NovelsShort Storiesකොල පාට හා නිල් පාට

කොල පාට හා නිල් පාට

-

spot_img

කොල පාට හා නිල් පාට – The Colors of Life

“ඔයාට තව චායි එකක් ගේන්නද? “

ගීතා ඇගේ සැමියා භාරත් ගෙන් ඇසුවාය. ඔහු එයට කැමති වුණොත් එය අද දවසේ හයවැනි චායි කෝප්පය වනු ඇත. වෙහෙසක් දැනුන විට සේම කම්මැලි කමක් දැනුනත් තේ කෝප්පයක් බීම ඔහුගේ පුරුද්දකි. ඉස්සර ඔහු දවසකට තේ තුනක් බිව් අතර, විශ්‍රාම ගැනීමෙන් පසු වැඩිපුර ගෙදර රැඳෙන නිසා තේ බීමේ වාර ගණනද වැඩිවී තිබේ. අද දැනටමත් වැඩියෙන් පානය කර තිබේ. භාරත් කල්පනාවට වැටී ඇති සෙයකි. ඔහු සිතමින් ඉන්නේ මොනවාදැයි ගීතාට නොවැටහෙයි. ඇය සිය හඬ අවදි කළාය.

“භාරත්! මොකක්ද අවුල? ඔයා අද මේ ලෝකෙ නෙමෙයි ඉන්නෙ..”

“ප්ලීස්… මසාලා චායි එකක්..”

භාරත් පිළිතුරු දුන්නේය. ඔහුව සාලයේ තනිකොට දමා ඇය මුළුතැන්ගෙට ගියාය. ඇයට රහට චායි හැදීමට පුළුවන. ගීතා චායි එකට විවිධ කුළුබඩු එකතු කර අත්හදා බලයි. ඒ උත්සාහ කළ හැම රසයක්ම අතරින්, ඔහු වඩාත් කැමති වූයේ මින්ට් මුසුකළ මසාලා චායි එකටයි. ඉන්දියානු කුළුබඩු සහ මින්ට් පත්‍රවල මුසුව ඔහුව ප්‍රබෝධමත් කරන පානයකි. මිනිත්තු කිහිපයකින්ම ඇය චායි කෝප්ප දෙකත්, බිස්කට් කිහිපයකුත් කුඩා ට්‍රේ එකක තබා ගෙන සාලයට ආවාය.

The Colors of Life

“මේ ගිණියම් දවස්වල රස්නෙන් තේ බොන්නෙ කවුද ඉතින්”

“මම තමයි “

භාරත් පිළිතුරු දුන්නේය.

“ඔයා දන්නවනෙ ඒ ඇයි කියලා”

“තවම වෙලාව ආවෙ නැද්ද?”

“මම බලාගෙන ඉන්නවා”

මහ දවාලේ ඔහු චායි බොන හේතුව ඇය දනියි. නිල් පැහැය ඔහුගේ ප්‍රියතම පැහැයයි. ඔහුට නිල් පැහැය දැකීමට අවැසිය. තම ඉතිරිකිරීම් මුදල් වියදම් කර භාරත් මුහුද සමීපයේ නිවහනක් මිළට ගත්තේ මුහුදු නිල් පැහැය දකින්න අවැසි වූ නිසාවෙනි. ගීතා කොළ පැහැයට ප්‍රිය කරත්, මුහුද සමීපයේ නිවහනකට ඇය කැමති වූවාය. කොළ පැහැ මුහුදු මේ ලෝකයේ නැත. ඔහුට දහවල් චායි එක අවැසිය. එවිට නිල් අහස සහ මුහුදේ සොඳුරු බව විඳිමින් සිය ප්‍රියතම පානය රසවිඳිය හැක. විශ්‍රාම ගැනීම යනු එවැනි නිදහසක් මිස වෙන කුමක්ද?

වර්ණ සම්බන්ධ ගැටළු මතු වූයේ අද ඊයේ නොවේ. ඔවුන් මිලදී ගැනීමට උවමනා කළ මෝටර් රථයේ වර්ණය තීරණය කිරීම ගැන ඔවුන් වාද කළෝය. ඔහුට නිල් පැහැය අවැසි වූ අතර ඇයට කොළ පැහැය අවැසි විය. අයෙක් ඔවුන්ට නිල් කොළ පැහැ සංයෝජනයක් වූ ටර්කියුයිස් ගැන කිවූ හෙයින් ඔවුන් එම වර්ණයෙන් මෝටර් රථය පින්තාරු කර ගැනීමට අදහස් කළත්, නිෂ්පාදකයා විසින් සැපයූ වර්ණ ලැයිස්තුවේ ටර්කියුයිස් වර්ණය තිබුණේ නැත. නමුත් ඔවුන් කෙසේ හෝ එම පැහැය සොයා ගත්තෝය. ගීතා සහ භාරත් හැර වෙන කිසිවෙක් ඒ පැහැයට කැමති වුණේ නැත. ඔවුන්ගේ වෙරළ නිවස පින්තාරු කිරීමත් එවැනි සටනකි. සාගර නිල් පැහැය පිටටත්, කොළ පැහැයේ විවිධ ප්‍රභේද ඇතුලටත් යොදා ගැණුනි.

සටන ඇරඹුණේ අදින් වසර තිස් පහකට පමණ පෙර ඔවුන්ගේ විවාහ මංගල්‍යයේදීය. විවාහ මංගල්‍ය තේමා වර්ණය, ආරාධනා පත්‍ර, තෑගි ඔතන කොළ, විදුලි බුබුළු, පුටු, මේස සඳහා වූ දිගු ලැයිස්තුව! මනාලිය හා මනාලයාගේ ඉල්ලීම් අනුව, විවාහ මංගල්‍ය ස්ථානය සම්පූර්ණයෙන්ම නිල් සහ කොළ පැහැයෙන් යුක්ත විය. අමුත්තන් ඔවුන්ගේ විවාහය හැඳින්වූයේ B&G විවාහය යනුවෙනි. එතැන් පටන් සියල්ලන් ඔවුන්ව B&G ජෝඩුව ලෙසින් හැඳින්වූ අතර දෙදෙනා B&G සමාගම ලෙස සමාගමක් ඇරඹුවෝය. B&G භාරත් සහ ගීතා යන නම් සේම නිල් සහ කොළ පැහැයත් නියෝජනය කළේය. ඉක්මනින්ම එය ජනප්‍රිය වෙළඳ නාමයක් බවට පත් විය. ගීතා සිය සැමියා දෙස බැලුවාය. ඔහු නිල් අහස දෙස නෙත් අලවාගෙන සිටියේ කුඩා දරුවෙකුගේ උද්‍යෝගයෙන් යුතුවයි.

The Colors of Life

“අහස නිල් පාට ඇයි දන්නවද?”

මේ ඔහුගේ සුපුරුදු පැනයකි. ඔහු එය අසන්නේ ගැඹුරු ස්වරයකිනි. මඳක් කල්පනා කිරීමෙන් පසු, ඇය පිළිතුරු දුන්නාය.

“අහස නිල් පාට ඇයි කියලා මට දැන ගන්න ඕනෙ නෑ. මට දැන ගන්න ඕන ඇයි ඔයා නිල් පාටට මේ තරං ආස ඇයි කියලා”

“ඒකත් හරියට ඔයා කොල පාටට ආදරේ කරනව වගෙම තමයි.”

“මම උපමාවක් ඉල්ලුවෙ නෑ.”

“හරි..හරි මම විහිළුවක් කළේ. මම නිල් පාටට ආදරේ වෙන්න හේතුවක් තියෙනවා”

“කියන්නකෝ “

“ටිකක් ඉවසන්න. නිල් කියන්නෙ අනන්තය නියෝජනය කරන පාටක්. අසීමිත බව, විශ්වයේ අනන්තය වගේ දේවල්. ඒකයි ක්‍රිෂ්ණා දෙවියන්ව නිල් පාටින් නියෝජනය කරන්නෙ “

“ඒකද අහසත් නිල් පාටට පේන්නෙ?

“මට ඒ ගැන විශ්වාස නැහැ. කොහොම වුණත් අහස දිහාත්, මුහුද දිහාත් බලන් ඉන්නකොට මට දැනෙන සතුට අසීමිතයි. මම හැමදාමත් අවදිවෙන්නෙ ඒ නිල් පැහැය දකින්න බලාගෙන ” 

The Colors of Life

“දෙයියනේ ඒක හරි ලස්සනයි”

ඇය කුඩා එකියක මෙන් කෑගසයි.

“ඔයා කවදාවත් මට මේක කිව්වේ නැහැ. කවදා ඉඳන්ද ඔයා නිල් පාටට කැමති වුණේ?”

“පුංචි කාලෙ ඉඳලා. මගේ ආච්චි හරි අපූරු කතාකාරියක්. එයා මට ක්‍රිෂ්ණා ගැන කතා ගොඩක් කිව්වා. දවසක් මම ඇහුවා ක්‍රිෂ්ණා නිල් පාට ඇයි කියලා. ඒ ඔහුගේ අසීමිත බව කියලයි ඇය කිව්වෙ. නිල් පැහැය කියන්නෙ අසීමිත බව. අනන්තය.”

“පුදුමයි. මම කවදාවත් හිතුවෙ නැහැ පාට වලට මෙච්චර තේරුම් තියෙනව කියලා. ජීවිතේ වර්ණවත් වෙන්න ඕනෙ කියල අපි හිතුවත්, ඇත්තටම අපි දන්නෙ නැහැ ජීවිතේ වර්ණවත් කර ගන්න ඕනෙ කොහොමද කියලා. ඒක වෙන්නෙ ඔයා වගේ හිතන්න හුරු වුණාම. මොන තරම් අපූරු කතාවක්ද ඒක.”

භාරත්ගේ මුහුණ සතුටින් ආලෝකමත් විය. දෙදෙනා හිනැහෙමින් අනන්ත නිල් පැහැ අහස යට ඔවුන්ගේ කුඩා තේ සාදය රස වින්දෝය. වර්ණ ඇතුළුව ඔවුන් ජීවිතයේ සෑම දෙයකම පාහේ හාත්පසින්ම ප්‍රතිවිරුද්ධ අදහස් දැරුවත් දශක තුනහමාරකට අධික කාලයක් ඔවුන් එක්ව ජීවිතය බෙදා ගත්හ. ජීවිතයේ සැබෑ වර්ණ යනු ඇහැට පෙනෙන දේවල් නොව, අප අත්විඳින සහ බෙදා ගන්නා දේවල්‍ ය. විශ්වාසය, අවංකකම, සහයෝගීතාවය, අන්‍යෝන්‍ය අවබෝධය, ආදරය සහ එවැනි බොහෝ වටිනාකම් නොවෙනස් බැඳීමක සැබෑම පැහැයන් ය.

[ Reedsy වෙබ් අඩවියෙහි පළවූ Adi Prasanna විසින් රචිත The colors of life කතාව ඇසුරින් සිදුකළ අනුවර්තනයකි ]

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news

GMOA යළි හෙටත් වැඩවර්ජනයක

හෙට (04) දිනයේ නැවත වැඩවර්ජනයක් කැඳවීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර ඇත. ඒ අනුව හෙට පෙ.ව.08.00 සිට වැඩවර්ජනය ආරම්හ...

බස්නාහිර පළාතේ වාහන ජාවාරමක් වටලයි

බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය මගින් ක්‍රියාත්මක කළ විශේෂ මෙහෙයුමකදී නීති විරෝධී වාහන ජාවාරමක නිරත වූ පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. මීගහවත්ත...

ට්‍රම්ප්ගේ ප්‍රකාශයකට ඉරානයෙන් ප්‍රතිචාර

අමෙරිකා එක්සත් ජනපදය සමඟ කිසිදු ආකාරයක සාකච්ඡාවක් පවත්වා නොමැති බව ඉරානය පවසනවා.ඉරාන පාර්ලිමේන්තු කථානායක මොහොමඩ් බගර් ගලිබාෆ් පවසන්නේ දෙපාර්ශ්වය...

කුෂ් සමග සැකකරුවන් දෙදෙනෙකු කටුනායකදි අත්අඩංගුවට

“ කුෂ්“ මත්ද්‍රව්‍ය ”, සම පැහැපත් කිරිමට යොදා ගන්නා “ කොලැජන් සහ “ විටමින් සී “ පෙති තොගයක් නීතිවිරෝධී...
- Advertisement -spot_img

ජීවිතේ පුරාම වේදනාව තිබුණත් මම නටනවා

ජීවිතේ පුරාම වේදනාව තිබුණත් මම නටනවා - Shakira සිය දිව්‍යමය හඬින්, කොළොම්බියානුවන්ට උරුම වූ ආකර්ෂණීය නර්තන විලාශයෙන් සේම සුන්දර පෙනුමෙන්...

රත් දෝතළු – 59

රත් දෝතළු - 59 විහඟ මේ දින කීපයේම සිටියේ නිවසේමය. මම හැකිතාක් ඔහු මඟහැර සිටීමට උත්සාහ කළෙමි. කුමක් හෝ කියාගෙන...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you