NewsTransgender - සංක්‍රාන්ති ලිංගිකයින් සඳහා පාර්ලිමේන්තු පනත් කෙටුම්පතක්

Transgender – සංක්‍රාන්ති ලිංගිකයින් සඳහා පාර්ලිමේන්තු පනත් කෙටුම්පතක්

-

spot_img

Transgender – ස්ත්‍රී පුරුෂ ආනන්‍යතාවයෙන් බැහැර පුද්ගලයන්ට කිසියම් නිත්‍යානුකූල පිළිගැනීමක් ලැබෙන පරිදි, ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානාත්මතාවය පිළිබඳ පනත් කෙටුම්පතක් පළමුවර කියවීම සඳහා පාර්ලිමේන්තුවට පසුගිය 9 වැනිදා ඉදිරිපත් කෙරුණු අතර එය ඉදිරි දිනවල විවාදයට ගැනීමට නියමිත බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග වලින් දැනගන්නට ලැබේ. මෙම පනත් කෙටුම්පත පිළිබඳ ගැසට් නිවේදනය නිකුත් කරනු ලැබ ඇත්තේ කාන්තා ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යවරයාගේ නියමය පරිදිය.

ස්ත්‍රී පුරුෂ සමාජභාවය සමානාත්මතාවය සහ කාන්තාවන් සවි බල ගැන්වීම පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය සකස් කිරීම සහ ක්‍රියාත්මක කිරීම සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස ද ස්ත්‍රී පුරුෂ තැනැත්තන් පිළිබඳ කේන්ද්‍රස්ථානය පත්කිරීම සහ නම් කිරීම සඳහාද වෙනස් වූ ස්ත්‍රී පුරුෂ අනන්‍යතාවයක් සහිත තැනැත්තන් වෙනුවෙන් ස්ත්‍රී පුරුෂ සමාජභාවය සමානාත්මතාවය තහවුරු කිරීම සඳහාද ඒ හා සම්බන්ධ සහ එයට අනුශාංගික කරුණු සඳහාද විධිවිධාන සැලැස්වීම පිණිස වූ පනත් කෙටුම්පතකැයි එම ගැසට් නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

මෙම පනත් කෙටුම්පතට දැනටමත් මහා සංඝරත්නයේ සහ විවිධ පාර්ශවවල දැඩි විරෝධයක් එල්ලවී ඇති අතර මේ පිළිබඳව මැතිසබයේ ප්‍රබල හඬක් නැගීමට ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් සූදානම්ව සිටිතැයි වාර්තා වේ. පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ජනතාවට විරෝධතා ගොනු කිරීමට පනත ඉදිරිපත් කළ දින සිට දින 14 ක කාලයක් ලැබෙන අතර මෙම කාලයේදී අධිකරණයට විරෝධතා පෙත්සම් ඉදිරිපත් කිරීමට විවිධ පාර්ශ්ව සූදානම් වෙමින් සිටින බවට දැනගන්නට ලැබේ.

Latest news

සිල්වර් ඩෝන් සුඛෝපභෝගී නෞකාවේ ශ්‍රී ලංකා සංචාරය

සිල්වර් ඩෝන් නැමැති අතිසුඛෝපභෝගී මගී නෞකාව  ඊයේ ( 09) ගාල්ල වරායට පැමිණ තිබේ.සංචාරකයන් 596 දෙනෙකු රැගත් මෙම නෞකාව දින 141ක ලෝක සංචාරයක...

ගාල්ල බන්ධනාගාරයේ කාන්තා වාට්ටුවෙන් සොයාගත් ජීව උණ්ඩ

ගාල්ල බන්ධනාගාරයේ තිබී ජීව උණ්ඩ කිහිපයක් සොයාගෙන තිබෙනවා.ඒ බන්ධනාගාර නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමකදීයි. බන්ධනාගාරයේ කාන්තා රැඳවූවන් රඳවා...

අද දවසේ වැසි ඇතිවන ප්‍රදේශ සහ ඉර මුදුන් වන ප්‍රදේශ

අද (අප්‍රේල් 07) දිනයේදී උතුරු, උතුරු-මැද, මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණු පළාත්වල ප.ව 1.00 න් පසුව තැනින් තැන වැසි...

ජනපති අනුරගේ පාස්කු ඉරුදින පණිවිඩය

දුකට පත් ජනතාවගේ ගැලවීම වෙනුවෙන් සිය ජීවිතය කැප කළ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසප්‍රාප්තියෙන් පසු මරණයේ අඳුර පරාජය කරමින් උත්ථානය...
- Advertisement -spot_img

ස්වර්ග සිහින

ස්වර්ග සිහින - Licorice Dreams බෙනඩික්ට් මියගියේ ස්වර්ගයට යෑමේ අපේක්ෂාවෙනි. ඔහු සාන්තුවරයෙකු නොවීය. ඔහු ඉඳහිට තම සහෝදරයා සමග මත්පැන් පානය...

ගාල්ල බන්ධනාගාරයේ කාන්තා වාට්ටුවෙන් සොයාගත් ජීව උණ්ඩ

ගාල්ල බන්ධනාගාරයේ තිබී ජීව උණ්ඩ කිහිපයක් සොයාගෙන තිබෙනවා.ඒ බන්ධනාගාර නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමකදීයි. බන්ධනාගාරයේ කාන්තා රැඳවූවන් රඳවා...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you