Tsunami – රුසියාවේ නැගෙනහිර වෙරළ තීරයේ ඇතිවූ මාපකයේ 8.7ක භූමිකම්පනය හේතුවෙන් රටවල් රැසකට සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව රුසියාව, ජපානය, හවායි දූපත්, ඇමරිකානු සැමෝවා, කැලිෆෝනියා, පිලිපීනය, ඉන්දුනීසියාව ඇතුළු රටවල් ඇතුළු නගර කිහිපයක් සඳහා මේ වන විට සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.
ඇතැම් ප්‍රදේශවලට මේ වන විට පළමු සුනාමි රළ කඩා වැදී ඇති අතර ජපානයේ Hokkaido හි උතුරු කොටසට සුනාමි රළ පැමිණි බව විදෙස් මාධ්‍ය මේ වනවිට වාර්තා කර තිබෙනවා.
මීට අමතරව ඇතැම් ප්‍රදේශවල ජනතාවට ඉවත්වීමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවත් ඇමරිකා එක්සත් ජනපදයේ Honolulu ප්‍රදේශයේ සුනාමි සයිරන් හඬ නාදවී ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.