InterviewsJenna Ortega තමන්ගෙම ලෝකෙක තනිවෙන්න හෙඩ් ෆෝන් දාගන්න

Jenna Ortega තමන්ගෙම ලෝකෙක තනිවෙන්න හෙඩ් ෆෝන් දාගන්න

-

spot_img
Jenna Ortega ළමා රංගන ශිල්පිනියක් ලෙසින් ක්ෂේත්‍රයට පිවිස කෙටි කාල සීමාවක් තුළදීම අතිශය ජනප්‍රියත්වයක් හිමිකරගත් අයෙක්. Wednesday කතා මාලාවේ Wednesday Addams චරිතය ඇයට ලොව පුරා ප්‍රේක්ෂක ආකර්ෂණය හිමිකර දුන්නා. මේ,ඇය සමගින් Glamour සඟරාව සිදුකළ කතාබහක්.
• ඔබ රැල්ලට විලාසිතා කරන කෙනෙක්ද?

නැහැ. මං ඒකට කැමති නැහැ. නමුත් දැන් විලාසිතා ලෝකය ආයෙමත් උදාසීන වර්ණවලට යන්න පටන් අරගෙන තියෙනවා. මම ඒකට කැමතියි.

• ඔබ කිසිදා මිළදී නොගන්නා රූපලාවන්‍ය නිෂ්පාදන එහෙම තියෙනවද?

හිසකෙස් නිෂ්පාදන සඳහා මම සල්ලි වියදම් කරන්නෙ නැහැ. මම ඒ ගැන සැලකිළිමත් නැහැ. සමහර දවස්වලට මගෙ කොණ්ඩෙ ලස්සනයි. සමහර දවස්වලට කැතයි. ප්‍රශ්නයක් නැහැ.

Jenna Ortega

• ඔබ කොණ්ඩය කොටට කැපීම හරිම ජනප්‍රිය මාතෘකාවක් වුණා?

ඒක හදිසියේම ගත්ත තීරණයක්. දැන් ඒකට කියන්නෙ වුල්ෆ් කට් කියලා නේද? ඒත් මං ඒ විලාසිතාව දැනගෙන හිටියේ ෂැග් කියන නමෙන්. මං හිතනවා ඒ විලාසිතාව cute කියලා.

• ඔබේ අම්මගෙන් ලැබුණ වටිනම රූපලාවන්‍ය උපදෙස මොකක්ද?

ලිප් ලයිනර් ගැන මට කියලා දුන්නෙ ඇය.

Jenna Ortega

• ඔබ ගොඩක් සංචාරය කරන කෙනෙක්. රූපලාවන්‍ය ක්ෂේත්‍රය සම්බන්ධව ගොඩක් හොඳයි කියලා දැනුණු ඔබ කැමතිම නගරය හෝ රට මොකක්ද?

පැරීසිය. පැරීසියානුවන් අලංකාරය ගැන හොඳාකාරවම දන්නවා. මේ ළඟදි මම පළමු වතාවට බ්‍රසීලයට ගියා. මගෙ ජීවිතේ මම දැක්ක ලස්සනම මිනිස්සු එහේ හිටියා.

• ජීවිත කාලයටම ඔබට පාවිච්චි කරන්න අවස්ථාව ලැබෙන්නෙ රූපලාවන්‍ය නිෂ්පාදන තුනක් පමණයි කියලා හිතමු. එසේනම් ඔබ මොනවද තෝරාගන්නේ?

තොල් සඳහා Vaseline හෝ Aquaphor, සන්ක්‍රීම් සහ පනාවක්. මම මූලික අවශ්‍යතා ගැන පමණක් උනන්දු වෙනවා.

• ඔබ කැමතිම නිය ආලේපන වර්ණය?

ඇත්තටම මම නියපොතුවලට ස්වභාවික සත්කාර මොනවත් කරන්නෙ නැහැ. මම කැමතියි ඒව කෙටියට කපලා පිරිසිඳුව තියාගන්න. කළු සහ රතු පාටවලට මම කැමතියි. රතු පාට නිය ආලේපන ගාපුවම මට හිතෙනවා අත් දෙකෙන් අදහස් ප්‍රකාශ කරන්න පුළුවන් කියලා.

• ඔබේ Perfume එක?

Dior Gris. ඒක හරි සම්භාව්‍යයි. මම ඒ සුවඳට කැමතියි.

• තනියම ඉන්න වෙලාවට මොනවද ඔබ කරන්න කැමති ?

සංගීතය අහන්න. බාහිර ලෝකයෙන් ඈත්වෙලා මට මම එක්ක මොහොතක් ගත කරන්න උවමනා වුනාම මම හෙඩ්ෆෝන් දාගන්නවා.

Jenna Ortega

• ආදරය කරන ගායකයා /ගායිකාව කවුද?

Sade. ඕනම මොහොතක ඇගේ ගීත අහන්න මම ආසයි.

• ඉදිරි දිනවල ඔබ වැඩද? නැතිනම් නිවාඩු ද?

නිවාඩු නැහැ. Wednesday Season 2 රූගත කිරීම් සමගින් කාර්යබහුලයි. එය සිත්ගන්නාසුළු දෙයක්.

Latest news

සිල්වර් ඩෝන් සුඛෝපභෝගී නෞකාවේ ශ්‍රී ලංකා සංචාරය

සිල්වර් ඩෝන් නැමැති අතිසුඛෝපභෝගී මගී නෞකාව  ඊයේ ( 09) ගාල්ල වරායට පැමිණ තිබේ.සංචාරකයන් 596 දෙනෙකු රැගත් මෙම නෞකාව දින 141ක ලෝක සංචාරයක...

ගාල්ල බන්ධනාගාරයේ කාන්තා වාට්ටුවෙන් සොයාගත් ජීව උණ්ඩ

ගාල්ල බන්ධනාගාරයේ තිබී ජීව උණ්ඩ කිහිපයක් සොයාගෙන තිබෙනවා.ඒ බන්ධනාගාර නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමකදීයි. බන්ධනාගාරයේ කාන්තා රැඳවූවන් රඳවා...

අද දවසේ වැසි ඇතිවන ප්‍රදේශ සහ ඉර මුදුන් වන ප්‍රදේශ

අද (අප්‍රේල් 07) දිනයේදී උතුරු, උතුරු-මැද, මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණු පළාත්වල ප.ව 1.00 න් පසුව තැනින් තැන වැසි...

ජනපති අනුරගේ පාස්කු ඉරුදින පණිවිඩය

දුකට පත් ජනතාවගේ ගැලවීම වෙනුවෙන් සිය ජීවිතය කැප කළ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසප්‍රාප්තියෙන් පසු මරණයේ අඳුර පරාජය කරමින් උත්ථානය...
- Advertisement -spot_img

ගාල්ල බන්ධනාගාරයේ කාන්තා වාට්ටුවෙන් සොයාගත් ජීව උණ්ඩ

ගාල්ල බන්ධනාගාරයේ තිබී ජීව උණ්ඩ කිහිපයක් සොයාගෙන තිබෙනවා.ඒ බන්ධනාගාර නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමකදීයි. බන්ධනාගාරයේ කාන්තා රැඳවූවන් රඳවා...

රත් දෝතළු – 65

රත් දෝතළු - 65 මා නිසා අහස්ගේ කාර්යයන් පහසුව ඇති බව විනිෆ්‍රීඩා මහත්මිය මා සමඟ කීවාය. බොහෝ විට මම ඔහුගේ...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you