොරුවක් – The Woman in Cabin 10 (2025)

    සමහර දේවල් අපිට පෙනෙන්නෙ හරි perfect විදිහට. ඕනෙම දෙයක මතුපිටින් දකින්න ලැබෙන දේ ඇත්ත කියලා අපි විශ්වාස කරනව. ඒත් අපි වටේ තියෙන දේවල් ගැන ටිකක් විමසිල්ලෙන් බැලුවොත් ඒව මතුපිටින් පෙනෙන තරම් perfect නැති බව තේරෙනව. සමහරවිට යම් දෙයක් ගැන සැඟවුණු සත්‍යය අමිහිරි කටුක එකක් වෙන්න පුළුවන්. 

    The Woman in Cabin 10

    ලෝරා එහෙම නැත්තම් “ලෝ” මාධ්‍යවේදිනියක්. ඇයට අවස්ථාව ලැබෙනව ධනවතෙක්ට අයත් සුඛෝපභෝගී yatch එකක යාත්‍රා කරන්න. මේ යාත්‍රාව ගැන ලිවීම ඇයට බාර වෙලා තිබුණා. බිලියනපතියෙක් වුණ රිචඩ් තමයි මේකෙ හිමිකරු. රිචඩ් ගෙ බිරිඳ ඈන් ලියුකේමියා රෝගියෙක්. ධනවතුන් පිරුණ යාත්‍රාව ඇතුළෙ ඈන් ගොඩක් වෙලාවට හිටියෙ හුදකලාවම. එක්තරා රැයක ලෝට මුහුණ දෙන්න වුණ සිද්ධියකට පස්සෙ මීට පෙර cabin 10 එකේ තමන්ට දකින්න ලැබුණ යුවතියක් තව දුරටත් ඔවුන් එක්ක නැතිබව ඇයට තේරෙනව. ඒත් ලෝ කියන විදිහෙ කෙල්ලෙක්ව එතැන හිටිය කවුරුත් දැකලා තිබුණෙ නෑ. රස්සාවෙ පුරුද්ද නිසාම ලෝට තිබුණා නිශ්ශබ්දව ඉන්න බැරි ගතියක්. උදේ දවල් රෑ නොබලා ඇය මේ ගැහැණු ළමයව හෙව්වා. ඇයගෙ මේ වැඩ අනිත් මිනිස්සුන්ටත් හිසරදයක් වෙලයි තිබුණෙ. මෙතන මොකක් හරි ප්‍රහේලිකාවක් තියෙන වග ලෝට වැටහෙනව. ඇයට දකින්න ලැබුණ ඒ ගැහැණු ළමයා කවුද?

    The Woman in Cabin 10

    ඔය අතරෙ කවුරුහරි කෙනෙක් ලෝ ව මරන්න උත්සාහ කළා. අපි වටා ඉන්න අය සමහරවෙලාවට අපි වැරදියි කියනව. ඒත් අපිට අපි හරියි කියලා විශ්වාසයි නම්, අපි කරන්න ඕනෙ, ක්‍රියාත්මක වෙන්න ඕනෙ අපේ හිත කියන විදිහට. The Woman in Cabin 10 චිත්‍රපටය නිර්මාණය කරලා තියෙන්නෙ බ්‍රිතාන්‍ය ලේඛිකා Ruth Ware ගෙ The Woman in Cabin 10 කෘතිය ඇසුරෙන්.

    The Woman in Cabin 10

    Latest news

    ඉරානයේ උත්තරීතර නායකයාට එරෙහිව ඉරානය පුරා විරෝධතා

    ඉරානයේ උත්තරීතර නොසන්සුන්කාරී තත්ත්වය ඉරානයේ පළාත් 31 පුරාම ව්‍යාප්ත වී ඇති අතර, මේ වන විට ළමුන් 05 ක් ඇතුළුව...

    තමා තවමත් වෙනිසියුලාවේ ජනාධිපතිවරයා බව මදුරෝ අධිකරණය හමුවේ ප්‍රකාශ කරයි

    වෙනිසියුලාවේ ජනාධිපති නිකොලාස් මදුරෝ, නිව්යෝර්ක් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව, අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී තමා තවමත්...

    ද්විත්ව පුරවැසියන්ටත් කටුනායක ගුවන්තොටුපළේදීම තාවකාලික රියැදුරු බලපත්‍රයක්

    විදේශගතව සිට පැමිණෙන මෙරට පුරවැසියන්ට සහ ද්විත්ව පුරවැසියන්ටත් කටුනායක ගුවන්තොටුපළේදීම තාවකාලික රියැදුරු බලපත්‍රය ලබා දීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව...

    මොරගහකන්ද ජලාශය වාන් දැමීමට ඇති හැකියාව සම්බන්ධයෙන් දැනුවත් කිරීමක්

    අධික වර්ෂා තත්ත්වය නිසා ඉදිරියේදී මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමට සිදුවීමේ සම්භාවිතාවක් පවතින බව මහවැලි අධිකාරිය පවසනවා. අද (18)...
    - Advertisement -spot_img

    මැටීගේ කපුටු ප්‍රේමය

    මැටීගේ කපුටු ප්‍රේමය සොබාදහම විටෙක ආවේගශීලී බව මම දැන සිටියෙමි. එබැවින් මම ජීවත්වුණේ ඉතා පරිස්සමිනි. පළමු වරට කූඩුවෙන් පිටවීමට...

    Blackheads ගැටළුවට විසඳුමක්

    Blackheads කියන්නෙ ගොඩක් අයට තියෙන රූපලාවන්‍ය ගැටළුවක්. මේකට වයස බලපෑමක් නැහැ. තරුණ වයසෙ ඉඳලා මැදිවිය දක්වාම ගොඩක් අය මුහුණ...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page