Newsපකිස්ථානයේදී ශ්‍රී ලංකාවට අති සුපිරි ආරක්‍ෂාවක්

පකිස්ථානයේදී ශ්‍රී ලංකාවට අති සුපිරි ආරක්‍ෂාවක්

-

spot_img

ආන්දෝලනයකට තුඩු දුන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පකිස්ථාන සංචාරය සම්බන්ධයෙන් මතු වූ ගැටලුකාරී තත්ත්වය සමතයකට පත්ව තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම පකිස්ථානයේ සිටින කාලය තුළ අති විශාල ආරක්‍ෂාවක් සැපයීමටයි මේ වන විට එකඟ වී ඇත්තේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට සපයා ඇති ආරක්ෂාව පිළිබඳ සොයාබැලීම සඳහා පකිස්ථාන ක්‍රිකට් සභාපති මොහ්සින් නක්වි ඊයේ රාත්‍රියේ රාවල්පින්ඩි ක්‍රිකට් ක්‍රීඩාංගණයට පැමිණ ඇති බවටද මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

එහිදී ඔහු විසින් ශ්‍රී ලංකා නායක චරිත් අසලංක, පුහුණුකරු සනත් ජයසූරිය ඇතුළු කිහිප දෙනෙකු සමග සාකච්ඡාවකද නිරත වී ඇති බවයි වාර්තා වන්නේ.

මෙම අවස්ථාවට පකිස්ථානයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් විශ්‍රාමික රියර් අද්මිරාල් ෆ්‍රෙඩ් සෙනෙවිරත්න මහතාද පැමිණ තිබෙනවා.

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පකිස්ථානය අතර දෙවන එක්දින ක්‍රිකට් තරඟය අද රාවල්පින්ඩිහිදී පැවැත්වීමට නියමිතයි.

ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ දිනයේ රාවල්පින්ඩි ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී සිය පුහුණුවීම් කටයුතු සිදු සිදු කර තිබෙනවා.

පකිස්ථාන ක්‍රිකට් සභාපති මොහ්සින් නක්වි, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට සපයා ඇති ආරක්ෂාව පිළිබඳ සොයාබැලීම සඳහා පැමිණ ඇත්තේ පුහුණුවීම් අතරතුරයි.

Latest news

2026 අලුත් අවුරුදු නැකැත් සීට්ටුව

හෙට (14) දිනයේ පූර්වභාග 09.32 ට සිංහල අලුත් අවුරුද්ද උදාවීමට නියමිතව තිබේ. අවුරුදු උදාවට අදාළ නැකැත් සහිතව බුද්ධශාසන, ආගමික හා...

සිල්වර් ඩෝන් සුඛෝපභෝගී නෞකාවේ ශ්‍රී ලංකා සංචාරය

සිල්වර් ඩෝන් නැමැති අතිසුඛෝපභෝගී මගී නෞකාව  ඊයේ ( 09) ගාල්ල වරායට පැමිණ තිබේ.සංචාරකයන් 596 දෙනෙකු රැගත් මෙම නෞකාව දින 141ක ලෝක සංචාරයක...

ගාල්ල බන්ධනාගාරයේ කාන්තා වාට්ටුවෙන් සොයාගත් ජීව උණ්ඩ

ගාල්ල බන්ධනාගාරයේ තිබී ජීව උණ්ඩ කිහිපයක් සොයාගෙන තිබෙනවා.ඒ බන්ධනාගාර නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමකදීයි. බන්ධනාගාරයේ කාන්තා රැඳවූවන් රඳවා...

අද දවසේ වැසි ඇතිවන ප්‍රදේශ සහ ඉර මුදුන් වන ප්‍රදේශ

අද (අප්‍රේල් 07) දිනයේදී උතුරු, උතුරු-මැද, මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණු පළාත්වල ප.ව 1.00 න් පසුව තැනින් තැන වැසි...
- Advertisement -spot_img

ලංකාවේ ස්කොට්ලන්ත පෝලෝ පිටිය – සෙම්බුවත්ත

ලංකාවේ ස්කොට්ලන්ත පෝලෝ පිටිය - සෙම්බුවත්ත සුන්දර මාතලේ දිසාවේ සොබා දහමේ අසිරිය විඳගැනීමට හැකි අපූරු ස්ථානයක් හඳුන්වා දීමට මෙවර අප...

සිල්වර් ඩෝන් සුඛෝපභෝගී නෞකාවේ ශ්‍රී ලංකා සංචාරය

සිල්වර් ඩෝන් නැමැති අතිසුඛෝපභෝගී මගී නෞකාව  ඊයේ ( 09) ගාල්ල වරායට පැමිණ තිබේ.සංචාරකයන් 596 දෙනෙකු රැගත් මෙම නෞකාව දින 141ක ලෝක සංචාරයක...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you