More
    InterviewsLeonardo Dicaprio බළලුන්ට වගේ මටත් පණ නවයක් තියනවා

    Leonardo Dicaprio බළලුන්ට වගේ මටත් පණ නවයක් තියනවා

    -

    spot_img
    Leonardo Dicaprio – සිනමාව පිළිබඳව එතරම් උනන්දුවක් නොමැති අයෙක් වුවත් ඔහු ගැන දන්නවා. ඔහු,සිය විශිෂ්ට රංගන හැකියාවෙන්,කඩවසම් පෙනුමෙන් සහ ආකර්ශනීය පෞරුෂයෙන් මුළු මහත් ලෝකයේම අවධානය හිමිකරගත් රංගන ශිල්පියෙක්. එකිනෙකට වෙනස් චරිතවලින් ප්‍රේක්ෂකයන් හමුවට ආ ඔහු මරණය පෙනි පෙනී දිවි ගලවා ගත් අවස්ථා කිහිපයක් ම තිබූ බව පැවසෙනවා. ප්‍රේක්ෂක සිත් ප්‍රේමයෙන් මුසපත් කළ Titanic චිත්‍රපටයේ ආදරණීය ප්‍රේමවන්තයා ඔහුයි. ආදරණීය Leo නොහොත් Leonardo Dicaprio සමගින් www.wired.com සිදුකළ කතාබහක්.
    • The Revenant චිත්‍රපටය මොන වගේ අත්දැකීමක්ද?

    ශාරීරිකව එය හරිම වෙහෙසකර අත්දැකීමක්. රූගත කිරීම්වලට දුරබැහැර යන්න අපිට සිදුවුණා දක්ෂිණ ධ්‍රැවයට. පෘථිවියේ දකුණු කෙළවරට. වැඩ කරන්න වුනේ අධික සීතල සමගින්. හැම දවසක්ම අසීරු දවසක් වුණා. මම හිතන්නෙ ඒ අත්දැකීම මගේ ජීවිතයේ එක පරිච්ඡේදයක්. එය වීර කාව්‍යයක්. The Revenant කියන්නෙ මට ලැබුණු අසීරුම චිත්‍රපටය. රූගත කිරීමට අපහසු නිසාම ගොඩක් අධ්‍යක්ෂකවරු කැමති වුණේ නැහැ මේ චිත්‍රපටය කරන්න. ඇත්තෙන්ම,රූගත කිරීම් කටයුතු හරිම පිළිවෙලට තිබුණා.

    Leonardo Dicaprio

    • එළිමහනේ කාලය ගත කරන්න ඔබ කැමතියිද?

    ඔව්.මම සොබා දහමට ආදරෙයි. වනගත ප්‍රදේශවලට,කිමිදීමට.

    • ඔබට බොහොම බිහිසුණු අත්දැකීම්වලට මුහුණ දෙන්න සිදුවෙලා තිබෙන බව මං අහලා තියනවා.

    මම අනූනවයෙන් බේරුණු අවස්ථා කිහිපයක්ම තියෙනවා. බළලුන්ට පණ නවයක් තියෙනවලුනේ. මිනිස්සුන්ටත් එහෙම තියෙනවනං දැනටමත් මම එයින් කිහිපයක්ම භාවිතා කරලා ඉවරයි. මෝරෙක් සම්බන්ධ සිදුවීමකුත් තියෙනවා.

    • මෝරෙක්..!?

    ඔව්. ඒ දකුණු අප්‍රිකාවේදී. මම කිමිදෙමින් සිටියා. සුදුපාට ලොකු මෝරෙක් මගේ කූඩුවේ හැපුනා. උගේ ඇඟෙන් කොටසක් මගෙ කූඩුවේ තිබුනෙ. ඌ සිටියේ ටූනා මාළුවෙක්ව ගොදුරු කරගනිමින්. මං ගාව වීඩියෝ එක තියෙනවා. එතන හිටිය අය කිව්වා ඒ වගේ සිදුවීමක් කලින් සිදුවුණේ මීට අවුරුදු තිහකට විතර පෙර කියලා. එක්තරා අවස්ථාවකදී මා අසලම ගුවන්යානයක පිපිරුමක් සිදුවුණා. Skydive කරද්දිත් මම අනතුරට පත්වුණා. ඊට පස්සෙ මම ඒක කරේ නැහැ.

    • ඔබ කොහොමද මිනිසුන්ගේ අවධානයෙන් ගැලවෙන්නෙ?

    මම එයින් ගැලවෙන්නෙ නැහැ.

    Leonardo Dicaprio

    • නමුත්,ගොඩක් ප්‍රසිද්ධ අය ඒකට කැමති නැහැ නේද?

    එය සෙල්ලමක් වගේ. පැපරාසීන් සහ මට කැමති අයගේ අවධානය ලැබීම. මම හිතන්නෙ ඒක මගෙ රැකියාවේ කොටසක්. මගේ ජීවිතයේ කොටසක්. මම කරන දෙයට මං ආදරෙයි. මට මොනවහරි අත්දැකීමක් ගන්න ඕන නම්,කොහෙහරි යන්න ඕනෙ නම්,මම යනවා. ඒකෙන් මගේ ජීවිතයට සාමාන්‍ය බවක් ලැබෙනවා.

    • ඔබ පරිසරවේදියෙක් වුණේ කොහොමද?

    කුඩා කාලයේ සිටම ජීව විද්‍යාව,ජෛව විවිධත්වය වගේ දේවල් ගැන මම උනන්දුයි.

    • ඔබේ කුඩා කාලය ගැන දැනගන්න කැමතියි.

    මම ජීවත්වුනේ Los Angeles වල Silver Lake ප්‍රදේශයේ. සොබාදහම සම්බන්ධව තිබෙන චිත්‍රපට,වාර්තා චිත්‍රපට ගොඩක් නැරඹුවා. ඒ දේවල් ගැන උනන්දු වුණා. Titanic චිත්‍රපටයෙන් පසුව පාරිසරික ගැටළු පිළිබඳව වැඩි අවධානයක් යොමු කළා. මානව සංහතියට තිබෙන ලොකුම ගැටළුව තමයි දේශගුණික විපර්යාස. මම ඒ සම්බන්ධව කතාකරා. පදනමක් හැදුවා. ලෝකයේ සියළු දෙනා එක්ව,අපි හැමෝම පරිසරය රැක ගැනීම සඳහා කටයුතු කළ යුතුයි. මිනිස් ශිෂ්ටාචාරය තුළ එහෙම එක්වීමක් කවදාවත්ම සිදුවෙලා නෑ. සමාජ මාධ්‍යයත් මේ සම්බන්ධව මොනවහරි කරන්න ඕන.

    • මාධ්‍යවේදියෙකු සමග සිදුකරන සම්මුඛ සාකච්ඡාවකින් බේරෙන හැටි ඔබට ඉගැන්නුවේ කවුද?

    (සිනාසෙයි) ප්‍රශ්නය මොකක් වුනත් කමක් නෑ. ඔබ කතාකරන්න ඕන ඔබට කතාකරන්න වුවමනා දේ.

    Leonardo Dicaprio

    Latest news

    නුවරඑළියේ සිදු කළ පරීක්ෂාවකදී ධාවනයට නුසුදුසු වාහන 73 ක් ධාවනයෙන් ඉවත් කරේ

    නුවරඑළියේ සිදු කළ හදිසි වායු විමෝචන පරීක්ෂාවකදී, වාහන 73 ක් දින 14 ක කාලයක් සඳහා තාවකාලිකව ධාවනයෙන් ඉවත් කිරීමට...

    අලුතින් පත්ව පැමිණි තානාපතිවරු තිදෙනෙක් ජනපති වෙත සිය අක්තපත්‍ර භාර දෙයි

    මෙරටට අලුතින් පත්ව පැමිණි තානාපතිවරු තිදෙනෙක් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත සිය අක්තපත්‍ර භාරදී තිබෙනවා. 01 - කොළඹ...

    වැල්ලවායේ කුඩු බෙදූ ප්‍රධාන සැකකරුවෙකු අත්අඩංගුවට

    වැල්ලවාය ප්‍රදේශයට හොරොයින් මත්ද්‍රව්‍ය බෙදූ ප්‍රධාන සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.ඒ, පොලීසිය විසින් වැල්ලවාය නගරයේ සිදුකළ වැටලීමකදීයි. සැකකරු සන්තකයේ තිබී අළෙවි...

    ජනපති අනුර රටවල් කිහිපයක නායකයින් නවදිල්ලියේදී හමුවෙයි

    නවදිල්ලි නුවර පැවැත්වෙන ්ෂ ඉම්පැක්ට් 2026 සමුළුවට සහභාගිවී සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා රටවල් කිහිපයක නායකයින් සමග ද්විපාර්ශ්වික...
    - Advertisement -spot_img

    රත් දෝතළු – 38

    රත් දෝතළු - 38 අහස් යනු අමුතුම අයෙකු යැයි කියා මට සිතිණි. වරෙක රළු ලෙසින් කතාබහ කළද සැනෙකින් මෘදු වන්නේ...

    Covid වසංගත සමයේ අපුරු මිතුදමක කතාවක්

    Covid වසංගත සමයේ අපුරු මිතුදමක කතාවක් - Homebound සමහර මිතුරුකම් ලේ නෑකම්වලට වඩා ප්‍රභලයි. අම්මා තාත්තටත් වඩා හදවතට සමීපයි. යහළුවෙක්ට...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page