More
    ArtTeri Baaton Mein Aisa Uljha Jiya හැඟීම් විරහිත මිනිස්...

    Teri Baaton Mein Aisa Uljha Jiya හැඟීම් විරහිත මිනිස් රූප වලින් පරෙස්සම් වන්න!

    -

    spot_img

    Teri Baaton Mein Aisa Uljha Jiya – ඇබ්බැහිවීම් ඔබට ඔබව අහිමි කරනවා. ඔබ යමකට ඇබ්බැහිවූ විට එය විසින් ඔබව පාලනය කරනවා. ඉන් අත්මිදෙන්න සෑහෙන වෙහෙසක් ගන්න වෙනවා. ප්‍රේමය ඇබ්බැහියක්. ඇතැම් විට ඔබට හැඟීම් දැනීම් නොමැති මානව රූපී චරිත මුණගැහේවි. ඔවුන්ගෙන් ප්‍රවේශම් වන්න…!

    Teri Baaton Mein Aisa Uljha Jiya

    මුම්බායි නගරයේ ජීවත්වුන ආර්යන් රොබෝ ඉංජිනේරුවරයෙක්. කඩවසම් ආර්යන් ගේ නැන්දා උර්මිලා රොබෝටික් සමාගමක හිමිකාරිනියක්. ඇය ජීවත්වුණේ ලොස් ඇන්ජලීස්වල. නැන්දව මුණගැහෙන්න ලොස් ඇන්ජලීස් ගිය ආර්යන්ට ඇයගේ ලේකම්වරිය සිෆ්රා මුණගැහෙනවා. ඇය සුරඟනක් තරම් රූමත්. ආර්යන් සහ සිෆ්රා පෙම්වතුන් වන්නේ බොහොම ඉක්මනින්. ඔහු ඇයට ඇගේ සුන්දරත්වයට වසඟවී සිටියා. සුන්දර රාත්‍රියකට පස්සෙ උදෑසනක ඔහු අසල නිදා සිටි සිෆ්රා සිහිසුන්ව සිටියා. එවෙලෙහි ඔහුගේ නැන්දාත් පැමිණ සිටි නිසා ආර්යන් කළබල වී සිටි අතර සියල්ල දැනගත් උර්මිලා සිහිසුන්ව මෙන් සිටි සුන්දර සිෆ්රා සමීපයට පැමිණ ඇගේ අතගෙන එය චාර්ජ් කරන්නට ගත්තා. සිෆ්රා නොහොත් උර්මිලාගේ ලේකම්වරිය මානව රූපී රොබෝවරියක් බව ඔහු දැනගන්නා විට සියළු දේ සිදුව හමාරයි. ප්‍රේමය ඉපදී අවසන්. රොබෝවන් පිළිබඳ සියල්ල දත් ඉංජිනේරුවරයාට පවා වැඩ වැරදී තිබුණා.

    Teri Baaton Mein Aisa Uljha Jiya

    ඉතින් ආර්යන් තීරණය කළා සිෆ්රාව ඉන්දියාවට රැගෙන යන්න. ඔහු ඇයව තම දෙමව්පියන්ට පෙන්නුවා. ඔවුන් සියල්ලන්ම ඇගේ සුන්දරත්වයට වශී වී සිටියා. ඒ විතරක් නෙමේ, ගොඩක් දේවල් දන්න, විස්සකට තිහකට උනත් එකවර ඉවුම් පිහුම් කරන්න දන්න සිෆ්රා ගැන ඔවුන් පුදුම වුණා. ඒ සිදුවීම් බොහොම හාස්‍යජනකයි. ඔවුන්ගේ විවාහ මංගල්‍යය ඉක්මණින්ම කිරීමට කටයුතු යෙදුණා. ඇය මනුෂ්‍යයෙකු නොවන බව උර්මිලා සහ ඔහු හැරෙන්නට කිසිවෙක් දැන සිටියේ නැහැ. ඇයගේ මතකය ඉක්මනින් නැතිවී යා හැකියි. ඈ තුළට වෛරස ඇතුල් විය හැකියි. ඇතැම් විට ඇය බොහොම භයානක විය හැකියි.

    Teri Baaton Mein Aisa Uljha Jiya

    Teri Baaton Mein Aisa Uljha Jiya සිනහව අස්සෙම අපිට දෙයක් මතක් කරලා දෙනව. සොබාදහමේ නිර්මාණ ඉක්මවා යන්න සමත් කිසිවෙක් නැහැ. අනිත් කාරණය තමයි ඔබ වඩාත් හඳුනනම දෙය ඔබ වඩාත් කැමති දෙයම ඇතැම්විට ඔබව අතරමං කර දමාවි. ඔබව හසුකරගන්නේ ඔබ වඩාත්ම ආදරය කරන දෙය විසින්. ආදරය ඔබව නතු කරගන්නවා. සීමා විරහිතවම..!

    Latest news

    ඉරානයේ උත්තරීතර නායකයාට එරෙහිව ඉරානය පුරා විරෝධතා

    ඉරානයේ උත්තරීතර නොසන්සුන්කාරී තත්ත්වය ඉරානයේ පළාත් 31 පුරාම ව්‍යාප්ත වී ඇති අතර, මේ වන විට ළමුන් 05 ක් ඇතුළුව...

    තමා තවමත් වෙනිසියුලාවේ ජනාධිපතිවරයා බව මදුරෝ අධිකරණය හමුවේ ප්‍රකාශ කරයි

    වෙනිසියුලාවේ ජනාධිපති නිකොලාස් මදුරෝ, නිව්යෝර්ක් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව, අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී තමා තවමත්...

    ද්විත්ව පුරවැසියන්ටත් කටුනායක ගුවන්තොටුපළේදීම තාවකාලික රියැදුරු බලපත්‍රයක්

    විදේශගතව සිට පැමිණෙන මෙරට පුරවැසියන්ට සහ ද්විත්ව පුරවැසියන්ටත් කටුනායක ගුවන්තොටුපළේදීම තාවකාලික රියැදුරු බලපත්‍රය ලබා දීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව...

    මොරගහකන්ද ජලාශය වාන් දැමීමට ඇති හැකියාව සම්බන්ධයෙන් දැනුවත් කිරීමක්

    අධික වර්ෂා තත්ත්වය නිසා ඉදිරියේදී මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමට සිදුවීමේ සම්භාවිතාවක් පවතින බව මහවැලි අධිකාරිය පවසනවා. අද (18)...
    - Advertisement -spot_img

    මැටීගේ කපුටු ප්‍රේමය

    මැටීගේ කපුටු ප්‍රේමය සොබාදහම විටෙක ආවේගශීලී බව මම දැන සිටියෙමි. එබැවින් මම ජීවත්වුණේ ඉතා පරිස්සමිනි. පළමු වරට කූඩුවෙන් පිටවීමට...

    Blackheads ගැටළුවට විසඳුමක්

    Blackheads කියන්නෙ ගොඩක් අයට තියෙන රූපලාවන්‍ය ගැටළුවක්. මේකට වයස බලපෑමක් නැහැ. තරුණ වයසෙ ඉඳලා මැදිවිය දක්වාම ගොඩක් අය මුහුණ...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page