Womens Tri-Nation ODI Series – ශ්‍රී ලංකා, ඉන්දීය සහ දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම් අතර පැවැත්වෙන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ශ්‍රී ලංකාව සහ ඉන්දීය කාන්තා කණ්ඩායම් අතර හෙට (11 වැනිදා) පෙරවරු 10.00 සිට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
මූලික වටයේදී සහභාගි වූ තරග 4 න් 3 ක් ජයගත් ඉන්දීය ක්‍රීඩිකාවෝ පළමුවෙන්ම අවසන් මහ තරගයේ ස්ථානයක් වෙන්කරවා ගත්තේය. තරග 3 කට සහභාගි වෙමින් තරග 2 ක් ජයගත් සිටි ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට අවසන් තරගයේ දොරටු විවර වූයේ ඉකුත් බදාදා (7 වැනිදා) පැවැති තරගයේදී ඉන්දියාව හමුවේ දකුණු අප්‍රිකාව පරාජය වීමත් සමගිනි. දකුණු අප්‍රිකාව සහභාගි වූ මුල් තරග 3 දීම ඔවුන් පරාජයට පත්ව තිබීම හේතුවෙන් ඔවුන්ට අවසන් මහා තරගය අහිමි විය.
ශ්‍රී ලංකා කණ්ඩායමට සහාය දැක්වීම සඳහා මෙම තරගය නොමිලේ නැරඹීමේ අවස්ථාව ප්‍රේක්ෂකයන්ට ලබාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු යොදා තිබේ.