Travelනිහඬ, නිස්කලංක පාරිසරික අත්දැකීමකට තණමල්විල - Tranquil Wild

නිහඬ, නිස්කලංක පාරිසරික අත්දැකීමකට තණමල්විල – Tranquil Wild

-

spot_img

Tranquil Wild: අපි හැමෝම ජිවිතයේ එදිනදා වැඩ කටයුතු වලින් වෙහෙසට පත්වෙලා හිතට, ගතට දෙකටම විවේකයක් හොයන මිනිස්සු. ඔබ හොයන ඒ තැන ගැන ඉඟියක් දෙන්න තමයි අපි මේ හදන්නේ.

මේ තැන පිහිටලා තියෙන්නේ තණමල්විල ප්‍රදේශයේ රණවර්නාව කියන පළාතේ. කොළඹ ඉඳලා දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගිහින් මත්තලින් පිටවීම ගත්තම,

එතන ඉඳලා මාතර – මඩකලපුව මාර්ගයේ කිලෝමීටර් 24ක් යන්න තියනවා. ඒ ගියාම මුණගැහෙන රණවර්නාව – ඉඳිකොලේ පාරේ මීටර් 500ක් දුරින් තමා ‘ට්‍රැන්කියුල් වයිල්ඩ් ‘ තියෙන්නේ.

Tranquil Wild board

සාමාන්‍යයෙන් විනාඩි 15-20ත් අතර කාලයකින් ඔබට මේ ස්ථානයට ළඟා වෙන්න පුළුවන්.

මෙහි ඇති විශේෂත්වය තමයි කෘතීම නොවන ස්වභාවික පරිසරයක එය පිහිටා තිබීම. දුටුගැමුණු රජුගේ කඩොල් ඇතු නාවන ලද ස්ථානය ලෙස සැලකෙන රණවර්නාව වැව තාවුල්ලේ තමයි

මෙම ස්ථානය පිහිටලා තියෙන්නේ. මුල් කාලීනව මෙය හඳුන්වලා තියෙන්නේ ‘බැද්ද ලේක් රෙස්ට් ‘ කියල. පසුව මෙහි හිමිකාරිත්වය දරන ඈන් කොරයා සහ දුෂාන් කොරයා යුවල එය ‘ට්‍රැන්කියුල් වයිල්ඩ් ‘

නමින් පවත්වාගෙන යනු ලබනවා.

එහි වත්මන් කළමනාකරු අමල් රාජ් පවසන පරිදි මෙය අයත්වන්නේ ‘බුටික් හොටෙල්’ කාණ්ඩයටයි. මෙය ප්‍රධාන වශයෙන් කොටේජ් දෙකකින් සමන්විත වන අතර, සම්පුර්ණ කාමර ගණන 6කි.

Tranquil Wild Thanamalwila Accommodation

ඒවා තනි,යුගල සහ ෆැමිලි වශයෙන් වෙන් කොට ඇති අතර ඔබ කණ්ඩායමක් වශයෙන් එහි යනවානම් එකවර 25 දෙනෙකුට පමණ සුවපහසු ලෙස නවාතැන් ගත හැකියි.

විශේෂයෙන්ම මෙහි සංචාරය කරන අය සදහා සැකසෙන ආහාර පාන පිළිබඳව සලකා බැලීමේදී දේශීය ආහාර පාන සඳහා වැඩි ඉල්ලුමක් පවතින බව කළමනාකරු අමල් රාජ් අප සමඟ පවසා සිටියා.

Tranquil Wild Thanamalwila Herbal Drinks

විදේශිකයන් පවා වැඩි රුචිකත්වයක් දක්වන්නේ දේශීය ආහාර පාන වලට බව ඔහුගේ අදහසයි. එමෙන්ම එකී ආහාර පාන සැකසීම සඳහා අවශ්‍ය කරනු ලබන එළවළු,පලතුරු සහ ධාන්‍ය වර්ග

සපයා ගනු ලබන්නේද ඔවුන් විසින් ඒ සඳහාම වගා කරනු ලබන ගොවිපලකිනි. ආහාර පිසීමේ කටයුතු සඳහාද පළපුරුදු ගැමි කාන්තාවන් යොදවා ඇති අයුරු අපට දැකගන්නට ලැබුණා.

එම පිසීම් කටයුතු කෙතරම් ප්‍රනිතද යන්න ඒවා රසවිඳි අපට අත්විඳින්නටද ලැබුණා. ඒ කෙසේ වෙතත් දෙස්,විදෙස් ඕනෑම අයෙකුගේ රුචිකත්වයට සරිලන පරිදි ආහාර පාන සකසා දීමට

පළපුරුදු සුපවේදීන් ‘ට්‍රැන්කියුල් වයිල්ඩ්’ හි ඕනෑතරම් සිටිනවා.

Tranquil Wild Thanamalwila Traditional Food

මෙහි සංචාරය කරන ඔබට අත්විඳින්නට ලැබෙන තවත් විශේෂ අත්දැකීමක් තමයි ‘නයිට් කෑම්පින්’. වැව තාවුල්ලේ ඉදිකරන ලද කුඩාරම්,ගිනිමැලයක්,බාබකිවු යනාදිය සමඟ ඔබට

අමතක නොවන රාත්‍රියක් එහි ගතකර පැමිණිය හැකියි. ඒ වගේම රණවර්නාව වැවේ බෝට්ටු හෝ ඔරු මඟින් සංචාරයක්,මසුන් ඇල්ලීම වැනි ක්‍රියාකාරකම්ද ඔබ වෙනුවෙන් සුදානම් කර දීමට

එහි කාර්ය මණ්ඩලය සුදානමින් සිටිනවා. ඊට අමතරව ළමා,වැඩිහිටි සියල්ලගේ රුචිකත්වයට සරිලන පරිදි සැකසු නාන තටාකයක්ද මෙහි දක්නට ලැබෙනවා. සංචාරයට ලැදි ඔබට

මෙහි සිට පහසුවෙන් ළඟා විය හැකි ස්ථාන රැසකි. ලුණුගම්වෙහෙර ජලාශය,ජාතික උද්‍යානය,උඩවලව,බුදුරුවගල,කතරගම,තිස්සමහාරාමය වැනි ස්ථාන ඉන් කිහිපයකි.

මේ සෑම ස්ථානයකටම අවම විනාඩි 30-40ත් අතර කාලයකින් ළඟා වීමට හැකි වීම මෙහි ඇති විශේෂත්වයකි.

Tranquil Wild Thanamalwila Things to do

මේ සෑම  අත්දැකීමක්ම එකම ස්ථානයකින් ලබාගැනීමටනම් ඔබ ඔබේ සංචාරක නවාතැන ලෙස තෝරාගත යුත්තේ තණමල්විල ‘ට්‍රැන්කියුල් වයිල්ඩ්’ යයි කීම  මුසාවක් නොවේ.

ජිවිතයේ වෙහෙසකර,විඩාබර මොහොතක් නිහඬ,නිස්කලංක පරිසරයක විවේකිව ගෙවා දමන්නට පහත ඇමතුම් මාර්ග ඔස්සේ ඔවුන්ව අමතන්න.

+94 772 499 000

info@tranquilwildhotel.com

Latest news

සිල්වර් ඩෝන් සුඛෝපභෝගී නෞකාවේ ශ්‍රී ලංකා සංචාරය

සිල්වර් ඩෝන් නැමැති අතිසුඛෝපභෝගී මගී නෞකාව  ඊයේ ( 09) ගාල්ල වරායට පැමිණ තිබේ.සංචාරකයන් 596 දෙනෙකු රැගත් මෙම නෞකාව දින 141ක ලෝක සංචාරයක...

ගාල්ල බන්ධනාගාරයේ කාන්තා වාට්ටුවෙන් සොයාගත් ජීව උණ්ඩ

ගාල්ල බන්ධනාගාරයේ තිබී ජීව උණ්ඩ කිහිපයක් සොයාගෙන තිබෙනවා.ඒ බන්ධනාගාර නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමකදීයි. බන්ධනාගාරයේ කාන්තා රැඳවූවන් රඳවා...

අද දවසේ වැසි ඇතිවන ප්‍රදේශ සහ ඉර මුදුන් වන ප්‍රදේශ

අද (අප්‍රේල් 07) දිනයේදී උතුරු, උතුරු-මැද, මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණු පළාත්වල ප.ව 1.00 න් පසුව තැනින් තැන වැසි...

ජනපති අනුරගේ පාස්කු ඉරුදින පණිවිඩය

දුකට පත් ජනතාවගේ ගැලවීම වෙනුවෙන් සිය ජීවිතය කැප කළ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසප්‍රාප්තියෙන් පසු මරණයේ අඳුර පරාජය කරමින් උත්ථානය...
- Advertisement -spot_img

රත් දෝතළු – 65

රත් දෝතළු - 65 මා නිසා අහස්ගේ කාර්යයන් පහසුව ඇති බව විනිෆ්‍රීඩා මහත්මිය මා සමඟ කීවාය. බොහෝ විට මම ඔහුගේ...

අහඹු සිදුවීම් ජිවිතේ වෙනස් කරනව

අහඹු සිදුවීම් ජිවිතේ වෙනස් කරනව - It Was Just an Accident හැමදේකටම හේතුවක් තියෙනව. අපි අහම්බයක් කියලා හිතන දෙයක් වුණත්...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you