More
    spot_img
    InterviewsJohn Abraham: මම මරණයට සහ අසාර්ථකවීමට බය නැහැ

    John Abraham: මම මරණයට සහ අසාර්ථකවීමට බය නැහැ

    -

    spot_img

    John Abraham : ඔහු, බොලිවුඩ් ක්‍රියාදාම චිත්‍රපට සඳහා නැතිවම බැරි රංගන ශිල්පියෙක්.අසීමිත කාන්තා ආකර්ෂණයකට උරුමකම් කියන ඔහු කඩවසම්බවේ අපූර්වතම සංකේතයක්. මේ John Abraham සමගින් ( Man’s World India සඟරාව) සිදුකළ කතාබහක්.

    • ඔබගේ වර්තමානය ගැන ඔබට සිතෙන්නේ මොනවද?

    මම මේ මොහොත ගැන තෘප්තිමත්. භෞතික වශයෙන් මගේ ඉලක්කය නිරෝගී සිරුරක් පවත්වාගැනීම.

    • කාන්තාවන් සම්බන්ධව හැම පිරිමියෙක් ම දැනගත යුතුම දේ මොකක්ද?

    හැමවිටම ඔබ ඔබේ සීමාවේ සිටින්න. ඔවුන්ට බාධා කරන්න යන්න එපා.

    • ඔබේ ලොකුම දුර්වලකම මොකක්ද?

    දුර්වලකම් ගොඩක් තියෙනවා. මට හිතෙන්නෙ මං අනිත් අයත් එක්ක සන්නිවේදනය කරනවා, සබඳකම් තියාගන්නවා මදියි.

    • ඔබ නිතරම භාවිතා කරන වචනය?

    ඇත්තෙන්ම සහ ඔව්. මම කැමතියි “නැහැ” කියලා කියන්නත් ඉගෙනගන්න.

    • ඔබට අවස්ථාවක් ලැබුනොත් වෙනත් අයෙක් වෙන්න,ඔබ කැමති කවුරු බවට පත්වෙන්න ද?

    මම ජෝන් ඒබ්‍රහම් වීම මට සතුටක්.

    • හැම කෙනෙක්ටම තිබිය යුතු දෙයක් කියන්න.

    යහපත් පුද්ගල සබඳතා.

    • ඔබේ ජීවිතය වෙනස්කළ වටිනාම දේ මොකක්ද?

    මගේ දෙමව්පියන්. ඔවුන් අවංකයි සහ අධ්‍යාපනයේ ඇති වැදගත්කම ගැන මට පහදාදුන්නෙත් ඔවුන්.

    Jhone-Abraham

    • ඔබ විසින්ම කඩකරන ඔබේම ප්‍රතිපත්ති මොනවද?

    මම මගේ ප්‍රතිපත්ති කඩකරන්නේ නැහැ.

    • ඔබට බයක් දැනෙන්නේ මොනව ගැනද?

    මම මරණයට සහ අසාර්ථකවීමට බය නැහැ. සාර්ථකත්වය කරා ළඟාවීම පිළිබඳව මට දැනෙන්නේ බයක්.

    • මිය යෑමට පෙර විඳින්න කැමති අත්දැකීමක් තියෙනවද?

    මොහොතකට හෝ ශරීරයෙන් බැහැරවෙලා ඉන්න මම කැමතියි. (Out Of Body Experience)

    • ජීවිතයේ ඔබ සොයමින් සිටින්නේ මොනවාද?

    මට අවශ්‍ය නැති දේවල්.එය මාව අසතුටට පත් කරනවා. ඒක එච්චර හොඳ දෙයක් නෙමේ.

    • පෘථිවියේ ඔබ කැමතිම තැන?

    මම ආසයි කලබලකාරී නැති, දිග පාරක බයික් පදින්න. ඒ Pacific Coast Highway එක, හිමාලය හෝ ලෝකයේ ඕනෑම තැනක් වෙන්න පුළුවන්.

    • ඔබව කෝපයට පත්කරන්නේ මොනවද?

    මිනිස්සු මට බොරු කියන එක මට ඉවසන්න අමාරුයි.

    • ඔබ ගැන හඳුන්වන්න.

    මම සරල ජීවිතයක් ගතකරන සරල මනුෂ්‍යයෙක්.

    • පරිපූර්ණ සතුට ගැන ඔබේ අදහස?

    එය අදහසක් පමණයි.

    • ඔබේ පරණම මතකය මොකක්ද?

    මට වයස අවුරුද්දෙදි වගේ අපි ජීවත්වුනේ Bhandup ප්‍රදේශයේ. ළඟදි දවසක මම ඒ ගෙදර ඇඳ ළඟ ඉඳලා ඉස්සරහ දොර ගාවට වෙනකම් පිහිටීම මතක් කළා. මට ආසයි ඒ මතකය හරිද කියලා බලන්න.

    • ඔබ සතු වටිනාම දේ?

    මගේ පවුල. මම මගේ පවුලට තදින් බැඳුන කෙනෙක්. මම බයික්වලටත් කැමතියි.

    Latest news

    Paetongtarn Shinawatra තායි අගමැතිවරියගේ සේවය අත්හිටුවයි

    Paetongtarn Shinawatra - දුරකථන ඇමතුමක් මාධ්‍යයට නිකුත්වීම නිසා ඇති වූ තත්ත්වයක් හේතුවෙන් තායි අගමැතිවරිය වූ Paetongtarn Shinawatra ගේ වැඩ තහනම්...

    Kahawatte වෙඩි තැබීමකින් තරුණයෙක් මරුට

    Kahawatte - කහවත්ත, යාඉන්න ප්‍රදේශයේ සිදුකළ වෙඩි තැබීමකින් එක් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එහිදී තවත් තරුණයෙකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා...

    Bus drivers බස් රථ රියදුරන් ආසන පටි පැළඳීමේ නීතිය අද සිට

    Bus drivers - බස් රථ රියදුරන් ආසන පටි පැළඳීමේ නීතිය අද (01) සිට අනිවාර්යය බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව...

    Passes away හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි

    Passes away - හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යන විට ඔහු 82 වියේ පසු වුණා. වසර ගණනාවක් පාර්ලිමේන්තු...
    - Advertisement -spot_img

    Bus drivers බස් රථ රියදුරන් ආසන පටි පැළඳීමේ නීතිය අද සිට

    Bus drivers - බස් රථ රියදුරන් ආසන පටි පැළඳීමේ නීතිය අද (01) සිට අනිවාර්යය බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව...

    Passes away හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි

    Passes away - හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යන විට ඔහු 82 වියේ පසු වුණා. වසර ගණනාවක් පාර්ලිමේන්තු...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page