NovelsTharu Mal ViyanTharu Mal Viyan තරු මල් වියන් - 01

Tharu Mal Viyan තරු මල් වියන් – 01

-

spot_img

Tharu Mal Viyan තරු මල් වියන්

නිලට නිලේ දිලෙන නිල්වන් කුඹුරු යාය දෙස අංජලී බොහෝ වේලා බලා හුන්නාය. කාලය ගත වන බවක් ඇයට නොදැනිණි. සිහින් සුසුමක් ඈ මුවින් ගිලිහුණේ මවගේ මතකය සිතට රිංගූ නිසාය. ඈ මියගොස් දැනට තෙවසරකි. එය අද ඊයේ සිදු වූවාක් මෙනි. කිසිදු අසනීපයක් නොතිබූ මව හදිසියේම මිය ගියේ සිත් වේදනාවෙන්ම වන්නට ඇතැයි කියා ඇයට දැන් දැන් සිතෙන්නට පටන් ගෙන තිබේ. පියාගේ අනියම් සබඳතාවය දැන දැනම ඈ ඒ කිසිත් නොවිමසා සියල්ල සිතේ සිරකරගෙන වේදනා විඳින්නට ඇත. මවගේ මරණයේ උණුසුම යාමටත් පෙර පියා නැවත විවාහ වූයේන් මාමා අංජලීව සිය භාරයට ගත්තේ පියා කෙරෙහි කෝපයෙන් යුතුවය. ඇගේ මාමා හේෂාන් සිය සොයුරියට දැක්වූයේ අසීමිත සෙනෙහසකි. ඇගේ මරණය ඔහුටද බලවත් කම්පනයක් විය. කුරුණෑගල නිවස කුලියට දී අංජලීව සිය නිවසට කැඳවා ගත්තේ මාමා පියා කෙරෙහි එතරම් විශ්වාසයක් නොමැති බව පවසමිනි.

“අක්කා මැරෙනකල් බලන් හිටියේ ඕක කරගන්නනේ…මේ කෙල්ලව මෙයා ගාව තියන්න බැහැ…අන්තිමට මේකිටත් වෙනස් කම් කරයි…”

මාමා එසේ පැවසුවේ මවගේ අවසන් කටයුතු සිදු වී තෙමසක් ගත වන්නටත් පෙර පියා සිදු කරගත් විවාහය නිසාය. මාමා නොසිටියා නම් තමාට සිදුවන්නේ පියාත් පුංචි අම්මාත් සමඟ පීඩාකාරී දිවියක් ගෙවන්නටය. මාමාත් නැන්දාත් ඇයට දැක්වූයේ අසීමිත සෙනෙහසකි. දියණියක නොසිටි ඔවුනට සිටියේ පිරිමි දරුවන්ම දෙදෙනෙක් වූ නිසාදෝ දෙදෙනාම අංජලී රැක බලා ගත්තේ තමාගේම දියණියක මෙනි. මේනක ඔවුන්ගේ වැඩිමහල් දරුවා වූ අතර මාලක දෙවැන්නාය. දෙදෙනාගේ ගතිගුණ අහසට පෙළොව මෙනි. මේනක අංජලීට දැක්වූයේ සිය සහෝදරියට දක්වන සෙනෙහස බඳු සෙනෙහසක් වුවද මාලක එසේ නොවීය. ඔහු ඇයට ආදරය කරන බවක් පෙනෙන්නට තිබිණි. අංජලීට වඩා වසරකින් වැඩි මහල් වූ ඔහු තුළ වූයේ සැර පරුෂ ගතිගුණය.

“අංජලී…”

අඹ ගස යට වූ බංකුව මත හිඳගෙන සිටි අංජලී තිගැස්සී ගියේ මාලක උස් හඬින් තමා අමතන හඬිනි.

“මොකෝ…බය වුණාද…?”

ඔහු ඈ අසලටම විත් සිටගනිමින් ඇසුවේ නොසතුටු බැල්මක් ඈ වෙත හෙළමිනි.

“නැතුව ඉතින්…ඔච්චර හයියෙන් බෙරිහන් දෙනකොට බය වෙනවා නේන්නම්…”

ඈ කීවේද නොසතුටු හඬකිනි. මාලක ඈ වෙත හෙළුවේ නුහුරු බැල්මකි. ටික දිනක පටන් ඔහු වෙනස් වී ඇති බව ඇයට දැනී තිබිණි. ඔහු කුමක් හෝ දෙයක් කීමට සැරසෙන බව ඇයට දැනී තිබුණේ වරක් දෙවරක් නොවේ. එය ඇගේ සිතට මහත් බරක් මෙන් දැනිණි. මාලක නිහඬවම බංකුවේ ඈ පසෙක හිඳ ගත්තේ කෙටි සුසුමක් මුදා හරිමිනි.

“මට ඔයා එක්ක ටිකක් කතා කරන්න ඕන අංජලී…”

ඔහු කියන විට ඈ සිතේ ඇතිවූයේ සියුම් බියමිසු චකිතයකි. වරින් වර සිහිළ් සුළඟක් හමා ඇදුණද අංජලීගේ මුවේ දහබිඳු නැඟී ආවේ සිතේ වූ තිගැස්ම නිසාය.

“මොකක්ද මාලක…?”

සිතේ වූ තිගැස්මත් බියත් සඟවාගෙන ඈ ඇසුවේ ගැහෙන සිතිනි.

“මම ඔයාට ආදරෙයි අංජලී…”

ඈ තැති ගත් බැල්මකින් ඔහු දෙස බැලුවාය. මාලක එය බොහෝ කාලයක් පටන් කියන්නට සිතා ගෙන සිටි දෙයක් වන්නට ඇතැයි කියා ඇයට සිතිණි. මුව ගොළුව ගිය ඈ කුමක් කියන්නටදැයි සිතා ගනු නොහැකිව බලා සිටියාය. ඇයට මාමාත් නැන්දාත් සිහි විය. ඔවුන් තමා විශ්වාස කරගෙන මෙහි කැඳවාගෙන පැමිණියේ හුදෙක් සිය සොයුරිය මිය ගිය නිසාම පමණක් නොවේ. ඇයද තම දියණියක සේ සිතාය. එසේ තිබියදී මාලක මේ කුමක් පවසනවාද කියා ඈ සිතුවේ නොපහන් සිතිනි. ඇරත් ඔහුගේ ආදරය දෝත පා පිළිගන්නට ඇයට නොහැකිය. පිළිසරණක් නොමැතිව සිටියදී තමාට පිහිට වූයේ මාමාත් නැන්දාත්ය. ඔවුනට ද්‍රෝහී වන්නට නොහැකිය. ඈ මාලක දෙස බැලුවේ මුල් වරට හමු වූ අයෙකු දෙස බලන ආගන්තුක බැල්මකිනි. ඒ දෑස් පවා ඇයට නුහුරුය. තම සිතේ ඇඳුණු රූපය ඔහුගේ නොවේ යැයි කියා ඇයට සිතිණි.

“ඔයා මොකද කියන්නේ අංජලී…? මම ඔයාට ඇත්තටම ආදරෙයි…”

ඈ වෙත නැඹුරු වූ මාලක ඇගේ අතින් අල්ලා ගනිමින් කියන විට සිරුර පුරා විදුලියක් දිව යන්නාක් මෙන් ඈ හිරි වැටී ගියාය.

“ම…ම…ම…ම…දන්නේ නැහැ… මා..ල…ක…”

තිගැස්මට පත් වූ අංජලී වහා ඔහුගේ දෝතට මැදිව තිබූ සිය දෑත මුදවාගෙන කීවේ ගොත ගසමිනි. නුහුරු බියක් ඈ සිතේ ඇති විය. නැන්දා හෝ මාමා මෙය දැන ගත හොත් කුමක් සිදුවේද කියා සිතන විටත් ඈ වෙව්ළා ගියාය. ඔහු තම සිතට අමතර බරක් පැටවූවාක් මෙන් කියා ඇයට දැනිණි. හෙට දින පරිඝණක පන්තියට ගිය පසුව පළමුව මේ ගැන සිය මිතුරියන් වන රංගිකාටත් ගයානිටත් පවසා ඔවුන්ගේ උපදෙසක් පැතිය යුතුයැයි කියා ඈ සිතා ගත්තාය. ඉන් තම සිතට සහනයක් දැනෙනු ඇත.

“කළබල නොවී ඔයා හිමින් හිතන්නකෝ…”

මාලක සන්සුන් හඬකින් පවසා නැඟිට ඉවත ගිය පසුව ඈ දිගු හුස්මක් ඇද ළය පුරවා ගත්තාය.

පරිගණකය වෙත නෙත් රැඳවී තිබුණද අංජලීගේ සිත නම් වූයේ ඊටත් බොහෝ දුර ඈතකය. නොදැනුවත්වම ඈ මුවින් සුසුමක් ගිලිහුණේ ඈ සිටින්නේ කොතනකද කියාවත් මතකයක් නොවූ ගානටය.

“මොකද අනේ හූල්ලන්නේ…?”

රංගිකා පහත් හඬින් ඈ විමසන විට අංජලී තිගැස්සුණු බැල්මෙන් මිතුරිය දෙස බැලුවාය.

“මොකුත් නැහැ…”

ඈ වහා කීවද එකත් එකටම ඈ තවමත් සිතන්නේ මාලක කළ යෝජනාව ගැන විය යුතු යැයි රංගිකාත් ගයානිත් අනුමාන කළහ.

“ඒ ගැන වැඩිය හිතන්න එපා අංජු…මම නම් කැමති නැහැ…ඒත්…ඒක ඔයාගේ කැමැත්ත නම්…ඔයා තව හිතන්න ඕන…”

ගයානි කීවාය.

“මටත් බයයි ගයා…මම කොහොමද එයාට ආදරේ කරන්නේ…නැන්දයි මාමායි මං ගැන මොන තරම් විශ්වාසෙකින්ද මාව මෙහෙ එක්ක ආවේ…කාත් කවුරුවත් නැති වුණ වෙලේ…මට පිහිට වුණේ ඒ දෙන්නා… මෙහෙම දෙයකට මං කොහොමද කැමති වෙන්නේ…? මං එයාලට ද්‍රෝහී වුණා වෙනවා…”

සිත සියුම් වේදනාවකින් පිරී යන විට ඇගේ දෑස් වලට කඳුළු පිරිණි.

“අඬන්න නම් එපා…අඬලා හරියන්නේ නැහැනේ…මාලකටත් පිස්සු…එයා දැන් චංචලාගේ අෆෙයාර් එක නවත්තලාද දන්නැහැ ඔයාගෙනුත් යාළුවෙන්න අහන්නේ…? ඉස්කෝලේ යන කාලේ ඉඳලාමනේ දෙන්නාගේ අෆෙයාර් එක තිබුණේ…”

රංගිකා නොසතුටු මුහුණක් මවා ගනිමින් කියන විට අංජලීගේ සිතේ ඇති වූයේ තිගැස්මකි.

“එහෙන් තුෂරත් ඔයා ගැන බලාපොරොත්තු තියාගෙන ඉන්නේ…”

ගයානි සිහිකරන විට ඈ ඊටත් වඩා තිගැස්මට පත්වූවාය. තුෂරත් හිමානිත් ඔවුන් හඳුනා ගත්තේ ගිණුම්කරණය පාඨමාලාව හැදෑරීමට පැමිණි මුල්දා සිටමය.
දුටු මුල්ම දින තුෂර කෙරෙහි මහා හුරුපුරුදු බවක් දැනුණ හැටි අංජලිට මතක් විය. ඒ ඇයිද කියා වැටහුමක් ඇයට නොවිණි. පන්තියට පැමිණි මුල් දින පටන්ම තුෂරගේ දෑස් අංජලී ලුහුබඳින බවක් මිතුරියන් දෙදෙනාම දැන සිටියහ.

“අරයා බලන්නේම අංජලී දිහා…දැන් බෙල්ලත් උළුක් වෙනවා…”

ඒ මොහොතේ ගයානි කීවේ තුෂර පෙන්වා සිනහසෙමිනි. ඔහුට එය වැටහුණ නිසාදෝ වහා ඉවත බලා ගත්තේ ලැජ්ජාවෙන් මෙනි. ඔවුන් සමඟ මිතුරු වූ පසු හිමානි තුෂර පිළිබඳව කී කතාවෙන් පසුව අංජලී ඔහුට අනුකම්පා කරන්නට වූවාය.

“තුෂාරලාගේ පවුලේ තුෂාර විතරයි… එයාලට ගාර්මන්ට් ෆැක්ට්‍රි දෙකක් තියනවා…පිළියන්දලයි හෝමාගමයි…තුෂරත් අංකල් එක්ක ෆැක්ට්‍රි එකට යන එනකොට ඒකේ වැඩ කරන ගර්ල් කෙනෙක්ට කැමැත්තෙන් ඉඳලා එයා එක්ක අෆෙයාර් එකක් පටන් ගත්තා…මේ ළමයා ගොඩක් දුප්පත් ෆැමිලි එකක කෙනෙක්…ගේවත් හරියට හදලා තිබුණේ නැහැ…තුෂර මෙයාලට ගොඩක් උදව් කළා…ඉන්න තැන විතරක් නෙවේ…අඳින්න ඇඳුම් පැලඳුම්, රත්තරන් බඩු පවා හදලා දුන්නා…එයා හංසිනීට ආදරේ කළේ ඇත්තටම එයාව මැරිකරන්න හිතන්…ඒත්…”

ඔවුන් තිදෙනම කුහුළ් සිතින් බලා සිටියේ හිමානි කතාව අතරමඟ නැවතූ නිසාය.

“ඉතින් හංසිනීට මොකද වුණේ…මැරුණද…?”

සිතේ වූ කුතුහළය බලවත් වූ නිසා අංජලී ඇසුවාය.

-හෙටත් හමුවෙමු-

Latest news

සිල්වර් ඩෝන් සුඛෝපභෝගී නෞකාවේ ශ්‍රී ලංකා සංචාරය

සිල්වර් ඩෝන් නැමැති අතිසුඛෝපභෝගී මගී නෞකාව  ඊයේ ( 09) ගාල්ල වරායට පැමිණ තිබේ.සංචාරකයන් 596 දෙනෙකු රැගත් මෙම නෞකාව දින 141ක ලෝක සංචාරයක...

ගාල්ල බන්ධනාගාරයේ කාන්තා වාට්ටුවෙන් සොයාගත් ජීව උණ්ඩ

ගාල්ල බන්ධනාගාරයේ තිබී ජීව උණ්ඩ කිහිපයක් සොයාගෙන තිබෙනවා.ඒ බන්ධනාගාර නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමකදීයි. බන්ධනාගාරයේ කාන්තා රැඳවූවන් රඳවා...

අද දවසේ වැසි ඇතිවන ප්‍රදේශ සහ ඉර මුදුන් වන ප්‍රදේශ

අද (අප්‍රේල් 07) දිනයේදී උතුරු, උතුරු-මැද, මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණු පළාත්වල ප.ව 1.00 න් පසුව තැනින් තැන වැසි...

ජනපති අනුරගේ පාස්කු ඉරුදින පණිවිඩය

දුකට පත් ජනතාවගේ ගැලවීම වෙනුවෙන් සිය ජීවිතය කැප කළ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසප්‍රාප්තියෙන් පසු මරණයේ අඳුර පරාජය කරමින් උත්ථානය...
- Advertisement -spot_img

රත් දෝතළු – 65

රත් දෝතළු - 65 මා නිසා අහස්ගේ කාර්යයන් පහසුව ඇති බව විනිෆ්‍රීඩා මහත්මිය මා සමඟ කීවාය. බොහෝ විට මම ඔහුගේ...

අහඹු සිදුවීම් ජිවිතේ වෙනස් කරනව

අහඹු සිදුවීම් ජිවිතේ වෙනස් කරනව - It Was Just an Accident හැමදේකටම හේතුවක් තියෙනව. අපි අහම්බයක් කියලා හිතන දෙයක් වුණත්...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you