ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අතර සාකච්ඡාවක් පෙරවරු 09යි 30ට පැවැත්වීමට නියමිතව තිබෙනවා.
එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පැවසුවේ අදාළ සාකච්ඡාව ජනාධිපති ලේකම් කාර්යාලයේදි පැවැත්වෙන බවයි.
සෞඛ්‍ය සේවාවේ සහ වෛද්‍යවරුන්ගේ ගැටළු නිසියාකාරව විසඳීමට මෙවර ඉදිරිපත් කළ අයවැය යෝජනාව තුළින් අපොහොසත් වී ඇති බවත් ඊට විසඳුම් ලබා දෙන ලෙසත් රජයට බල කරමින් පෙරවරු 08ට දිවයින පුරා සියලුම රෝහල්වල වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කළ බව ඔහු පැවසුවා.
ජනාධිපතිවරයා සමග පැවැත්වෙන සාකච්ඡාවේදී සිය ගැටලුවලට විසඳුම් ලබා නොදුනහොත් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹීමටයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සූදානම් වන්නේ.



