NewsRussia Ukraine war එකම පවුලේ නවදෙනෙකු වෙඩි තබා ඝාතනය...

Russia Ukraine war එකම පවුලේ නවදෙනෙකු වෙඩි තබා ඝාතනය කෙරේ

-

spot_img

Russia Ukraine war – රුසියාව විසින් අත්පත් කරගෙන සිටින නැගෙනහිර යුක්‍රේනයේ Volnovakha නගරයේ නිවසක් තුළ තිබී ලේ තැවරුණු සහ වෙඩි උණ්ඩවලින් වැසී ගිය සිරුරු කිහිපයක් සොයාගෙන ඇතැයි වාර්තා වනවා. මෙසේ හමුව ඇත්තේ වෙඩි තබා ඝාතනය කරන ලද බවට විශ්වාස කරන කුඩා ළමුන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් 9 දෙනෙකුගේ මළසිරුරුයි. ලේ තැවරුණු මල සිරුරු එකිනෙකා තදින් වැළඳ ගනිමින් ඇඳන් මත විසිර තිබෙන අයුරු දැක්වෙන ඡායාරූප සමාජ මාධ්‍ය තුළ සංසරණය වන ආකාරයද දක්නට ලැබේ. යුක්‍රේන බලධාරීන් පවසන්නේ රුසියානු සොල්දාදුවන්ට තම නිවස ලබා දීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් පසුගිය 27 වනදා මෙසේ ඔවුන්ව ඝාතනය කරන්නට ඇතැයි තමන් විශ්වාස කරන බවයි.

යුක්‍රේන ඔම්බුඩ්ස්මන් Dmytro Lubinets ඊයේ [30 වෙනි සඳුදා] ප්‍රකාශ කර තිබුණේ වොල්නොවාකා ඝාතනයට “රුසියානුවන්ගේ ලේ වැගිරෙන දෑත් සම්බන්ධ වූ” බවයි. “මූලික තොරතුරු වලට අනුව, පදිංචිකරුවන් විසින් උපන්දිනයක් සමරමින් සිටි අවස්ථාවක චෙච්නියානු පදිංචිකරුවන්ට තමන්ගේ නිවස ලබා දීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් පවුලම මරා දමා ඇත,” යනුවෙන් ඔහු ටෙලිග්‍රෑම් පණිවිඩයක සඳහන් කර තිබිණි. යුක්‍රේන පාලනය යටතේ පවතින Donetsk හි උසාවි කටයුතු කාර්යාලය, මූලික තොරතුරු උපුටා දක්වමින් පවසන්නේ, හමුදා නිල ඇඳුමින් පැමිණි ප්‍රහාරකයින් නිවසින් ඉවත් වන ලෙස කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමෙන් පසු පවුලේ අයට වෙඩි තබා මරා දැමූ බවයි. මියගිය අය අතර 2014 සහ 2018 වසරවල උපත ලැබූ දරුවන් දෙදෙනෙකු ද වන බව කාර්යාලය වැඩිදුරටත් සඳහන් කර තිබේ.

රුසියානු නිල විමර්ශන කමිටුව නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ “මූලික තොරතුරු වලට අනුව, අපරාධයට හේතුව ගෘහස්ථ ගැටුමක්” බවයි. රුසියානු ටෙලිග්‍රෑම් නාලිකාවක් වන Baza වාර්තාකර ඇත්තේ “ලාංඡනයක් නොමැති හමුදා ඇඳුමට සමාන ඇඳුමකින් සැරසී සිටි නාඳුනන පිරිස හා නිවැසියන් අතර ගැටුමක් වී ඇති” බවයි. රුසියානු විමර්ශකයින් පෙරදිග සිට පැමිණි රුසියානු සොල්දාදුවන් බව පවසන පිරිමි සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ප්‍රහාරය සම්බන්ධයෙන් යුක්‍රේනය සහ රුසියාව වෙන වෙනම පරීක්ෂණ ආරම්භ කර ඇති බව සඳහන් වනවා.

-BBC News ඇසුරෙනි- by Vitaly Shevchenko, Jaroslav Lukiv.

Photo Credits: DONETSK REGION PROSECUTOR’S OFFICE

Latest news

සිල්වර් ඩෝන් සුඛෝපභෝගී නෞකාවේ ශ්‍රී ලංකා සංචාරය

සිල්වර් ඩෝන් නැමැති අතිසුඛෝපභෝගී මගී නෞකාව  ඊයේ ( 09) ගාල්ල වරායට පැමිණ තිබේ.සංචාරකයන් 596 දෙනෙකු රැගත් මෙම නෞකාව දින 141ක ලෝක සංචාරයක...

ගාල්ල බන්ධනාගාරයේ කාන්තා වාට්ටුවෙන් සොයාගත් ජීව උණ්ඩ

ගාල්ල බන්ධනාගාරයේ තිබී ජීව උණ්ඩ කිහිපයක් සොයාගෙන තිබෙනවා.ඒ බන්ධනාගාර නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමකදීයි. බන්ධනාගාරයේ කාන්තා රැඳවූවන් රඳවා...

අද දවසේ වැසි ඇතිවන ප්‍රදේශ සහ ඉර මුදුන් වන ප්‍රදේශ

අද (අප්‍රේල් 07) දිනයේදී උතුරු, උතුරු-මැද, මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණු පළාත්වල ප.ව 1.00 න් පසුව තැනින් තැන වැසි...

ජනපති අනුරගේ පාස්කු ඉරුදින පණිවිඩය

දුකට පත් ජනතාවගේ ගැලවීම වෙනුවෙන් සිය ජීවිතය කැප කළ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසප්‍රාප්තියෙන් පසු මරණයේ අඳුර පරාජය කරමින් උත්ථානය...
- Advertisement -spot_img

ගාල්ල බන්ධනාගාරයේ කාන්තා වාට්ටුවෙන් සොයාගත් ජීව උණ්ඩ

ගාල්ල බන්ධනාගාරයේ තිබී ජීව උණ්ඩ කිහිපයක් සොයාගෙන තිබෙනවා.ඒ බන්ධනාගාර නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමකදීයි. බන්ධනාගාරයේ කාන්තා රැඳවූවන් රඳවා...

රත් දෝතළු – 65

රත් දෝතළු - 65 මා නිසා අහස්ගේ කාර්යයන් පහසුව ඇති බව විනිෆ්‍රීඩා මහත්මිය මා සමඟ කීවාය. බොහෝ විට මම ඔහුගේ...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you