Featuresපිළිකා මාරයා බිලිගත් සුපිරි තරුව

පිළිකා මාරයා බිලිගත් සුපිරි තරුව

-

spot_img

පිළිකා මාරයා බිලිගත් සුපිරි තරුව – D’Angelo

ග්‍රැමී සම්මාන ලාභී අමෙරිකානු ගායක D’Angelo පහුගිය ඔක්තෝම්බර් 14 වැනිදා මිය යනවා. මිය යනකොට ඔහුගෙ වයස අවුරුදු 51 යි. D’Angelo මෙලොව හැර යන්නෙ පිළිකා රෝගයත් එක්ක කෙරුව දීර්ඝ සටනකට පස්සෙ. ගීත රචකයෙක්, නිෂ්පාදකවරයෙක් වුණු ඔහුගෙ නික්ම යාම සංගීත ලොව අපූරු යුගයක අවසානය සනිටුහන් කරනවා. 

D’Angelo

 

Michael Eugene Archer ඉපදුණේ 1974 පෙබරවාරි 11 වර්ජිනියාවේ රිච්මන්ඩ්වල. ඔහුගෙ පියා දේවගැතිවරයෙක්. කුඩා මයිකල් ගායනය හුරු වෙන්නෙ පල්ලියෙ ගීතිකා කියලා. ඒ වගේම පියානෝ එක play කරන්නත්. මාර්වින් ගයේ, ස්ටීවි වොන්ඩර්, ප්‍රින්ස්, ඇල් ග්‍රීන් ඔහුගෙ ලෝකයෙ වීරයන්. දිගටම ගීත ගායනා කෙරුව ඔහු 1990 දශකය වෙනකොට නැගී එන තරුවක් වෙලා තිබුණා. 1995 දී ඔහු තමන්ගෙ පළවෙනි ගීත ඇල්බම් එක Brown Sugar රිලීස් කරා. රසිකයින්ට මේක වෙනස්ම අත්දැකීමක් වුණා. Brown Sugar, Lady වැනි සිංදු ගීත දර්ශකවල ඉහළම තිබුණා. ඔහුගේ ගැඹුරු මෙන්ම සරාගී කටහඬට රසිකයින් වසඟ වුණා.

D’Angelo

එයින් අවුරුදු පහකට පස්සෙ D’Angeloගෙ විශිෂ්ටම ඇල්බම් එක වුණ Voodoo රිලීස් වුණා. Untitled (How Does It Feel) ගීතය අතිශයින් ජනප්‍රිය වුණා. Voodoo Album එක ඔහුට හොඳම R&B ගීත ඇල්බමය ඇතුළු ග්‍රැමී සම්මාන දෙකක් දිනා දුන්නෙ ඔහුගේ විශිෂ්ටත්වය ඔප්පු කරමින්. නමුත් ජනප්‍රියත්වය, ඉන් ලැබුණ ආතතිය, පවුල් ප්‍රශ්න වගෙ දේවල් එක්ක ඔහු අවුරුදු ගණනක්ම අප්‍රකටව ජීවත් වුණා.

D’Angelo

ඒත් සැබෑ artist ල කවදාවත් මිනිස්සුන්ගෙ මතකයෙන් ඈත් වෙන්නෙ නැහැ. දශකයකටත් වඩා නිහඬව ඉඳලා 2014 අවුරුද්දෙ ඔහු නැවත ආවෙ Black Messiah එක්ක. ඔහුගෙ The Vanguard ගෲප් එකත් එක්ක රිලීස් කළ මේ ඇල්බම් එක අමෙරිකාවෙ දේශපාලන කැළඹිලි, අයුක්තිය වගේ දේ ගැන සඳහන් වුණු බලගතු දේශපාලන හා සමාජීය පණිවිඩ රැගත් එකක්. තමන්ගෙ නැවත පැමිණීමෙන් සංගීතය කියන්නෙ මිනිස්සු සුවපත් කරන සත්‍යයේ බලවේගයක් කියන එක මේ අපූරු කලාකරුව ලෝකයට මතක් කරලා දුන්නා.

D’Angelo

 

 

ඔහුගෙ ජීවිතේ අවසන් අවුරුදු කිහිපය ගතවුනේ බොහොම නිහඬව. ඉඳහිට ප්‍රසංගවලට ආවා. මිතුරන් සහ පවුලේ අය පැවසුවේ ඔහු අවුරුදු ගණනාවක්ම පිළිකා රෝගය එක්ක සටන් කරන බවත් බොහොම ධෛර්යයකින් එයට මුහුණ දෙන බවත්.

D’Angelo

D’Angelo ඇල්බම් තුනක් විතරක් රිලීස් කරත් ඒ සෑම එකක්ම තුළින් ඔහු වෙනසක් කළා. ඔහු කවදාවත් Trend පස්සෙ ගියේ නැහැ. ඔහු සංගීත ලෝකයේ සදාකාලික වෙන්නෙ ඒ නිසා. ඔහුගෙ ආදරණීයයන් ඔහුව හැඳින්වූවෙ කලාව සහ රසිකයන්ට තමන්ගෙ හදවතම දුන්නු දිදුලන තරුවක් ලෙසින්.

Latest news

සිල්වර් ඩෝන් සුඛෝපභෝගී නෞකාවේ ශ්‍රී ලංකා සංචාරය

සිල්වර් ඩෝන් නැමැති අතිසුඛෝපභෝගී මගී නෞකාව  ඊයේ ( 09) ගාල්ල වරායට පැමිණ තිබේ.සංචාරකයන් 596 දෙනෙකු රැගත් මෙම නෞකාව දින 141ක ලෝක සංචාරයක...

ගාල්ල බන්ධනාගාරයේ කාන්තා වාට්ටුවෙන් සොයාගත් ජීව උණ්ඩ

ගාල්ල බන්ධනාගාරයේ තිබී ජීව උණ්ඩ කිහිපයක් සොයාගෙන තිබෙනවා.ඒ බන්ධනාගාර නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමකදීයි. බන්ධනාගාරයේ කාන්තා රැඳවූවන් රඳවා...

අද දවසේ වැසි ඇතිවන ප්‍රදේශ සහ ඉර මුදුන් වන ප්‍රදේශ

අද (අප්‍රේල් 07) දිනයේදී උතුරු, උතුරු-මැද, මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණු පළාත්වල ප.ව 1.00 න් පසුව තැනින් තැන වැසි...

ජනපති අනුරගේ පාස්කු ඉරුදින පණිවිඩය

දුකට පත් ජනතාවගේ ගැලවීම වෙනුවෙන් සිය ජීවිතය කැප කළ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසප්‍රාප්තියෙන් පසු මරණයේ අඳුර පරාජය කරමින් උත්ථානය...
- Advertisement -spot_img

රත් දෝතළු – 65

රත් දෝතළු - 65 මා නිසා අහස්ගේ කාර්යයන් පහසුව ඇති බව විනිෆ්‍රීඩා මහත්මිය මා සමඟ කීවාය. බොහෝ විට මම ඔහුගේ...

අහඹු සිදුවීම් ජිවිතේ වෙනස් කරනව

අහඹු සිදුවීම් ජිවිතේ වෙනස් කරනව - It Was Just an Accident හැමදේකටම හේතුවක් තියෙනව. අපි අහම්බයක් කියලා හිතන දෙයක් වුණත්...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you