InterviewsSex ගැන මුළින්ම දැනගත්තෙ ටයිටැනික් ෆිල්ම් එකෙන්

Sex ගැන මුළින්ම දැනගත්තෙ ටයිටැනික් ෆිල්ම් එකෙන්

-

spot_img

Sex ගැන මුළින්ම දැනගත්තෙ ටයිටැනික් ෆිල්ම් එකෙන් – Parvathy Thiruvothu

කේරළයට ආවේණික සුන්දරත්වය උරුම කරගෙන මලයාලම් සිනමාවට පැමිණි Parvathy Thiruvothu සිය සුන්දරත්වය සහ අපූරු රංගනය නිසාම ප්‍රේක්ෂක සිත්වල ලැගුම් ගත්තා. මලයාලම් චිත්‍රපටවලට අමතරව දමිළ චිත්‍රපට සඳහාද ඇය සිය රංගන දායකත්වය ලබා දුන්නා. ඇය රඟපෑ Bangalore Days, Charlie, Maryan වැනි චිත්‍රපට අසීමිත ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනා ගත්තා. දකුණු ඉන්දියානු ෆිල්ම් ෆෙයාර් සම්මාන පහක් ඇතුළුව සම්මාන රැසක් හිමිකරගත් පාර්වතී ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය උදෙසා හඬ නගන්නියක්. පසුගියදා ඇය ළමාවියේදී මුහුණ දෙන්නට සිදුවූ අමිහිරි අත්දැකීම් පිළිබඳව ප්‍රසිද්ධියේ කතාබහ කළා.

Parvathy Thiruvothu
සිය ළමාවියේදී සහ යොවුන් වියේදී මුහුණ පෑමට සිදුවූ අප්‍රසන්න සිදුවීම් ගැන ඇය විවෘතව කතාබහ කළ අතර ඒ දේවල් තවමත් තමාව වේදනාවට පත් කරන බවයි ඇය පවසන්නේ. වසර ගණනාවක අත්දැකීම් තමා මෙලෙස පවසන්නේ අනුකම්පාව ලබා ගැනීම උදෙසා නොව බොහෝ ගැහැණු ළමයින් මෙවැනි අත්දැකීම්වලට මුහුණ දෙන නිසා බවයි ඇය පවසා සිටියේ. යොවුන් කාලයේදී එක වතාවක් ඇය ඇගේ මවත් පියාත් සමග දුම්රිය ස්ථානයක සිටින අවස්ථාවක කවුදෝ මිනිසෙක් ඇය අසලට පැමිණ ඇගේ පපුවට පහර දී වහාම එතැනින් ඉවත් වූ බව ඇය පැවසුවා. එම පහර නිසා ඇයට දැඩි වේදනාවක් ඇතිවී තිබෙනවා. කුඩා කෙල්ලෙකු වූ ඇය එම සිදුවීම නිසා වසර ගණනාවක් බියට පත් වී තිබෙනවා. අම්මා ඉන් පසු ඇයට අනතුරු අඟවා තිබුණේ පාරේ ඇවිදින විට පිරිමින්ගේ අත් ගැන සෝදිසියෙන් සිටින ලෙසත්, නිතරම පරිස්සම් වන ලෙසත් ය.

“හිතන්නකෝ. තමන්ගෙ දුවට හොඳට ඉගෙන ගන්න, හීනවලට යන්න කියන්නෙ නැතුව එයාට පරිස්සම් වෙන එක ගැන විතරක්ම කියලා දෙන්න වෙන අම්ම කෙනෙක්ගෙ අසරණකම ගැන.”

පොදු ස්ථානවලදී පිරිමින් නිසා විඳින්නට සිදුවූ හිරිහැර ගැනත්, බියෙන් සැකයෙන් ගෙවන්නට සිදුවූ කුඩා කාලය ගැනත් ඇය කතා කළ අතර එවැනි වැරදිවලට එරෙහි විය යුතුබව තමන් පසුව තේරුම් ගත් බවත් ඇය පවසා සිටියේ අමිහිරි අත්දැකීම් ජීවිතය ගැන තේරුම් කරදෙන බව කියා සිටිමින්.

Parvathy Thiruvothu

“මම මේ අවංකවම මගෙ අත්දැකීම් කියන්නෙ. ඒවා හරි නරක, බොහොම වේදනාකාරී අත්දැකීම්. අවාසනාවකට වගේ ගොඩක් ගැහැණු ළමයි මේ වගේ දේවල්වලට මුහුණ දෙනවා. ඒවා පොදු දේවල් වෙලා. අපි ඉපදෙනවා, අපි වැඩෙනවා, ඊට පස්සෙ අපි අපයෝජනයට ලක් වෙනවා. හැම ගැහැණු ළමයෙක්ම ඒවගේ අත්දැකීම් වලට මුහුණ දෙනවාද කියලා ඔයා ඇහුවොත් උත්තරේ ඔව්! පුංචි කාලෙ ඔවුන්ට මේ දේවල් තේරෙන්නෙ නැහැ. ඒත් අවුරුදු 16, 17, 19 වෙනකොට එයාලට ඒව තේරෙන්න ගන්නව. ඒක හරි වේදනාකාරී අත්දැකීමක්.”

මුලින්ම ආදරය සහ sex තේරුම් ගත් හැටි ගැනත් සබඳතා ගැනත් ඇගේ අදහස මේ.

“Sex ගැන මම මුලින්ම දැනගත්තෙ ටයිටැනික් ෆිල්ම් එකෙන්. ඒකෙ කිස් කරන සීන් එක. අපි හැමෝටම ඒක එහෙමයි නේද? මම ළඟ ජැක් රෝස් ඉන්න දම්පාට ටයිටැනික් ටී ෂර්ට් එකකුත් තිබුණා. මම ඒ කාලෙ ජැක්ට හරි ආසයි. කිස් කරන හැටි මම දැනගෙන හිටියෙ නැහැ ඒ කාලෙ. රෑට නිදාගන්න කලින් මම ටයිටැනික් ටී ෂර්ට් එකට කිස් එකක් දෙනවා. මගෙ ඥාති සහෝදරියන් එක්ක නැන්දලට හොරෙන් තමයි ෆිල්ම් එක බැලුවෙ. ඒ සීන් එක ඊළඟට කිය කිය බලාගෙන හිටිය හැටි මතකයි. ඉස්කෝලෙ යන කාලෙ අපිට ප්‍රේම සම්බන්ධකම් ඇතිවෙන්න පුළුවන්නෙ. ඒ දේවල් නිසාත් පුද්ගලික තැන්වලට ගිහින් ගැහැණු ළමයි අපයෝජනය වෙනවා. ඔවුන් ඒක සාමාන්‍යකරණය කරන්නෙ ඔබ ඔවුන්ට ආදරේ නං ඔවුන් කියන හැම දේකටම ඉඩ දෙන්න ඕනෙ කියලා කියමින්. ඔහු මම ආදරය කෙරුව කෙනෙක්. ඒත් ඔහු දැනගෙන හිටියෙ නෑ කැමැත්ත අකමැත්ත ගැනවත්. සිද්ධ වුණ දේ තේරුම් ගන්න මට අවුරුදු තිහක්ම ගියා. මේ දේවල් කියන්න ලැජ්ජ වෙන්න ඕනෙ නෑ. වතාවක්, එතකොට මට වයස විස්සක් වගේ. මම ලිෆ්ට් එකක හිටියා. පිටිපස්සෙ හිටිය මිනිහෙක් මට ගහන්න හැදුවා. මට ඒ මිනිහා ඇඟට අත තියනව ඇහුනා. එලියට ගියාම මම ඔහුට පහරක් ගහලා ඔයා මොකක්ද කරේ කියලා ඇහුවා. එතන්ට ආරක්ෂක නිලධාරීන්, පොලිසිය ආවත් සීසීටීවී තිබුණෙ නැහැ. පොලිසිය මට කිව්වා, දැනටමත් මම එයාට ගහලා නිසා ඒක අතෑරලා දාන්න කියලා. එතකොට තමයි මට මේ රටේ නීතිය ගැන තේරුණේ. පස්සෙ ඒ මනුස්සය මම ළඟ බැගෑපත් වුණා. එයා ළඟදිම විවාහ වෙන්න ඉන්නෙ. රැකියාවකට යන්න ඉන්නෙ කියලා. මේ රටේ තමන් තමන්ව ආරක්ෂා කර ගන්න එකත් නරක දෙයක්. පිරිමි උරහිස් පළල් කරන් පපුව ඉස්සරහට දාන් ආඩම්බරෙන් ඇවිදිනවා. ගොඩක් අයට ගැහැණියකගේ තත්වය තේරෙන්නෙ නැහැ. හැම තිස්සෙම ප්‍රවේශම් වෙන්න. ඇඳුම හදාගන්න. සෝදිසියෙන් ඉන්න.” 

Parvathy Thiruvothu

ඇය මානසික සෞඛ්‍යය යහපත්ව තබා ගැනීම සඳහා therapy වල වැදගත්කම ගැනත් කතා කළා.

“දෙවියන්ට ස්තුතිවන්ත වෙන්න therapy මගෙ ජීවිතේ ගොඩක් වෙනස් කළා. චිකිත්සාව කියන දේ හරි වැදගත්. මම ඒකට ආදරෙයි. ඒත් හොඳ therapist කෙනෙක් හොයාගන්නව කියන එක හරිම අමාරු වැඩක්.”

තමාද එවැනි චිකිත්සකවරුන් ළඟට ගිය බවයි ඇය පැවසුවේ.

“මගේ වර්තමාන therapist හම්බෙන්න කලින් තත්වය හරිම නරක අතට හැරිල තිබුණේ. මට බැරිවුණා මම ප්‍රසිද්ධ කෙනෙක් කියලා අමතක කරලා වැඩ කරන කෙනෙක් හොයාගන්න. ඔවුනුත් මේ ඉන්දියානු සංස්කෘතිය, පීඩනය වගේ දේවල්වලට කොටුවෙලා හිටිය අය. මට හරි මහන්සියක් දැණුනා. මට මහ පුදුමාකාර තනිකමක්, අසරණකමක් දැණුනා. ශක්තිමත්ව ඉන්න හැදුවත් ඒ කිසි දේකින් පලක් වුණේ නැහැ. මට උදව් කරන්න කාටවත් බැහැ කියලා හිතුවා. 2021 අවුරුද්දෙ මුල් කාලෙ මට ඕනෙවෙලා තිබුනෙ දිවිනහ ගන්න. මගෙ ෆෝන් එකේ පරණ ෆොටෝස් බැලුවම මට ඒ දවස් මතක් වෙනවා. හොඳ therapist කෙනෙක් ලැබුණට පස්සෙ තමයි therapy කියන දේ මට උදව්වක් වුණේ.” 

Parvathy Thiruvothu

ඇය මේවන විට චිකිත්සක ක්‍රම දෙකකට සහභාගී වන බව ඇය පැවසුවා. ඒ EMDR, එය මිනිසුන්ට කම්පනයන්ගෙන් යථා තත්වයට පත්වීමටත් අනෙක sexual health සහ හොඳ මානසික සෞඛ්‍යයක් පවත්වාගෙන යාමට උපකාරී වෙනවා. හොඳ චිකිත්සකවරයෙක් ගෙන් උපදෙස් ලැබීමෙන් ඇයට ජීවිත‍ය දෙස අලුත් අයුරකින් බැලීමට හැකිවී ඇතිබව ඈ පවසා සිටියා. අවුරුදු 30 ගණන්වල අගභාගයේදී වඩාත් පැහැදිලි දැක්මක් සහ ආත්ම විශ්වාසයක් ඇතිවූ බව ඇය පැවසුවා.

“ඔබ ඔබටම සමීප වීමට පටන් ගන්නවා. ජීවිතය වඩාත් සම්පූර්ණ බවක් දැනෙන්නට පටන් ගන්නවා.”

පාර්වතී මේ දිනවල I, Nobody සහ Pradhama Dhrishtya Kuttakkar යන චිත්‍රපටවල වැඩ කරමින් සිටිනවා. ඒ නිර්මාණ ඔස්සේ නුදුරේදීම ඇය රසිකයින් හමුවට එනු ඇති.

Gulf News ඇසුරිනි –

Latest news

සිල්වර් ඩෝන් සුඛෝපභෝගී නෞකාවේ ශ්‍රී ලංකා සංචාරය

සිල්වර් ඩෝන් නැමැති අතිසුඛෝපභෝගී මගී නෞකාව  ඊයේ ( 09) ගාල්ල වරායට පැමිණ තිබේ.සංචාරකයන් 596 දෙනෙකු රැගත් මෙම නෞකාව දින 141ක ලෝක සංචාරයක...

ගාල්ල බන්ධනාගාරයේ කාන්තා වාට්ටුවෙන් සොයාගත් ජීව උණ්ඩ

ගාල්ල බන්ධනාගාරයේ තිබී ජීව උණ්ඩ කිහිපයක් සොයාගෙන තිබෙනවා.ඒ බන්ධනාගාර නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමකදීයි. බන්ධනාගාරයේ කාන්තා රැඳවූවන් රඳවා...

අද දවසේ වැසි ඇතිවන ප්‍රදේශ සහ ඉර මුදුන් වන ප්‍රදේශ

අද (අප්‍රේල් 07) දිනයේදී උතුරු, උතුරු-මැද, මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණු පළාත්වල ප.ව 1.00 න් පසුව තැනින් තැන වැසි...

ජනපති අනුරගේ පාස්කු ඉරුදින පණිවිඩය

දුකට පත් ජනතාවගේ ගැලවීම වෙනුවෙන් සිය ජීවිතය කැප කළ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසප්‍රාප්තියෙන් පසු මරණයේ අඳුර පරාජය කරමින් උත්ථානය...
- Advertisement -spot_img

රත් දෝතළු – 65

රත් දෝතළු - 65 මා නිසා අහස්ගේ කාර්යයන් පහසුව ඇති බව විනිෆ්‍රීඩා මහත්මිය මා සමඟ කීවාය. බොහෝ විට මම ඔහුගේ...

අහඹු සිදුවීම් ජිවිතේ වෙනස් කරනව

අහඹු සිදුවීම් ජිවිතේ වෙනස් කරනව - It Was Just an Accident හැමදේකටම හේතුවක් තියෙනව. අපි අහම්බයක් කියලා හිතන දෙයක් වුණත්...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you