More
    NovelsTharu Mal ViyanTharu Mal Viyan තරු මල් වියන් - 47

    Tharu Mal Viyan තරු මල් වියන් – 47

    -

    spot_img

    Tharu Mal Viyan තරු මල් වියන්

    ආදරණීය ගයා…

    ඈ එසේ ආමන්ත්‍රණය තබා මොහොතක් කල්පනා කළාය. කළකින් ලිපියක් ලියා නැත. ලිපියක් ලිවිය යුතු වූයේ මින්පසු ඈ ඔවුන් සමඟ දුරකථන ඇමතුමකින් හෝ සම්බන්ධ නොවන නිසාය.

    “මට සමාවෙන්න ගයා…මං ඔයාට වෙනස් කම් කළා…නපුරු වුණා…ඔයා මොන තරම් හිත් වේදනාවකින් ඉන්න ඇතිද කියලා මං දන්නවා…මට නින්දක් නැහැ…මහ රෑටත් මං ඇහැරන් අඬනවා ගයා…ඔයාගේ හිතට දුකක් දෙන්න වුණාට…මං එහෙම කරලත් ඔයා මගේ හිත රිදෙන මොකුත්ම නොකියා ඉන්නකොට මට ඔයාව බදාගෙන කෑ ගහලා අඬන්න ඕන වුණා ගයා…ඔය දෙන්නා මට කොච්වර හොඳ යාළුවෝද…මං ඒක කවදාවත් අමතක කරන්නේ නැහැ ගයා…මං අවාසනාව තුරුළු කරන් ඉපදුණ කෙල්ලෙක්…මගේ ඇත්තම අම්මට මාව එපා වුණ නිසා මාව අතෑරලා දැම්මා…මාව හදාගත්ත අම්ම මට වෙනසක් නොකර මාව බලා ගත්තා…ඒත් එයාත් නැති වුණේ මගේම අවාසනාව නිසා නෙවේද…? ඉපදුණු හැටියෙම මම මැරුණා නම් කියලා මට හිතෙනවා…එහෙනම් මෙහෙම දුකක් අද විඳින්න වෙන්නේ නැහැනේ…මට මේ දුක නැති කරගන්නේ කොහොමද කියලා හිතා ගන්න බැහැ ගයා…හැමෝගෙන්ම ඈත් වෙලා මම යන්නම යන්න තීරණය කළේ ඒ නිසා…නැන්දටයි මාමටයි ගිම්හානි අක්කටයි සුදු අයියටයි කියන්න මං එයාලට හුඟාක් ආදරෙයි කියලා…මං එයාලට නපුරු වුණා…රංගි, ගයා…මට ඔයාලා නැති අඩුව හොඳටම දැනෙයි…මියුර ඔයාව හොඳින් බලා ගනියි…එයා හොඳ කොල්ලෙක්…”

    ඈ මොහොතක් සිතන්නට වූයේ ශාමින්ද ගැනය.

    “අයියාව මං ආදරෙන් මතක් කළා කියන්න…මං ගැන හොයන්න එපා…මං හොඳින් පරෙස්සමින් ඉන්නවා…”

    මීට ඔයාගේ මිතුරිය, අංජලී.

    ඈ කෙටියෙන් එසේ ලීවාය. වෙන ලිවිය යුතු යමක් නැත. දිගු ලියුම් කවරයක ලියුම බහා ගයානිගේ නම එහි ලියා එය පෙනෙන්නට මේසය මත තැබුවාය.
    ඉරු දින රේණුකාත් සුරම්‍යාත් පොළට ගිය පසුව නිවසින් පිටව යෑම ඇගේ අරමුණ විය. නොඑසේ නම් ඔවුන්ගේ දහසකුත් ප්‍රශ්න වලට පිළිතුරු දිය යුතු වන්නේය. ඉරු දින රේණුකා පොළට යෑමට සූදානම් වන මොහොතේ අංජලී ඈ හා අවසන් වරට කතා බහ කළේ තමා දින කීපයකට පිටතට යන බව ඇයට පැවසීමටය. ඇයට නොදන්වා යෑම සුදුසු නොවේ කියා ඈ සිතුවාය. එය තම යුතුකමකි.

    “ඔයා මේ ටිකේ නිවාඩුද එතකොට…?”

    රේණුකා ඇසුවේ කිසිදු සැක මුසු බවක් නොමැතිවය. අංජලී හිස සැළුවේ එසේ බව කීමටය. ඈ කිසිත් නොකියා පිටව යන විට අංජලීගේ සිතට දැනුණේ සහනයකි.
    ——————————————————————————————————
    ගයානි ඇමතුමක් දී ගිම්හානි සමඟද සතුටින් පැවසුවේ අංජලී යළිත් පෙර කෙනා බවටම පත්ව සිටින බවය.

    “මට හරි සතුටුයි අක්කේ…මෙච්චර දවසක් මං හිටියේ හරි අවුළෙන්…”

    ගයානිගේ හඬේ පවා වූයේ ප්‍රීතිමත් බවකි.

    “අනේ…කොයි තරම් දෙයක්ද නංගී…මං කෝල් එකක් දෙන්නම් නංගිට…ෆෝන් එක වැඩද…?”

    “අරන් බලන්නකෝ…”

    ගිමහානි අංජලීට ඇමතුම් ගත්තද එය තවමත් ක්‍රියා විරහිත කළ ගමන්මය. ඇය ගයානි පැවසූ තොරතුර ඉන්ද්‍රාණි හා දීපිකා සමඟද පැවසුවාය.

    “පව් කෙල්ල…මොන තරම් හිතේ දුකක් ඇතිද…?”

    දීපිකා කතා කළේ අනුකම්පා මුසුවය.

    “මගේ හිත මට වද දෙනවා…මේවාට අපිත් වගකියන්න ඕන…”

    ඉන්ද්‍රාණි කීවේ පසුතැවිළි ස්වරයකිනි.

    “දැන් ඕවා ගැන හිතලා වැඩක් නැහැ…”

    සිරිවර්ධන කීවේ කල්පනාබර විලසිනි. මේ අතර මාලක විදෙස්ගත වූ බව අසා සංචලා හඬන්නට වූවාය.

    “දැන් ඉතින් අඬපන්…කාලකණ්නි කෙල්ල…උඹ නිසා තමා මෙච්චර ප්‍රශ්න ඇති වුණේ…අන්තිමේදි අපිට ඒ මිනිස්සුන්ට මූණ දෙන්නත් බැරි වුණා…”

    බුද්ධිමා දියණියට දොස් පවරන්නට වූවාය.

    “දැන් ඉතින් ජොබ් එකක් හරි හොයාගන්න එකයි…නැත්නම් මාලක වගේ රටකට හරි යනවා…තාත්තා මෙයාව දකින දකින සැරේට කෑ ගහන්නේ මට…”

    බුද්ධිමා කීවේ බොරුවක් නොවේ. රංගන සිටියේම සංචලා කෙරෙහි කෝපයෙනි. ඔහු නිවසේ සිටින විට සංචලා කාමරයෙන් පිටතටවත් නොආවාය.

    “මේකිව දකිනකොටත් මට තරහයි…”

    එවන් විටක රංගන කෑ ගැසුවේ කෝපයෙනි.
    ——————————————————————————————————
    කුලී රියකින් කොටුව බස් නැවතුමට පැමිණි අංජලී සුඛෝපභෝගී බස් රථයකට නැඟී අවසන් වරට තුෂරට කෙටි පණිවිඩයක් තැබුවේ ඈ යන බව පවසාය. ඔහුගෙන් පිළිතුරක් ලැබෙන තුරු හෝ නොසිටි ඈ පරණ සිම්පත ගලවා දමා අලුතින් ගෙන තිබූ සිම්පත දුරකථනයට මාරු කර ගත්තාය. ඇගේ සිතේ දුකක් නොවූවා නොවේ. නමුත් මේ මොහොතේ සංවේදි නොවිය යුතුය. අසුන් ඇන්දට හිස බර කරගත් අංජලී දෑස් පියා ගත්තාය. ඈ වික්‍රමාරච්චි මහතා අමතා තමා මෙදින පැමිණෙන බව දන්වා තිබුණාය. සිතට හුදකලා බවක් දැනුණ්ද ඈ එම හැඟීමට වැඩෙන්නට ඉඩ නොදුන්නාය. මෙතැන් පටන් ජිවිතය ගෙවන්නට වන්නේ තනිවමය. එයට හුරු විය යුතුය. නවතින්නට තැනක් සූදානම් කර දුන්නේද වික්‍රම මහතාය.

    “අපේ පොඩි ඇනෙක්ස් එකකුත් තියනවා… ඒකේ දුවට ඉන්නත් පුළුවන්…එහෙම නැත්නම් අපේ ගෙදර කාමරත් තියෙන්නේ වහලා දාලා…ඔයා එන්නකෝ…අපි ඒවා බලාගමුකෝ…”

    ඔහු එසේ පැවසුවේ රැකියාව ලැබුණහොත් නවතින්නට තැනක් සොයා ගන්නට හැකිවේදැයි ඔහුගෙන් විමසූ මොහොතේය. ඇගේ සිතට දැනුණේ සහනයකි.
    නුවරින් බසින විට මඳ අඳුරක් හාත්පස වෙලාගෙන තිබුණේ වැස්සක පෙරනිමිති කියා පාමිනි. දොස්තර වික්‍රම ඈ කැඳවාගෙන යෑමට පැමිණ සිටියේ සිය රථයෙනි.

    “ගොඩාක් ස්තූතියි සර් මේ කරන උපකාර වලට…”

    ඔහු සමඟ පැමිණෙන මොහොතේ ඈ කීවාය.

    “මේ මොන උපකාරද ළමයෝ…ඒ ගැන හිතන්න එපා…”

    ඔහු කාරුණික හඬකින් කීය. ඔවුන්ගේ නිවස පිහිටා තිබුණේ කඳු මුදුනක වාගේය. නිවසේ මිදුලේ සිට බලන විට පහළින් මහ වැලි නදිය ගලා යන හැටි හොඳින් දිස්වේ. දොස්තර මහතාගේ බිරිඳ රියේ හඬ ඇසී පිටතට දිව ආවාය. ඈ එතරම් වියපත් බවක් නොපෙනන අයෙකුය. දුටු මොහොතේදීම අංජලීගේ සිතේ ඇති වූයේ පැහැදීමකි. කොණ්ඩය උරහිස තෙක් කපන ලද සිහින් සිරුරකින් යුත් ඈ කෙරේ වූයේ ඉතා හුරු බුහුටි බවකි. රියේ දොරහැරගෙන අංජලී බසින විටම ඈ අංජලී වෙත දිව ආවේ සිනහපිරි වතිනි.

    “එහෙනම් මේ ඔයයි…මං හිතුවා වගේම පෙනුමක් ඔයාට තියෙන්නේ ළමයො…යමු යමු ගෙට යමු…මහන්සිත් ඇතිනේ…”

    ඈ අංජලීගේ අතින් අල්ලාගනිමින් කීවාය.

    “අංජලී ආවා විතරයි මෙයාට මාවත් මතක නැහැ…පේනවද අංජලී…?”

    වික්‍රම කෑ ගැසුවේ මවාගත් නොමනාපයකිනි.

    “ඕවා ගණන් ගන්න එපා…ඔය ඉරිසියාව…”

    ඈ පහත් හඬකින් කීවාය. එය තරමක විශාල වූ තනිමහලේ නිවසකි. නිවසට යාබදව තැනූ තවත් කුඩා නිවසකි. වික්‍රම මහතා කියන්නට ඇත්තේ එම නිවස ගැනය. විවිධ මල් වර්ග බොහෝමයක් මිදුල අලංකාර කරමින් හැසී ගැවසී ඇත. උස්ව නැඟුණ තුරු හිස් නිසා මඳ අඳුරු බවක් පැවතියද වටපිටාව නම් ඉතා නිස්කලංකය.

    “නිදහසේ වටපිටාව බලන්න බැරියැ…අපි යමු ගෙට…මොනවා හරි බීලා ඉමු නේද…තව ටිකකින් කෑම කන්න පුලුවන්…බඩගිනිද…?”

    “නැහැ මැඩම්…”

    “ඔන්න ඔන්න…මං හැමදාම කියනවා…මැඩම් නෙවේ මම මෙරිටා…ආන්ටි මෙරිටා කියන්න…ඒක ලේසියිනේ නේද…?”

    ඈ එසේ කියා මඳහසක් පෑවාය.
    මෙරිටා ඇයට සුවපහසු අසුනක හිඳ ගැනීමට සළසවා ගෙතුළට ගියේ සේවිකාව අමතමිනි.

    “සුමනා…ඔය බීම එක අරන් එන්න…”

    එසේ කී ඈ යළිත් ආපසු පැමිණියේ තවත් කුමක් හෝ සේවිකාවට පවසාය. වික්‍රමද ඒ මොහොතේ නිවසට ඇතුළු විය.

    “මෙන්න මේක තමා අපේ ගෙදර…ඔයාට මෙහේ නිදහසේ ඉන්න පුළුවන්…කිසි කරදරයක් නැහැ…නේද මෙරිටා…?”

    අංජලී ඉදිරියේ අසුන් ගනිමින් වික්‍රම ඇසුවේ බිරිඳද ඔවුන් වෙත පමිණෙනු දැකය.

    “ඔව්…මාත් ඉතින් වැඩි හරියක් තනියමනේ…දැන් ඉතින් ඔයා ආව නිසා හවසට ඔයා හරි ඉඳියි…මෙයා ඉතින් සමහරදාට ගෙදර එන්නේ දහයත් පහු වෙලා…”

    ඈ එසේ කීවේ යම් තරමක ශෝකයකින් මෙනැයි කියා අංජලීට සිතිණි. ඒ මොහොතේ ඇගේ මුහුණට වැටුණේ දුක්මුසු පෙනුමකි. ඇයට සිය මිය ගිය පුතු සිහිවූවා වන්නට ඇතැයි කියා අනුමානයක් ඈ සිතේ ඇති විය. අනුකම්පාවක් ඈ සිතේ ඉපදුණේ නිතැනිනි. සේවිකාව රැගෙන ආ ශීතල දොඩම් යුෂ වීදුරුව පානය කරමින් ඔවුන් ආගිය තොරතුරු කතා බස් කළහ. මෙරිටාගේ අදහස වූයේ නම් ඇයට නිවස තුළම කාමරයක් සූදානම් කර දීමට මුත් අංජලී කීවේ පිටත තිබෙන නිවස ඇත්තේ වසා දමා නම් ඈ එයට වඩා කැමති බවය. මෙරිටා කිසිත් නොකීවේ ඇගේ කැමත්තට ඉඩ හරිමිනි. එහි තමාගේ නිදහසේ සිටින්නට හැකිය. මේ නිවැසියට වුවද වුමනාවට වඩා ළෙන්ගතු විය යුතු නොවේ. සුසුමක් හෙළමින් ඈ සිතුවාය. මෙදින එහි කාමරයක නවතින්නට කළ ඉල්ලීම ඈ පිළිගත්තේ පසුදින කුඩා නිවස අස්පස් කර දමා එහි යා හැකි බව මෙරිටා කියූ විටය.

    -හෙටත් හමුවෙමු-

    Latest news

    නුවරඑළියේ සිදු කළ පරීක්ෂාවකදී ධාවනයට නුසුදුසු වාහන 73 ක් ධාවනයෙන් ඉවත් කරේ

    නුවරඑළියේ සිදු කළ හදිසි වායු විමෝචන පරීක්ෂාවකදී, වාහන 73 ක් දින 14 ක කාලයක් සඳහා තාවකාලිකව ධාවනයෙන් ඉවත් කිරීමට...

    අලුතින් පත්ව පැමිණි තානාපතිවරු තිදෙනෙක් ජනපති වෙත සිය අක්තපත්‍ර භාර දෙයි

    මෙරටට අලුතින් පත්ව පැමිණි තානාපතිවරු තිදෙනෙක් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත සිය අක්තපත්‍ර භාරදී තිබෙනවා. 01 - කොළඹ...

    වැල්ලවායේ කුඩු බෙදූ ප්‍රධාන සැකකරුවෙකු අත්අඩංගුවට

    වැල්ලවාය ප්‍රදේශයට හොරොයින් මත්ද්‍රව්‍ය බෙදූ ප්‍රධාන සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.ඒ, පොලීසිය විසින් වැල්ලවාය නගරයේ සිදුකළ වැටලීමකදීයි. සැකකරු සන්තකයේ තිබී අළෙවි...

    ජනපති අනුර රටවල් කිහිපයක නායකයින් නවදිල්ලියේදී හමුවෙයි

    නවදිල්ලි නුවර පැවැත්වෙන ්ෂ ඉම්පැක්ට් 2026 සමුළුවට සහභාගිවී සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා රටවල් කිහිපයක නායකයින් සමග ද්විපාර්ශ්වික...
    - Advertisement -spot_img

    රත් දෝතළු – 38

    රත් දෝතළු - 38 අහස් යනු අමුතුම අයෙකු යැයි කියා මට සිතිණි. වරෙක රළු ලෙසින් කතාබහ කළද සැනෙකින් මෘදු වන්නේ...

    Covid වසංගත සමයේ අපුරු මිතුදමක කතාවක්

    Covid වසංගත සමයේ අපුරු මිතුදමක කතාවක් - Homebound සමහර මිතුරුකම් ලේ නෑකම්වලට වඩා ප්‍රභලයි. අම්මා තාත්තටත් වඩා හදවතට සමීපයි. යහළුවෙක්ට...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page