NovelsPini Muthu PalasaPini Muthu Palasa පිනි මුතු පලස - 65

Pini Muthu Palasa පිනි මුතු පලස – 65

-

spot_img

Pini Muthu Palasa පිනි මුතු පලස

මම දොරඟුලට අත තැබුවේ දෙගිඩියාවෙනි. ඒ කටහඬ කාගේද කියා සිතන්නට මම උත්සාහ කළෙමි.

“කවුද චූටි දුව…?”

මා අසලට ආ අම්මා පහත් හඬින් අසන විට මම කළේ දෙවුර සැළීමය. සෙමෙන් දොර විවර කරන විට දොරකඩ සිටියේ පූජිතගේ මිතුරෙකුය.පෙරදිනක මා කැඳවා ගෙන යෑමට පූජිත සමඟ පැමිණියේ ඔහු බව මට වහා සිහි විය. ලොරිය ගැන සොයා බලන්නට පූජිත කීප වතාවක් ඔහු සමඟ එහේ මෙහේ ගියේය.

“මහේල අයියේ ඔයා…කෝ පූජිත…?”

පූජිත පෙනෙන්නට නොසිටි නිසා මම පුදුමයෙන් ඇසීමි.

“පූජිතට හදිසි වැඩක් වැටිලා…මට කිව්වා ඔයාව එක්ක එන්න කියලා…”

ඔහු පැවසුවේ කළබලයෙන් මෙනි. මා ඔහු සමඟ තනිවම යන්නේ කෙසේද කියා සිතමින් අම්මා දෙස බැලීමි.

“ඒ මොකෝ ළමයෝ…අපි උදේ ඉඳන් බලන් ඉන්නේ…අනික මේ රෑ වෙලා දුවව තනියම යවන්න බැහැනේ…”

අම්මා දොරකඩින් මෑත්ව ඉස්තෝප්පුවට බසිමින් පාරේ පසෙක නවතා ඇති වෑන් රථය දෙසත් බලමින් කීවේ සැකමුසු හඬකිනි.

“නැහැ නැන්දා…මම තනියම නෙවේ ආවේ…නිරෝෂා නංගියි…ඉස්සරහ ගෙදර දීපිකා අක්කයි ඉන්නවා…”

“අනේ ළමයෝ…ඉතින් ගෙට කතා කරන්නකෝ…තේ ටිකක් බීලම යමු…”

අම්මා කීවාය.

“නිරෝෂාලත් ඇවිත්ද…?”

මම වාහනය දෙසට දිව ආවෙමි. මා එනු දැකදෝ ඔවුන් දෙදෙනම රථයෙන් බැස ගත්හ.

“ඇයි අනේ මේ පිට මිනිස්සු වගේ…එන්න එන්න…ඇතුළට යමු…දීපිකා අක්කේ එන්න…”

මම ඇගේ අතින් අල්ලා ගනිමින් කියන විට ඇයත් නිරෝෂාත් මුහුණින් මුහුණ බලා ගත්තේ දෙගිඩියාවෙන් මෙනි.

“තේ එපා අක්කේ…දැන් බොන්න බැහැ… ඔයා එන්නකෝ ලෑස්ති වෙලා…”

කුමක් හෝ අමුතු යමක් සිදුව ඇතැයි කියා මට ඒ මොහොතේවත් නිකමට හෝ සිතුණේම නැත.

“එන්න අනේ…”

එවර මම නිරෝෂාගේ අතින් අල්ලාගෙන ඇයව බලෙන් ඇදන් එන්නට උත්සාහ දරන විට ඈ මුවින් එක්වරම ඉකි හඬක් පිට විය. මම පුදුමයෙන් ඈ දෙසත් දීපිකා අක්කා දෙසත් බැලීමි.

“නිරෝෂා මොකද මේ…ඇයි…?”

මම නිරෝෂා විමසුවේත් අම්මාගේ විළාප හඬ ඇසුණේත් තරුෂි මා දෙසට දිව ආවේත් එක්වරමය. සියල්ල සිදුවූයේ එකම මොහොතකය.

“නංගී…….පූජිතට වෙඩි තියලා…”

මට එය ඇසුණේ ඈත ලොවකින් මෙනි. මා හිස කැරකෙන්නට විය. දෑස් නිලංකාරව යනු පමණක් මට මතකය.
——————————————————————————————————
මා සිටියේ අවසිහියෙන් මෙනි. මෙය නම් මම කිසිවිටක බලාපොරොත්තු නොවූවකි. පූජිතට වෙඩි තැබුවේ නාඳුනන පිරිසක් විසින් යැයි කියනු ඇසිණි. නාඳුනන පිරිසක් නම් නිවස ඉදිරිපිටම වෙඩි තබාවිද..? මට සිතුණේ එසේය. අයියාගේ විවාහ උත්සවයට ඒමට සූදානම්ව ඔහු පාරට පැමිණියේ වෑන් රථය ප්‍රමාද මන්දැයි බැලීමට බව අම්මා හඬා හඬා පැමිණි අය සමඟ කියනු මා සවන් වැකිණි. දේහය අසල හිඳ ඈ විලාප තැබුවාය.

“අනේ…මගේ කොල්ලට කරපු අපරාදේ…හෙණ ගහනවා ඕකුන්ට…”

මා සිතද ඉහිළුම් නොදෙයි. ඔහුට මෙවන් දෙයක් වෙනු ඇතැයි කියා මම සිහිනෙන් හෝ නොසිතුවෙමි. ජීවිතය අවසන් කාලයේ ඔහු වෙනස්ම මිනිසෙකු විය. ඔහු පෙර සිටි පූජිත ලෙසම මිය ගියා නම් මා සිතට මෙතරම් වේදනාවක් නොදැනෙනු ඇත. නිරෝෂාත්, තරුෂිත් මා අසල සිටීම මා සිතට සහනයක් විය.
පූජිත නමින් මා දෑසේ කඳුළක් උපදිනු ඇතැයි කියා මා සිතුවේම නැත. මන්ද මා මීට පෙර ඔහුට වෛර කළ බැවිනි. පසුගිය කාලයේ ඔහු හැසිරුණු අයුරු, සෙනහස දැක් වූ සැටි යළි යළිත් සිහි වන විට මට එය දරා සිටීමට අසීරු විය.

“පූජිතයියා පව් නේද අක්කේ…අනේ එයා… පස්සේ පස්සේ හුඟක් වෙනස් කෙනෙක් වුණා…”

නිරෝෂා හඬමින් කියන විට මගේ කඳුළුද අලුත් වන්නට විය. රාජකරුණා පැමිණි විට අම්මා ඔහුට ශාප කරමින් එළවා දමන්නට උත්සාහ කළාය.

“මම මේකට සම්බන්ධ නැහැ….මාත් හොයනවා මේක කරපු එකා කවුද කියලා…”

කිහිප දෙනෙකු අම්මා ඉවතට ඇදගෙන ගියද ඇගේ ශාප කිරිල්ල නම් නැවතුණේ නැත. පැමිණි සැණින් රාජකරුණා පිටව ගියේ ලැජ්ජාවෙන් බව නිරෝෂා පසු විටක මා සමඟ කීවාය. තරුෂිත් නිරෝෂාත් මා කැඳවාගෙන පැමිණියේ බත් කටක් හෝ කන්නට කියාය. කෑමට පිරියක් මා තුළ නොවීය. අක්කාද එහි පැමිණියේ එවිටය. ඈ පැමිණි බවක් වත් මම දැන නොසිටියෙමි. ඈ හඬනු දැක මම මවිත වීමි.

“මොකද තමුසේ අඬන්නේ….පූජිත තමුසෙගේ කවුද…?”

අක්කා වටපිට බලන්නට වූයේ ලැජ්ජාවෙන් මෙනි.

“අනේ…ඇයි චූටි නංගී ඔහොම කතා කරන්නේ…?”

“තමුසෙගේ කිඹුල් කඳුළු පිහා ගන්නවා…හරියට නිකන් පූජිතව දැන හඳුනන් හිටියා වගේ…ඔය කඳුළු තියාගන්නවා තමුසෙගේ මිනිහා මැරුණාම අඬන්න…බොරු සෝබන දාන්න එපා…”

එවන් මොහොතක මෙවන් දෙයක් කීමට තරම් මා මුවට වචන කෙසේ ආවාද කියාවත් මම නොදනිමි. හුනස්නෙන් නැඟිට විත් මම නිරෝෂාගේ කාමරයට විත් යහන මත වැතිර ඉකිබිඳිමින් හැඬුවෙමි. තරුෂි නිහඬවම මා අසල හිඳීම මා සිතට සහනයක් විය. රජිව් සමඟ චිත්‍රා මිස් කමල් අයියා සහ ප්‍රේමා නැන්දාද පූජිතගේ අවමංගල්‍යයට සහභාගී වූහ. රජිව් දුටු සැනින් මා සිතේ දුක අලුත් විණි.

“හිත හයියට තියා ගන්න දරුවෝ…ඔයා මීට වඩා දේවල් දරා ගත්ත කෙනෙක්…හිත හදාගන්න අමාරුයි තමා…ඒත්…මේක වෙන්නැති අපේ ජිවිත වල ලැබීම…”

මා හඬන විට චිත්‍රා මිස් කීවේ මගේ හිස පිරිමදිමිනි. ඇගේත් සැමියා මියගොසිනි. අප දෙදෙනාම එක හා සමාන නිසා ඈ එසේ කීවා වන්නට ඇත.

“මොන දෙයක් කළත් මූ ගමේ එකාලට හිත හොඳ එකා…පස්සේ පස්සේ හොඳට හිටියානේ…”

කිසිවෙකු පවසනු මා සවන් වැකිණි.

“හොඳ වුණ එක තමා නරකට හිටියේ…දැන් ඉතින් කවුද මේ අපරාදෙ කරපු එකා ගැන හොයන්නේ…?”

“කාට කියන්නද මේවා…දෙවියෝ ඉන්නවා නම් ඕකුන්ට දඬුවම් ලැබෙයි…”

“මේක නම් අරූගේ වැඩක්…ලැජ්ජාවක් නැතුව ඕකා ආවානේ මෙතන්ට…”

“ඕකුන්ට කොහෙන්ද ලැජ්ජාවක්…”

එවන් දේවල් එහෙන් මෙහෙන් සවන් වැකෙණ විට මා සිත අලුත් වූ ගින්නකින් ඇවිළී ගියේය. අවමඟුල් කටයුතු අවසන් වූ පසුව නිවස තුළ වූයේ දැරිය නොහැකි පාළුවකි. සත් දවසේ දානයෙන් පසුව තරුෂි නිවසට ගියේ කමල් සමඟය.

“දැන් මොකද චූටි දුව කරන්න හිතන් ඉන්නේ…?”

මෙතෙක් දිනක් මෙහි රැඳී සිටි අම්මාද පිටව යන්නට සූදානම්ව මා විමසුවාය. ජීවිතය පිළිබඳව මට මහ මෙරක් තරම් බලාපොරොත්තු නොතිබිණි. දැන් කියාද වෙනසක් නැත.

“මම දන්නේ නැහැ…මම මොකුත් හිතලා නැහැ…”

“තුන් මාසේ දානේ වෙනකල් ඔයාට ගෙදරට වෙලා ඉන්න වෙනවා…මාත් එන්නම් ඇවිත් ඇවිත් යන්න…”

සමුගන්නට සූදානම්ව අම්මා මා හිස අතගා මුව සිප ගත්තද මා සිතට නම් ඇගේ සෙනෙහස දැනුණේම නැත. ඉදිරියේදී මා කුමක් කළ යුතුද කියා මම සිතන්නට වූයෙමි. දින ගත වන බවක් හෝ මට නොදැනිණි. තරුෂිත් කමලුත් සතියට වතාවක් වත් පැමිණ ගියෝය. තනිව සිටින විට දැනෙන පාළුවට වඩා ඔවුන් කිසිවෙකු පැමිණ යන විට දැනෙන පාළුව සාංකාව දරා ගැනීමට ඉතාමත් අසීරු විය. නිරෝෂා, මල්ලිකා නැන්දා, දීපිකා අක්කා නිතර නිතර නිවසට පැමිණ යෑම යම්තාක් දුරට හෝ අස්වැසිල්ලක් විය.
——————————————————————————————————
තෙමසක් ඉක්ම ගියේ විදුලි වේගයෙනි. තුන් මාසයේ දානයට ගමේ හැමෝම මෙන් ලබා දුන් සහයෝගය අගේ කළ යුතුය. රජිව්, කමල්, තරුෂි පිරිතටත් දානයදාත් හිඳ අපට සහාය වූහ. දානයෙන් දින කීපයකට පසුව අම්මා මා නිවසට කැඳවාගෙන පැමිණියේ ටික දිනක් නවතින ලෙස පවසමිනි. නමුත් මේ නිවසේ මට දැනුණේ මා පූජිතගේ නිවසේ සිටියාටත් වඩා මහා ආගන්තුක හුදකලා බවකි. අයියාගේ බිරිඳ නිශා මා සමඟ හිතවත් වුවද අයියා මා පැමිණියාට එතරම් කැමැත්තක් නොමැති බව මට වැටහිණි.

“මොනවා කරන්නද චූටි නංගී…ජීවිතේ ඔහොම තමා…අපි හිතන පතන දේවල් නෙවේනේ සිද්ධ වෙන්නේ…”

නිශා කීවේ මා සිත සැනසීමට මෙනි. පූජිත අහිමි වීමත් සමඟ මම තව තවත් අසරණ වූ බවක් මට හැඟිණි. ආතක් පාතක් නැති අයෙකු සේ මට මා ගැනම හැඟිණි. ආත්මානුකම්පාවෙන් මා සිත බර විය. මේ නිවසේ වුවද මට දිගු කාලයක් නැවතී සිටිය නොහැක. කාමරයේ ජනේලය අසලට වී මම පාරේ යනෙන පාසල් ළමුන් දෙස බලා සිටියේ ශෝකී හදිනි. යළිත් එවන් දිවියක් නම් නොලැබෙනු ඇති බව සිතන විට සිත අලුත් වූ දුකකින් පිරිණි. දුව ගොස් ඒ අතීතයේ නවතින්නට තිබුණා නම්…? මා මුවින් සුසුමක් ගිළිහී ගියේ නොදැනුවත්වමය. එදා සිටි මිතුරන් අද නැත. තරුෂි නම් එදා මෙන්ම අදත් මා ළඟින්ම හිඳී. මොන දෙයක් සිදු වුවත් ඈ මා සොයා දිව එන්නේ පෙරදා තරම් ලෙංගතු සිතකිනි.

“චූටි නංගී…”

අක්කාගේ හඬින් මා සිතුවිළි දැහැන බිද වැටිණි. ඈ කාමරයට එබෙන විට මම ඇයව නොතකා හරිමින් ජනේලයෙන් පිටතටම දෑස් යොමා සිටියෙමි. නෙත් කොණින් හෝ ඈ දෙස බලන්නට මට වුවමනා නොවිණි. මේ මොහොතේ ඈ මෙහි පැමිණියේ කුමකටද කියා මම සිතුවේ මවිතයෙනි. මට ඇයත් සමඟ කිසිදු කතා බහක් නැත.

-21 වන සඳුදා නැවත හමුවෙමු-

Latest news

සිල්වර් ඩෝන් සුඛෝපභෝගී නෞකාවේ ශ්‍රී ලංකා සංචාරය

සිල්වර් ඩෝන් නැමැති අතිසුඛෝපභෝගී මගී නෞකාව  ඊයේ ( 09) ගාල්ල වරායට පැමිණ තිබේ.සංචාරකයන් 596 දෙනෙකු රැගත් මෙම නෞකාව දින 141ක ලෝක සංචාරයක...

ගාල්ල බන්ධනාගාරයේ කාන්තා වාට්ටුවෙන් සොයාගත් ජීව උණ්ඩ

ගාල්ල බන්ධනාගාරයේ තිබී ජීව උණ්ඩ කිහිපයක් සොයාගෙන තිබෙනවා.ඒ බන්ධනාගාර නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමකදීයි. බන්ධනාගාරයේ කාන්තා රැඳවූවන් රඳවා...

අද දවසේ වැසි ඇතිවන ප්‍රදේශ සහ ඉර මුදුන් වන ප්‍රදේශ

අද (අප්‍රේල් 07) දිනයේදී උතුරු, උතුරු-මැද, මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණු පළාත්වල ප.ව 1.00 න් පසුව තැනින් තැන වැසි...

ජනපති අනුරගේ පාස්කු ඉරුදින පණිවිඩය

දුකට පත් ජනතාවගේ ගැලවීම වෙනුවෙන් සිය ජීවිතය කැප කළ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසප්‍රාප්තියෙන් පසු මරණයේ අඳුර පරාජය කරමින් උත්ථානය...
- Advertisement -spot_img

රත් දෝතළු – 65

රත් දෝතළු - 65 මා නිසා අහස්ගේ කාර්යයන් පහසුව ඇති බව විනිෆ්‍රීඩා මහත්මිය මා සමඟ කීවාය. බොහෝ විට මම ඔහුගේ...

අහඹු සිදුවීම් ජිවිතේ වෙනස් කරනව

අහඹු සිදුවීම් ජිවිතේ වෙනස් කරනව - It Was Just an Accident හැමදේකටම හේතුවක් තියෙනව. අපි අහම්බයක් කියලා හිතන දෙයක් වුණත්...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you