විදේශගතව සිට පැමිණෙන මෙරට පුරවැසියන්ට සහ ද්විත්ව පුරවැසියන්ටත් කටුනායක ගුවන්තොටුපළේදීම තාවකාලික රියැදුරු බලපත්‍රය ලබා දීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.
ඒ අනුව, විදේශවලදී ඔවුන් භාවිත කළ රියදුරු බලපත්‍රය පාදක කර ගනිමින් එම තාවකාලික රියදුරු බලපත්‍රය නිකුත් කිරීමට නියමිත බවයි සඳහන් වන්නේ.
කටුනායක ගුවන්තොටුපළේ පිහිටුවා ඇති කවුළුව මඟින් මේ වන විටත් මෙරටට පැමිණෙන විදේශිකයින් සඳහා ඔවුන් එරට භාවිත කරන රියැදුරු බලපත්‍රය පදනම් කර ගනිමින් තාවකාලික රියදුරු බලපත්‍ර නිකුත් කෙරෙන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.



