More
    ArtThe Dead Zone ව්‍යාජ දරු සුරතල් පෙන්වන රැවටිලිකාර දේශපාලනය

    The Dead Zone ව්‍යාජ දරු සුරතල් පෙන්වන රැවටිලිකාර දේශපාලනය

    -

    spot_img

    The Dead Zone – Jhonny Smith කඩවසම්,තරුණ ගුරුවරයෙක්. ඔහුගේ සුන්දර පෙම්වතිය Sara. ඔවුන් හරිම ආදරෙන් ජීවත්වුණා. දවසක් ඇයත් සමගින් Roller Coaster එකේ යද්දි ඔහුට තද හිසරදයක් දැනුණා. ඔහු Sara සමගින් ඇගේ නිවසට ආවා. එය කුණාටු සහිත වැසිබර රාත්‍රියක්. රාත්‍රිය ඇගේ නිවසේ ගතකරන්නැයි පෙම්වතියගේ ඇවිටිලි ආචාරශීලීව ප්‍රතික්ෂේප කරන ඔහු ඇගෙන් සමුගන්නවා.

    අපරාදෙ,ඔහුට ඇය හා නතරවෙන්නයි තිබුණෙ. චිත්‍රපටය නරඹන අයට එලෙසින් සිතෙන්න පුළුවන්. රාත්‍රී අඳුර මැදින් නිවස වෙත පියමනින Jhonny රිය අනතුරකට පත් වෙනවා. ඔහුගේ තත්වය බරපතළයි. අනතුර හේතුවෙන් අවුරුදු පහක් කෝමා තත්වයට පත්ව සිටි ඔහු යලි සාමාන්‍ය තත්වයට පැමිණෙන විට කාලය තමාගෙන් බොහෝ දේ උදුරාගෙන ඇතිවග ඔහුට තේරුම් යනවා. වෙන අයෙක් හා විවාහ වූ Sara දැන් එක් දරු මවක්.

    The dead Zone

    ඔහුට ප්‍රතිකාර කිරීමට හෙදිය පැමිණෙනවා. Jhonny එක්වරම ඇගේ අත අල්වා ගන්නවා. ඒ සමගම ගින්නකට හසුවී නිවසක් තුළ සිටින කුඩා දැරියකගේ දසුනක් ඔහුගේ දෑස් ඉදිරියේ මැවෙනවා. ඔහු එය හෙදිය හා පවසන්නේ එම දැරියගේ නම සමගින්. ඒ තම දියණිය බැව් වටහා ගන්නා හෙදිය ඉක්මනින් තම නිවසට යන අතර ගින්නට අසුව සිටින දියණියව බේරා ගැනීමට ඇයට හැකිවෙනවා. කෙනෙකුගේ අත අල්ලා ගැනීමෙන් ඔහුගේ හෝ ඇයගේ අතීතය,වර්තමානය හෝ අනාගතයට සම්බන්ධ සිදුවීම් දර්ශනය වන අපූරු හැකියාවක් තමාට ලැබී ඇති වග ඔහුට තේරුම් යනවා. මේ අයුරින් කිහිප දෙනෙකුගේම ගැටළු සහගත අවස්ථාවන්ට දායක වෙන්න ඔහුට සිදුවෙනවා. තමාට අනාගත සිදුවීම් වෙනස් කළ හැකි හැකියාවක් (Dead zone) ඇති වග ඔහු හඳුනා ගන්නවා. ඔහුට තම පෙර පෙම්වතිය මුණ ගැහෙනවා. නගරය හැරදා වෙනත් තැනක පදිංචියට යන Jhonny පාසල් ළමුන්ට ටියුෂන් දෙමින් හුදෙකලාව ජීවත්වෙනවා.

    Greg Stillson කියන්නෙ දේශපාලඥයෙක්. බලය වෙනුවෙන් ඕනෑම දෙයක් කිරීමට සූදානම්,කපටිකමේ ප්‍රතිමූර්තියක්. (Martin Sheen ගෙ රංගනයේ තාත්වික බව උපරිමයි) නුදුරු දිනක එලඹෙන මැතිවරණය සඳහා ඔහු හා ඔහුගේ පාක්ෂිකයන් සූදානම් වූවා. Stillson තම ජයග්‍රහණය ගැන විශ්වාසයෙන් පසුවුණා. Jhonny ගේ පෙර පෙම්වතිය Sara ත් Greg Stillson වෙනුවෙන් වැඩ කළා. නගරයේ පැවති දේශපාලන රැලියකදී Greg Stillson, Jhonny ට අතට අත දුන්නා. මේ කූට දේශපාලඥයාගේ අත අල්ලා ගන්නවාත් සමගම තම මව්බිමේ ඛේදනීය අනාගතය Jhonny Smith ගේ දෑස් ඉදිරියේ මැවුණා.

    ඔහු තීරණයක් ගන්නවා. එය උතුම් තීරණයක්. Greg Stillson ගෙන් තම මවුබිම බේරා ගැනීමට ඔහු සූදානම් වෙනවා. මේ වීරයෙක් ගැන කතාවක්.

    The dead Zone

    අවසානයට ආසන්න වෙනතෙක්ම මෙහි කතාව ගැන සටහන් කරත්, මෙහි අවසානය ඔබව කම්පනයට පත් කරාවි. (ඒක මේ කතාවෙ හිමිකරුගෙ ජන්ම ගතියක්) කුඩා දරුවන් නලවමින්,හුරතල් කරමින් සහ වඩාගනිමින් ඔබ හමුවට එන දේශපාලඥයන් අතීතයේත් සිටියා. වර්තමානයේත් සිටිනවා. අනාගතයේත් සිටිනු ඇති. ඔවුන්ගෙන් ප්‍රවේශම් වෙන්න.

    තම උපන් බිමේ අනාගතය වෙනුවෙන් Jhonny Smith ගන්නා තීරණය කුමක්ද?

    අමෙරිකානු ලේඛක Stephen King විසින් රචිත The Dead Zone කෘතිය ඇසුරින් නිමවූ, The Dead Zone (1983) චිත්‍රපටය විශිෂ්ට අත්දැකීමක්. David Cronenberg ගේ අධ්‍යක්ෂණයක්. මෙම චිත්‍රපටයට Christopher Walken, Brooke Adams, Martin Sheen ඇතුළු රංගන ශිල්පීන් රැසක් රංගනයෙන් දායක වෙනවා.

    The dead Zone

    Latest news

    නුවරඑළියේ සිදු කළ පරීක්ෂාවකදී ධාවනයට නුසුදුසු වාහන 73 ක් ධාවනයෙන් ඉවත් කරේ

    නුවරඑළියේ සිදු කළ හදිසි වායු විමෝචන පරීක්ෂාවකදී, වාහන 73 ක් දින 14 ක කාලයක් සඳහා තාවකාලිකව ධාවනයෙන් ඉවත් කිරීමට...

    අලුතින් පත්ව පැමිණි තානාපතිවරු තිදෙනෙක් ජනපති වෙත සිය අක්තපත්‍ර භාර දෙයි

    මෙරටට අලුතින් පත්ව පැමිණි තානාපතිවරු තිදෙනෙක් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත සිය අක්තපත්‍ර භාරදී තිබෙනවා. 01 - කොළඹ...

    වැල්ලවායේ කුඩු බෙදූ ප්‍රධාන සැකකරුවෙකු අත්අඩංගුවට

    වැල්ලවාය ප්‍රදේශයට හොරොයින් මත්ද්‍රව්‍ය බෙදූ ප්‍රධාන සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.ඒ, පොලීසිය විසින් වැල්ලවාය නගරයේ සිදුකළ වැටලීමකදීයි. සැකකරු සන්තකයේ තිබී අළෙවි...

    ජනපති අනුර රටවල් කිහිපයක නායකයින් නවදිල්ලියේදී හමුවෙයි

    නවදිල්ලි නුවර පැවැත්වෙන ්ෂ ඉම්පැක්ට් 2026 සමුළුවට සහභාගිවී සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා රටවල් කිහිපයක නායකයින් සමග ද්විපාර්ශ්වික...
    - Advertisement -spot_img

    රත් දෝතළු – 38

    රත් දෝතළු - 38 අහස් යනු අමුතුම අයෙකු යැයි කියා මට සිතිණි. වරෙක රළු ලෙසින් කතාබහ කළද සැනෙකින් මෘදු වන්නේ...

    Covid වසංගත සමයේ අපුරු මිතුදමක කතාවක්

    Covid වසංගත සමයේ අපුරු මිතුදමක කතාවක් - Homebound සමහර මිතුරුකම් ලේ නෑකම්වලට වඩා ප්‍රභලයි. අම්මා තාත්තටත් වඩා හදවතට සමීපයි. යහළුවෙක්ට...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page