Namal karunaratne – නඩු පැමිණෙන විට පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මන්ත්‍රීවරයා උඩ පැන කෑ ගැසීම සම්බන්ධයෙන් පුදුමයක් නොමැති බව නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න පවසනවා.
ඒ අනුව චීන පොහොර නැව් නඩුව, කිරි හරක් නඩුව වැනි නඩු බොහෝමයක් ඉදිරියට පැමිණෙන බවත්, ඒවා එනවිට ඔවුන්ට හිරගෙවල් අලුතෙන් නිර්මාණය කිරීමට සිදුවන බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.
තමන්ට ජම්පර් අන්දවන බවට අභියෝග කරන්නේ ජම්පර් ඇඳි පුද්ගලයෙක් බවද, ජම්පරය ඇඳීම කෙසේ වෙතත් සුළු හෝ වංචාවක් වත්මන් ආණ්ඩුව සිදුකර නොමැති බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.