More
    NovelsPini Muthu PalasaPini Muthu Palasa පිනි මුතු පලස - 58

    Pini Muthu Palasa පිනි මුතු පලස – 58

    -

    spot_img

    Pini Muthu Palasa පිනි මුතු පලස

    කෑම මේසය අස්පස් කරමින් සිටින විට පූජිතද කල් මරමින් එහි ගැවසුණේය. මම ඔහුව තැකීමක් නොකළෙමි.

    “අද පෝයනේ…හවස පන්සල් යමු…”

    ඔහු එසේ පැවසුවේ මට ඇසෙන්නටය. මම පුදුම වූයේ මේ පූජිතමදැයි කියාය. මීට පෙර එකම එක් වතාවක් පමණක් ඔහු අප සමඟ පන්සල් යෑමට පැමිණියේය. සියල්ල මට ප්‍රහේළිකාවකි. මා සිතුවේ පූජිත මා නිවසට කැඳවාගෙන පැමිණි සැණින් මට පහර දී පළිගනු ඇතැයි කියා මුත් එවැන්නක් සිදු නොවීය. අම්මා දිදුලන දෑසින් මදෙස බලනු මා දෑසට හසු විය. නිරෝෂා පසුපස දොරින් ගෙතුළට ආවේ මම මුළුතැන්ගෙයට යෑමට සූදානම් වන විටය.

    “ඔයාලා උදේට කාලද ඉන්නේ…? අපේ අම්මා වැලි තලප හැදුවා…”

    ඈ වැලිතළප පිඟාන මේසය මත තබමින් කීවාය.

    “ෂා…මරුනේ…”

    පූජිත වහා එයින් එකක් අතට ගත්තේ රස බලන්නට යැයි මා සිතුවද ඔහු එය ළංකළේ මා මුවටය.

    “කෝ ඉතින් කට අරිනවා…”

    මම පුදුමයෙන් බලා සිටින විට ඔහු කීය. මා මුව විවර වූයේ ඉබේමය. විවාහ වූ මුල් දිනවලද ඔහු මට සැළකුවේ මෙසේය. නමුත් ඒ සියල්ල ඉතා ඉක්මනින් වෙනස් විය. මෙයත් ඔහුගේ පැරණි මායම් වලින් තවත් මායමක් කියා මට සිතිණි. නිරෝෂා විසල් කොට ගත් දෑසින් බලා සිටියාය. ඉතිරි කැබැල්ල පූජිත මුවේ දමා ගෙන රස බැලුවේය.

    “ෂා මරු…”

    ඔහු එය කටේ පුරෝගෙන කීවේය.

    “අපි හවස පන්සල් යනවා…අපි එක්ක යමු…නැන්දටත් කියහන්…”

    පූජිත එසේ කියා තවත් වැලි තළප කැබැල්ලක් රැගෙන ඉවතට යන විට නිරෝෂා අදහාගන්නට නොහැකි යමක් ඇසූ දුටු කලෙක මෙන් දෑස් විදහා මදෙස බලා සිටින විට මම මුළුතැන්ගෙයට පැමිණියෙමි.

    “අක්කේ…”

    ඇයද මා අමතමින් මා පසුපසම පැමිණියාය.

    “මොකක්ද අක්කේ මේ මනුස්සයාට වෙලා තියෙන්නේ…ඔළුව වද්දගෙනද කොහේ හරි…?”

    ඈ රහසින් මෙන් විමසුවාය. මමද සිටියේ කිසිත් සිතා ගන්නට නොහැකිවය. එසේ තිබියදීත් ඇගේ පැනයට කෙසේ පිළිතුරු දෙන්නද..?

    “පූජිතයියා මීට කළිනුත් ඔහොම ඉඳලා තියේද අක්කේ…?”

    එය එසේ වූවා නම් කියා මාද සිතුවේ මීට පෙරය. නමුත් ඔහු වැන්නෙකු විශ්වාස කිරීමට තරම් මා යළිත් වරක් මෝඩියක නොවෙමි. කොයි යම් මොහොතක හෝ ඔහු බීමතින් පැමිණි විටක පෙර තිරිසන් ගති ඉස්මතු වනු නැති බවක් කා හට නම් සහතිකව පැවසිය හැකිද…? මා නිවසින් පැන ගියේ වෙනත් මිනිසෙකු සමඟ යැයි ඔහු නොකියා සිටීවිද…? බීමත් වූ විට මිනිසුන් තිරිසනුන් වේ. මේ පූජිතගේ ස්වභාවය නොවූ බැවින් මා තරමක බියකින් පසු වූ බව සැබෑවක් මුත් ජීවිතය පිළිබඳව බලාපොරොත්තුවක් හෝ ජීවත් වීමට ආසාවක් නොවූ බැවින් මම එන ඕනෑම දෙයකට මුහුණ දීමට සූදානම් වී සිටියෙමි. සවස පන්සල් යෑමට වුවමනා සියල්ල සූදානම් කළේ පූජිතය. අහළ පහළ නිවෙස් වලින් නෙළා ගත් මල් වලින් මල් වට්ටි දෙකක් ලස්සන රටාවකට සරසා සූදානම් කරනයුරු මම දුටුවේ ඔහුගේ සුදු කමිසය මදින අතරය. සියල්ල මෙසේ සිදුවන අතරේ මසිත ඉගිළ ගියේ රජිව් සොයාය. ඔහු කුමක් කරනවා වන්නට ඇත්දැයි මම සිතුවෙමි. ප්‍රේමා නැන්දා හෝ චිත්‍රා මිස් ඔහුට ඇමතුමක් දී කැඳවන්නට ඇතිවාට සැක නැත. ඔහු මාරවිල ගියේද මා නිසාම අවුල් වූ සිතිනි. ඔහු මට ආදරය කරන බව නොරහසකි. මම විවාහක ගැහැනියක නොවූවා නම් ඔහුගේ ආදරය දෝත පා පිළිගැනීමට ඉඩ තිබිණි. නමුත් මේ වන විට අප අතර ඇත්තේ බිඳිය නොහැකි බාධකයකි. ඔහුගේ අනාගතය ප්‍රීතිමත්, ලස්සන වූවක් වෙනවා නම් මම ඔහුගෙන් ගව් ගණනක් හෝ දුර යාමට දෙවරක් නොසිතමි.

    “අක්කේ ලැහැස්තිද…?”

    නිරෝෂාගේ හඬ පිටුපස දොරින් ඇතුළුව කාමරයට ගලා ආවේය. හිස පීරා කොණ්ඩය තනි කරලට ගොතා ගත් මම පනාව කන්නාඩි මේසය මත දමා පිටතට ආවෙමි. පූජිතත් අම්මාත් මිදුලට බැස සිටි අතර මාත් නිරෝෂාත් දොර වසා දමා මිදුලට බැස්සෙමු. මල්ලිකා නැන්දා පාර දිගේ විත් ගේට්ටුව අසළින් නැවතුණේ අපි එන තුරුය. ගේට්ටුවෙන් පිටතට වන් ඇසිල්ලේ පූජිත මගේ අතැඟිලි පටලා ගත් අතර මා ගත වෙවුළුවා ගියේ ඔහුගේ ස්පර්ෂයෙන් නොව පාරේ අනෙක් පස නවතා තිබූ යතුරු පැදියක සිටි යතුරු පැදි කරු දැකය. ඒ අන් කිසිවෙකු නොව රජිව්ය. මා ගත අප්‍රාණිකව යන බවක් මට දැනිණි.

    ඔහු කොපමණ වේලාවක් එහි රැඳි සිටින්නට ඇත්ද…? ඔහු පැමිණියේ මා පිළිබඳව තොරතුරක් දැන ගැනීමට වන්නට ඇති බව සහතිකය. යතුරු පැදිය පණ ගන්වා ගත් ඔහු එය මාවතේ ඉදිරියට පදවාගෙන ගියේ අප දෙස නොබලමිනි. හැරී බලන්නට මට නොහැකිය. පූජිතගේත් මගේත් එකට පැටළුණු දෑත් දැක ඔහු කුමක් සිතුවා වන්නට ඇතිද..? වරදකාරී හැඟීමක් සමඟ මා සිතේ පූජිත කෙරෙහි ඇති වූයේ නොපහන් හැඟීමකි. මා පූජිත සමඟ සතුටින් සිටිනවා යැයි ඔහු සිතුවා වන්නට ඇත. නමුත් එසේ සිතුවත් දැන් කමක් නැත. ඔහු මගේ යැයි කියා ඇඳ බැඳ තබා ගන්නට තරම් කිසිවක් මා සතුව නැත. මා ඔහුගේ අතීතයක් පමණි. ඔහුගේ අනාගතය වෙනත් කිසිවෙකු හා ගොඩ නඟා ගන්නට නම් මා ඒ මාවතෙන් ඉවත් විය යුතුය. පූජිතගේ ග්‍රහණයට හසුව් තිබූ සුරත මුදවා ගන්නට වුවමනා වුවද එයට අවකාශයක් නොවූයේ ඔහු එය දැඩිව අල්ලාගෙන සිටි නිසාය. රජිව්ගේ යතුරු පැදිය නැවත වරක් අප පසුකර ඇදෙන විට මා හද ගැස්ම වේගවත් විය.

    පන්සල් භූමියේ වූ නිස්කලංක බව මා සිතේ අහළකවත් නොමැත. මා සිතුවිළි සැරි සැරුවේ රජිව් වටාය. බෝධිය අසල සුදු වැලි ඇතිරූ බිම මත හිඳගෙන දෑස් පියාගෙන මම උත්සහ දැරුවේ සසල වූ මා සිත නිසල කරගැනුමට වුවද එය අසාර්ථක වූ ප්‍රයත්නයක් වූයේ පියවුණු දෑස් වලින් පවා මට රජිව් පෙනෙන්නට වූ නිසාය. මල් පුදා හඳුන් කූරු පත්තු කළේද මම පුරුද්දට මෙන් මිස කිසිදු හැඟීමකින් නම් නොවේ. ඒ තරමටම මා සිතේ වූයේ විශාල කැළඹීමකි. පූජිත විසින් පහන් තිර දමා සැකසු මැටි පහන් වලට මම පොල්තෙල් වත් කළෙමි. ඔහු දල්වන්නට ගිය එකම පහනකවත් තිර නොදැල්විණි. දැල්වුණ එකම පහන් තිරයද එසැණින් නිවී ගියේය.

    “මෙන්න…ඔයාම පත්තු කරන්න…මටත් එක්කම…එකක් වත් පත්තු වෙන්නේ නැහැ…”

    මඳහසක් පාමින් පූජිත ගිනිපෙට්ටිය මා අතට දෙමින් කීවේය. පෙර ඔහු දැල්වීමට උත්සහ කළ පහන් තිර සියල්ල මා දල්වන විටම ඉතා හොඳින් දැලුවුණේ මාද මවිත කරමිනි. පූජිත එදෙස බලා සිටියේ අමුතු බැල්මකින් බව මම දුටිමි.

    “මගේ පව් බර වැඩි ඇති…නේද…? ඒකනේ එකම පහන් තිරයක් වත් පත්තු වුණේ නැත්තේ…”

    සුසුමක් හෙළූ ඔහු පහත් හඬින් අසන විට මම තිගැස්මෙන් ඔහු දෙස හිස ඔසවා බැලුවේ ඔහු කී දේ නොවැටහුණ නිසාය.

    “ඇයි…එහෙම කියන්නේ…?”

    මා ඇසූ දෙයට පිළිතුරක් නොදුන් පූජිත මා දෙවුර මත දෑත් තබා මා දෑසට නැඹුරු වන විට මම එක එල්ලේ ඔහු දෙස බලා සිටියේ දෑස් විදහා ගෙනය. දැල් වූ පහන් එළියෙන් ඔහුගේ දෑස් දිදුලන බව මට පෙනිණි. මෙවැන්නක් මීට පෙර සිදුව නොතිබූ නිසා මම අපහසුවෙන් ඔහුගේ දෑසින් දෑස් මුදවා ගැනීමට තැත් කළද එය කළ නොහැකි වූයේ ඔහු කුමක් හෝ දෙයක් කියන්නට සූදානමින් සිටින බව දැනුණ නිසාය

    “මංදාකිණි…”

    මගේ උරහිස් මත වූ ඔහුගේ දෑත් තවත් බර කරමින් ඔහු මා ඇමතීය.

    “මට සමාව දෙන්න…මගේ අතින් ඔයාට හුඟාක් වැරදි වුණා…මං පොරොන්දු වෙනවා…ඔයාට…ආයේ කිසිම දවසක මගේ අතින් කිසිම වැරැද්දක් සිද්ධ වෙන්නේ නැහැ කියලා…මම මෝඩයි… ඔයා දන්නවානේ…මං ඉගෙන ගත්තේ නැහැ…අනික් මිනිස්සු කියන ඕනම දෙයක් අහලා මං මෝඩයෙක් වගේ හැසිරෙනවා…එදා වුණෙත් ඒ දේම තමා…ඔයා කා එක්ක හරි කතා කරන්න ඇති…ඒක ඇත්ත වුණා කියමු…කමක් නැහැ…ඒත් ඒක අහලා මම හැසිරුණේ මහා මෝඩයෙක් විදියට…”

    සඳ එළිය වසාගෙන අඳුරු වළාවක් පාවී ගියේය. පූජිත දිගටම කතා කරගෙන ගිය අතර මම අසා සිටියේ හුස්ම නාල්ලාය.

    “මට ඔයාව මරන්න තරම් කේන්තියක් ආවා…ඒ කේන්තියෙන් තමා මම ගෙදර ආවේ…ඔයා එදා ගෙදරින් ගිය එක හොඳයි…නැත්තං මං දන්නෙත් නැහැ මොනවා වෙලාද කියලාවත්…”

    මා ගත හිරි වැටී ගියේය.

    “ආයේ කවදාවත් මගේ අතින් ඔයාට නිය පටකවත් වරදක් වෙන්නේ නැහැ කියලා මං පොරොන්දු වෙනවා…එහෙම වුණොත්…ඔයාට පුළුවන් ඒ වෙලේම මාව දාලා යන්න….මං ඔයාව හොයන් එන්නේ නැහැ…සත්තයි…ඔයාට කවදාවත් කරදරයක් වෙන්නේ නැහැ…මේ පන්සලේ ඉඳන් මම ඔයාට පොරොන්දු වෙනවා… මේ අවස්ථාව මට දෙන්න…”

    ඔහු මේ කතා කරන්නේ සැබෑවටමද? මට අදහා ගන්නට නොහැකිය. මා ඔහු විශ්වාස කළ යුතුද…? පූජිත මෙසේ වෙනස් පුද්ගලයෙකු වූයේ කෙසේද…?

    “අනේ…අනේ…පූජිතයියා…මේ පන්සල… වැදගත් විදියට හැසිරෙන්න…”

    නිරෝෂාගේ හඬ ඇසී ඔහු මා උරහිස මතින් දෑත් ඉවතට ගත්තේ මඳහසක් පාමිනි. මම ගල් ගැසී මෙන් එලෙස බලා සිටින විට පූජිත නිරෝෂාගේ හිසට සෙමෙන් තට්ටුවක් දමමින් ඉවත යන දෙස මම බලා සිටියේ හිස් දෑසින් මෙන්ම හිස් හැඟීමකිනි.

    “අක්කේ…”

    නිරෝෂා මා අමතන විට මම දිගු හුස්මක් පිට කළෙමි.

    “මොකෝ වුණේ අක්කේ…?”

    “මම දන්නේ නැහැ නිරෝෂා…පූජිත හුඟක් වෙනස් වෙලා…”

    “හොඳටද තවත් නරකටද…?”

    ඈ ඇසුවේ විහිළුවට වුවද සිනහවක් මා මුවඟට නොආවේය.

    “කියන්න තරමට හොඳක් එයාට තිබුණේ නැහැනේ මීට කලින්…”

    “එහෙනම් එයා දැන් හොඳට හොඳ වෙලා කියලද කියන්නේ…මටත් එයාගේ මහ අමුතු වෙනසක් නම් තේරුණා තමා…”

    “අනේ මන්දා…මට නම් හිතා ගන්න බැහැ…”

    “එයා ඉස්සර වගේ බොන්නේ නම් නැහැ තමා…අනේ මන්දා අක්කේ…මට නම් පේන්නේ ඉතින් වෙනදා දකින මනුස්සයාවම තමා…ඔයාට වෙනසක් තේරෙනවා ඇත්තේ ඔයා ගොඩ කාලයක් මෙහෙ හිටියෙ නැති නිසා වෙන්නැති…”

    ඔහු වෙනස් අයෙකු වෙන්නට දරන උත්සහය පවා මසිතට ගෙන ආවේ බියමුසු හැඟීමකි.

    “මට තේරෙන්නේ නැහැ නිරෝෂා…මට කියා ගන්න තේරෙන්නේ නැහැ…”

    මම එසේ කියා දැල්වෙන පහන් දෙස බැල්මක් හෙළීමි. ඒවා වඩා හොඳින් දැල්වෙමින් තිබිණි. පූජිත දලවන්නට යන විට ඒවා නොදැල්වුණේ මන්ද කියා මම පුදුම වීමි. මම ඒ බව නිරෝෂා සමඟ කීවෙමි.

    “එහෙම වෙනවා අක්කේ…නරක කාල වලදි…දැන් ඔය හැමදේම ටික ටික හරියයි…”

    ඇගේ කතාව මා සිතේ තිගැස්මක් ඇති කළේය. නිවසින් පිටවන විට රජිව් දැක ඇතිවූ කැලඹීමත්, පූජිත නිසා මා හද තුළ ඇතිවූ කැළඹීමත් සමඟ දෙදෙනා නිසාම අලුතින් හිස මත පැටවුණු බරත් හිස තබාගෙන මම පන්සලෙන් පිටව ආවේ නොසන්සුන් සිතිනි.

    -හෙටත් හමුවෙමු-

    Latest news

    ඉරානයේ උත්තරීතර නායකයාට එරෙහිව ඉරානය පුරා විරෝධතා

    ඉරානයේ උත්තරීතර නොසන්සුන්කාරී තත්ත්වය ඉරානයේ පළාත් 31 පුරාම ව්‍යාප්ත වී ඇති අතර, මේ වන විට ළමුන් 05 ක් ඇතුළුව...

    තමා තවමත් වෙනිසියුලාවේ ජනාධිපතිවරයා බව මදුරෝ අධිකරණය හමුවේ ප්‍රකාශ කරයි

    වෙනිසියුලාවේ ජනාධිපති නිකොලාස් මදුරෝ, නිව්යෝර්ක් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව, අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී තමා තවමත්...

    ද්විත්ව පුරවැසියන්ටත් කටුනායක ගුවන්තොටුපළේදීම තාවකාලික රියැදුරු බලපත්‍රයක්

    විදේශගතව සිට පැමිණෙන මෙරට පුරවැසියන්ට සහ ද්විත්ව පුරවැසියන්ටත් කටුනායක ගුවන්තොටුපළේදීම තාවකාලික රියැදුරු බලපත්‍රය ලබා දීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව...

    මොරගහකන්ද ජලාශය වාන් දැමීමට ඇති හැකියාව සම්බන්ධයෙන් දැනුවත් කිරීමක්

    අධික වර්ෂා තත්ත්වය නිසා ඉදිරියේදී මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමට සිදුවීමේ සම්භාවිතාවක් පවතින බව මහවැලි අධිකාරිය පවසනවා. අද (18)...
    - Advertisement -spot_img

    මැටීගේ කපුටු ප්‍රේමය

    මැටීගේ කපුටු ප්‍රේමය සොබාදහම විටෙක ආවේගශීලී බව මම දැන සිටියෙමි. එබැවින් මම ජීවත්වුණේ ඉතා පරිස්සමිනි. පළමු වරට කූඩුවෙන් පිටවීමට...

    Blackheads ගැටළුවට විසඳුමක්

    Blackheads කියන්නෙ ගොඩක් අයට තියෙන රූපලාවන්‍ය ගැටළුවක්. මේකට වයස බලපෑමක් නැහැ. තරුණ වයසෙ ඉඳලා මැදිවිය දක්වාම ගොඩක් අය මුහුණ...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page