More
    NewsSTF සහය වන අලින්ගේ ආරක්ෂාවට ලබාදෙන්නැයි ඉල්ලීමක්

    STF සහය වන අලින්ගේ ආරක්ෂාවට ලබාදෙන්නැයි ඉල්ලීමක්

    -

    spot_img

    STF – වන අලින්ගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිස් විශේෂ කාර්ය බලකායේ සහ ප්‍රාදේශීය පොලිස් නිලධාරීන්ගේ සහාය ලබාදෙන මෙන් වනජිවී දෙපාර්තමේන්තුව ඉල්ලීමක් යොමුකර තිබෙනවා.

    සිදුව ඇති වන අලින්ගේ මරණ සම්බන්ධව ඉදිරි විමර්ශන කටයුතු සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ SOCO කණ්ඩායම් වල සහාය කඩිනමින් ලබාදෙන ලෙසයි එම දෙපාර්තමේන්තුව ලිපියක් යොමු කරමින් ඉල්ලා සිටින්නේ.

    එසේම, සීගිරිය දිගම්පතන ප්‍රදේශයේ මියගිය වන අලින් අතරින් එක අලියකු සම්බන්ධයෙන් 2025-02-03 වන දින වනජීවී නිලධාරීන් වෙත පළමුවරට වාර්තා වී ඇති අතර, ඒ සම්බන්ධව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් ගොනුකර විමර්ශන සිදු කරමින් පවතින බවයි සඳහන් වෙන්නේ.

    සෙසු වන අලි දෙදෙනා වන රක්ෂිතය තුළම මියගොස් ඇති බවට වාර්තා වන අතර, ඉන් එක් සතෙකු ඇතෙකු බවද, එම ඇතාගේ දළ යුගල කිසිවෙකු විසින් ගලවාගෙන ගොස් ඇති බවද වාර්තා වන බව සඳහන්.

    එමෙන්ම, ගල්ගමුව ප්‍රදේශයේ මියගිය වන අලියා සම්බන්ධයෙන් ගල්ගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කිරීමට නියමිත බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

     

    Latest news

    ඉරානයේ උත්තරීතර නායකයාට එරෙහිව ඉරානය පුරා විරෝධතා

    ඉරානයේ උත්තරීතර නොසන්සුන්කාරී තත්ත්වය ඉරානයේ පළාත් 31 පුරාම ව්‍යාප්ත වී ඇති අතර, මේ වන විට ළමුන් 05 ක් ඇතුළුව...

    තමා තවමත් වෙනිසියුලාවේ ජනාධිපතිවරයා බව මදුරෝ අධිකරණය හමුවේ ප්‍රකාශ කරයි

    වෙනිසියුලාවේ ජනාධිපති නිකොලාස් මදුරෝ, නිව්යෝර්ක් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව, අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී තමා තවමත්...

    ද්විත්ව පුරවැසියන්ටත් කටුනායක ගුවන්තොටුපළේදීම තාවකාලික රියැදුරු බලපත්‍රයක්

    විදේශගතව සිට පැමිණෙන මෙරට පුරවැසියන්ට සහ ද්විත්ව පුරවැසියන්ටත් කටුනායක ගුවන්තොටුපළේදීම තාවකාලික රියැදුරු බලපත්‍රය ලබා දීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව...

    මොරගහකන්ද ජලාශය වාන් දැමීමට ඇති හැකියාව සම්බන්ධයෙන් දැනුවත් කිරීමක්

    අධික වර්ෂා තත්ත්වය නිසා ඉදිරියේදී මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමට සිදුවීමේ සම්භාවිතාවක් පවතින බව මහවැලි අධිකාරිය පවසනවා. අද (18)...
    - Advertisement -spot_img

    මැටීගේ කපුටු ප්‍රේමය

    මැටීගේ කපුටු ප්‍රේමය සොබාදහම විටෙක ආවේගශීලී බව මම දැන සිටියෙමි. එබැවින් මම ජීවත්වුණේ ඉතා පරිස්සමිනි. පළමු වරට කූඩුවෙන් පිටවීමට...

    Blackheads ගැටළුවට විසඳුමක්

    Blackheads කියන්නෙ ගොඩක් අයට තියෙන රූපලාවන්‍ය ගැටළුවක්. මේකට වයස බලපෑමක් නැහැ. තරුණ වයසෙ ඉඳලා මැදිවිය දක්වාම ගොඩක් අය මුහුණ...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page