More
    spot_img
    NewsNew Mayor of Colombo කොළඹ පුරපතිනිය රාජකාරී අරඹයි

    New Mayor of Colombo කොළඹ පුරපතිනිය රාජකාරී අරඹයි

    -

    spot_img

    New Mayor of Colombo – කොළඹ නගරයේ ජීවත්වන ජනතාවට ආලෝකයක් ලබාදීමත්, නගරයට යන එන ජනතාවට එය කාර්යක්ෂම නගරයක් බවට පත් කිරීමේ වගකීමත් කොළඹ මහ නගර සභාව වෙත පැවරී ඇති බව කොළඹ නව නගරාධිපතිනි ව්‍රායි කැලී බල්තසාර් පවසනවා.

    ලංකාවේ ධනවත්ම නගරය කොළඹ වුවත්, එහි අඳුරු පැතිකඩ මේ වනවිට කොළඹ වෙලාගෙන ඇති බවත්, අක්‍රමවත් ව්‍යාපෘති හේතුවෙන් කොළඹ විශාල ගැටලු රැසක් ඇතිව තිබෙන බවත්, ඒ සියල්ලට විසඳුම් ලබාදිය යුතු බවයි ඊයේ (18) නගරාධිපති තනතුරේ වැඩ භාර ගැනීමේ අවස්ථා‍වට එක්වෙමින් ඇය සඳහන් කළේ.

    කොළඹ නගරය ලෝකයේ දියුණුතම නගරයක ගුණාංගවලින් සංවර්ධනය කිරීමට සිදුවන බවද, ඩිජිටල්කරණය හරහා සේවා කාර්යක්ෂම කිරීමට හා මහජන බදු මුදල් නාස්තිය අවම කිරීමට බලාපොරොත්තු වන බවද ඇය ප්‍රකාශ කළා.

    කොළඹ නගර සභාවේ පාලනය සිදුවිය යුත්තේ ජනතාව කේන්ද්‍ර කර ගනිමින් බවත්, සාර්ථකත්වය ඇත්තේ පක්ෂ, පාට භේදයකින් තොරව සභිකයින් 117 දෙනාම එකට සාමුහිකව කටයුතු කිරීම තුළ බවත්, එයට සහයෝගය ලබාදෙන ලෙසත් ඇය ඉල්ලා සිටියා.

    දියුණු, තිරසාර, ප්‍රජා මූලික සමාජයක් නිර්මාණය කිරීමට සියලු දෙනාගේ සහයෝගය ලබාදෙන ලෙසයි කොළඹ නව නගරාධිපතිනි ව්‍රායි කැලී බල්තසාර් වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

     

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Latest news

    Keheliyaගේ දියණියන් දෙදෙනා හා බෑණා අත්අඩංගුවට

    Keheliya - මුදල් විශුද්ධිකරණ චෝදනා මත පැවැත්වෙන විමර්ශනයකට අදාළව හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ අනෙක් දියණියන් දෙදෙනා හා බෑණා අත්අඩංගුවට ගෙන...

    To prison කෙහෙලියගේ බිරිඳ සහ දියණියත් බන්ධනාගාරයට

    To prison - කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇප මත මුදා හරින ලද හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ සහ...

    Sl Vs Ban TEST තරගයට වර්ෂාවෙන් බාධා

    Sl Vs Ban TEST - ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු ටෙස්ට් තරගයේ...

    Iran ආධ්‍යාත්මික නායකයාගෙන් නිවේදනයක්

    Iran - ඊශ්‍රායලය විසින් ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කිරීමත් සමඟ දෙරට අතර යුධමය තත්ත්වයක් ඇතිවී තිබෙන අතර මේ වන...
    - Advertisement -spot_img

    Iran ආධ්‍යාත්මික නායකයාගෙන් නිවේදනයක්

    Iran - ඊශ්‍රායලය විසින් ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කිරීමත් සමඟ දෙරට අතර යුධමය තත්ත්වයක් ඇතිවී තිබෙන අතර මේ වන...

    Shefali Shah සමරිසි ප්‍රජාව වෙනුවෙන් කවියක් ලියු නිළියක්

    Shefali Shah නම් බොලිවුඩ් නිළිය ලොව පුරා සමලිංගික ප්‍රජාව වෙනුවෙන් කවියක් ලියා තිබෙනවා. ලෝකය පුරා සමලිංගික ප්‍රජාව සමරන මෙම...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page