To import – ත්‍රිපෝෂ නිෂ්පාදනයට අවශ්‍ය ප්‍රමිතිගත බඩඉරිඟු ආනයනය සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබෙනවා.
දේශීයව බඩඉරිඟු සපයා ගැනීමට ඇති අපහසුව සැලකිල්ලට ගෙන, වසරකට අවශ්‍ය ලෙස නිසි ප්‍රමිතියෙන් යුතු බඩඉරිඟු ආනයනය කිරීමට ශ්‍රී ලංකා ත්‍රිපෝෂ ලිමිටඩ් ආයතනය වෙත ආනයන බලපත්‍රයක් නිකුත් කිරීමට මෙසේ අනුමැතිය හිමිව ඇති බවයි සඳහන් වෙන්නේ.
ශ්‍රී ලංකා ත්‍රිපෝෂ ලිමිටඩ් සඳහා වාර්ෂික බඩඉරිඟු අවශ්‍යතාව මෙට්‍රික්ටොන් 18,000ක් වන අතර මාසික අවශ්‍යතාව මෙට්‍රික්ටොන් 1,500 ක් බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.