ArtSwathi Mutthina Male Haniye ඒකාකාරී බව හරිම නීරසයි දරාගන්න...

Swathi Mutthina Male Haniye ඒකාකාරී බව හරිම නීරසයි දරාගන්න අමාරුයි

-

spot_img

Swathi Mutthina Male Haniye – ගොඩක් වෙලාවට ජීවිතේ හැම දවසක්ම ගතවෙන්නෙ හරිම ඒකාකාරීව. ඒ ඒකාකාරී බව හරි නීරසයි. සමහරවෙලාවට දරාගන්න අමාරුයි. වෙහෙසකරයි.

Prerana ගෙ ජීවිතෙත් එහෙම එකක්. එකම විදිහට දවස් ගතවුණා. උදාවෙලා තිබුණෙ අලුත්ම දවසක්. නිවස පිරිසිඳු කිරීම, ඉවුම් පිහුම් සමඟින් ඇගේ දින චර්යාව ඇරඹී තිබුණා. ඊළඟට කරන්න තිබුණෙ මිදුල අතුගාන එක. ගේ ඉදිරිපසම සුදු පාට පුංචි මල් ගොඩක් පුරවගෙන ඉන්න වතුසුදු ගහ දැක්කම ඇයට ආවෙ කේන්තියක්. නටුවෙන් ගිලිහුන ඒ මල් හැමදාමත් ඇගේ මිදුල හැඩිකර දැමුවා. ඇයට හෙම්බත් ගතියක් දැනුණා.

නිවස – පවුල් ජීවිතය – රැකියාව අතර එහෙ මෙහෙ වෙමින් එකම රටාවකට ගතවෙන ජීවිතය අපිව ආතතියට පත් කරනවා. එය විඩාබර අත්දැකීමක්. ඒ වෙහෙස බොහොමයක් මිනිස්සුන්ගෙ මුහුණුවල ලියැවී තිබෙනවා.

Swathi Mutthina Male Haniye

Swathi Mutthina Male HaniyeSwathi Mutthina Male Haniye

counsellor කෙනෙක් විදිහට රැකියාව කළ, පෙනෙන විදිහට Perfect Life එකක් තියෙන Prerana තරුණ, විවාහක ගැහැණියක්. හැමදාමත් ඇය රැකියාවට ගියා. අන් අයට ඇහුම්කන් දෙමින් ඔවුන්ගේ සිත් හැදුවා. පුංචි වචනෙකින් හරි. ඒ ඇගේ රැකියාව.

නිරතුරුවම මොකක්දෝ අඩුවක්, ඒකාකාරී බවක්, නොසන්සුන්කමක්, පාළුවක් ඇය වටා පැවතුණා. දරන්නට අසීරු හුදකලාවක්. සමහරවිට කාර්‍යබහුලව ගෙවී ගිය ඒකාකාරී ජීවිතය ඇගේ හුදකලාව නැතිකර දමන්නට ඇති. නොඑසේනම් සිතට එන දේවල් නිදහසේ කල්පනා කරමින් ඉන්නට තිබෙන නිමේශයන් පවා ඇගෙන් උදුරා ගන්නට ඇති. නිදහසේ හුස්මක් ගන්නට තිබුණානම් කියලා ඇයට හිතෙන්න ඇති. වෙහෙසකාරී දවස අවසානයේ හිත සැනසෙන ආදරණීය වචන කිහිපයක්වත් ඇයට ලැබුණානම්..?

Swathi Mutthina Male Haniye

ජීවිතය සමහර ආශිර්වාදයන් අපිට පිරිනමන්නේ අපි නොසිතන, නොපතන අයුරින්.

 

Aniketh නම් වූ පිරිමියා Prerana ට හමුවන්නේ ඉන්පසුව. සුන්දර මදහසකින් සැරසිලා උන්න, සැහැල්ලුවෙන් ජීවිතේ දිහා බැලුව Aniketh රෝගී තත්වයකින් පෙළුණු අයෙක්. ඒ හීන්දෑරි පිරිමියා කිසිදෙයක් ගැන පසුතැවිලි වුණේ නැති කෙනෙක්. ඔහු ජීවිතේ දිහා බැලුවෙ බොහොම සුබවාදීව. ඔහුගේ පැමිණීම එක්ක, ඔහුගෙ සිනාව, කතාබහ හමුවේ Prerana ගෙ ජීවිතේ ඒකාකාරී බව මදින් මද පහව යනවා.

Swathi Mutthina Male Haniye

චිත්‍රපටවල, පොත්පත්වල ඉන්න මිනිස්සුන්ගෙ ජීවිත ඇතුලෙ හදිසියේම පුදුම සහගත හාස්කම්, වාසනාවන්ත සිදුවීම් සිදුවුණත් සැබෑ ලෝකයේදි එහෙම දේවල් සිද්ධ වෙන්නෙ අල්ප වශයෙන්. නමුත් අපේ ඒකාකාරී ජීවිතේ සැනසීමකින් පුරවන්න පුළුවන් විදිහේ පුංචි තෑගිත් ජීවිතය විසින් අපිට තිළිණ කරනවා. නිරතුරුවම අපි ජීවිතය දෙන ඒ පුදුමකිරීම් බාරගන්න සූදානම්ව සිටිය යුතුයි.

අසීරු දින ගෙවමින් ඉන්නා අතර එක දවසක අපි ඒ වේදනා ජීවිතයේම කොටසක් බැව් පසක් කරගනිමින්, තමන්ටම ආදරය කරන හැටි ඉගෙනගනිමින් වේදනා අමතක කර හිනැහේවි.

හැමදාමත් තමන් වෙනුවෙන් මල් පුබුදන්න අමතක නොකරන පුංචි වතුසුදු ගහක් මෙන් සොබාදහමට අවනත වේවි. සොබාදහම තරම් පරිණත ගුරුවරයෙක් වෙන කොයින්ද?

Swathi Mutthina Male Haniye කවියක් තරමටම සොඳුරු සිනමාපටයක්.

Latest news

සිල්වර් ඩෝන් සුඛෝපභෝගී නෞකාවේ ශ්‍රී ලංකා සංචාරය

සිල්වර් ඩෝන් නැමැති අතිසුඛෝපභෝගී මගී නෞකාව  ඊයේ ( 09) ගාල්ල වරායට පැමිණ තිබේ.සංචාරකයන් 596 දෙනෙකු රැගත් මෙම නෞකාව දින 141ක ලෝක සංචාරයක...

ගාල්ල බන්ධනාගාරයේ කාන්තා වාට්ටුවෙන් සොයාගත් ජීව උණ්ඩ

ගාල්ල බන්ධනාගාරයේ තිබී ජීව උණ්ඩ කිහිපයක් සොයාගෙන තිබෙනවා.ඒ බන්ධනාගාර නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමකදීයි. බන්ධනාගාරයේ කාන්තා රැඳවූවන් රඳවා...

අද දවසේ වැසි ඇතිවන ප්‍රදේශ සහ ඉර මුදුන් වන ප්‍රදේශ

අද (අප්‍රේල් 07) දිනයේදී උතුරු, උතුරු-මැද, මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණු පළාත්වල ප.ව 1.00 න් පසුව තැනින් තැන වැසි...

ජනපති අනුරගේ පාස්කු ඉරුදින පණිවිඩය

දුකට පත් ජනතාවගේ ගැලවීම වෙනුවෙන් සිය ජීවිතය කැප කළ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසප්‍රාප්තියෙන් පසු මරණයේ අඳුර පරාජය කරමින් උත්ථානය...
- Advertisement -spot_img

ස්වර්ග සිහින

ස්වර්ග සිහින - Licorice Dreams බෙනඩික්ට් මියගියේ ස්වර්ගයට යෑමේ අපේක්ෂාවෙනි. ඔහු සාන්තුවරයෙකු නොවීය. ඔහු ඉඳහිට තම සහෝදරයා සමග මත්පැන් පානය...

ගාල්ල බන්ධනාගාරයේ කාන්තා වාට්ටුවෙන් සොයාගත් ජීව උණ්ඩ

ගාල්ල බන්ධනාගාරයේ තිබී ජීව උණ්ඩ කිහිපයක් සොයාගෙන තිබෙනවා.ඒ බන්ධනාගාර නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමකදීයි. බන්ධනාගාරයේ කාන්තා රැඳවූවන් රඳවා...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you