InterviewsKriti Sanon මගේ හිත යන්නෙම උස පිරිමින්ට

Kriti Sanon මගේ හිත යන්නෙම උස පිරිමින්ට

-

spot_img

Kriti Sanon රූමත්කමින් පමණක් නොව සිය රංගන හැකියාව තුළින්ද ප්‍රේක්ෂක සිත් වසඟයට ගත් තරුවක්. විවිධාකාර චරිත ඔස්සේ ප්‍රේක්ෂකයන් හමුවට පැමිණි ඇය නොසැලෙන අධිෂ්ඨානයක් සහිත තම වෘත්තිය වෙනුවෙන් කැපවීමෙන් කටයුතු කරන රංගන ශිල්පිනියක් ලෙසින් ප්‍රකටයි. Do Patti චිත්‍රපටය තුළින් ඇය චිත්‍රපට නිෂ්පාදනයටද පිවිසියා.

• Do Patti චිත්‍රපටය සමගින් දැන් ඔබ චිත්‍රපට නිෂ්පාදකවරියක්.
මම එයින් බලාපොරොත්තුවෙන්නෙ නිෂ්පාදනය ගැන තවදුරටත් ඉගෙන ගැනීම. මම සහ මගේ සම නිෂ්පාදකවරිය Kanika Dhillon ගෙ අරමුණ වුණේ හොඳ චිත්‍රපටයක් නිපදවීම. මම ක්ෂේත්‍රයේ අවුරුදු ගණනක් වැඩ කළා. මම දිනකට පැය 16 ක් වැඩ කළා. මට හිතෙනව මේ ක්ෂේත්‍රය ඇතුලෙ මාව සූරාකෑමට ලක් වුණා කියලා.

Kriti Sanon

• ඔබ මේ චිත්‍රපටය නිෂ්පාදනය කරන්න හිතුවෙ ඇයි?
මට අවශ්‍ය වුණා චිත්‍රපට නිෂ්පාදනයෙ සෑම අංශයකටම සම්බන්ධ වෙන්න. ක්ෂේත්‍රයට ආවට පස්සෙ මම නිතරම කුතුහලයෙන් සිටියා. සංගීතය, සංස්කරණය මේ හැමදෙයක්ම කෙරෙහි අවධානය යොමු කළා. Mimi චිත්‍රපටයෙන් පස්සෙ මම වඩාත් හොඳ චරිත කෙරෙහි ආකර්ෂණය වුණා. කනිකා මුණගැහුණට පස්සෙ ඇයත් එක්ක චිත්‍රපට නිෂ්පාදනය ගැන මගේ ආශාව ඇයට කිව්වා. මාසයකට පසුව ඇය අපි දෙන්නගෙම අදහස් එකතු කරල ලස්සන කතාවක් කිව්වා. මම ඒකට එක පයින්ම කැමති වුණා.
• ඔබ Dilwale චිත්‍රපටයෙ කාජල් සමග වැඩ කළා.Do patti චිත්‍රපටයෙන් නැවත ඇය මුණගැහීම මොන වගේ අත්දැකීමක්ද?
ඒ කාලෙ මම අලුත්. මට දැනුනෙ නුහුරු ගතියක්. දුරස්ථ බවක්. මට දැණුනෙ මම කොන්වෙලා වගේ. ඒ වූණත් Do patti සමග ඒ දුරස්ථ බව නැතිවුණා.
• ඩිම්පල් කපාඩියා, කාජල්, කරීනා, තාබු එක්ක ඔබ වැඩකළා.
ඩිම්පල් මැඩම් එක්ක මම කුඩා දර්ශනයක් රඟපෑවේ. ඇය සිනාසෙමින් මගේ රංගනයට ප්‍රශංසා කළා. මම කැමතියි කවදහරි ඈ තරම් හොඳින් රඟපාන්න. කරීනා රඟපෑමේදී ගොඩක් සූදානම් වෙනවා. සම්පූර්ණයෙන්ම චරිතයට අවධානය යොමු කරනවා. තාබු මැඩම් නිරායාසයෙන්ම රඟපාන්නෙ සූදානම් වීමකින් තොරවමයි. කාජල් මැඩම්ට ‍රඟපාලා ඉවර වුණාමත් චරිතය තව හොඳට කරන්න ඕනෙ කියන තරමේ කැපවීමක් තියෙනවා. ඒක මට මතක් කරලා දෙන්නෙ චරිතයක් වෙනුවෙන් ෂාරුක් සර්ගෙ කැපවීම.
• චිත්‍රපට ක්ෂේත්‍රයේ කාන්තාවන් මුහුණදෙන අභියෝග මොනවද?
මේ වන විට රංගන ශිල්පිනියන් ශක්තිමත් ගැහැණුන්ගේ චරිත රඟපාමින් සිටිනවා. කාන්තාවන් ප්‍රධාන චරිතය කරන කතාවලට ප්‍රසිද්ධිය ලැබෙනව අඩුයි කියලා මට හිතෙනවා. එය වෙනස් කරන්න ඕනේ. ගංගුබායි එයට හොඳම උදාහරණයක්.

Kriti Sanon

• ඔබ සහ ඔබේ නංගි අතර සම්බන්ධය කොහොම එකක්ද?
මගේ නංගි නූපූර්ට මම ගොඩාක් සමීපයි. එයා මම ගැන හැමදෙයක්ම දන්නවා. අපිට වෙනම යාළුවන් සිටිය, අපි එතරම් මුණ ගැහුණෙ නැති කාල තිබුණා. අපි අතරෙ හැලහැප්පීම් තිබුණා. ඒත් වයසට යද්දි අපි අතරෙ බැඳීම ශක්තිමත් වෙලා අපි හොඳම යාළුවො වුණා. තාමත් අපි රණ්ඩු වෙනවා. ඒ වගේම මම ඇයව ගොඩක් පරිස්සම් කරනවා.
• ඇය ආදර සම්බන්ධයක් පවත්වනවනම්, ඔබ ඇයට උපදෙස් දෙනවද?
නැහැ. එයා එයාගෙ සම්බන්ධෙ ගැන සිහි බුද්ධියෙන් ඉන්න ඕනෙ.
• ඔබ ආවෙ දිල්ලි නගරයෙන්. එහෙ පිරිමි අය කාන්තාවන්ට කරන හිරිහැර ගැන කතන්දර නිතර අහන්න ලැබෙනවා?
දිල්ලි නගරය කාන්තාවන්ට අනාරක්ෂිත බව කියනවා. විශේෂයෙන්ම රෑ 8 න් පස්සෙ. මගේ දෙමව්පියන් රෑ අටෙන් පස්සෙ මම කොහෙද කියලා හොයනවා. යාළුවොත් එක්ක එළියට යනවනම් අපි සමග අනිවාර්යයෙන්ම පිරිමි යාළුවන් හිටියා. නමුත් මුම්බායි වල මම තනියම ගමන් බිමන් යනවා. (මගේ රියැදුරු සමග හෝ තනිවම) මට දිල්ලියේ ලක්ෂණ තියනවා. මම වේගෙන් කතාකරනවා.
• ඔබේ චිත්‍රපට එතරම් සාර්ථක නොවුණෙ ඔබ දුර්වල චරිත රඟපාන නිසා බවට අදහස් තිබුණා.
නිළියක් ලෙසින් චිත්‍රපටය සාර්ථක වීම හෝ අසාර්ථක වීම මගේ පාලනයෙන් තොරයි. මම චිත්‍රපටයක වැඩ බාර ගත්තට පසුව මගේ උපරිමයෙන් ඒ සඳහා කැපවෙනවා.

Kriti Sanon

 

• ඔබේ රංගන ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය මොකක්ද?
Dilwale නෙමේ. Bareilly Ki Barfi සැබෑ හැරවුම් ලක්ෂ්‍යයක්. Mimi ත් එහෙමයි. Shifra රොබෝවරියගේ චරිතයෙන් මිනිස්සු මට ගොඩක් ආදරේ කරන්න ගත්තා.
• පෙම් සබඳතාවලට උස බලපාලා නැද්ද?
( සිනාසෙයි) මම කැමති මගේ උසම හෝ ඊට වඩා උස පිරිමින්ට. මට බෑ පහළ බලාගෙන සිප ගන්න. උරහිසට වාරුවෙලා ඉන්නත් මම ආසයි. ඒ කිව්වට මම මට වඩා උසින් අඩු නළුවන් එක්ක රඟපෑවා. ඔවුන් මට සහයෝගය දුන්නා.
• සාර්ථක කාන්තාවන්ට පිරිමි අකමැතියි. ඔබ එයට මුහුණපා තියෙනවද?
ඔව්. මට එහෙම කෙනෙක් මුණගැහුනා. ඒ සම්බන්ධය වැඩි කාලයක් තිබුණෙ නෑ. සබඳතාවයකදි අනෙකාට සහය වෙන්න ඕනෙ. මම පිරිමියෙකුගෙන් ඒ සහය බලාපොරොත්තු වෙනවා.

Kriti Sanon

• සබඳතාවකදි ඔබ මොන වගේද?
මම හොඳ ආදරවන්තියක්. ආදරේ කරනවා. තේරුම් ගන්නවා. විශ්වාස කරනවා.
• පරමාදර්ශී සහකරුවෙකු තුළ තිබිය යුතු ලක්ෂණ පහක්?
ගෞරවය, අවංකභාවය, ශක්තිමත් මිත්‍රත්වය, එකට විනෝදවීම සහ සමාන පවුල් පසුබිමක්.
Film Fare ඇසුරිනි –

Latest news

සිල්වර් ඩෝන් සුඛෝපභෝගී නෞකාවේ ශ්‍රී ලංකා සංචාරය

සිල්වර් ඩෝන් නැමැති අතිසුඛෝපභෝගී මගී නෞකාව  ඊයේ ( 09) ගාල්ල වරායට පැමිණ තිබේ.සංචාරකයන් 596 දෙනෙකු රැගත් මෙම නෞකාව දින 141ක ලෝක සංචාරයක...

ගාල්ල බන්ධනාගාරයේ කාන්තා වාට්ටුවෙන් සොයාගත් ජීව උණ්ඩ

ගාල්ල බන්ධනාගාරයේ තිබී ජීව උණ්ඩ කිහිපයක් සොයාගෙන තිබෙනවා.ඒ බන්ධනාගාර නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමකදීයි. බන්ධනාගාරයේ කාන්තා රැඳවූවන් රඳවා...

අද දවසේ වැසි ඇතිවන ප්‍රදේශ සහ ඉර මුදුන් වන ප්‍රදේශ

අද (අප්‍රේල් 07) දිනයේදී උතුරු, උතුරු-මැද, මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණු පළාත්වල ප.ව 1.00 න් පසුව තැනින් තැන වැසි...

ජනපති අනුරගේ පාස්කු ඉරුදින පණිවිඩය

දුකට පත් ජනතාවගේ ගැලවීම වෙනුවෙන් සිය ජීවිතය කැප කළ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසප්‍රාප්තියෙන් පසු මරණයේ අඳුර පරාජය කරමින් උත්ථානය...
- Advertisement -spot_img

රත් දෝතළු – 65

රත් දෝතළු - 65 මා නිසා අහස්ගේ කාර්යයන් පහසුව ඇති බව විනිෆ්‍රීඩා මහත්මිය මා සමඟ කීවාය. බොහෝ විට මම ඔහුගේ...

අහඹු සිදුවීම් ජිවිතේ වෙනස් කරනව

අහඹු සිදුවීම් ජිවිතේ වෙනස් කරනව - It Was Just an Accident හැමදේකටම හේතුවක් තියෙනව. අපි අහම්බයක් කියලා හිතන දෙයක් වුණත්...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you