NovelsTharu Mal ViyanTharu Mal Viyan තරු මල් වියන් - 50

Tharu Mal Viyan තරු මල් වියන් – 50

-

spot_img

Tharu Mal Viyan තරු මල් වියන්

බොහෝ කළකින් පන්සලකට හෝ යෑමට අවස්ථාවක් උදා නොවූ බැවින් අංජලී මේ පොහොය දිනට පන්සල් යෑමට සිතා සිටියේ දින කීපයක පටන්මය. නමුත් ළඟපාතක පන්සලක් නොවූ අතර ඈ මෙරිටා ගෙන් ඒ ගැන විමසන විට ඈ කීවේ දළඳා මාළිඟාවට යමු කියාය.

“ආන්ටිත් එනවද…?”

ඈ මවිතයෙන් ඇසුවේ ඈ කතෝලික අයෙකු නිසා එසේ පැමිණේවිදැයි සැකයෙනි.

“ඔව්…ඔයා තනියම යන්නයැ…අපි තුන්දෙනාම යමු…විකී එදාට වැඩ නැතුව ඇති…”

ඈ යෝජනා කළෙන් අංජලී සතුටු වූවාය. එදින පොහොය දිනයක් වූ බැවින් බැතිමතුන්ගෙන් මාළිඟාව පිරී තිබිණි. වැඩි වේලාවක් ඇතුළත රැඳී සිටින්නට කාලයක් නොවූ බැවින් අංජලී මෙරිටාද සමඟ ඉක්මනින්ම පිටතට පැමිණියාය. හඳුන් කූරු දල්වා පහන්ද පත්තුකර මඳ වේලාවක් එහි ගත කරමින් සිටි දෙදෙනාම සෙමෙන් පිටතට පැමිණියේ ඇගේ නම කියා කිසිවෙකු අමතන බව නොදැනම නොඇසීමය. බුදුන් වැඳ අවසන්ව ගිම්හානි මේනකද සමඟ පිටතට පැමිණියේ තමා අංජලී දුටු බව ඔහු හා පවසමිනි. ඒ ඇසූ මේනක කළබලයෙන් වටපිට බලන්නට විය. සෙනඟ අතරේ ඇයව කොහේ කියා සොයන්නද…?දැනටමත් ඈ පිටව ගොස් විය හැකිය.

“මං මාළිඟාව ඇතුළෙදි දැක්කේ නංගිව…ඒ වෙලේ ඔයාට කියන්න හම්බුණේ නැහැනේ…ඔයා ටිකක් එහාට වෙන්නනේ හිටියේ…”

“මං ටිකක් බලන්නද මේ හරියේ ඉන්නවද කියලා…සමහරවිට ඇතුළේ ඉන්නවා වෙන්නත් පුළුවන්…”

මේනක එසේ කියා පුතුව ගිම්හානි අතට දෙමින් ඉවතට යන විට සිරිවර්ධන යුවළ ගිමිහානි දෙසට පැමිණියෝය.

“කොහෙද පුතා යන්නේ…?”

සිරිවර්ධන ඇසුවේය. ගිම්හානි ඔවුන් හා අංජලී දුටු බව පවසන විට ඔවුන්ද පුදුමයට පත්ව මෙන් වට පිට බලන්නට විය. සිරිවර්ධනද බිරිඳත් දියණියත් එහි රැඳී සිටින ලෙස පවසා අංජලී සිටිනවාදැයි සෙවීමට ගියේය. මේ අතර අංජලී තවත් කිසිවෙකු සමඟ පිටතට ඇවිද යනු දුටු ගිම්හානි දරුවා මවට දී වැට අයිනට දිව ගොස් ඈ අමතා කැගැසුවද ඔවුනට එය නෑසිණි. ඇයට දිව යා නොහැකිය. මේ වතාවේදීත් ඔවුනට ඇයව මඟහැරී ගොස් තිබිණි. ගිම්හානි යකඩ වැට අල්ලාගෙන හඬන්නට වූයේ සිතේ උපන් වේදනාවෙනි. දිපිකා ඈ වෙතට පැමිණියේ ඈ හඬනු දැකය.

“එයාට ඇහුණේ නැහැ…මේනකවත් ළඟ පාත නැහැනේ…”

පසුතැවිළි හඬකින් ගිම්හානි කීවාය.

“අඬන්න එපා ළමයෝ…අපි යමු…මොනවා කරන්නද…?”

මේනක පැමිණියේ ඊටත් මොහොතකට පසුවය. තමාට යළිත් වතාවක් ඇයව මඟහැරුණ බව ගිම්හානි කීවේ තවමත් නොවියළුණු කඳුළක් දෑසේ කෙවෙන විටය.

“කරන්න දෙයක් නැහැ…ඔයා අඬන්නැතුව ඉන්නකෝ…”

මේනක ඇගේ කඳුළු පිසිමින් කීවේ ශෝකී හඬකිනි.

“එයා කොහේ ඉන්නවා ඇත්ද මේනක…?”

ඔවුන් යළි එන අතරේ ගිම්හානි ඇසුවාය.

“අනේ මන්දා…නංගී හිටියේ තනියමද…?”

“යනකොට නම් තව කා එක්ක හරි තමා ගියේ…ඒත් මට එයාව එච්චර නෝට් නැහැ මේනක…”

“අපිට එයාව මිස් වුණා..කරන්න දෙයක් නැහැ…”

සිරිවර්ධනද කීවේ පසුතැවිළි ලෙසය.
——————————————————————————————————
ගීසර සිතා මතාම තමා පසුපස ලුහුබඳිනවාද නැත්නම් තමාට ඔහුව මුණ ගැසුණේ අහඹු ලෙසද කියා සැකයක් අංජලී සිතේ ඇති විය. සේවය නිම වී අංජලී බොහෝ විට පැමිණියේ බසයෙනි. වැස්ස දවසක හෝ අඳුරු වැටී ඇති මොහොතක නම් ඈ ත්‍රීරෝද රියක නැඟී ඒමට පුරුදු වූවාය. දින දෙකක්ම එකම වේලාවට ඇයට කාර්යාලයෙන් පිටතට පැමිණෙන විටම ගීසර මුණ ගැසුණු අතර ඔහු ඇයව නවාතැනට ගෙනවිත් හැරළන්නට උනන්දු විය. පළමු දින නම් ඈ කිසිත් නොසිතා ඔහු සමඟ පැමිණියේ ඔහු පිළිබඳව අහිතක් නොසිතාය. නමුත් දෙවන දිනත් ඔහු නැවතුම අසල රථය නවතන විට ඈ සිතේ ඇති වූයේ නොපහන් හැඟීමකි. ඇගේ නම අමතමින් ඔහු කතා කරන විට නොදුටුවා සේ සිටින්නට අවස්ථාවක් ඇයට නොවීය. ඈ රථය අසලට ගියේ සිතින් ඔහුට බැන වදිමිනි.

“අංජලී…එන්න යමු…මං ඔයාව ඩ්‍රොප් කරන්නම්…”

ඈ නොකැමැත්තෙන් වුවද රථයට නැඟුණාය. නියපොත්තෙන් කැපීමට ඇති දෙය පොරවෙන් කැපීමට සිදු වනතෙක් පමා නොකළ යුතුය.

“දොස්තර මහත්තයාට ඉස්පිරුතාලේ වැඩ නැහැ වගේ මේ වෙලේ…”

ඈ උපහාසයෙන් යුතුව විමසුවාය. ඒ බවක් ඔහුට නොවැටහුණා මෙන් ගීසර පිළිතුරු දුන්නේ සැහැල්ලුවෙනි.

“එක්සෑම් එකක් තියන නිසා මං මේ ටිකේ නිවාඩු…”

“ඉතින් පාඩම් නොකර රවුම් ගහ ගහ ඉඳලා හරියන්නේ නැහැනේ…”

“එක දිගටම පාඩම් කරන්නත් අමාරුයි…”

“එක්සෑම් එකට ලියන්න වෙන්නේ එහෙනම් ගැණු ලමයින්ට ට්‍රාන්ස්පෝර්ට් දුන්න නිසා පාඩම් කළේ නැහැ කියලා තමා…”

ඈ ඇනුම්පදයක් එල්ල කළාය.

“ඒකේ වරදක් නැහැනේ…”

“ඔයාට වරදක් නොවුණාට මට නම් වරදක් වෙයි කියලා මට හිතෙන්නේ…”

එවර ඔහු ඉක්මන් බැල්මක් ඈ වෙත හෙළා යළි ඉදිරිය බලා ගෙන රිය පදවන්නට විය.

“ඒ කිව්වේ අංජලී…?”

“ඒ කිව්වේ ඉතින් ඔයා මේ මාව ඩ්‍රොප් කරන්න යන දෙවෙනි දවස…මං ඔයාගේ වාහනේට නඟිනවා අපේ අය දකින්න ඇතිනේ…එයාලා හිතන්න පුළුවන් ඔයා මගේ බෝයි ෆ්‍රෙන්ඩ් කියලා…ඉතින් ඒක ප්‍රශ්නයක් නෙවේද…?”

ඔහු එයට සිනහවක් පෑවේය.

“ඉතින් එහෙම හිතුවා කියලා ප්‍රශ්නයක් නැහැනේ…”

ඈ නොමනාපයෙන් ඔහු දෙස බැලුවාය.

“ඔයාට ප්‍රශ්නයක් නැති වුණාට ගැණු ළමයෙක් විදියට ඒක මට ප්‍රශ්නයක් වෙනවානේ…මගේ බෝයි ෆ්‍රෙන්ඩ් වුණත් ඒකට කැමති වෙන්නේ නැහැ…”

ඔහු තිගැස්සුණේය. ඇයට පෙම්වතෙක් සිටින බව ඔහු දැන නොසිටියේය.

“ඔයාගේ බෝයි ෆ්‍රෙන්ඩ්…?”

මවිතයට පත් හඬකින් ඔහු ඇසීය.

“ඔව්…ඇයි…?”

“න්…නැහැ…මං දැනන් හිටියේ නැහැනේ ඔයාට බෝයි කෙනෙක් ඉන්නවා කියලා…”

“ඒක ඉතින් ඔයා දැන ගන්න ඕන කියලා මං හිතුවේත් නැහැ දොස්තර මහත්තයා…”

ඇයද විහිළුවෙන්ම කියා දැමුවේ සිනහවක් පාමිනි.

“එහෙම නෙවේ…මං හිතුවේ ඔයාට කවුරුවත් නැහැ කියලා…”

ඔහු එයින් අදහස් කළේ පෙම්වතෙක් නැති බව කියා වුවද කවුරුවත් යන්නෙන් කියවෙන අරුත සිහි වී ඈ සිතේ ඇති වූයේ සියුම් වේදනාවකි. සැබෑවටම දැන් නම් තමාට කියා කිසිවෙකු නැහැ නොවේද කියා ඇයටද සිතිණි. පෙම්වතෙක් සිටින බව වුවද මේ මොහොතේ ඈ පැවසුවේ ගීසර මෙසේ තමා හමු වූයේ අහඹුව නොවන බව දැනය. යළිත් වතාවක් ඔහු සමඟ නොයන්නට ප්‍රවේශම් විය යුතුය. එය යම් කලෙක සිත් නොමනාපයක් හෝ අවහිරයක් කරදරයක් වීමට පුළුවන.

“බෝයි කෙනෙක් ඉන්නවා කියලා මට බෝර්ඩ් එකක් එල්ලන් ඉන්න බැහැනේ ඉතින්…”

සිතේ උපන් ශෝකය සඟවාගෙන ඈ කීවාය. ඔහු ඇයව නිවස අසලට ගෙනවිත් හැරදමා යන්නට ගියේ නිවසටවත් ගොඩ නොවීමය. පාඩම් කළ යුතු බවට ඔහු නිදහසට කරුණු කීය. ඈ බල කරන්නට නොගියද නිවසට ගොඩ වු සැනින් ඈ මෙරිටා සමඟ මේ බව පැවසුවාය.

“ඔයා එහෙම කියපු එක හොඳයි…අපි බලමුකෝ මීට පස්සෙත් එයා එයිද කියලා…”

මෙරිටා කීවාය.

“ඊයේත් එයා මාව හදිසියේ දැකලා ගෙනල්ලා ඇරළෙව්වා නෙවේ…හිතාමතාම මාව මුණ ගැහෙන්න ආවා කියලා මට නම් ෂුවර්…”

“හ්ම්ම්…මටත් හිතෙනවා…”

“මට කාවවත් ළං කරගන්න ඕන නැහැ…”

අංජලි කීවේ ශෝකයෙනි.

“ඔයා මොනවාහරි ප්‍රශ්නෙකින් ඉන්නෙ කියලා මට තේරෙනවා…ඒත් මං ඒ ගැන අහන්නේ නැහැ….ඒත් ඔයාට කතා කරන්න ඕන වුණොත් දරුවෝ…මායි විකීයි දෙන්නම ඔයා එක්ක ඉන්නවා…”

අංජලී ඇගේ අතක් අල්ලාගෙන ඇයට ස්තූති කළාය.

“කෙනෙක්ගේ හොඳ නරක අපිට කියන්න බැහැ…පිටින් පේන මනුස්සයා නෙවේ ඇතුළේ ඉන්නේ…ඔයා මෙහෙම ප්‍රවේශමෙන් කටයුතු කරන එක හරිම හොඳයි…වෙන කෙනෙක් වුණා නම් මේ වෙනකොටම ගීසර එක්ක යාළුවෙලා…ඇයි ඉතින් එයා ඩොක්ටර් කෙනෙක්නේ…”

“පිහිය රත්තරන් වුණත් ඇනගන්න බැහැනේ…”

අංජලී කියන විට මෙරිටා උස් හඬින් සිනහසුණාය.

-සැප්තැම්බර් 1 වෙනි සඳුදා නැවත හමුවෙමු-

Latest news

සිල්වර් ඩෝන් සුඛෝපභෝගී නෞකාවේ ශ්‍රී ලංකා සංචාරය

සිල්වර් ඩෝන් නැමැති අතිසුඛෝපභෝගී මගී නෞකාව  ඊයේ ( 09) ගාල්ල වරායට පැමිණ තිබේ.සංචාරකයන් 596 දෙනෙකු රැගත් මෙම නෞකාව දින 141ක ලෝක සංචාරයක...

ගාල්ල බන්ධනාගාරයේ කාන්තා වාට්ටුවෙන් සොයාගත් ජීව උණ්ඩ

ගාල්ල බන්ධනාගාරයේ තිබී ජීව උණ්ඩ කිහිපයක් සොයාගෙන තිබෙනවා.ඒ බන්ධනාගාර නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමකදීයි. බන්ධනාගාරයේ කාන්තා රැඳවූවන් රඳවා...

අද දවසේ වැසි ඇතිවන ප්‍රදේශ සහ ඉර මුදුන් වන ප්‍රදේශ

අද (අප්‍රේල් 07) දිනයේදී උතුරු, උතුරු-මැද, මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණු පළාත්වල ප.ව 1.00 න් පසුව තැනින් තැන වැසි...

ජනපති අනුරගේ පාස්කු ඉරුදින පණිවිඩය

දුකට පත් ජනතාවගේ ගැලවීම වෙනුවෙන් සිය ජීවිතය කැප කළ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසප්‍රාප්තියෙන් පසු මරණයේ අඳුර පරාජය කරමින් උත්ථානය...
- Advertisement -spot_img

රත් දෝතළු – 65

රත් දෝතළු - 65 මා නිසා අහස්ගේ කාර්යයන් පහසුව ඇති බව විනිෆ්‍රීඩා මහත්මිය මා සමඟ කීවාය. බොහෝ විට මම ඔහුගේ...

අහඹු සිදුවීම් ජිවිතේ වෙනස් කරනව

අහඹු සිදුවීම් ජිවිතේ වෙනස් කරනව - It Was Just an Accident හැමදේකටම හේතුවක් තියෙනව. අපි අහම්බයක් කියලා හිතන දෙයක් වුණත්...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you