PoemsTrue Love මං කදුළු පිහින්න එන්නෑ

True Love මං කදුළු පිහින්න එන්නෑ

-

spot_img

True Love මං කදුළු පිහින්න එන්නෑ

කියන්නද මං එක දෙයක්..?
ආදරේ ගැන විශ්වාසයක්
නැති කාලෙක තමයි
ඔයාව මට මුණගැහුණෙ
ඔයා මාවම ඕනේ කියද්දී
හරි අඩම්බරෙන් ගෙදරට පවා කිව්වෙ
මට අදරයක් හම්බවුණා කියල……..

මං දැක්කා මේ ඇස්වලින්
ඔයා බය වෙනවා මං නැතිවෙයි කියල
දෙවියන්ගෙනුත් ඉල්ලුව මං
මේ නපුරවම මට ඕනෙ කියලා
මොකද මං දැනන් හිටියා
ආදරේ වැඩීම නපුරු හිත් ළඟ කියලා……

දන්නවද ඔයා..?
මේ ලොකේ ඕනම කෙළවරකට
බය නැතුව මං ගියෙ තාත්තගෙ අතින් අල්ලන්
තුරුළු වුණු එකම පපුවත් තාත්තගෙ
වැඩිම ආදරෙත්, විශ්වාසෙත් එයාමයි
ඉතින් ඊට පස්සෙ
ඒ සේරටම හිටිය කෙනා ඔයා….

හුඟක් ළඟටම එනකං
ඔයා මං කියපු හෑම දේම
පිලිගත්තෙ හරි ආදරෙන්
මං හිතුවෙ ඔය ආදරේ මගෙයි
මටම විතරයි කියලා
ඔයාමයි මට පෙන්නුවේ
ඒක එහෙම නෙමෙයි කියලා….

ඒත් ආදරේ වැඩිකමට
ඔයා අතෑරෙයි කියන බයට
ඉල්ලුවේ එක දෙයයි මං
ටිකක් කල් යනකන්
ගොඩක් අඩුපාඩු වෙයි මගෙන්
වෙනස් වෙන්නෙපා ඔයා එහෙම
මං දන්නෙ මට ඉන්නෙ
ඔයා විතරයි හොඳද කියලා….

හැමෝගෙම හිත් රිද්දලා
ඔයාවයි මං ඉල්ලුවේ
ඔයා මං ගැන කිය කියා
ළඟින් හිටි අය ඉස්සරහ
මාව හොඳ හැටි රිද්දුවා
දකිද්දිත් මං ඔයාටම ලංවුනා
දන්නවද ඔයා දෙයක්
ගොඩක් පිරිමින්ගෙ
මුල්ම ආදරේ අම්මා
ඊට පස්සෙ නෝනා……

ඉතිං ඔයාට තේරෙන
දවසක් එනවා
එදාට මං ඔයා ගාව නැතත්
වැඳ වැටෙන, කරදර වෙන
කෙනෙක් හිටියත්
හැම නරකටම එන අය
හිටියත් නැතත්
එදාට ඔයා අඩල වැඩක් නෑ
කදුළු පිහින්න මං එන්නෑ……..

Love Breakup

 

✍🏻 තරුදිනී අපොන්සු

Latest news

සිල්වර් ඩෝන් සුඛෝපභෝගී නෞකාවේ ශ්‍රී ලංකා සංචාරය

සිල්වර් ඩෝන් නැමැති අතිසුඛෝපභෝගී මගී නෞකාව  ඊයේ ( 09) ගාල්ල වරායට පැමිණ තිබේ.සංචාරකයන් 596 දෙනෙකු රැගත් මෙම නෞකාව දින 141ක ලෝක සංචාරයක...

ගාල්ල බන්ධනාගාරයේ කාන්තා වාට්ටුවෙන් සොයාගත් ජීව උණ්ඩ

ගාල්ල බන්ධනාගාරයේ තිබී ජීව උණ්ඩ කිහිපයක් සොයාගෙන තිබෙනවා.ඒ බන්ධනාගාර නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමකදීයි. බන්ධනාගාරයේ කාන්තා රැඳවූවන් රඳවා...

අද දවසේ වැසි ඇතිවන ප්‍රදේශ සහ ඉර මුදුන් වන ප්‍රදේශ

අද (අප්‍රේල් 07) දිනයේදී උතුරු, උතුරු-මැද, මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණු පළාත්වල ප.ව 1.00 න් පසුව තැනින් තැන වැසි...

ජනපති අනුරගේ පාස්කු ඉරුදින පණිවිඩය

දුකට පත් ජනතාවගේ ගැලවීම වෙනුවෙන් සිය ජීවිතය කැප කළ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසප්‍රාප්තියෙන් පසු මරණයේ අඳුර පරාජය කරමින් උත්ථානය...
- Advertisement -spot_img

රත් දෝතළු – 65

රත් දෝතළු - 65 මා නිසා අහස්ගේ කාර්යයන් පහසුව ඇති බව විනිෆ්‍රීඩා මහත්මිය මා සමඟ කීවාය. බොහෝ විට මම ඔහුගේ...

අහඹු සිදුවීම් ජිවිතේ වෙනස් කරනව

අහඹු සිදුවීම් ජිවිතේ වෙනස් කරනව - It Was Just an Accident හැමදේකටම හේතුවක් තියෙනව. අපි අහම්බයක් කියලා හිතන දෙයක් වුණත්...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you