More
    InterviewsZendaya මම මාවම ආතතියට පත් කරගන්න කෙනෙක්

    Zendaya මම මාවම ආතතියට පත් කරගන්න කෙනෙක්

    -

    spot_img

    Zendaya – ළාබාල වියේ සිටම ප්‍රේක්ෂක ආකර්ෂණය තමා වෙතට යොමු කරගත් ඇය රංගනයට මෙන්ම ගායනයට සහ නර්තනයටත් එකසේ දස්කම් දක්වනවා. ඇය තමන් රඟදක්වන සෑම චරිතයක් සඳහාම තම උපරිමය සිදුකරන්නට වග බලාගන්නා නිළියක්. සුප්‍රකට Time සඟරාව විසින් 2022 වසරේදී 100 Most Influential People in the World ලැයිස්තුවට Zendaya ව ඇතුළත් කළා.

    • ටෙනිස් ඉගෙන ගැනීම මොනවගේ අත්දැකීමක්ද?

    ටෙනිස් පුහුණුව අතරතුරදි මට දැනුනෙ කළකිරීමක්. මම ටෙනිස් ගැන මොනවත්ම දැනගෙන සිටියෙ නැහැ. මම ටිකෙන් ටික හැමදේම තේරුම් ගත්තා. චරිතය සඳහා අවශ්‍ය දේ නිර්මාණය කරගත්තා.

    Zendaya

    • ඊට පස්සෙ ඔබ Dune: Part two චිත්‍රපටයෙ රූගත කිරීම්වලට ගියා. ඒක වෙනසක් වෙන්න ඇති?

    Challengers චිත්‍රපටයෙ කොල්ලො දෙන්නත් එක්ක මම හැමදාමත් ටෙනිස් පුහුණු වුණා. ඒ නිසාම මම සිහින්ව නිරෝගීව සිටියා. Dune වලදි මට අඳින්න වුන ඇඳුම් පැළඳුම් හරි බරයි. ඇඟ රිදෙන්න ගත්තා. නමුත් මම ඒක කළා. චරිතයට සූදානම් වුණා. ඉතින් මම සාර්ථක වුණා.

    • රූගත කිරීම් සිදු කළේ කොහේද?

    ජෝර්දානයේ. එහේ හරිම රස්නෙයි. මට මුත්‍රා කරන්න ඕනෙ වූණාමත් ඇඳුම ගලවන්න විනාඩි දහයක් විතර ගත වුණා. මම කිව්වා මම ඕනෙවට වඩා වතුර බොන්නෙ නැහැ කියලා. මොකද මට හිතුණා රූගත කිරීම් අතරතුර ඇඳුම ඇතුළෙම මට මුත්‍රා යයි කියලා. දවසක් මම ඇතිතරම් වතුර නොබී මට Heatstroke එකක් ආවා. මගේ අම්මත් ගොඩක් බය වුණා. ඇති තරම් වතුර නොබී ඉන්න පුළුවන් කියල මම හිතුවත් එහෙම ඉන්න බැරි බව මට තේරුණා.

    • Photoshoot එකකදී හෝ රඟපෑමෙදි ඔබ විසින් ඔබ තුළම නිර්මාණය කරගත් හැඩයක් තිබෙන බව පෙනෙනවා. ඒ පරිකල්පනය කොහෙන්ද ආවෙ?

    මම ලැජ්ජාශීලී අයෙක්. රඟපෑමෙන් මට ආත්ම විශ්වාසය ඇති වුණා. විවිධ චරිතවල රඟපාන්න ලැබීම ම එයට හේතු වුණා කියල මම හිතනවා.

    Zendaya

    • ඔබ ගොඩක් උසයි?

    උසයි සහ ලැජ්ජාශීලියි. කොහොම උනත් මම මගේ අම්මා තරම් උස නෑ. මගේ අම්මා අඩි හයයි අඟල් හතරක් උසයි.

    • රතු පලස මතදී ඔබ හැමවිටම චරිතයක් රඟපානවා?

    ඒක උදව්වක්. මොකද මිනිස්සු ඉස්සරහ විකාර ඇඳුමකින් පෙනී සිටීම අමුතු දෙයක්. මට අනුව නම් මම විසින්ම චරිතයක් නිර්මාණය කරගෙන පෙනී සිටීම ඒ අමුතු හැඟීම අඩු කරන්න උපකාර වෙනවා.

    • පොඩිකාලෙ ඔයාගෙ ක්‍රශ් එක කවුද? කාමරේ බිත්තිවල ගහලා තිබුණේ කාගෙ පෝස්ටර් එකක්ද?

    Beyonce ගෙ පෝස්ටරයක් තිබුණා. මම මගේ දහතුන්වැනි උපන්දිනය දා ඇයගෙ ප්‍රසංගයක් බලන්න ගියා. එයා මම වෙනුවෙන් Happy Birthday ගීතය ගායනා නොකළ එක ගැන මට දුක හිතුණා. මොකද ඇගේ උපන් දිනයටත් දින ලං වෙමින් තිබුණේ. තාත්තා මාව ඔහුගේ උරහිසෙන් තියාගන්න හැදුවත් මම ඒකට කැමති වුණේ නැහැ. පස්සෙ මම හිතුව Beyonce ට මාව පෙනෙන්න මම තාත්තාගෙ උරහිසේ ඉඳගත්තනං හොඳයි කියලා. ඇත්තටම එදා මම ගොඩක් දුක් වුණා එයා Happy Birthday ගීතය කිව්වෙ නැති නිසා.

    • ඔයාගෙ ලග්නෙ මොකක්ද?

    කන්‍යා

    • කන්‍යා ලග්නෙ අය මොනවගේද?

    ස්වයං විවේචනාත්මක, පක්ෂපාතී වගේම පාලනයේ දක්ෂ අය. මම ඒක තනියම කරන්නම්, ඔයාගෙ උදව් ඕනෙ නැහැ. මට තනියම පුළුවන් කියන විදිහේ අය. පුංචි කාලෙ මම කරදරවලට මුහුණ දුන්නා. කණ්ඩායම් ව්‍යාපෘතිවල හැම වැඩක්ම කළේ මම. “ඔයාලා ඒක අවුල් කරයි. කරදර වෙන්න එපා. මම හැමදේම කරන්නම්” කියලා අනිත් අයට කිව්වා.

    • ඔයා මිත්‍යාදෘශ්ටිකයි ද?

    හිනායන පුරුද්දක් තියෙනවා. මගේ නියපොත්තක් කැඩුණොත් මම හිතනවා මාව අවුල් වෙයි කියලා. නියපොත්තක් කැඩුනම මම හිතනවා, ඒව කැඩෙන්න නරකයි. මගේ දවස නරක් වෙන්නයි යන්නෙ කියලා.

    Zendaya

    • Dancing With the Stars වලට අමතරව ඔයා කැමති රියැලටි වැඩසටහන් තියෙනවද? 2013 වසරෙ ඔයා ඒකෙ ඉන්නවිට මම හැම සතියකම ඔයාව බැලුවා.

    ඇත්තටම මම Dancing with The Stars බලන්නෙ නැහැ.

    • ඔයා ඒකෙන් දිනන්න තිබුණේ.

    අහන්න. මට තාමත් ඒ ගැන පොඩි වෛරයක් තියෙනවා. එතකොට මට වයස 16 යි. හැම සතියකම සජීව වැඩසටහනක ඉන්නව කියන දේ හරිම ආතතියක්. මම ඒක හරිම බැරෑරුම්ව හිතුවා. එහෙම නොකලනං හොඳයි කියලා හිතෙනවා. මම මාවම ආතතියට පත් කරගත්තා.

    • හොඳයි. මම ඔයාගෙ රසිකයෙක්.

    බොහොම ස්තුතියි.

    Zendaya

    • ඔයා පූසෙක් වගේද? බල්ලෙක් වගේද?

    මම බල්ලන්ට ආදරෙයි. මම කවදාවත් පූසෙක්ව ළඟ තියාගෙන නැහැ. නමුත් මට දැනෙන්නේ මම පූසෙක් වගේ. බල්ලෙක් සාමාන්‍යෙන් ඔයා ළඟට එනවා. හැමෝටම ආදරෙයි. මගේ පෞරුෂය පූසෙක්ට ගොඩාක් සමානයි. මොකද මම ස්වාධීනයි. බලලුන් කියන්නේ ඕනම දේකට ඔරොත්තු දෙන අය. ඔවුන්ට පණ නවයක් තියෙනවා.
    W Magazine ඇසුරිනි –

    Latest news

    ඉරානයේ උත්තරීතර නායකයාට එරෙහිව ඉරානය පුරා විරෝධතා

    ඉරානයේ උත්තරීතර නොසන්සුන්කාරී තත්ත්වය ඉරානයේ පළාත් 31 පුරාම ව්‍යාප්ත වී ඇති අතර, මේ වන විට ළමුන් 05 ක් ඇතුළුව...

    තමා තවමත් වෙනිසියුලාවේ ජනාධිපතිවරයා බව මදුරෝ අධිකරණය හමුවේ ප්‍රකාශ කරයි

    වෙනිසියුලාවේ ජනාධිපති නිකොලාස් මදුරෝ, නිව්යෝර්ක් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව, අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී තමා තවමත්...

    ද්විත්ව පුරවැසියන්ටත් කටුනායක ගුවන්තොටුපළේදීම තාවකාලික රියැදුරු බලපත්‍රයක්

    විදේශගතව සිට පැමිණෙන මෙරට පුරවැසියන්ට සහ ද්විත්ව පුරවැසියන්ටත් කටුනායක ගුවන්තොටුපළේදීම තාවකාලික රියැදුරු බලපත්‍රය ලබා දීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව...

    මොරගහකන්ද ජලාශය වාන් දැමීමට ඇති හැකියාව සම්බන්ධයෙන් දැනුවත් කිරීමක්

    අධික වර්ෂා තත්ත්වය නිසා ඉදිරියේදී මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමට සිදුවීමේ සම්භාවිතාවක් පවතින බව මහවැලි අධිකාරිය පවසනවා. අද (18)...
    - Advertisement -spot_img

    මැටීගේ කපුටු ප්‍රේමය

    මැටීගේ කපුටු ප්‍රේමය සොබාදහම විටෙක ආවේගශීලී බව මම දැන සිටියෙමි. එබැවින් මම ජීවත්වුණේ ඉතා පරිස්සමිනි. පළමු වරට කූඩුවෙන් පිටවීමට...

    Blackheads ගැටළුවට විසඳුමක්

    Blackheads කියන්නෙ ගොඩක් අයට තියෙන රූපලාවන්‍ය ගැටළුවක්. මේකට වයස බලපෑමක් නැහැ. තරුණ වයසෙ ඉඳලා මැදිවිය දක්වාම ගොඩක් අය මුහුණ...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page