More
    Featuresmonkey's Power Cut වඳුරන්ගේ විදුලි විසන්ධිය ගැන විදෙස් විත්ති

    monkey’s Power Cut වඳුරන්ගේ විදුලි විසන්ධිය ගැන විදෙස් විත්ති

    -

    spot_img

    monkey’s Power Cut- විදුලිබල අමාත්‍ය කුමාර ජයකොඩි පැවසු ආකාරයට, ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලයේ පානදුර උප පොළකට වඳුරෙකු සිදුකළ හානියක් හේතුවෙන් පෙරේදා (පෙබ.10) දින පැයක පමණ කාලයක් දිවයින පුරාම විදුලිය විසන්ධි වී තිබිණි. මිට පෙරද විනාඩි 90 කට ආසන්න කාලයක් දිවයිනේ ප්‍රදේශ කිහිපයකට විදුලිය විසන්ධි වීමක් සිදුව තිබු අතර ලංකා විදුලි බල මණ්ඩලය නිවේදනය කර තිබුණේ, නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයක සිදුවූ බිඳවැටීමක් ඊට හේතුවූ බවයි.

    මේ පිළිබඳව බොහෝ විදෙස් මාධ්‍ය තමන්ගේ ප්‍රවෘත්ති සිරස්තලය යොදා තිබුණේ උපහාස රසය දනවන ආකාරයෙනි. India tv news ඒ පිළිබඳව සටහන් කර තිබුණේ “Monkey causes power outage, plunging Sri Lanka into darkness” යනුවෙනි. ලංකාව නිතර, නිතර විදුලි අර්බුදයට මුහුණ දෙන ආකාරයත්, ආර්ථික අර්බුදය වෙනුවෙන් ඉන්දියාව ලංකාවට ලබාදුන් ඇමරිකානු ඩොලර් බිලියන 4 ක ණය ආධාර පිළිබඳවත් එහි සඳහන් විය.

    monkey's Power Cut

    මෙම සිදුවීමට අදාළව BBC ප්‍රවෘත්ති සිරස්තලයක යොදා තිබුණේ “Minister blames monkey for Sri Lanka’s nationwide power cut” යනුවෙනි. එම ප්‍රවෘත්තියෙහි මෙම බිඳවැටීම සම්බන්ධව සමාජ මාධ්‍ය ජාලාවල පළවූ හාස්‍යය මුසු සටහන් සහ ප්‍රකාශ ද උපුටා දක්වා තිබිණි. හින්දු වීර කාව්‍යයක් වන රාමායණයට අනුව “Sri Lanka tasted monkey business in the past” ලෙස Sreeni R තැබූ X සටහන ඉන් එකකි.

    monkey's Power Cut

    “Nationwide power outage in Sri Lanka blamed on a monkey” යනුවෙන් සිය ප්‍රවෘත්ති සිරස්තලය යොදන Sky News වෙබ් අඩවිය, වසර ගණනාවක් තිස්සේ විදුලි ඉංජිනේරුවන් පද්ධතියේ දෝෂ යථා තත්වයට පත් කරන ලෙස ඉල්ලා සිටියත් කිසිදු රජයකින් ඊට නිසි පිළියමක් ලැබී නොමැති බව පවසයි. උපපොළක ඇතිවන දෝෂයකින් සමස්ථ පද්ධතියම ඇණ හිටින්නේනම්, ජාතික විදුලි බල පද්ධතිය කෙතරම් දුර්වල තත්වයක පවතින්නේද යන්න ඔවුන් ප්‍රශ්න කරයි.

    monkey's Power Cut

    ශිෂ්ටාචාරය පැවත එන්නේ වානරයන්ගෙන් බව සැබෑවකි. එහෙත් ලෝකයම අපව හාස්‍යයට ලක් කරමින් ප්‍රවෘත්ති පළ කරන තරමට විෂය භාර අමාත්‍යවරයෙකු මාධ්‍යයට අදහස් දැක්වීම අනුමත කළ හැකිද..? “ගම්මැදි හෑලි” මාධ්‍ය නිවේදන ලෙස ප්‍රසිද්ධ කරන්නට තරම් අනුවණ නිලධාරින් සිටින රටක අපට, පොහොසත් රටක් හෝ ලස්සන හෙටක් බලාපොරොත්තු විය හැකිද..? ඩේලි මිරර් කර්තෘ ජමීලා හුසේන් තැබූ X සටහනක මෙසේ සඳහන් විය. “”Only in Sri Lanka can a group of monkeys fighting inside a power station cause an Islandwide power outage.” අවසානයට කිව හැකි වන්නේ, විදුලි බලයට මෙන්ම රටේ පාලන බලයටද වඳුරන්ගෙන් සිදුවන හානිය සුළු පටු නොවේය යන්න යි.

    Image Source: Reuters

    Latest news

    නුවරඑළියේ සිදු කළ පරීක්ෂාවකදී ධාවනයට නුසුදුසු වාහන 73 ක් ධාවනයෙන් ඉවත් කරේ

    නුවරඑළියේ සිදු කළ හදිසි වායු විමෝචන පරීක්ෂාවකදී, වාහන 73 ක් දින 14 ක කාලයක් සඳහා තාවකාලිකව ධාවනයෙන් ඉවත් කිරීමට...

    අලුතින් පත්ව පැමිණි තානාපතිවරු තිදෙනෙක් ජනපති වෙත සිය අක්තපත්‍ර භාර දෙයි

    මෙරටට අලුතින් පත්ව පැමිණි තානාපතිවරු තිදෙනෙක් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත සිය අක්තපත්‍ර භාරදී තිබෙනවා. 01 - කොළඹ...

    වැල්ලවායේ කුඩු බෙදූ ප්‍රධාන සැකකරුවෙකු අත්අඩංගුවට

    වැල්ලවාය ප්‍රදේශයට හොරොයින් මත්ද්‍රව්‍ය බෙදූ ප්‍රධාන සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.ඒ, පොලීසිය විසින් වැල්ලවාය නගරයේ සිදුකළ වැටලීමකදීයි. සැකකරු සන්තකයේ තිබී අළෙවි...

    ජනපති අනුර රටවල් කිහිපයක නායකයින් නවදිල්ලියේදී හමුවෙයි

    නවදිල්ලි නුවර පැවැත්වෙන ්ෂ ඉම්පැක්ට් 2026 සමුළුවට සහභාගිවී සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා රටවල් කිහිපයක නායකයින් සමග ද්විපාර්ශ්වික...
    - Advertisement -spot_img

    රත් දෝතළු – 38

    රත් දෝතළු - 38 අහස් යනු අමුතුම අයෙකු යැයි කියා මට සිතිණි. වරෙක රළු ලෙසින් කතාබහ කළද සැනෙකින් මෘදු වන්නේ...

    Covid වසංගත සමයේ අපුරු මිතුදමක කතාවක්

    Covid වසංගත සමයේ අපුරු මිතුදමක කතාවක් - Homebound සමහර මිතුරුකම් ලේ නෑකම්වලට වඩා ප්‍රභලයි. අම්මා තාත්තටත් වඩා හදවතට සමීපයි. යහළුවෙක්ට...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page