NovelsShort Storiesනිම්නයක නිසංසලව

නිම්නයක නිසංසලව

-

spot_img

නිම්නයක නිසංසලව – Weather the Storm

කුණාටුව ඇරඹුණේ ගිගුම් හඬකින් නොව කෙඳිරිල්ලකිනි. මාරා හුදකලාවම නිම්නයට පැමිණ තම මවගේ ප්‍රතිකාර සඳහා උවමනා වෙන ඔසු පැලෑටි එකතු කරමින් සිටියාය. අහසේ පැවතියේ මළානික නිල් පැහැයකි. මොහොතකින් කඳු මුදුන් වසාලමින් වලාකුළු එක් රැස් වුණේ කුණාටුවක පෙරනිමිති කියා පාමිනි. කුණාටුව එන්නටත් කලින් එහි හඬ ඇසිය හැකි විය. එය මෘදු දුමාරයක් ලෙසින් කොළපැහැ නිම්නය හරහා ඇදී ආයේය.

“මෙහෙ එන්න දරුවෝ…”

මාරා කූඩය ඇගේ පපුවට තද කර ගත්තාය. ඇයව ගසාගෙන යන තරම් වේගයෙන් සුළඟ හමයි. සෙමින් සෙමින් ඉහළට නැගෙන වළාකුළු හැර ඇය අසළ කිසිවෙක් සිටියේ නැත. ඇයට බියක් දැනුනි.

“ගෙදරට දුවාගන්න බැරිවුණානේ”

“මම ඔයා එනකං බලාගෙන හිටියේ …” 

Weather the Storm

සුළඟ වේගවත්‍ ය. එය කිසිඳු දිශාවකින් හමා ආවේ නැත. සුළියක් ලෙසින් පොලොවෙන්ම, තණකොල අතරින් ඉහලට නැගුණේ සිටගෙන සිටීමත් අසීරු කරමිනි. ගැහෙන හදවතින් යුතුව මාරා පසුපසට දිව ගියාය. වලාකුළු අතරේ යමක් තිබෙනු පෙනේ. එය උසැති, සෙවනැල්ලක් බඳුය. විශාල යෝධයෙකු උගුර පාදන්නාක් වැනි හඬකින් ගිගුරුම් හඬක් නැගුණි. සුළඟ තවත් දැඩි විය. එය ඈ තුළට විත් ඇගේ පෙනහළුවලින් හුස්ම ගන්නවාක් මෙන් දැනුණි. එය ඇයව එතුළට ඇද ගත්තා වැනිය. ගිගුරුම් හඬ හාත්පස සිසාරා පැතිර ගියේය.

“පුංචි කෙල්ලේ…. එන්න මාත් එක්ක…”

මාරා කෑගැසුවද කුණාටුව ඇගේ හඬ යටපත් කළේය. ඇය දැඟලුවද, පයින් ගැසුවද කුණාටුව ඇයට සැළකුවේ කඩමාල්ලකට මෙනි. ඇගේ අතපය සීරිණි. කුණාටුවටත් වඩා නපුරු දෙයක් ඇගේ ආත්මයට පිවිසුනේ ඇයව නිදහස් කිරීමට මෙනි. අකුණු හඬට අහස දෙබෑ විය. හදවත වේගයෙන් ගැහෙන අතරේ මාරා ඔවුන් දුටුවාය. කුණාටුව තුළ සියුම්ව දිලිහෙන කුඩා හැඩතල දහස් ගණනක්. සලබයන් වැනි පුංචි පියාපත් සහිත වැහි බිංදු වැනි ඇස් ඇති ජීවීන්. ඇයට ඔවුන් මුමුණන හඬ ඇසිණි.

Weather the Storm

“යන්න දෙන්න…. යන්න දෙන්න…. යන්න දෙන්න…”

නමුත් මාරයා යටත් වෙන අයෙකු නොවේ. මංමුලා සහගතව ඇය අසල තිබූ බෑවුමෙන් නෙරා ආ විශාල ගසක මුලක් අල්ලා ගත්තාය. වේදනාවක් දැණුන මුත් ඇය එය අත්හැරියේ නැත. සුළඟ වියරුවෙන් ඝර්ජනා කළේය. වලාකුළු සමීපව තියෙනු දැනෙන්නට වූ අතර අකුණු ගැසුවේ වේගයෙනි. මාරා කෑගැසුවාය. ඇය අල්ලා සිටි ගස් මුල සෙලවෙනු දැණුනි. කුණාටුවට වඩා ගැඹුරු ඝෝෂාවක් පොළොවෙන් නැගී එන්නාක් මෙන් දැනුනි. හිටි අඩියේම සුළඟ නැවතුණි. මාරා කන්දෙන් පහළට පෙරළී ගියේ සිරුරම මඩවලින් නහවා ගනිමිනි. ඇය නිවස අසලටම විසි වී ගියාය. අර සෙවනැල්ලද දක්නට ලැබුණි. එවිටම සුළඟ වේගයෙන් වළාකුළු තුලට ඇදී ගියා සේ පෙණුනි. කුඩා සලබයින් මැරී වැටුණි. එකවරම සියල්ල නිහඬ විය.
————————————————————————————————————————————
මාරා සෙමෙන් සුවය ලැබුවාය. නමුත් කිසිවෙක් ඒ කුණාටු සහිත දිනයේ ඇය දුටු දේවල් විශ්වාස කළේ නැත. කුණාටුවේ හඬ, ඒ සෙවනැල්ල විස්තර කිරීමට හදන හැම වෙලාවකම ඇගේ අම්මා පැවසුවේ කුණාටු ඕනෑම කෙනෙක්ව බය කරන බවයි. ඇගේ තාත්තා උතුරු සාගරයෙන් එන දරුණු සුළං ගැන පැවසූ අතර ඇගේ මාමා හිනැහෙමින් පැවසුවේ එවැනි දරුණු කුණාටුවකින් බේරීම ගැන ඇය ආඩම්බර විය යුතු බවයි. නමුත් දැනුදු සමහර විට සුළඟ ඇගේ නම මුමුණනු ඇයට ඇසේ.

කුණාටුවට පසු උදාවූ හත්වැනි රාත්‍රියේ, කවුදෝ තම කාමරයේ ජනේලයට මෘදු හඬින් තට්ටු කරනු ඇයට ඇසුණි. එය ලී මත ඇඟිලිවලින් තට්ටු කිරීම නොව රිද්මයානුකූලව මෘදුව ඇතිල්ලෙන සුළඟේ හඬයි. මාරාට බියක් දැණුනි. ඉන්පසු ඉබේම ජනේල විවර විය. ජනේලයෙන් පිටත මිහිදුම දැවටී තිබුණි. මිහිදුම අතරින් ආ රිදී පැහැ කුඩා පියාපත් සහිත සලබයෙකු ඇගේ අත්ල මත වැසුවේය.

“ආපසු එන්න”

මිමිණීමක් ඇසුණි. මාරා ඇගේ අත ඉවතට ගත්තාය.

“නැහැ”

එවිට සලබ ආත්මයන් එක හඬින් මෙසේ කීවාය:

“ඉගෙන ගන්න”

“පෘථිවියේ දරුවෝ… මෙහේ එන්න.”

මාරා මොහොතක් කල්පනා කළාය. ඔවුන් විශ්වාස කළ නිසා නොව, මේ සිදුවන්නේ කුමක්දැයි ඇයට දැන ගැනීමට අවශ්‍ය නිසා ඇය ඔවුන් හා එක් වුණාය. සලබ ආත්මයන් ඇයව කඳු බෑවුමට නැවත රැගෙන ගියේය. වලාකුළු මෘදු ලෙස පාවෙමින් තිබුණි.

Weather the Storm

“අපි තමයි සුළඟ “

එය පැවසීය.

“කුණාටුව එවන්නෙ අපි… අපිට ඇහුම්කන් දෙන්න පුළුවන් අයට අපි කතා කරනවා.”

“ඔයාලා මාව අහසට ඇදගෙන යන්න හැදුවා “

මාරා කීවාය.

“අපි ඔයාව තෝරගන්නයි උත්සාහ කළේ.”

සලබ හඬවල් දහසක් මුමුණමින් මෙසේ කීවෝය.

“නිම්නය ඔබව තෝරා ගත්තා.”

ඇයට එය වැටහුණි.

“නිම්නයට අවශ්‍ය කුමක්ද?”

මාරා ඇසුවාය.

ඇයට යටින් තිබූ පොළොව ගල් මෙන් ගැඹුරු කම්පනයක් මුමුණමින් හඬ නැගුවේය. තණකොළ ඇගේ පාද දෙසට නැමී තිබුණි. පිනි කැට දිලිසුණේය.

“සමතුලිතතාවය”

සුළං සෙවනැල්ල පැවසුවේය.

“පොළොව සුව වෙනවා.. කුණාටු හමනවා. වැස්ස ඇතිවෙනවා. සුළඟ බීජ පතුරුවනවා. අපි සතුරො නෙවෙයි. සොබාදහම් චක්‍ර.”

මාරාට සැනසුමක් දැණිනි. සෑම ගිම්හානයකම ඇගේ දෙමාපියන් වර්ෂාව ඉල්ලා යාච්ඤා කරයි. ඇතැම්විට ගං වතුර කෙත්වතු පාළු කරයි. වැස්සේ බලය ගැන ඇය සිතුවාය. එය විටෙක භයානක වුවත් ජීවය සඳහා අත්‍යාවශ්‍ය දෙයකි.

“ඔබට මා ලවා කුණාටු පාලනය කරවන්න අවශ්‍යද?”

සුළං සෙවනැල්ලේ දෑස් දීප්තිමත් විය.

“නැහැ… අප සමඟ කතා කරන්න…. අපට මඟ පෙන්වන්න.”

“හොඳයි මම එකඟ නම්”

ඇය පැවසුවාය. වලාකුළක් හිස වැනුවේය. ගිගුරුම් හඬක් ඇසුණි.

Weather the Storm

“සමබරතාවය”

එය නැවත නැවතත් කීවේය.

සලබ ආත්මයන් ඇය වටා පියඹමින්

“ඇය පිළිගනී…. ඇය සවන් දෙයි.”

යනුවෙන් මිමිණුවෝය.

මාරාගේ අත් පා හරහා උණුසුම පැතිර ගියේය. ඇගේ පිටුපසින් පෘථිවිය සහ ඇය ඉදිරිපිට සුළඟ ඇයට දැණුනි. බලවේග දෙකක් එකිනෙකා හමුවෙයි.

“එහෙනම් අපි එකිනෙකාගෙන් ඉගෙන ගනිමු”

ඇය පැවසුවාය. සුළඟ දණ ගසන නයිට්වරයෙකු මෙන් ගැඹුරින් හැමුවේය. අහස ඝෝෂා කළේය – ආචාර කිරීම උදෙසා!
————————————————————————————————————————————
එම රාත්‍රියෙන් පසු මාරා තවදුරටත් කුණාටුවලට බිය වුණේ නැත. ඔවුන් ඈත ක්ෂිතිජවල රැස් වන අන්දම ඇයට දැණුනි. සුළඟ ඉතා දරුණු ලෙස හමන්නට ගත්විට මෘදුව මිමිණූ මාරා කුණාටු නතර කළාය. අහස වැසි වැස්සවීම ප්‍රතික්ෂේප කළ විට ඇය අහස හා කතා කළාය. ඇය කුණාටු වලට අණ කළේ නැත. ඔවුන් පෝෂණය කළ නිම්නය ගැන ඇය ඔවුන්ට මතක් කළාය. සලබ ආත්මයන් ඇගේ පණිවිඩකරුවන් බවට පත් විය. ගොවීන් කාලගුණය වඩාත් කරුණාවන්ත ලෙස වෙනස් වන බව දුටුවේය. කුරුල්ලන් මුදු සුළං පසුපස හඹා ගියහ. නිම්නය සැනසිල්ලේ හුස්ම ගත්තේය. මාරා ඇගේ දණහිස්වල කැළැල් සහ ඇගේ උරහිසේ වේදනාවක් දරා සිටියාය. බියක් දැණුන විට, ජීවිතය නීරස වූ විට ඇය තමා තුළ ඇති බලවේගය සිහි කළාය. ඇය කුණාටු වලට කීකරු වූයේ නැත. ඇය ඒවාට ඔරොත්තු දුන්නාය. දරුණු කුණාටු ඇගේ නම මතක තබා ගත්තේය.

[ Reedsy වෙබ් අඩවියෙහි පළවූ Kimberly Sweet විසින් රචිත Weather the Storm කතාව ඇසුරින් සිදුකළ අනුවර්තනයකි ]

Latest news

සිල්වර් ඩෝන් සුඛෝපභෝගී නෞකාවේ ශ්‍රී ලංකා සංචාරය

සිල්වර් ඩෝන් නැමැති අතිසුඛෝපභෝගී මගී නෞකාව  ඊයේ ( 09) ගාල්ල වරායට පැමිණ තිබේ.සංචාරකයන් 596 දෙනෙකු රැගත් මෙම නෞකාව දින 141ක ලෝක සංචාරයක...

ගාල්ල බන්ධනාගාරයේ කාන්තා වාට්ටුවෙන් සොයාගත් ජීව උණ්ඩ

ගාල්ල බන්ධනාගාරයේ තිබී ජීව උණ්ඩ කිහිපයක් සොයාගෙන තිබෙනවා.ඒ බන්ධනාගාර නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමකදීයි. බන්ධනාගාරයේ කාන්තා රැඳවූවන් රඳවා...

අද දවසේ වැසි ඇතිවන ප්‍රදේශ සහ ඉර මුදුන් වන ප්‍රදේශ

අද (අප්‍රේල් 07) දිනයේදී උතුරු, උතුරු-මැද, මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණු පළාත්වල ප.ව 1.00 න් පසුව තැනින් තැන වැසි...

ජනපති අනුරගේ පාස්කු ඉරුදින පණිවිඩය

දුකට පත් ජනතාවගේ ගැලවීම වෙනුවෙන් සිය ජීවිතය කැප කළ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසප්‍රාප්තියෙන් පසු මරණයේ අඳුර පරාජය කරමින් උත්ථානය...
- Advertisement -spot_img

රත් දෝතළු – 65

රත් දෝතළු - 65 මා නිසා අහස්ගේ කාර්යයන් පහසුව ඇති බව විනිෆ්‍රීඩා මහත්මිය මා සමඟ කීවාය. බොහෝ විට මම ඔහුගේ...

අහඹු සිදුවීම් ජිවිතේ වෙනස් කරනව

අහඹු සිදුවීම් ජිවිතේ වෙනස් කරනව - It Was Just an Accident හැමදේකටම හේතුවක් තියෙනව. අපි අහම්බයක් කියලා හිතන දෙයක් වුණත්...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you