FeaturesStephen Fry නයිට් පදවියෙන් පිදුම් ලැබූ කීර්තිමත් රංගන ශිල්පියා

Stephen Fry නයිට් පදවියෙන් පිදුම් ලැබූ කීර්තිමත් රංගන ශිල්පියා

-

spot_img
Stephen Fry – ඔහු ප්‍රේක්ෂක සිත් තුළ මතක සිටින රංගනයන් ඉදිරිපත් කළ නළුවෙක්. එයට අමතරව ඔහු අධ්‍යක්ෂවරයෙක්, ගුවන්විදුලි රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරන්නෙක් මෙන්ම දක්ෂ ලේඛකයෙක්. මානසික සෞඛ්‍යය සඳහා වන පුණ්‍ය ආයතනයක් වන Mind හි සභාපති ඔහුය. මානසික සෞඛ්‍යය පිළිබඳ දැනුවත් කිරීම, පරිසරය සුරැකීම වෙනුවෙන් දායක වීම සහ පුණ්‍ය කටයුතු සඳහා කළ සේවය වෙනුවෙන් 2025 වසරේදී බ්‍රිතාන්‍ය නළු Stephen Fry නයිට් පදවියෙන් පිදුම් ලබන ලදී. 

stephen-fry-knighted

ඔහු උපත ලබන්නේ 1957 අගෝස්තු 24 වැනිදා එංගලන්තයේ හැම්ප්ස්ටෙඩ් හිදී යි. Fry ගේ පියා භෞතික විද්‍යාඥයෙක් වන අතර මව ගුරුවරියක් සහ ලේඛිකාවක්. ඔහුට සහෝදරයෙක් සහ සහෝදරියක් සිටිනවා. කුඩා කළ නෝෆෝක්හි හැදී වැඩුණ ඔහු Paston සහ Gresham’ s පාසල් වලින් අධ්‍යාපනය ලැබුවා. එවකට තමා Dyslexia තත්වයෙන් සහ විශාදයෙන් පීඩා විඳි බව ඔහු සඳහන් කළා. කෙම්බ්‍රිජ්වල Queens විද්‍යාලයෙන් ඉංග්‍රීසි සාහිත්‍ය ඉගෙන ගත් අතර ඒ අවධියේදී නාට්‍යවලට සම්බන්ධ වුණා. උසස් අධ්‍යාපනය නිම කිරීමෙන් පසු හියු ලෝරි සමගින් Fry and Laurie නම් විකට නාට්‍ය කණ්ඩායමේ කටයුතු කළා.

Stephen-fryStephen-fryStephen-fry

 

Stephen Fry ගේ රංගනය වේදිකාව, රූපවාහිනිය සහ චිත්‍රපට යන සෑම අංශයක් පුරාම විහිදී ඇති අතර QI , V For Vendetta, Sherlock Holmes (2011) , The Hobbit, Wilde ඔහු රඟපෑ නිර්මාණ අතරට අයත්. බුද්ධිමතෙකු ලෙසින් ප්‍රකට ඔහු බොහෝ පොත් ලියා තිබේ. The Liar (1991), The Hippopotamus (1994), 1997 දී පළ කෙරූ සිය චරිතාපදානය Moab Is My Washpot සහ The Fry Chronicles ඒ අතරින් කිහිපයක්. ගුවන් විදුලි කටයුතු සඳහා Richard Imison සම්මානය, BAFTA TV සම්මානය ඇතුළු සම්මාන රැසකින් ම ඔහු පිදුම් ලැබුවා.

Stephen-fryStephen-fryStephen-fry

 

 

සමලිංගිකයෙකු වන Fry 2015 දී තම පෙම්වතා වන Ellioh Spencer සමගින් විවාහ වුණා. ඔවුන් අතර වයස පරතරය අවුරුදු 30 ක් වුවද එය ඔවුන්ගේ සම්බන්ධතාවට බාධාවක් වී නැහැ. පුණ්‍යාතන වලට දායකත්වය ලබා දීම සහ මානසික සෞඛ්‍යය පිළිබඳ දැනුවත් කිරීමේ කටයුතුවලට අමතරව ඔහු LGBTQ ප්‍රජාවගේ අයිතිවාසිකම් වෙනුවෙන්ද කටයුතු කරනවා.

Latest news

සිල්වර් ඩෝන් සුඛෝපභෝගී නෞකාවේ ශ්‍රී ලංකා සංචාරය

සිල්වර් ඩෝන් නැමැති අතිසුඛෝපභෝගී මගී නෞකාව  ඊයේ ( 09) ගාල්ල වරායට පැමිණ තිබේ.සංචාරකයන් 596 දෙනෙකු රැගත් මෙම නෞකාව දින 141ක ලෝක සංචාරයක...

ගාල්ල බන්ධනාගාරයේ කාන්තා වාට්ටුවෙන් සොයාගත් ජීව උණ්ඩ

ගාල්ල බන්ධනාගාරයේ තිබී ජීව උණ්ඩ කිහිපයක් සොයාගෙන තිබෙනවා.ඒ බන්ධනාගාර නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමකදීයි. බන්ධනාගාරයේ කාන්තා රැඳවූවන් රඳවා...

අද දවසේ වැසි ඇතිවන ප්‍රදේශ සහ ඉර මුදුන් වන ප්‍රදේශ

අද (අප්‍රේල් 07) දිනයේදී උතුරු, උතුරු-මැද, මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණු පළාත්වල ප.ව 1.00 න් පසුව තැනින් තැන වැසි...

ජනපති අනුරගේ පාස්කු ඉරුදින පණිවිඩය

දුකට පත් ජනතාවගේ ගැලවීම වෙනුවෙන් සිය ජීවිතය කැප කළ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසප්‍රාප්තියෙන් පසු මරණයේ අඳුර පරාජය කරමින් උත්ථානය...
- Advertisement -spot_img

ස්වර්ග සිහින

ස්වර්ග සිහින - Licorice Dreams බෙනඩික්ට් මියගියේ ස්වර්ගයට යෑමේ අපේක්ෂාවෙනි. ඔහු සාන්තුවරයෙකු නොවීය. ඔහු ඉඳහිට තම සහෝදරයා සමග මත්පැන් පානය...

ගාල්ල බන්ධනාගාරයේ කාන්තා වාට්ටුවෙන් සොයාගත් ජීව උණ්ඩ

ගාල්ල බන්ධනාගාරයේ තිබී ජීව උණ්ඩ කිහිපයක් සොයාගෙන තිබෙනවා.ඒ බන්ධනාගාර නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමකදීයි. බන්ධනාගාරයේ කාන්තා රැඳවූවන් රඳවා...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you