More
    NewsStatistics මාසයක් ජීවත්වෙන්න රුපියල් 68,000ක්!

    Statistics මාසයක් ජීවත්වෙන්න රුපියල් 68,000ක්!

    -

    spot_img

    Statistics – ශ්‍රී ලංකාවේ එක් පුරවැසියෙකුට මසක කාලයක් ජීවත්වීම සඳහා සිය මූලික අවශ්‍යතා ඉටුකර ගැනීම වෙනුවෙන් අවම වශයෙන් රුපියල් 17,014ක මුදලක් වැය වන බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි. ඒ අනුව, 4 දෙනකුගෙන් යුත් පවුලක් සිය මූලික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා මසකට අවම වශයෙන් රුපියල් 68,056 මුදලක් වැය කළ යුතු බව එම වාර්තාව වැඩිදුරටත් සඳහන් කරයි. එම දෙපාර්තමේන්තුව විසින් මෙරට නිල දරිද්‍රතා රේඛාව සම්බන්ධයෙන් 2024 වසර සඳහා සිදුකළ සමීක්ෂණයකදී මෙම තොරතුරු අනාවරණය වී තිබේ.

    එම සමීක්ෂණයට අනුව කොළඹ ප්‍රදේශයේ ජීවත්වන පුද්ගලයකුට සිය මූලික අවශ්‍යතා ඉටුකර ගැනීම සඳහා අවම වශයෙන් මසකට රුපියල් 18,350ක මුදලක් වැය වන අතර, මොණරාගල ප්‍රදේශයේ පදිංචිකරුවෙකුට එය මසකට රුපියල් 16,248 කි. ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දත්ත අනුව 2019 වසරේදී සිය මූලික අවශ්‍යතා ඉටුකර ගැනීම සඳහා එක් පුද්ගලයකුට වැය වී ඇත්තේ රුපියල් 6,966 ක මුදලක් වන අතර වසර 5ක කාලයක් ඇතුළත එක් පුද්ගලයෙකු සඳහා වැය වන වියදම රුපියල් 10,048ක මුදලකින් වැඩි වී තිබේ.

    Latest news

    ඉරානයේ උත්තරීතර නායකයාට එරෙහිව ඉරානය පුරා විරෝධතා

    ඉරානයේ උත්තරීතර නොසන්සුන්කාරී තත්ත්වය ඉරානයේ පළාත් 31 පුරාම ව්‍යාප්ත වී ඇති අතර, මේ වන විට ළමුන් 05 ක් ඇතුළුව...

    තමා තවමත් වෙනිසියුලාවේ ජනාධිපතිවරයා බව මදුරෝ අධිකරණය හමුවේ ප්‍රකාශ කරයි

    වෙනිසියුලාවේ ජනාධිපති නිකොලාස් මදුරෝ, නිව්යෝර්ක් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව, අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී තමා තවමත්...

    ද්විත්ව පුරවැසියන්ටත් කටුනායක ගුවන්තොටුපළේදීම තාවකාලික රියැදුරු බලපත්‍රයක්

    විදේශගතව සිට පැමිණෙන මෙරට පුරවැසියන්ට සහ ද්විත්ව පුරවැසියන්ටත් කටුනායක ගුවන්තොටුපළේදීම තාවකාලික රියැදුරු බලපත්‍රය ලබා දීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව...

    මොරගහකන්ද ජලාශය වාන් දැමීමට ඇති හැකියාව සම්බන්ධයෙන් දැනුවත් කිරීමක්

    අධික වර්ෂා තත්ත්වය නිසා ඉදිරියේදී මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමට සිදුවීමේ සම්භාවිතාවක් පවතින බව මහවැලි අධිකාරිය පවසනවා. අද (18)...
    - Advertisement -spot_img

    මැටීගේ කපුටු ප්‍රේමය

    මැටීගේ කපුටු ප්‍රේමය සොබාදහම විටෙක ආවේගශීලී බව මම දැන සිටියෙමි. එබැවින් මම ජීවත්වුණේ ඉතා පරිස්සමිනි. පළමු වරට කූඩුවෙන් පිටවීමට...

    Blackheads ගැටළුවට විසඳුමක්

    Blackheads කියන්නෙ ගොඩක් අයට තියෙන රූපලාවන්‍ය ගැටළුවක්. මේකට වයස බලපෑමක් නැහැ. තරුණ වයසෙ ඉඳලා මැදිවිය දක්වාම ගොඩක් අය මුහුණ...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page