Murder of a person – මීගමුව, පෙරියමුල්ල ප්‍රදේශයේදී පොල්ලකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා. එලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 44 හැවිරිදි ඩෙල්මාර්වත්ත, හල්ග්‍රන්ඔය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. මරණකරු මීගමුව, පෙරියමුල්ල ප්‍රදේශයේ වෙළඳසැලක සේවය කර ඇති අතර එහිදී හඳුනාගත් පුද්ගලයෙකු සමඟ සිදුකර ඇති මුදල් ගණුදෙනුවක් සම්බන්ධව ආරවුලක් ඇති වී තිබෙනවා.
එහිදී එම පුද්ගලයා විසින් වෙළඳසැල තුළදී පොල්ලකින් පහරදී මෙම ඝාතනය සිදු කර ඇති බවයි විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ. ඝාතනයට සම්බන්ධ සැකකරු හඳුනාගෙන ගෙන ඇති අතර සැකකකරු අත්අඩංගුවට ගැනීම සඳහා මීගමුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.



