More
    NovelsSadewtharaSadewthara - 09 සදෙව්තාරා

    Sadewthara – 09 සදෙව්තාරා

    -

    spot_img

    Sadewthara – විවර වූ ගිලන් රථයේ දොරටුව අභියස සිටිනා හෙදියද නොතකා,ඉන් බැස ගත් සදෙව් පාර දිගේ ඉදිරියට ගමන් කරන්නට වූයේය.

    “සර්…සර්…ප්ලීස් නවතින්න….ඔයාට ඔහොම ඇවිදින්න හොඳ නෑ…”

    කියමින් හෙදිය ඔහු පසුපස ගමන් කරන්නට වූවාය. තාරාද හෙදිය පසුපසින් සදෙව් හඹා එන්නට වූ අතර ගිලන් රථය වේගයෙන් ඉදිරියට ගොස් සදෙව්ගේ මඟ හරස්කොට නතර කළේය. සදෙව් එය මඟහැර යන්නට උත්සාහ කළද,ගිලන් රථයෙන් බිමට පැන්න රියදුරා ඔහුගේ මඟ අවහිර කරමින් සිටගත්තේය. සදෙව් ඔහු හා ගැටෙන්නට මෙන් සමීපයට ගොස් ඇඟට හේත්තු වන තරමට සමීප වූයේය. තාරා පිටුපසින් විත් සදෙව්ගේ අතකින් අල්ලා ගත්තාය. ආවේගයෙන් හැරී බැලුවද,තාරාව දුටු සදෙව් හීලෑ සතෙකු මෙන් මෘදු,මොලොක් ස්වභාවයකින් නිවී ගියේය.

    “අපි පොඩ්ඩක් ඉස්සරහට ඇවිදගෙන යං..”

    තාරා සදෙව්ට එසේ යෝජනා කරද්දී,ඔහුගේ මුහුණෙන් අතුරුදන්ව තිබූ,සුපුරුදු ළඳරු සිනහව මතුව ආයේය. හෙදිය සහ රියදුරු එකිනෙකාගේ මුහුණු දෙස බලාගත්තෝය.

    “බයවෙන්නෙපා….මං මෙයාව බලාගන්නම්…එයාට කෝපී එකක් බොන්නෝනේලු…අර ඉස්සරහ පේන කඩ පේලිය ගාව වාහනේ නවත්තලා ඔයාලා දෙන්නත් තේ එකක් බොන්න..මං සදෙව් එක්ක හිමීට එතෙන්ට ඇව්දගෙන එන්නම්…”

    රියදුරුගේ පෙනුම තරමක් නොරිස්සුම් ස්වභාවයක් ගත්තද,යමක් තේරුම් ගත්තාක් මෙන් හෙදිය ඔහුත් කැටුව ගොස් ගිලන් රථයට නැඟුණාය.

    “තැන්කියු සෝ….මච්…තාරා පැටියෝ..”

    සදෙව් එසේ කීයේ,තාරාගේ නෙරා ආ කම්මුලක් ඇඟිලි තුඩුවලින් අල්ලා මිරිකමිනි. ඇය රතුව ගියාය. සදෙව්ට එය පෙණිනි.

    “එහෙනම් අපි යං…”

    ඇයව අපහසුවෙන් වළකනු සඳහා එසේ කියමින් සදෙව් ඉස්සර වූයේය.

    “ඉන්න පොඩ්ඩක්…”

    තමා හැඳ සිටි ජර්සිය ගලවමින් සදෙව් අසලට පැමිණි ඇය,එය ඔහුට ඇන්ඳවූවාය. අනතුරුව තමා අත තිබූ වූල් තොප්පිය ගෙන ඔහුගේ කන් ආවරණය වන පරිදි හිසෙහි පැළඳුවාය. කුඩා දරුවෙකු මවට අවනත වන්නාක් මෙන් සදෙව් ඒ සියලු දේ සෙනෙහසින් ඉවසා දරාගෙන තාරා දෙස බලා හුන්නේය.

    “යං..අපි ගිහිං උණු කෝපී එකක් බොමු..”

    තාරා ඉස්සර වූවාය. සදෙව් ඈ පිටුපසින් ගොස් සිය ජර්සියේ එක් කොනක් ඇගේ හිස ආවරණය වන පරිදි ඉහලට කොට අල්ලා ගත්තේය. තාරාගේ මුවට සියුම් මන්දස්මියක් නැඟුණාය. එම සිනහවෙන් ඇගේ කම්මුල් ඇතුලට නෙරා වල ගැසී ගියාය.

    “ඩිම්පල්…”

    සදෙව් කීයේ සිනාසෙමින් තාරා දෙස බලමිනි. තාරා ඔහුට සමඟාමීව ඉදිරියට ගමන් කළාය. මගදී සදෙව් ඇගේ කරට අතක් දමා ගත්තේය. සියුම් තිගැස්මක් ඇති වීද තාරා එය සදෙව් වෙත හෙලූ සිනහවකින් පාලනය කර ගන්නට වෙහෙසුණාය. ඉදිරියේ ගිලන් රථය නතරකොට තිබිණි. එම ස්ථානයේ කුඩා කඩයක් විය. රියදුරු සහ හෙදිය තේ පානය කරමින් සිටියෝය.

    “කට්ට සම්බෝල එක්ක පොල් රොටියක් කමුද…”

    “මොන සම්බෝලද…”

    තාරා ඇසූ ප්‍රශ්නයට සදෙව් ප්‍රතිචාර දැක්වූයේද ප්‍රශ්නයකින්මය.

    “ලුණු මිරිස් එක්ක පොල් රොටී අනේ …සීතලට හොඳයි…”

    තාරා කියේ මුවඟ මද සිනා අතරේය.

    හා…කමු….”

    තාරාගේ සිනහව වෙතම නෙත් යොමාගෙන සදෙව් එය අනුමත කළේය. තාරා ලුණු මිරිස් සහ පොල් රොටී ගෙන එනතුරු සදෙව් අසල බංකුවක හිඳ ගත්තේය. සතුට නිර්මාණය වන්නේ කෙතරම් කුඩා දේ සපුරා ගැනීමෙන් නොවේදැයි ඔහුට සිතුණේය. තම දෙමාපියන් තමන්ගේ සතුට වෙනුවෙන් යැයි පවසමින් විශාල ධනස්කන්දයක් රැස් කරමින් සිටියද,ඒ නිවස තුළ තමාගේ සතුට රැදී ඇත්තේ කොහේදැයි එදා සිට ඔහුට නැඟුණු ප්‍රශ්නයකි. කෙල්ලක සමඟ එක මඟ ඇවිද යද්දී දැනෙන,නිර්මාණය වන සතුට සැප,සම්පත් පිරුණු මන්දිරයක් තුළ මෙතෙක් තමාට අත් විඳින්නට නොලැබුණේ මන්දැයි ඔහු තමාගෙන් ප්‍රශ්න කරමින් සිටියේය.

    “ආ…. කන්න…”

    තාරා පීරිසියක දැමූ රොටී සහ ලුණු මිරිස් ඔහුට දක්වමින් කීවාය. ඔහු ඇය දෙස හෙලූයේ තමාට අලුත් ලොවක් පෙන්වූ ගුරුවරියක දෙස බලන්නාක් මෙන් ප්‍රේමණීය බැල්මකි. රොටියක ලුණු මිරිස් තවරා කෑ සදෙව් “සූස්ස්..” හඬින් ඉහලට අදින්නට වූයේය. එහෙත් නොනවත්වම එය කා අවසන් කළ පසු ඔහුගේ ඇස් වලින් කඳුළු පනින්නට වූයේය. වේටර්වරයා කෝපී කෝප්ප දෙකක් ගෙනවිත් මේසය මත තැබුවේය.

    “බොන්න….එතකොට දැවිල්ල අඩුවෙනවා..”

    යැයි තාරා කී සැනෙන් කෝපී කෝප්පය මුව තබාගත් සදෙව්ගේ මුව එහි රස්නයට පිච්චී ගියේය. ඔහු සැනෙකින් කෝප්පය මේසය මත තබා තොල් දිවෙන් තෙත් කරන්නට වූවේය. තාරා ඔහුගේ කෝපී කෝප්පයෙන් පීරීසියට කෝපී ස්වල්පයක් වත්කොට එය සදෙව් අතට දුන්නාය.

    “මෙහෙම බීලා බලන්නකෝ….”

    සදෙව් එය “ස්..රූස්ස්..” හඬින් අදිමින් බොන දෙස නිම්නා බලා උන්නේ සෙනෙහස පිරී ගිය දෑසිනි.

    “ඒක මරු ඈහ්ං… රසයි…”

    සදෙව් කීයේ සැබෑවටම ප්‍රීතිමත් හැඟීමෙනි. තමා ජීවිතයේ නොවිඳි,අත් නොදුටු අන්තයක සුව ලබමින් සිටින්නේය යන පහන් සිතුවිල්ල ඔහුව සනසමින් තිබුණේය. තාරා ඒ සතුට ඔහු හා එක්ව සමරමින් සිටියාය.

    නිම්නා,මිහිර හා මාලක ඇතුළු පිරිසට කොළඹ යෑම සඳහා දියතලාව සංචාරක බංගලාව වෙත වාහනයක් පැමිණ තිබේ. නිම්නා එහි හිමිකරු වික්‍රම සමඟ කතාබහ කරමින් වාහනය අසලට පැමිණියාය.

    “තැන්කියු සෝ මච් ෆෝ එව්රිතින් අංකල්…ඇන්ඩ් ඕල්සෝ සොරි ෆෝ ද ඉන්කන්වීනියන්ස්….”

    නිම්නා වික්‍රමට අතට අත දී එසේ පැවසුවාය.

    “ඉට්ස් ඕකේ ඩාලිං…මට දුක කලින් යන්න වුණු එක…අපරාදේ හොඳට එන්ජෝයි කරන්න තිබ්බ ට්‍රිප් එක…”

    “ඒක ඇත්ත….හැමදේම නොහිතපු විදිහට ඉවරවුණා….මටත් දුක ඒකයි…”

    “ඩෝන්ට් ටේක් සීරියස් දූ…අයි විල් ඇරේන්ජ් නෙක්ස්ට් වන් බෙටර් දෑන් දිස්..”

    මිහිර බෑග් කිහිපයක් අපහසුවෙන් එල්ලාගෙන වාහනය වෙත පැමිණෙන අයුරු නිම්නා දුටුවාය.

    “ඕ…මයිගෝඩ්…කෙල්ලො වෙච්චි අපිවත් මෙච්චර ගොඩක් බැගේජස් අරං ආවේ නෑනේ මිහිර…”

    “මේවා අපි දෙන්නගෙම නිම්නා…”

    මිහිර කීයේ ඔසවාගෙන පැමිණි බෑග් කිහිපය වාහනයේ පසුපසට දමමිනි.

    “අපි දෙන්නගෙ කිව්වෙ සදෙව්ගෙද…”

    “නෑ මාලකගෙයි,මගෙයි….සදෙව්ගෙ බඩු මාලක අරං එන්නං කීවා…”

    “කෝ දැන් මිනිහා….”

    නිම්නාගේ පැනයට මිහිර මෙන්ම වික්‍රමද ඇය දෙස බැලුවෝය.

    “මං කිව්වා අංකල් මේ දෙන්නට..වෙලාවට ලෑස්ති වෙන්න කියලා ඊයේ ඉඳලම….ඔය මනුස්සයා ඔහොමමයි…කිසිම පිළිවෙලක් නෑ….”

    නිම්නා ඇත්තේ පීඩනයක බව මිහිර වටහාගත්තේය.

    “පොඩි වෙලාවක් දෙන්න නිම්නා….මං මාලකව එක්ක එන්නං….”

    “නෑ….ඕන්නෑ…”

    නිම්නාගේ හඬින් ඉදිරියට තිබූ පියවර මිහිර එලෙසම නවතා ගත්තේය.

    “මං ගිහිං සදෙව්ගෙ බඩු ටික අරං එන්නං…මාලක ඕනේ මඟුලක් නටා ගත්තාවේ…”

    කියා නිම්නා පවසනවාත් සමඟම,ඈතින් බෑග් කිහිපයක් සහ ගිටාරය කරේ එල්ලාගෙන,වාහනය දෙසට පැමිණෙන මාලක පෙනෙන්නට විය. මිහිර ඔහු පෙරමඟට යන්නට සූදානම් වීද,නිම්නා ඔහුගේ අතින් අල්ලා නැවැත්වූවාය.

    “ඇයි…ඔයා එයාගේ සර්වන්ට්ද…මේං මෙහෙට වෙලා ඉන්නව….”

    නිම්නා රහසින් කීයේ මිහිරට පමණක් ඇසෙන සේය. මාලක ඔවුන් සමීපයට පැමිණියේය.

    “උඔට සිංහල තේරෙන්නැද්ද බං…”

    බැග් කරින් එල්ලා ගනිමින්ම මාලක ඇසූයේ මිහිරගෙනි. මිහිර ප්‍රශ්නාර්ථයකින් ඔහු දෙස බලා හුන්නේය.

    “ඒ ගමන උගුඩුවා වගේ බලං ඉන්නවා…මං උඔට කිව්වා නේද සදෙව්ගෙ බෑග් ටික අරං වරෙං කියලා….උඔ මොකටද මගේ ඒවා උස්සගෙන ආවේ….”

    මිහිර යමක් කියන්නට සැරසෙද්දී,නිම්නා ඔහුට ඇසක් ඉඟිමරා නිහඬව ඉන්නා ලෙස කීවාය.

    “හරි අනේ…එයා ඔයාගේ ඒවා අරං ආවා….ඔයා සදෙව්ගෙ ඒවා අරං ආවා…කොහොම හරි වැඩේ කෙරුනනෙ….”

    කියමින් මාලක අසලට පැමිණි නිම්නා,ඔහුගේ උරයේ තිබූ සදෙව්ගේ ගිටාරය ගලවා තමා අතට ගත්තාය.

    “මේ…ඔයා පොඩි වැඩක් කරනවද මාලක…ඔය බැගේජස් ටික පිළිවෙලකට වාහනෙ පිටිපස්සෙ සීට් වල ඇරේන්ජ් කරන්නකෝ අනේ…මට මිහිරගෙන් සපෝර්ට් එකක් ඕනේ මගේ බැගේජස් ටික ගේන්න…”

    නිම්නා මිහිරද කැටුව පිටව යෑමට සැරසෙමින් කීවාය. මාලක දත්කූරු සපමින් මිහිර දෙස බලමින්ම වාහනය වෙත ගියේය.

    “ආහ්ං… දෙයක් අමතක වුණානේ කියන්න..”

    මාලකගේ හඬට නිම්නා සහ මිහිර යන දෙදෙනාම හැරී බැලුවෝය.

    “ඊයේ කොළඹ යන අතරමඟදී තාරා මාර පිස්සුවක්නෙ කෙළලා තියෙන්නේ…”

    යන්නට ගිය ගමන නවතා වහා හැරී ආ නිම්නා නතර වූයේ මාලක අසලය.

    Latest news

    නුවරඑළියේ සිදු කළ පරීක්ෂාවකදී ධාවනයට නුසුදුසු වාහන 73 ක් ධාවනයෙන් ඉවත් කරේ

    නුවරඑළියේ සිදු කළ හදිසි වායු විමෝචන පරීක්ෂාවකදී, වාහන 73 ක් දින 14 ක කාලයක් සඳහා තාවකාලිකව ධාවනයෙන් ඉවත් කිරීමට...

    අලුතින් පත්ව පැමිණි තානාපතිවරු තිදෙනෙක් ජනපති වෙත සිය අක්තපත්‍ර භාර දෙයි

    මෙරටට අලුතින් පත්ව පැමිණි තානාපතිවරු තිදෙනෙක් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත සිය අක්තපත්‍ර භාරදී තිබෙනවා. 01 - කොළඹ...

    වැල්ලවායේ කුඩු බෙදූ ප්‍රධාන සැකකරුවෙකු අත්අඩංගුවට

    වැල්ලවාය ප්‍රදේශයට හොරොයින් මත්ද්‍රව්‍ය බෙදූ ප්‍රධාන සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.ඒ, පොලීසිය විසින් වැල්ලවාය නගරයේ සිදුකළ වැටලීමකදීයි. සැකකරු සන්තකයේ තිබී අළෙවි...

    ජනපති අනුර රටවල් කිහිපයක නායකයින් නවදිල්ලියේදී හමුවෙයි

    නවදිල්ලි නුවර පැවැත්වෙන ්ෂ ඉම්පැක්ට් 2026 සමුළුවට සහභාගිවී සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා රටවල් කිහිපයක නායකයින් සමග ද්විපාර්ශ්වික...
    - Advertisement -spot_img

    රත් දෝතළු – 38

    රත් දෝතළු - 38 අහස් යනු අමුතුම අයෙකු යැයි කියා මට සිතිණි. වරෙක රළු ලෙසින් කතාබහ කළද සැනෙකින් මෘදු වන්නේ...

    Covid වසංගත සමයේ අපුරු මිතුදමක කතාවක්

    Covid වසංගත සමයේ අපුරු මිතුදමක කතාවක් - Homebound සමහර මිතුරුකම් ලේ නෑකම්වලට වඩා ප්‍රභලයි. අම්මා තාත්තටත් වඩා හදවතට සමීපයි. යහළුවෙක්ට...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page