Sri Lanka Airline – කටුනායක සිට සිංගප්පූරුව බලා ඊයේ (05) සවස පිටත්වූ UL-306 දරන ශ්‍රී ලංකන් ගුවන් යානය කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් ඉන්දුනීසියාවේ මෙඩාන් ගුවන් තොටුපොළ වෙත හදිසියේ ගොඩ බස්වා තිබෙනවා.
එහිදී ඉන්දුනීසියානු තාක්ෂණික කණ්ඩායමක් විසින් එම ගුවන් යානය පරීක්ෂා කිරීමෙන් අනතුරුව, අදාළ දෝෂය නිවැරදි කිරීම සඳහා කාලයක් ගතවෙන බවට දැනුම් දී ඇති අතර, ඒ හේතුවෙන් ගුවන් මගීන් එතෙක් හෝටල් කාමර වෙත යොමු කිරීමට තීරණය කර ඇති බවයි සඳහන් වෙන්නේ.
ගුවන් මගීන් හෝටල් කාමර තුළ රැඳවීමට ඉන්දුනීසියානු බලධාරීන් අවස්ථාව ලබා නොදීමත් සමග අර්බුදකාරී තත්ත්වයක් මතුවූ බවත්, පසුව එරට ශ්‍රී ලංකා තානාපතිවරයාගේ මැදිහත්වීමෙන් අදාළ ගැටලුව විසඳා ගැනීමට කටයුතු කර ඇති බවත් සඳහන්.
දෝෂයට ලක්වූ ගුවන් යානයේ මගීන් යළි ගෙන්වා ගැනීම සඳහා අද දහවල් 1.45ට තවත් ගුවන් යානයක් පිටත්ව යෑමට නියමිතයි.