More
    Featuresජපානයේ පළමු අගමැතිනිය

    ජපානයේ පළමු අගමැතිනිය

    -

    spot_img

    ජපානයේ පළමු අගමැතිනිය – Sanae Takaichi

    ජපාන දේශපාලනය තුළ වඩාත්ම බලවත් සහ විවෘත අදහස් ඇති කාන්තා චරිතයක් ලෙස සැලකෙන 64 හැවිරිදි Sanae Takaichi පසුගිය ඔක්තෝම්බර් 21 වැනිදා ජපානයේ පළමු අගමැතිවරිය ලෙසින් තේරී පත්වුණා. ජපානයේ පුරුෂ මුලික දේශපාලන කඳවුර තුළ කාන්තා නායිකාවක් ලෙසින් ඇය කැපී පෙණුන චරිතයක්. ඇය බොහෝවිට කාන්තාව වෙනුවෙන් හඬ නැගුවා. 

    Sanae Takaichi

    Sanae Takaichi ඉපදුණේ 1961 මාර්තු 7 වැනිදා නාරා ප්‍රාන්තයේ . Kobe විශ්ව විද්‍යාලයෙන් සහ හාවඩ් විශ්ව විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ ඇය 1990 දශකයේ මුල් භාගයේදී ජපාන දේශපාලනයට පිවිසුණා. තමා මාග්‍රට් ත්‍රැචර් වැනි චරිතවලින් දේශපාලන ආභාෂය ලැබූ බව ඇය පවසනවා. 1993 වසරේදී නියෝජිත මන්ත්‍රී මණ්ඩලයට තේරී පත් වූ ඇය ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය (LDP) තුළ ශක්තිමත් දක්ෂිණාංශික හඬක් ලෙසින් රට පුරා අවධානයට ලක් වුණා.

    Sanae Takaichi

    දශක ගණනාවක දේශපාලන ජීවිතය තුළ ඇය කිහිප වරක්ම අභ්‍යන්තර කටයුතු සහ සන්නිවේදන අමාත්‍ය ධුරය දැරුවා. එහිදී ජපානයේ ඩිජිටල් යටිතල පහසුකම් වැඩි දියුණු කිරීම සහ පළාත් පාලන කටයුතු ශක්තිමත් කිරීම සඳහා විශාල වැඩ කොටසක් සිදුකළා. ජාතික ආරක්ෂාව සහ ව්‍යවස්ථාමය ප්‍රතිසංස්කරණ සම්බන්ධ ප්‍රතිපත්ති සාකච්ඡාවලට ඇය විශාල දායකත්වයක් ලබා දුන්නා. ජපානයට වඩාත් ස්ථිරසාර මිලිටරි ආරක්ෂක ප්‍රතිපත්තියක් පවත්වා ගැනීමට ඉඩ සැලසෙන අයුරින් ජපානයේ පශ්චාත් යුධ සාමවාදී ව්‍යවස්ථාව, සංශෝධනය කිරීමටද ඇය දායකත්වය ලබා දුන්නා. ඇගේ දේශපාලන දැක්ම සාම්ප්‍රදායිකත්වය, දේශප්‍රේමය සහ ආර්ථික වර්ධනය යන කාරණා මත පදනම්ව තිබෙනවා. එමෙන්ම දේශපාලනය සහ ව්‍යාපාර සඳහා කාන්තාවන්ගේ සහභාගීත්වය ප්‍රවර්ධනය කිරීමට කටයුතු කරන්නේ සාම්ප්‍රදායික පවුල් වටිනාකම් අමතක නොකරමින් මේ කටයුතු සිදු කළ යුතු බවද කාන්තාවන්ට පවසමින්. සම්ප්‍රදායිකත්වය සහ නූතනත්වය කැටිවූ ඇගේ දේශපාලන දැක්ම විශිෂ්ට එකක්. හිටපු අගමැති Shinzo Abe ඇයට සහය දැක්වූවා.

    Sanae Takaichi

    ඇතැම් අවස්ථාවල විවේචන, මතභේද තිබුණද Sanae Takaichi යනු ජපාන දේශපාලනයේ ගෞරවනීය හා බලවත් චරිතයක්. ඇය සතු විනයත්, උපායශීලී බවත් සුවිශේෂී බව පැවසෙනවා. සැබැවින්ම Sanae Takaichi ජපාන දේශපාලන පරිණාමයේ වැදගත් පරිච්ඡේදයක් අරඹා තිබේ.

    Latest news

    ඉරානයේ උත්තරීතර නායකයාට එරෙහිව ඉරානය පුරා විරෝධතා

    ඉරානයේ උත්තරීතර නොසන්සුන්කාරී තත්ත්වය ඉරානයේ පළාත් 31 පුරාම ව්‍යාප්ත වී ඇති අතර, මේ වන විට ළමුන් 05 ක් ඇතුළුව...

    තමා තවමත් වෙනිසියුලාවේ ජනාධිපතිවරයා බව මදුරෝ අධිකරණය හමුවේ ප්‍රකාශ කරයි

    වෙනිසියුලාවේ ජනාධිපති නිකොලාස් මදුරෝ, නිව්යෝර්ක් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව, අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී තමා තවමත්...

    ද්විත්ව පුරවැසියන්ටත් කටුනායක ගුවන්තොටුපළේදීම තාවකාලික රියැදුරු බලපත්‍රයක්

    විදේශගතව සිට පැමිණෙන මෙරට පුරවැසියන්ට සහ ද්විත්ව පුරවැසියන්ටත් කටුනායක ගුවන්තොටුපළේදීම තාවකාලික රියැදුරු බලපත්‍රය ලබා දීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව...

    මොරගහකන්ද ජලාශය වාන් දැමීමට ඇති හැකියාව සම්බන්ධයෙන් දැනුවත් කිරීමක්

    අධික වර්ෂා තත්ත්වය නිසා ඉදිරියේදී මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමට සිදුවීමේ සම්භාවිතාවක් පවතින බව මහවැලි අධිකාරිය පවසනවා. අද (18)...
    - Advertisement -spot_img

    මැටීගේ කපුටු ප්‍රේමය

    මැටීගේ කපුටු ප්‍රේමය සොබාදහම විටෙක ආවේගශීලී බව මම දැන සිටියෙමි. එබැවින් මම ජීවත්වුණේ ඉතා පරිස්සමිනි. පළමු වරට කූඩුවෙන් පිටවීමට...

    Blackheads ගැටළුවට විසඳුමක්

    Blackheads කියන්නෙ ගොඩක් අයට තියෙන රූපලාවන්‍ය ගැටළුවක්. මේකට වයස බලපෑමක් නැහැ. තරුණ වයසෙ ඉඳලා මැදිවිය දක්වාම ගොඩක් අය මුහුණ...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page