More
    NovelsSadewtharaSadewthara - 12 සදෙව්තාරා

    Sadewthara – 12 සදෙව්තාරා

    -

    spot_img

    Sadewthara

    “තමුසෙ කොහෙදෝයි මේ රස්තියාදු ගහන්නෙ…”

    තාරා දුටුවනම මාලක ඇගේ ඇඟට ගොඩවූයේ එලෙස කෑගසමිනි. මාලකගේ බලාපොරොත්තු නොවූ ඒ පැනයෙන් තාරා තිගැස්මටත්, විමතියටත් පත්ව ඔහේ බලා සිටියාය.

    “සදෙව්ව බලාගන්න කියලා නේද ඔහේව අංකල් අඹේපිටිය දියතලාවෙ ඉඳලා ඇම්බියුලන්ස් එකේම දාලා එව්වේ…”

    “මං ගෙදර ගියා….අම්ම…ඉන්නම් කීවනෙ.. එයා ළඟ….”

    “අම්මා…අම්ම නෙවේ අන්න අර නිම්නා කියන අම්මණ්ඩි එතෙන්ට ගිහිං යකා නටලා උගෙ ලෙඩේ වැඩි කරලා….”

    “අනේහ්ං….”

    තාරා රෝහල දෙසට දුවන්නට සැරසුණාය. මාලක වහා ඇගේ අතකින් අල්ලා ගත්තේය.

    “පොඩ්ඩක් ඔහොම ඉන්නවා…කොහෙද ඒ ගමන දුවන්නෙ…”

    “සදෙව් බලන්න…”

    “හරි..හරී…ජීවිත කාලෙම ළඟින් තියාගෙන බලාගන්න පුළුවන් විදිහට වැඩේ කරලා දෙන්නම්..පොඩ්ඩක් එනවකො….මට තමුසෙ එක්ක පොඩ්ඩක් කතාකරන්න ඕනේ….”

    “ඒත්..මාලක… සදෙව්…”

    තාරාගේ බියට පත් මුහුණ දුටු මාලක, ඇගේ අත අත හැරියේය.

    “සදෙව්ට ඇති අමාරුවක් නෑ අයිසෙ….අමාරුව තියෙන්නෙ නිම්නට….”

    තාරා සිය දෑස් විසල් කොට මාලක දෙස බලා උන්නේ කිසිවක් පහදාගත නොහැකි විලාසයෙනි.

    “කතා කරන වචනයක්,වචනයක් ගානේ කරන්ට් වැදුණු පූසෙක් වගේ ඔහොම තක්බීර් වෙන්නෙපා අයිසෙ….එනවකො.. අපි අර බංකුව දිහාට යමු….”

    මාලක ඉස්සර වූයේය.එහෙත් තාරා හිටිවනම ගල් ගැසී ඔහු යන දෙස බලා උන්නාය. මද දුරක් ඇවිද ගොස් හැරී බැලූ මාලක එය දුටුවේය. ඔහු පැමිණ තාරාගේ අතින් ඇදගෙන රෝහල් උද්‍යානයේ බංකුවක් වෙත ගොස්, ඇයව එහි ඉන්දවූවාය. වටපිට බලමින් උන් තාරාගේ සියොළඟම ගැහෙමින් තිබුණාය.

    “ඔහොම බයවෙලා තමුසෙට කවදාවත් සදෙව්ට ළං වෙන්න බෑ තාරා….ටිකක් හයියට ඉන්නවා….ලව් වුණත් ඉස්සර වගේ බන්දේසියක වැටිලා ළඟට එන්නෑ…පොඩ්ඩක් මොලෙන් ගේමක් ගහලා ළඟට ගන්නෝනෙ….”

    මාලක කියවාගෙන යද්දී, තාරා ඔහේ ඒවා අසා උන්නා මිස, දිය හැකි උත්තරයක් හෝ පැහැදිලි කිරීමක් ගැන ඇයට නිනව්වක් වූයේ නැත.

    “මං දන්නවා තමුසෙ සදෙව්ට කැමතියි..ඒ වගේම සදෙව් තමුසෙට පණ ඇරලා ආදරෙයි කියලා මං හොඳටම දන්නවා…”

    “මාලක මට පරක්කු වෙනවා…”

    “ඔව්..තමුසෙ දැනටමත් පරක්කු වැඩී.. ඒකයි මං කියන්නෙ…”

    මාලකගේ කෑගැසීම තාරා හිඳ සිටි බංකුවෙන් නැඟිට්ටවීමට තරම් වේගවත් වූවේය. රෝහල් පරිශ්‍රයේ ඇවිද යමින් සිටි කිහිප දෙනෙකු ඔවුන් දෙස හැරී බැලුවෝය. තාරාගේ මුහුණ හඬන්නට ඉතා ආසන්න පෙනුමක් ගෙන තිබිණි.

    “සොරි..සොරි….”

    මාලක එසේ කීවේ සිය දෑතම ඉහලට ඔසවා වරද පිළිගන්නා බව හඟවමිනි.

    “මං ඉන්නෙ ලොකු ටෙන්ෂන් එකක තාරා…මට ඔයාගෙ උදව් ඕනේ…පොඩ්ඩක් ඉඳගෙන විනාඩි පහකට මට ඇහුන්කම් දෙනවද ප්ලීස්…”

    තාරාට ඉබේම බංකුව මත ඉන්ඳවුණේ, මාලක කතා කළ ස්වරූපය එතරම් ආයාචනාත්මක වූ නිසාය.

    “මේ ටික දැනගෙන ඉන්නෝනෙ ඔයයි,මායි විතරයි තාරා….මටත් ඔයාගෙ වයසෙ නංගියෙක් ඉන්නවා….මගේම නංගි කියලා හිතලයි මං ඔයාට මේ ටික කියන්නෙ…මං ඔයාගේ අයිය කියලා හිතලා මට උදව් කරනව කියලා පොරොන්දු වෙන්න ප්ලීස්…”

    තාරාගේ හදවත දැඩිව බරවෙමින් තිබුණාය. මේ සිටින්නේ මෙතරම් කාලයක් තමා දුටු මාලකමදැයි ඇයට සිතුණාය. සැබෑවටම ඔහුගේ මුහුණේ තමාට කියන්නට ලොකු කතාවක් ඇතැයි ඈ සිතුවාය.

    “තාරා…ඔයා අහගෙනද ඉන්නෙ නංගී…”

    “ඔව්,අයියේ කියන්න…”

    “නිම්නගෙයි,මගෙයි මැරේජ් එකට අපේ පවුල්වල අය කැමතිවෙලා ඉන්නේ සෑහෙන කාලෙක ඉඳලා….නිම්නත් ඒක දන්නවා.. ඒත් හදිසියේම එයා සදෙව්ට කිට්ටු වෙන්න යනවා කියලා මට දැනෙනවා….ඒත් සදෙව් නිම්නට කැමති නෑ…. ඌ කැමති ඔයාට….ඒක කියන්න අවස්ථාවක් නැතුව ඌ ඉන්නේ…ඒත් ළඟදීම ඔයාට ඒක දැනගන්න ලැබෙයි…”

    තාරාගේ සිත,ගත දෙකම යළි ගහෙන්නට පටන් ගත්තාය. එය පාලනය කිරීම සඳහා තාරා උද්‍යාන බංකුව තදින් අල්ලාගෙන සිටියාය. මේ සියලු දේ නිරීක්ෂණය කරමින් මාලක සිය කතාව දිගටම කරගෙන ගියේය.

    “මට නිම්නව අතෑරුණත් කමක් නෑ නංගී…ඒත් සදෙව්ට ඔයාව අතෑරෙන්න හොඳ නෑ….ඌ ඔහොම ලෙඩ වෙන්නත් එක හේතූවක් තමා ඔයා ගැන තියන ආදරේ…ඔයා සදෙව්ව අතෑරගන්නෙපා නංගී….මට නිම්නා නිසා ඇතිවෙලා තියන වේදනාව සදෙව්ට දැනෙන්න දෙන්නෙපා…ඒක ඌ ඔය ඉන්න තත්වෙටත් එච්චර හොඳ නෑ….”

    මාලක කියන්නට වූයේ, බංකුව මත වූ තාරාගේ අත මත සිය අත තබාගෙනය. තාරා වේගයෙන් හුස්ම ඉහල,පහළ හෙලන්නට වූවාය.

    මිහිර රෝහලේ ඉහළ මාලයේ සිට උද්‍යානයේ කතාබහක නියැළෙන මාලක සහ තාරා දෙස බලා සිටියේය. සිය පියා හමුවට ගොස් පැමිණෙමින් සිටි නිම්නා එය දුටුවාය. ඇය සෙමෙන් අඩි තබා මිහිර අසළට කිට්ටුවී ඔහුගේ උරහිසට ඉහලින් හිස පොවා පහල බැලුවාය. නිම්නාගේ ක්‍රියාවෙන් මිහිර තිගැස්සී ගියාක් මෙන්ම දුටු දසුනෙන් නිම්නාද එලෙසම ගැස්සී ගියාය. මිහිරට විහිළුවක් කරන්නට සිතා පැමිණියද, එම තීරණය වෙනස් කරගත් නිම්නා, මිහිරගේ ඉරියව් නිරීක්ෂණය කරන්නට මොහොතක් ගත්තාය.

    “තාත්තා හම්බ වුණාද..”

    පවතින නිහැඬියාව බිඳින්නට අවැසි වූයෙන් මිහිර නිම්නාගෙන් එසේ ඇසුවේය.

    “ඔව්…පහල බලාගෙන ඉඳලා ඔයාට මොනාහරි හම්බවුණාද….”

    “නෑහ්ං..මං මේ කම්මැළිකමට ඔහේ බලන් හිටියා….”

    “සමහර දේවල් දිහා ඔහේ නිකං බලං ඉන්න වෙද්දි හරි දුකයි නේද මිහිර….”

    “මට තේරුණ්නෑ….”

    “මටත් තේරෙන්නෑ මිහිර..ඔයා වගේ මේ වෙන දේවල් දිහා මාත් ඔහේ බලං ඉන්නවා …”

    “ඔයා මාව හම්බවෙන්න ඕනේ කිව්වේ…”

    මිහිර ඇසූයේ කතාව වෙනතකට හැරවීම සුදුසුයැයි හැඟුණු බැවිනි.

    “ටිකක් කතාකරන්න හිතුණා…අපි පහලට යමුද…” හිස වැනූ මිහිර ඉස්සර වූයේය.

    “මේ පැත්තෙන් යං…රිසෙප්ෂන් එක දිහා කළබල වැඩී….බැක් ඒරීයා එකේ තියනවා රිලැක්ස් එකේ ඉන්න පුළුවන් කොෆි ෂොප් එකක්….”

    කියා නිම්නා, ඉස්සර වූවාය. මිහිර කළේ ඇයව අනුගමනය කරමින් පසුපස වැටීමය.

    “මිහිර..මං දෙයක් අහන්නම්..කෙලින් උත්තර දෙනවද …”

    නිම්නා එසේ ඇසූයේ මිහිර හා සමාන්තරව ගමන් කරමින් යන අතරවාරයේය.

    “කියන්න නිම්නා…”

    “ඔයාට මොකද හිතෙන්නෙ තාරා ගැන…” මිහිර කළබල වූ වග ඇය හැඳින්නාය.

    “මං….මො..නා… හිතන්..නද… එයා ගැන..”

    “ඇත්තටමද කියන්නෙ….මොකූත්ම හිතෙන්නැද්ද…අඩුම තරමෙ එයා මාලක එක්ක කතා කර,කර ඉද්දි පොඩ්ඩක් හිත රිදුණෙවත් නැද්ද….”

    “නිම්නා…….” මිහිර කියන්නට ගිය දේ නිම්නා අත දිගු කොට නැවැත්වූවාය.

    “හිතට හොරා ජීවත්වෙන්න ගියොත් හුඟක් දේවල් මඟෑරෙනවා මිහිර…මට වුණේ ඒක…ලැබුණත්,නොලැබුණත් හිතට දැනෙන දේවල් හිතේ හිරකරගෙන දුක් විඳින්න හොඳ නෑ… කොච්චර වේදනාවක් දැණුනත් ඒක අදාළ කෙනාට කියලා සැහැල්ලු වෙන හයිය අපි තියාගන්න ඕනේ…”

    “කා ගැනද ඔයා කියන්නෙ නිම්නා…”

    “මං ගැන මිහිර…මාව උදාහරණයට අරගෙන ඔයාට ඉක්මන් වෙන්න කියලා කියන්නෙ…”

    “මට තේරෙන්නෑ නිම්නා ඔයා මොනවද කියන්නෙ කියලා….”

    “බොරු….ඔයා ඔක්කොම හිතේ හංඟගෙන දුක් විඳිනවා….මං ඒක අද ඔයාගේ ඇස්වලින් දැක්කා….තාරා මාලක එක්ක කතා කර,කර ඉන්නවා දැකලා ඔයා ෂොක් වුණා…ඒ කියන්නෙ ඔයා තාරාට ආදරෙයි….”

    “නිම්නා ඔයාට පිස්සුද…”

    “ආදරේ කරනවට වඩා පිස්සෙක් වෙන එක හොඳා මිහිර…පිස්සො ඉන්නෙ තමන්ගෙම ලෝකෙක…උන් උන්ට දැනෙන දේ කරනවා….ලැබෙන දේ විඳිනවා….අපි ආදරේ කරනව කියලා කරන්නෙ හැමදේම විඳවන එක….”

    මිහිර හිටිවනම නැවතුණේය. නිම්නා මෙතරම් බැරෑරුම් ලෙස ජීවිතය පිළිබඳව කතා කරනු ඔහු මින් පෙර අසා තිබුණේ නැත. ඇය බොහෝ සැහැල්ලුවෙන් ජීවිතය ගෙවන සෙල්ලක්කාර තරුණියකැයි සිතා සිටි ඔහුගේ මතය ඇගේ කතාවෙන් බිඳී ගියේය. ඇය ආදරය කරන්නට පටන්ගෙන ඇති බව ඔහුට හැඟී ගියේය. ඒ ආදරය මාලක වෙනුවෙන්ද, සඳෙව් වෙනුවෙන්ද කියා ඔහුට වැටහුණේ නැත. කතාබහ කරමින් පැමිණි ඔවුන් දෙදෙනා කෝපී අවන්හල තුළ හිඳ ගත්තෝය.

    “ඔයා කාටද ආදරේ කරන්නෙ…මාලකටද…සදෙව්ටද……” මිහිර තමා පෙළමින් උන් කාරණය නිම්නාගෙන් අසා දැමුවේය.

    ” මෝඩයා….ඉඳලා, ඉඳලා ඔය ඇහුවෙ ප්‍රශ්නයක්….ඒ දෙන්නටම නෙවේ උඔට…”

    කියා නිම්නා මහ හඬින් සිනාසුණාය. මිහිර මුහුණ ඇද කරගෙන ඇය දෙස බලා හුන්නේය. කෝපී අවන්හලට ඇතුළු වූ මාලක ඔවුන් දෙදෙනා දැක හුන් තැනම නතරවූයේය.

    Latest news

    නුවරඑළියේ සිදු කළ පරීක්ෂාවකදී ධාවනයට නුසුදුසු වාහන 73 ක් ධාවනයෙන් ඉවත් කරේ

    නුවරඑළියේ සිදු කළ හදිසි වායු විමෝචන පරීක්ෂාවකදී, වාහන 73 ක් දින 14 ක කාලයක් සඳහා තාවකාලිකව ධාවනයෙන් ඉවත් කිරීමට...

    අලුතින් පත්ව පැමිණි තානාපතිවරු තිදෙනෙක් ජනපති වෙත සිය අක්තපත්‍ර භාර දෙයි

    මෙරටට අලුතින් පත්ව පැමිණි තානාපතිවරු තිදෙනෙක් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත සිය අක්තපත්‍ර භාරදී තිබෙනවා. 01 - කොළඹ...

    වැල්ලවායේ කුඩු බෙදූ ප්‍රධාන සැකකරුවෙකු අත්අඩංගුවට

    වැල්ලවාය ප්‍රදේශයට හොරොයින් මත්ද්‍රව්‍ය බෙදූ ප්‍රධාන සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.ඒ, පොලීසිය විසින් වැල්ලවාය නගරයේ සිදුකළ වැටලීමකදීයි. සැකකරු සන්තකයේ තිබී අළෙවි...

    ජනපති අනුර රටවල් කිහිපයක නායකයින් නවදිල්ලියේදී හමුවෙයි

    නවදිල්ලි නුවර පැවැත්වෙන ්ෂ ඉම්පැක්ට් 2026 සමුළුවට සහභාගිවී සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා රටවල් කිහිපයක නායකයින් සමග ද්විපාර්ශ්වික...
    - Advertisement -spot_img

    රත් දෝතළු – 38

    රත් දෝතළු - 38 අහස් යනු අමුතුම අයෙකු යැයි කියා මට සිතිණි. වරෙක රළු ලෙසින් කතාබහ කළද සැනෙකින් මෘදු වන්නේ...

    Covid වසංගත සමයේ අපුරු මිතුදමක කතාවක්

    Covid වසංගත සමයේ අපුරු මිතුදමක කතාවක් - Homebound සමහර මිතුරුකම් ලේ නෑකම්වලට වඩා ප්‍රභලයි. අම්මා තාත්තටත් වඩා හදවතට සමීපයි. යහළුවෙක්ට...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page