More
    NewsRussia Ukraine war එකම පවුලේ නවදෙනෙකු වෙඩි තබා ඝාතනය...

    Russia Ukraine war එකම පවුලේ නවදෙනෙකු වෙඩි තබා ඝාතනය කෙරේ

    -

    spot_img

    Russia Ukraine war – රුසියාව විසින් අත්පත් කරගෙන සිටින නැගෙනහිර යුක්‍රේනයේ Volnovakha නගරයේ නිවසක් තුළ තිබී ලේ තැවරුණු සහ වෙඩි උණ්ඩවලින් වැසී ගිය සිරුරු කිහිපයක් සොයාගෙන ඇතැයි වාර්තා වනවා. මෙසේ හමුව ඇත්තේ වෙඩි තබා ඝාතනය කරන ලද බවට විශ්වාස කරන කුඩා ළමුන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් 9 දෙනෙකුගේ මළසිරුරුයි. ලේ තැවරුණු මල සිරුරු එකිනෙකා තදින් වැළඳ ගනිමින් ඇඳන් මත විසිර තිබෙන අයුරු දැක්වෙන ඡායාරූප සමාජ මාධ්‍ය තුළ සංසරණය වන ආකාරයද දක්නට ලැබේ. යුක්‍රේන බලධාරීන් පවසන්නේ රුසියානු සොල්දාදුවන්ට තම නිවස ලබා දීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් පසුගිය 27 වනදා මෙසේ ඔවුන්ව ඝාතනය කරන්නට ඇතැයි තමන් විශ්වාස කරන බවයි.

    යුක්‍රේන ඔම්බුඩ්ස්මන් Dmytro Lubinets ඊයේ [30 වෙනි සඳුදා] ප්‍රකාශ කර තිබුණේ වොල්නොවාකා ඝාතනයට “රුසියානුවන්ගේ ලේ වැගිරෙන දෑත් සම්බන්ධ වූ” බවයි. “මූලික තොරතුරු වලට අනුව, පදිංචිකරුවන් විසින් උපන්දිනයක් සමරමින් සිටි අවස්ථාවක චෙච්නියානු පදිංචිකරුවන්ට තමන්ගේ නිවස ලබා දීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් පවුලම මරා දමා ඇත,” යනුවෙන් ඔහු ටෙලිග්‍රෑම් පණිවිඩයක සඳහන් කර තිබිණි. යුක්‍රේන පාලනය යටතේ පවතින Donetsk හි උසාවි කටයුතු කාර්යාලය, මූලික තොරතුරු උපුටා දක්වමින් පවසන්නේ, හමුදා නිල ඇඳුමින් පැමිණි ප්‍රහාරකයින් නිවසින් ඉවත් වන ලෙස කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමෙන් පසු පවුලේ අයට වෙඩි තබා මරා දැමූ බවයි. මියගිය අය අතර 2014 සහ 2018 වසරවල උපත ලැබූ දරුවන් දෙදෙනෙකු ද වන බව කාර්යාලය වැඩිදුරටත් සඳහන් කර තිබේ.

    රුසියානු නිල විමර්ශන කමිටුව නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ “මූලික තොරතුරු වලට අනුව, අපරාධයට හේතුව ගෘහස්ථ ගැටුමක්” බවයි. රුසියානු ටෙලිග්‍රෑම් නාලිකාවක් වන Baza වාර්තාකර ඇත්තේ “ලාංඡනයක් නොමැති හමුදා ඇඳුමට සමාන ඇඳුමකින් සැරසී සිටි නාඳුනන පිරිස හා නිවැසියන් අතර ගැටුමක් වී ඇති” බවයි. රුසියානු විමර්ශකයින් පෙරදිග සිට පැමිණි රුසියානු සොල්දාදුවන් බව පවසන පිරිමි සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ප්‍රහාරය සම්බන්ධයෙන් යුක්‍රේනය සහ රුසියාව වෙන වෙනම පරීක්ෂණ ආරම්භ කර ඇති බව සඳහන් වනවා.

    -BBC News ඇසුරෙනි- by Vitaly Shevchenko, Jaroslav Lukiv.

    Photo Credits: DONETSK REGION PROSECUTOR’S OFFICE

    Latest news

    ඉරානයේ උත්තරීතර නායකයාට එරෙහිව ඉරානය පුරා විරෝධතා

    ඉරානයේ උත්තරීතර නොසන්සුන්කාරී තත්ත්වය ඉරානයේ පළාත් 31 පුරාම ව්‍යාප්ත වී ඇති අතර, මේ වන විට ළමුන් 05 ක් ඇතුළුව...

    තමා තවමත් වෙනිසියුලාවේ ජනාධිපතිවරයා බව මදුරෝ අධිකරණය හමුවේ ප්‍රකාශ කරයි

    වෙනිසියුලාවේ ජනාධිපති නිකොලාස් මදුරෝ, නිව්යෝර්ක් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව, අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී තමා තවමත්...

    ද්විත්ව පුරවැසියන්ටත් කටුනායක ගුවන්තොටුපළේදීම තාවකාලික රියැදුරු බලපත්‍රයක්

    විදේශගතව සිට පැමිණෙන මෙරට පුරවැසියන්ට සහ ද්විත්ව පුරවැසියන්ටත් කටුනායක ගුවන්තොටුපළේදීම තාවකාලික රියැදුරු බලපත්‍රය ලබා දීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව...

    මොරගහකන්ද ජලාශය වාන් දැමීමට ඇති හැකියාව සම්බන්ධයෙන් දැනුවත් කිරීමක්

    අධික වර්ෂා තත්ත්වය නිසා ඉදිරියේදී මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමට සිදුවීමේ සම්භාවිතාවක් පවතින බව මහවැලි අධිකාරිය පවසනවා. අද (18)...
    - Advertisement -spot_img

    මැටීගේ කපුටු ප්‍රේමය

    මැටීගේ කපුටු ප්‍රේමය සොබාදහම විටෙක ආවේගශීලී බව මම දැන සිටියෙමි. එබැවින් මම ජීවත්වුණේ ඉතා පරිස්සමිනි. පළමු වරට කූඩුවෙන් පිටවීමට...

    Blackheads ගැටළුවට විසඳුමක්

    Blackheads කියන්නෙ ගොඩක් අයට තියෙන රූපලාවන්‍ය ගැටළුවක්. මේකට වයස බලපෑමක් නැහැ. තරුණ වයසෙ ඉඳලා මැදිවිය දක්වාම ගොඩක් අය මුහුණ...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page