More
    spot_img
    NewsOscar Pistorius පෙම්වතිය මරා දැමූ පැරාලිම්පික් ක්‍රීඩකයා නිදහස්

    Oscar Pistorius පෙම්වතිය මරා දැමූ පැරාලිම්පික් ක්‍රීඩකයා නිදහස්

    -

    spot_img

    Oscar Pistorius – “Blade Runner” යන අන්වර්ථ නාමයෙන් හැඳින්වූ ලෝක ප්‍රකට පැරාලිම්පික් ක්‍රීඩක Oscar Pistorius සිය පෙම්වතිය වන Reeva Steenkamp ඝාතනය කිරීමට වරදකරු වී සිරගතව වසර 11කට පසු දකුණු අප්‍රිකානු සිරකඳවුරකින් නිදහස ලබා තිබේ. 37 හැවිරිදි ඔහු, සිය පෙම්වතියට වෙඩි තබා මරාදැමීමේ සිද්ධියට, සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් 2013 වසරේදී අභියාචනාධිකරණයක් විසින් ලබාදුන් තීන්දුව අවලංගු කිරීමෙන් පසුව 2015 වසරේදී මිනීමැරුම් චෝදනාවට වරදකරු විය.

    Oscar Pistorius

    මිය යන විට 29 වැනි වියේ පසුවූ ඔහුගේ පෙම්වතිය වූ Reeva, නීති උපාධිධාරිනියක් සහ නිරූපිකාවක් වූ අතර ඇය රූපවාහිනී ඉදිරිපත් කරන්නියක් ලෙසද කටයුතු කළ අතර “Tropika Island of Treasure” නම් රියැලිටි වැඩසටහනකද පෙනී සිටියාය. 2013 පෙබරවාරි 14 වැනි දින අළුයම ප්‍රිටෝරියා හි පිහිටි සිය පෙම්වතා වූ Oscar ගේ නිවසේ වැසිකිලි කුටියක තිබී ඇගේ මළසිරුර සොයාගන්නා ලදී. වැසිකිළියේ දොර හරහා පිස්තෝලයකින් තැබූ වෙඩි පහර හතරක් හේතුවෙන් මරණය සිදුවී ඇති බව තහවුරු වූ අතර ඒ වන විට ඔවුන් දෙදෙනාගේ පෙම් සබඳතාවයට මාස තුනකි.

    Reeva Steenkamp

    ඔස්කාර්ගේ පාදවල යටි කොටස් කපා දමා ඇත්තේ ඔහුට වයස අවුරුද්දකට වඩා අඩු කාලයකදීය. පසුව කෘත්‍රීම පාද කෙරෙහි විශ්වාසය තැබූ ඔහු, “බ්ලේඩ් ධාවකයා” ලෙසින් හැඳින්වෙන ලෝක ප්‍රකට මලල ක්‍රීඩකයෙකු බවට පත්විය. 2012 ලන්ඩන් ඔලිම්පික් උළෙලේදී ආබාධිත නොවන ක්‍රීඩක, ක්‍රීඩිකාවන්ට එරෙහිව තරඟ වැදීමෙන් පැරාලිම්පික් තරඟාවලියේදී රන් පදක්කම් කිහිපයක් දිනාගත් ඔහු, ධාවන පථයේ සාර්ථක වෘත්තීය ජීවිතයක් ගත කළේය.

    Oscar Pistorius

    දකුණු අප්‍රිකානු නීතියට අනුව, සියලුම වැරදිකරුවන්ට ඔවුන්ගේ සම්පූර්ණ සිරදඬුවමෙන් අඩක් ගෙවා අවසන් වූ පසු parole සඳහා සලකා බැලීමට හිමිකම් ඇත. දකුණු අප්‍රිකාවේ නිවැරදි කිරීමේ සේවා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ඔහුට ඉහළ මහජන ප්‍රසාදයක් සහ ප්‍රතිරූපයක් ඇති නමුත්, පෙරෝල් මත සිටින සාමාන්‍ය චුදිතයෙකුට සළකනු ඇති බවයි. මෙයින් අදහස් කරන්නේ ඔහුගේ දඬුවම 2029 දී අවසන් වන තුරු පවතින බවත්, නිවසට කොටු වී මත්පැන් පානය කිරීම තහනම් කර ඇති බව සහ මාධ්‍යයට කතා කිරීමට අවසර නොමැති, දැඩි කොන්දේසි යටතේ ඔහුට ජීවත් වීමට සිදුවන බවයි.

    -BBC News ඇසුරෙනි-

    Image Source: Eks Paper / E Online / Getty Image

    Latest news

    School term පළමු පාසල් වාරයේ දෙවන අදියර හෙට ආරම්භ කෙරේ

    School term - 2025 වර්ෂයේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පාසල් වාරයේ දෙවන අදියර හෙට (01) ආරම්භ...

    Petrol bomb attack – පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයකින් දරුවෙකු මරුට

    Petrol bomb attack කළුතර, ගමගොඩ පාර, රජවත්ත ප්‍රදේශයේ නිවසකට එල්ල කළා යැයි සැක කෙරෙන පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයකින් පිළිස්සුම් තුවාල...

    Celebrate Ramadan රාමසාන් උත්සවය අදයි

    Celebrate Ramadan - ඉස්ලාම් බැතිමතුන් මහත් හරසරින් සමරන රාමසාන් උත්සවය අදට (31) යෙදී තිබෙනවා. මාසයක් පුරා පැවති රාමසාන් උපවාසය අවසන්...

    Tsunami Alert ටොංගා දූපතට සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කෙරේ

    Tonga Prompts Brief Tsunami Alert ටොංගා දූපත් ආසන්නයේ රික්ටර් මාපකය 7.1 ක ප්‍රබල භූකම්පනයක් හටගෙන තිබෙනවා ජර්මානු භූ විද්‍යා පර්යේෂණ මධ්‍යස්ථානය...
    - Advertisement -spot_img

    Tsunami Alert ටොංගා දූපතට සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කෙරේ

    Tonga Prompts Brief Tsunami Alert ටොංගා දූපත් ආසන්නයේ රික්ටර් මාපකය 7.1 ක ප්‍රබල භූකම්පනයක් හටගෙන තිබෙනවා ජර්මානු භූ විද්‍යා පර්යේෂණ මධ්‍යස්ථානය...

    Myanmar earthquake මියන්මාර භූකම්පනය මරණ 1,600 ඉක්මවයි

    Myanmar earthquake - මියන්මාර භූකම්පනයෙන් සිදුවූ මරණ ගණන 1,600 ඉක්මවා ඇති අතර අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණායතනය අනතුරු අඟවන්නේ එය...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page