Tik Tok – වත්මන් ආණ්ඩුව විසින් ඩිජිටල් සේවා සඳහා 18% ක වැට් බදු පැනවීමට කටයුතු කර ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි පවසනවා.
ඒ අනුව, ආණ්ඩුව ලබාගන්නා අවස්ථාවේදී අහිංසක දුක් විඳින ජනතාවගේ බදු අඩු කරන බවට ප්‍රකාශ කළ ආණ්ඩුවේ වත්මන් බදු ප්‍රතිපත්තිය කුමක්දැයි ගැටලු සහගත බවයි ඊයේ (08) මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.
වත්මන් ආණ්ඩුව ‘TikTok කරන’ පුද්ගලයින්ටත් බදු ගසන තත්ත්වයකට පැමිණ ඇති බවත්, ආණ්ඩුව බලයට පැමිණීමේදී මේවා ප්‍රකාශ නොකළ බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.



