SEX යනු විනෝදාස්වාදය සපයන දෙයක් බැව් පිළිගැනීමට ලොව බොහෝ රටවල් අකමැති වග පෙනේ. නමුත්,ඒ සම්බන්යෙන් ඉදිරි පියවරක් තැබීමට ස්වීඩනය සමත් වී ඇත. ස්වීඩනය ,ලිංගිකත්වය (sex) ක්‍රීඩාවක් බවට පත් කිරීමේ පළමුවැනි රට බවට පත් වී ඇත. ඒ,ජූනි මස අට වැනිදා පළමුවරට පැවැත්වෙන යුරෝපීය ලිංගික ශූරතාවලිය සඳහා සත්කාරකත්වය ලබා දීමට ඉදිරිපත්වෙමිනි. මෙම ශූරතාවලිය ස්වීඩන් ලිංගික සම්මේලනය [Swedish Sex Federation] විසින් සංවිධානය කර තිබේ.
තරඟාවලිය සති කිහිපයක් පැවැත්වෙනු ඇත. ඒ දිනකට පැය හයක් වශයෙනි. ලිංගික කටයුතු සඳහා පොළඹවා ගැනීම,මුඛ සංසර්ගය ඇතුළු අවස්ථා 16 ක් යටතේ තරඟ කිරීමට පුළුවන. Dragan Bratych (The Chairman Of the Swedish Sex Association) පවසන්නේ මෙහි අරමුණ ලිංගිකත්වයෙන් ලැබෙන සතුට උපරිම කර ගැනීම බවයි. සහකරු/සහකාරිය තෘප්තිමත් කිරීමේ හැකියාව මත ලකුණු වැඩි වෙන අතර ශාරීරික යෝග්‍යතාව, විඳදරාගැනීම, නිර්මාණශීලිත්වය වැනි කාරණා ගැන අවධානය යොමු කෙරේ. තරඟකරුවන් විෂය සම්බන්ධ මනා දැනුමක් තිබෙන අය වෙතැයි අපේක්ෂා කෙරෙනු ඇත. දක්ෂයන් සඳහා අමතර ලකුණු ලබාදෙන අතර ජයග්‍රාහකයා තීරණය කරන්නේ ප්‍රේක්ෂක ඡන්දය 70% ක් සහ විනිශ්චය මණ්ඩලයේ තීරණ 30% ක් සැළකිල්ලට ගනිමිනි. දැනටමත් මේ සඳහා රටවල් කිහිපයකින් තරඟකරුවන් 20 ක් පමණ අයදුම් කර ඇත. අනාගතයේ දී අනෙකුත් යුරෝපා රටවල් ද මෙය සිදුකරනු ඇතැයි ඔවුන්ගේ අපේක්ෂාවයි.
-Daily Mirror ඇසුරෙනි-