More
    spot_img
    PoemsTrue Love මං කදුළු පිහින්න එන්නෑ

    True Love මං කදුළු පිහින්න එන්නෑ

    -

    spot_img

    True Love මං කදුළු පිහින්න එන්නෑ

    කියන්නද මං එක දෙයක්..?
    ආදරේ ගැන විශ්වාසයක්
    නැති කාලෙක තමයි
    ඔයාව මට මුණගැහුණෙ
    ඔයා මාවම ඕනේ කියද්දී
    හරි අඩම්බරෙන් ගෙදරට පවා කිව්වෙ
    මට අදරයක් හම්බවුණා කියල……..

    මං දැක්කා මේ ඇස්වලින්
    ඔයා බය වෙනවා මං නැතිවෙයි කියල
    දෙවියන්ගෙනුත් ඉල්ලුව මං
    මේ නපුරවම මට ඕනෙ කියලා
    මොකද මං දැනන් හිටියා
    ආදරේ වැඩීම නපුරු හිත් ළඟ කියලා……

    දන්නවද ඔයා..?
    මේ ලොකේ ඕනම කෙළවරකට
    බය නැතුව මං ගියෙ තාත්තගෙ අතින් අල්ලන්
    තුරුළු වුණු එකම පපුවත් තාත්තගෙ
    වැඩිම ආදරෙත්, විශ්වාසෙත් එයාමයි
    ඉතින් ඊට පස්සෙ
    ඒ සේරටම හිටිය කෙනා ඔයා….

    හුඟක් ළඟටම එනකං
    ඔයා මං කියපු හෑම දේම
    පිලිගත්තෙ හරි ආදරෙන්
    මං හිතුවෙ ඔය ආදරේ මගෙයි
    මටම විතරයි කියලා
    ඔයාමයි මට පෙන්නුවේ
    ඒක එහෙම නෙමෙයි කියලා….

    ඒත් ආදරේ වැඩිකමට
    ඔයා අතෑරෙයි කියන බයට
    ඉල්ලුවේ එක දෙයයි මං
    ටිකක් කල් යනකන්
    ගොඩක් අඩුපාඩු වෙයි මගෙන්
    වෙනස් වෙන්නෙපා ඔයා එහෙම
    මං දන්නෙ මට ඉන්නෙ
    ඔයා විතරයි හොඳද කියලා….

    හැමෝගෙම හිත් රිද්දලා
    ඔයාවයි මං ඉල්ලුවේ
    ඔයා මං ගැන කිය කියා
    ළඟින් හිටි අය ඉස්සරහ
    මාව හොඳ හැටි රිද්දුවා
    දකිද්දිත් මං ඔයාටම ලංවුනා
    දන්නවද ඔයා දෙයක්
    ගොඩක් පිරිමින්ගෙ
    මුල්ම ආදරේ අම්මා
    ඊට පස්සෙ නෝනා……

    ඉතිං ඔයාට තේරෙන
    දවසක් එනවා
    එදාට මං ඔයා ගාව නැතත්
    වැඳ වැටෙන, කරදර වෙන
    කෙනෙක් හිටියත්
    හැම නරකටම එන අය
    හිටියත් නැතත්
    එදාට ඔයා අඩල වැඩක් නෑ
    කදුළු පිහින්න මං එන්නෑ……..

    Love Breakup

     

    ✍🏻 තරුදිනී අපොන්සු

    Latest news

    IMF අනුරට බැරි ඇයි..?

    IMF - "පොහොසත් රටක් ලස්සන ජිවිතයක්" සිය ප්‍රත්පත්තිය ලෙස ප්‍රකාශයට පත් කරන හිටපු කෘෂිකර්ම අමාත්‍ය අනුර කුමාර දිසානායකට සහ...

    Local Government Elections නාම යෝජනා නැවත කැඳවන යෝජනාවක්!

    Local Government Elections - 2023 පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා කැඳවා ඇති නාම යෝජනා ආපසු කැඳවා 2024 ඡන්ද...

    Nandalal Weerasinghe ගමන වෙනස් වුණොත් රට නැවත වැටෙනවා

    Nandalal Weerasinghe - ශක්තිමත් මූල්‍ය ප්‍රතිපත්ති හා තීන්දු තීරණ හේතුවෙන් අපේක්ෂා කළාට වඩා වැඩි වේගයකින් ශ්‍රී ලංකාව පැවතී ආර්ථික...

    Cannabises රජයේ ගංජා වගාව මීරිගම සහ මහනුවර

    Cannabises - මෙරට දෙවැනි කර්මාන්ත කලාපය වන ත්‍රිකුණාමලයේ කප්පල්තුරේ කර්මාන්ත කලාපයට ඇමෙරිකානු ඩොලර් බිලියන 1.5ක පමණ ආයෝජනයක් ලබාගැනීමට රජය...
    - Advertisement -spot_img

    Hima Mal Renu හිම මල් රේණු – 55

    Hima Mal Renu හිම මල් රේණු මා සිටියේ ගැහෙන සිතිනි. තේෂාන්ගේ ඇමතුම මා සිතේ ඇති කර තිබුණේ සියුම් චකිතයක් සමඟ...

    IMF අනුරට බැරි ඇයි..?

    IMF - "පොහොසත් රටක් ලස්සන ජිවිතයක්" සිය ප්‍රත්පත්තිය ලෙස ප්‍රකාශයට පත් කරන හිටපු කෘෂිකර්ම අමාත්‍ය අනුර කුමාර දිසානායකට සහ...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page