More
    NovelsSadewtharaSadewthara - 11 සදෙව්තාරා

    Sadewthara – 11 සදෙව්තාරා

    -

    spot_img

    Sadewthara – අඹේපිටිය ආයුර්වේද රෝහලෙහි, එක් සුවිශේෂී වාට්ටුවක සදෙව් නේවාසික ප්‍රතිකාර සඳහා නතරකොට තිබුණේය. උදෑසන සිටම ඔහුව බලන්නට පැමිණි පවුලේ අය, හිතවතුන් සහ නෑදෑයන් ඔහුට මානසික වදයක් වෙමින් පැවතියේය. විටෙක ඔහුට රෝහලෙන් පැන යෑමට සිතෙන තරමට එම පීඩනය උච්ච ස්ථානයකට පැමිණ තිබුණේය. මෙය පෞද්ගලික රෝහලක් නිසාත්, තම පියාට අඹේපිටියගෙ ඇති හිතවත්කම නිසාත්, වෙලාවක්,අවේලාවක් නොතකා පැමිණෙන පිරිස් මඟහරිනු වස් බොහෝ වෙලාවට ඔහු නිදි බව හඟවමින් ඇදෙහි වැතිර හුන්නේය. එයද නිතර කිරීමෙන් ඔහු දැඩි ලෙස වෙහෙසට පත්ව සිටියේය. රූපවාහිනී යන්ත්‍රය ක්‍රියාත්මක කොට විනාඩි කිහිපයක් ඒ දෙස බලා සිටියදී ඔහුගේ හිස භ්‍රමණය වන්නට පටන් ගත්තේය.

    “මොන කරුමයක්ද දෙයියනේ මේ….”

    කියා කෑගසාගෙන ඔහු ඇඳෙන් බිමට පැන්නේය. සිය ඇඳට පසෙකින් ඇති පැති මේසය උඩ තිබූ පළතුරු, බිස්කට් වැනි දේ අතින් බිමට ඇද දැම්මේය. කාමරයට හිස පෙවූ හෙදියක් වහා ආපසු හැරී දිව ගියාය. මොහොතකින් තාරාගේ මව සමදරා හෙදිය සමඟ සදෙව් සිටි වාට්ටුවට ඇතුල් වූවාය. සදෙව් ටයිල් පොළොවේ වාඩි වී සිය දෑතින්ම ඔහුගේ හිසකේ අදිමින් සිටියේය. සමදරා හෙදියට දොර වසාගෙන කාමරයෙන් පිටව යන ලෙස කීවාය. ඇය ගිය පසු සෙමෙන් සදෙව් අසළට කිට්ටුවී ඔහුගේ උරහිසට අතක් තැබුවාය.

    “පුතා…”

    සදෙව් සමදරා වෙතට හැරුණේ පුරුදු ආවේගයෙනි. එහෙත් සමදරා දුටුවනම ඔහු තරමක් නිවුණේය.

    “මං ලෙඩෙක් නෙවෙයි ආන්ටි…ඇයි මාව නිකරුණේ මේ විදිහට ලෙඩෙක් කරන්න හදන්නේ…”

    සදෙව්ගේ හඬෙහි වූයේ වේදනාවකි. සමදරා ඔහුගේ උරහිසින් අල්ලා, ඇඳ මත වාඩි කරවූවාය. ඇයද ඔහු අසලින් වාඩි වී හිස පිරිමදිමින් කතා කරන්නට වූවාය.

    “ටේක් ඉට් ඊසී පුතා…. කවුද කියන්නෙ ඔයා ලෙඩෙක් කියලා….ඔයා ඉන්නෙ ගෙදර වාගේ තැනක…හරියට ඔයාලා ගිය ට්‍රිප් එක වගේ…අනික පොලීසියට යන හැමෝම වැරදි කරපු අයද…උසාවියට යන්නෙ අපරාධකාරයො විතරද… නෑනේ… ඉස්සෙල්ලාම මේක ලෙඩක්, ඔයා ලෙඩෙක්..ඉන්නෙ හොස්පිට්ල් එකක කියනෙක ඔලුවෙන් අයින් කරගන්න පුතා…”

    “ඇත්තටම මට මොකක්ද වෙලා තියෙන්නෙ ආන්ටි….”

    “ඒක හරියටම හොයාගන්න තමා ටික දවසකට ඔයා මෙහෙ නතරවෙලා ඉන්න ඕනේ…අපි හදන්නෙ ඔයාට උදව් කරන්න…අපි කියන්නෙ ඔයාගේ ගෙදර අය,යාළුවෝ, මම… මේ හැමෝම…ඒ ඔයාව අපිට වටින නිසා… අපි ඔයාට ආදරේ නිසා….”

    “මට ඇත්තම කියන්න ආන්ටි…ගෝඩ් ප්‍රොමිස්….මං හිත හදාගන්නවා….මට මොනාහරි ලොකු ඉෂූ එකක් තියනවද…”

    “නෑ පුතා… එහෙම කිසිම ඉෂූ එකක් නෑ….පොඩි කාලේ ඉඳල ඔයාට තිබ්බ සීතලට,පින්නට ඔරොත්තු නොදෙන ඇදුම වගේ පොඩි වීක්නස් එකක් මේ….මාව විශ්වාස කරන්න…මට පුළුවන් ඒක සම්පූර්ණයෙන්ම හොඳ කරන්න…”

    සදෙව්ගේ හිතට මහා සැනසිල්ලක් දැණුනේය. එය තාරා ළඟ හිඳිද්දී දැනෙන නිවීමට සමාන එකකි. වැඩිපුර කතා නොකරන, එහෙත් ඇගේ ඇස්වල තිබෙනා ශාන්තිය බඳු නිවීමකි. ඒ නිවීමෙන්ම ඔහු සමදරාගේ එක් උරයකට හිස තබා ගත්තේය. සමදරා උතුරා ගිය දාරක ස්නේහයෙන් සදෙව්ගේ හිස පිරිමදින්නට වූවාය. විවර වූ දොරින් කාමරයට ඇතුල් වූයේ නිම්නා සහ මිහිර යන දෙදෙනාය.

    “අයෑම් සෝ සොරි…”

    සමදරා සහ සදෙව් දුටුවනම නිම්නා කීවාය. එහෙත් ඇගේ ඇස් කාමරය පුරා දිව ගියේ යමක් සොයන්නාක් මෙනි.

    “ඉට්ස් ඕකේ දූ…ඔයාගේ යාළුවා පොඩ්ඩක් කළබල වෙලා….ඒකයි මේ…”

    ඇඳෙන් බැසගත් සමදරා, බිම විසිරී තිබූ පළතුරු සහ අනෙකුත් දේ අහුලා මේසය මත තිබූ කූඩයට දැම්මාය.

    “යාළුවොත් එක්ක කතා කර,කර ඉන්නකෝ….මං පොඩ්ඩක් ඔෆීස් එක පැත්තෙ ගිහිං එන්නං….”

    සමදරා කාමරයේ දොර වසාගෙන පිටව ගියාය.

    “කෝ තාරා….”

    නිම්නාගේ පළමු පැනය වූයේ එයයි. සදෙව්ට සිනහ නැගුණේය.

    “පුදුම යාළුවො තමා….ඊයෙ මාව බලන්නවත් ආවේ නැතුව ගෙදර ගිහිං රෙස්ට් කරලා මෙතන….දැන් ඇවිල්ලත් අහන්නෙ තාරා ගැන…අපි ඉතිං ඔටුවොනෙ..”

    “ඔයාව බලාගන්න කියල ළඟින්ම තියලා ගිය කෙනා අහලකවත් නැති නිසා ඇහුවෙ…”

    “එයා ගෙදර ගියා….පොඩ්ඩක් රෙස්ට් කරලා හවස එයි ඔයා කරා වගේ…”

    “තමුසෙට නම් ඇති ලෙඩක් නෑ….ලෙඩ පාටට වඩා තියෙන්නෙ මනමාළ පාට …”

    “තැන්කියු ඈහ්ං…ලෙඩෙක් නොකියා මනමාළයෙක් කීව එකම මදෑ….”

    සදෙව් මහ හඬින් සිනාසෙන අයුරු නිම්නා බලා සිටියේ හිස් හැඟීමෙනි. කුඩා දරුවෙකු බඳුව ඔහු මෙසේ සිනාසෙනු දැකීමට එකළ සිට ඇය අතිශය ප්‍රිය කළාය. එහෙත් ටික දිනක සිට ඔහු එසේ සිනාසෙද්දී ඇයට දැනෙන්නේ පහදා කිව නොහැකි හිස් කමකි.

    “මේකව අරං ගිහිං දාන්න තිබ්බෙ පිස්සන් කොටුවට නේද මිහිර….”

    නිම්නා කීයේ මිහිරගේ එක් අතකින් දැඩිව අල්ලා එය දෙපසට පද්දන අතරවාරයේය. හදිසියේම සිද්ධ වූ දෙයින් අපහසුවට පත් වූ මිහිර, නිම්නා දෙසත්, සදෙව් දෙසත් බලමින් විළියෙන් ඇඹරෙන්නට වූවේය.

    “ඕං ඕකගෙ අත අතෑරපං…නැත්තං මූ තව ටිකකින් පොළොව පලාගෙන යයි ලැජ්ජාවට…”

    සදෙව් නැවතත් කීයේ සිනාසෙමිනි. නිම්නා මිහිරගේ අත අල්ලාගෙනම ඔහුගේ මුහුණ බැලුවාය.

    “කෙල්ලෙක් අතින් ඇල්ලුවාම කසාද දවසෙ වගේ ඇඹරෙන්නෙපා හලෝ….ඉන්නවකො ටිකක් ෆිට් එකේ…”

    නිම්නා මිහිරගේ උරහිසට සිය උරහිසෙන් ගසමින් කීවාය. මිහිර යළිත් සිය ලැජ්ජාශීලී සිනහවෙන් නිම්නා සහ සදෙව් දෙස බැලුවේය.

    “හැබැයි ඉතිං කසාද බැඳගන්න වුණත් හොඳ එකා මිහිරයා….”

    සදෙව් කීයේ සුපුරුදු සිනහව දෙතොලතර ඇතිවය.

    “ඇත්තද…මගේ මඟුල් මං බලාගන්නම්…උඔගෙ කපුකම් ඕනේ නෑ මට…”

    නිම්නා කීයේ සදෙව්ට ඔරවා බලමිනි. නැවතත් සදෙව්ගේ සිනහව පුපුරා ගියේය. නිම්නා මිහිරගේ අත අල්වාගෙනම ඒ අතින් සදෙව්ගේ පිටට පහර කීපයක් ගැසුවාය. මිහිර අන්ද මන්දව ඔහේ සිටියේ,සිදුවන කිසි දෙයක දිග,පළල වටහා ගත නොහැකිවය.

    අඹේපිටිය ආයුර්වේද රෝහලෙහි පිළිගැනීමේ කවුන්ටරය අසළ, එහි පිළිගැනීම් නිලධාරිනිය සමඟ වාදයක පැටලී උන්නේ මාලකය.

    “අයෑම් සොරි සර්…අපිට කියලා තියෙන්නේ ඒ පේෂන්ට්ගෙ රූම් එකට කාවවත් යවන්නෙපා කියලා…”

    “එහෙම කොහොමද…මං ඊයෙත් ඇවිත් ගියා….ඌ මගේ යාළුවා….අනික අපි ෆැමිලි ෆ්‍රෙන්ඩ්ලා….”

    “මං කරන්නෙ මගෙ රාජකාරිය සර්…ප්ලීස් අන්ඩර්ස්ටෑන් මී….”

    “අන්ඩර්ස්ටෑන් බම්බුවක් නෙවේ…කෝල් එකක් දීලා වෝඩ් එකට කියනව හලෝ….මගේ නම මාලක….එහෙම නැත්තං මං කෙලින්ම ඔහේගේ ලොක්කට කතා කරනවා….ඊට පස්සෙ තමුන් මෙහෙ රස්සාව කරලා ඉවරයි….”

    “අපිට කියලා තියෙන්නේ කිසිම හේතුවක් නිසා ඒ පේෂන්ට ඩිස්ටර්බ් කරන්න එපා කියලා සර්….”

    මාලක යමක් කියන්නට සැරසුණේය.

    “වට්ස් රෝං හියර්…”

    ඒ හඬ ඇසුණේ මාලකට පිටුපසිනි. ඒ නිම්නාගේ පියා අශෝක් අඹේපිටියයි. පිළිගැනීම් නිලධාරිනිය ඔහුට පිළිතුරු දෙන්නට පෙර මාලක සහ අඹේපිටිය එකිනෙකා දුටුවෝය.

    “හේ… සන්….මාලක.. වට් ආර් යු ඩුයින් හියර්….”

    අඹේපිටිය මාලකගෙන් එසේ අසද්දී, පිළිගැනීම් නිලධාරිනියගේ මුහුණ ඇද වී ගිය අතර, මාලක අඹේපිටියට දීමට පිළිතුරක් සොයමින් සිටියේය.

    “බලන්නකෝ අංකල්.. මෙයා මට සදෙව් බලන්න යන්න දෙන්න බෑ කියනවනෙ…”

    අවසන, මාලක වචන කිහිපය ගැට ගසා ගත්තේය. අඹේපිටිය පිළිගැනීම් නිලධාරිනිය දෙස බැලුවේය.

    “ටානියා….වට්ස් රෝන් විත් යූ…දේ ආර් ෆ්‍රෙන්ඩ්ස්…”

    “සොරි සර්…කවුරුත් ඒ වෝඩ් රූම් එකට යවන්න එපා කිව්ව නිසයි…”

    පිළිගැනීම් නිලධාරිනිය වචන අදිමින් කතා කළාය.

    “වට්… හූ ටෝල්ඩ් යූ….”

    මාලක පිළිගැනීම් නිලධාරිනිය දෙස බලා උන්නේ “දැන් දීපංකො උත්තර..” යන අභිමානයෙනි.

    “මිස්.. නිම්නා සර්…”

    මාලකගේ ඇස් විසල් වී මුව පළල් වූවේය.

    “ඕහ්ං…මයි ක්‍රේසී ගර්ල්….අයි තින්ක් ෂී ඊස් වොරීන් අබවුට් සදෙව්….ඉට්ස් ඕකේ…ලෙට් හිම් ගෝ… ”

    අඹේපිටිය, පිළිගැනීම් නිලධාරිනියට එසේ කියා, මාලක දෙසට හැරුණේය.

    “සොරි සන්…ගෝ ඇන්ඩ් සී දෙම්… අයි තින්ක් නිම්නා ඊස් දෙයාර් විත් අදර් ගයි.. අයි කාන්ට් රිමෙම්බර් හිස් නේම්…”

    අඹේපිටිය කල්පනා කරන්නට වූයේය.

    “මිහිරද අංකල්…”

    “දැට්ස් රයිට්… හී ඊස් ද වන්…. ඕකේ… සී යූ ලේටර් සන්….”

    කියා අඹේපිටිය පිටව ගියේය. මොහොතක් එදෙස බලා සිටි මාලක ආපසු හැරුණේ රෝහලෙන් එළියට යෑම සඳහාය.

    “එක්ස්කියුස් මී සර්…. දිස් වේ ටු වෝඩ් රූම්…”

    පිළිගැනීම් නිලධාරිනිය මාලකට අත දිගු කොට පෙන්වූයේ වාට්ටුවට යන මාර්ගයය. ඇය දෙස රවා බැලූ මාලක, රෝහලෙන් එළියට බැස්සේය. ඈතින් රෝහල දෙසට ඇවිදගෙන එන තාරා ඔහුට දකින්නට ලැබුණේ එවිටය.

    Latest news

    ඉරානයේ උත්තරීතර නායකයාට එරෙහිව ඉරානය පුරා විරෝධතා

    ඉරානයේ උත්තරීතර නොසන්සුන්කාරී තත්ත්වය ඉරානයේ පළාත් 31 පුරාම ව්‍යාප්ත වී ඇති අතර, මේ වන විට ළමුන් 05 ක් ඇතුළුව...

    තමා තවමත් වෙනිසියුලාවේ ජනාධිපතිවරයා බව මදුරෝ අධිකරණය හමුවේ ප්‍රකාශ කරයි

    වෙනිසියුලාවේ ජනාධිපති නිකොලාස් මදුරෝ, නිව්යෝර්ක් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව, අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී තමා තවමත්...

    ද්විත්ව පුරවැසියන්ටත් කටුනායක ගුවන්තොටුපළේදීම තාවකාලික රියැදුරු බලපත්‍රයක්

    විදේශගතව සිට පැමිණෙන මෙරට පුරවැසියන්ට සහ ද්විත්ව පුරවැසියන්ටත් කටුනායක ගුවන්තොටුපළේදීම තාවකාලික රියැදුරු බලපත්‍රය ලබා දීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව...

    මොරගහකන්ද ජලාශය වාන් දැමීමට ඇති හැකියාව සම්බන්ධයෙන් දැනුවත් කිරීමක්

    අධික වර්ෂා තත්ත්වය නිසා ඉදිරියේදී මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමට සිදුවීමේ සම්භාවිතාවක් පවතින බව මහවැලි අධිකාරිය පවසනවා. අද (18)...
    - Advertisement -spot_img

    මැටීගේ කපුටු ප්‍රේමය

    මැටීගේ කපුටු ප්‍රේමය සොබාදහම විටෙක ආවේගශීලී බව මම දැන සිටියෙමි. එබැවින් මම ජීවත්වුණේ ඉතා පරිස්සමිනි. පළමු වරට කූඩුවෙන් පිටවීමට...

    Blackheads ගැටළුවට විසඳුමක්

    Blackheads කියන්නෙ ගොඩක් අයට තියෙන රූපලාවන්‍ය ගැටළුවක්. මේකට වයස බලපෑමක් නැහැ. තරුණ වයසෙ ඉඳලා මැදිවිය දක්වාම ගොඩක් අය මුහුණ...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page