මෙරටට අලුතින් පත්ව පැමිණි තානාපතිවරු තිදෙනෙක් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත සිය අක්තපත්‍ර භාරදී තිබෙනවා.
01 – කොළඹ සිටින කියුබානු ජනරජයේ නව තානාපති ලෙස Patricia Lázara Pego Guerra
02 – කොළඹ සිටින කටාර් රාජ්‍යයේ නව තානාපති ලෙස Hamad Mohammed Abdullah Al-Sanad Al-Dosari
03- නවදිල්ලියේ සිටින ස්ලොවේනියා ජනරජයේ තානාපති ලෙස Tomaž Mencin
අක්තපත්‍ර පිළිගැනීමෙන් අනතුරුව ජනාධිපතිවරයා නව තානාපතිවරු සමඟ සුහද කතා බහක ද නිරත වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.



