More
    spot_img
    InterviewsJenna Ortega තමන්ගෙම ලෝකෙක තනිවෙන්න හෙඩ් ෆෝන් දාගන්න

    Jenna Ortega තමන්ගෙම ලෝකෙක තනිවෙන්න හෙඩ් ෆෝන් දාගන්න

    -

    spot_img
    Jenna Ortega ළමා රංගන ශිල්පිනියක් ලෙසින් ක්ෂේත්‍රයට පිවිස කෙටි කාල සීමාවක් තුළදීම අතිශය ජනප්‍රියත්වයක් හිමිකරගත් අයෙක්. Wednesday කතා මාලාවේ Wednesday Addams චරිතය ඇයට ලොව පුරා ප්‍රේක්ෂක ආකර්ෂණය හිමිකර දුන්නා. මේ,ඇය සමගින් Glamour සඟරාව සිදුකළ කතාබහක්.
    • ඔබ රැල්ලට විලාසිතා කරන කෙනෙක්ද?

    නැහැ. මං ඒකට කැමති නැහැ. නමුත් දැන් විලාසිතා ලෝකය ආයෙමත් උදාසීන වර්ණවලට යන්න පටන් අරගෙන තියෙනවා. මම ඒකට කැමතියි.

    • ඔබ කිසිදා මිළදී නොගන්නා රූපලාවන්‍ය නිෂ්පාදන එහෙම තියෙනවද?

    හිසකෙස් නිෂ්පාදන සඳහා මම සල්ලි වියදම් කරන්නෙ නැහැ. මම ඒ ගැන සැලකිළිමත් නැහැ. සමහර දවස්වලට මගෙ කොණ්ඩෙ ලස්සනයි. සමහර දවස්වලට කැතයි. ප්‍රශ්නයක් නැහැ.

    Jenna Ortega

    • ඔබ කොණ්ඩය කොටට කැපීම හරිම ජනප්‍රිය මාතෘකාවක් වුණා?

    ඒක හදිසියේම ගත්ත තීරණයක්. දැන් ඒකට කියන්නෙ වුල්ෆ් කට් කියලා නේද? ඒත් මං ඒ විලාසිතාව දැනගෙන හිටියේ ෂැග් කියන නමෙන්. මං හිතනවා ඒ විලාසිතාව cute කියලා.

    • ඔබේ අම්මගෙන් ලැබුණ වටිනම රූපලාවන්‍ය උපදෙස මොකක්ද?

    ලිප් ලයිනර් ගැන මට කියලා දුන්නෙ ඇය.

    Jenna Ortega

    • ඔබ ගොඩක් සංචාරය කරන කෙනෙක්. රූපලාවන්‍ය ක්ෂේත්‍රය සම්බන්ධව ගොඩක් හොඳයි කියලා දැනුණු ඔබ කැමතිම නගරය හෝ රට මොකක්ද?

    පැරීසිය. පැරීසියානුවන් අලංකාරය ගැන හොඳාකාරවම දන්නවා. මේ ළඟදි මම පළමු වතාවට බ්‍රසීලයට ගියා. මගෙ ජීවිතේ මම දැක්ක ලස්සනම මිනිස්සු එහේ හිටියා.

    • ජීවිත කාලයටම ඔබට පාවිච්චි කරන්න අවස්ථාව ලැබෙන්නෙ රූපලාවන්‍ය නිෂ්පාදන තුනක් පමණයි කියලා හිතමු. එසේනම් ඔබ මොනවද තෝරාගන්නේ?

    තොල් සඳහා Vaseline හෝ Aquaphor, සන්ක්‍රීම් සහ පනාවක්. මම මූලික අවශ්‍යතා ගැන පමණක් උනන්දු වෙනවා.

    • ඔබ කැමතිම නිය ආලේපන වර්ණය?

    ඇත්තටම මම නියපොතුවලට ස්වභාවික සත්කාර මොනවත් කරන්නෙ නැහැ. මම කැමතියි ඒව කෙටියට කපලා පිරිසිඳුව තියාගන්න. කළු සහ රතු පාටවලට මම කැමතියි. රතු පාට නිය ආලේපන ගාපුවම මට හිතෙනවා අත් දෙකෙන් අදහස් ප්‍රකාශ කරන්න පුළුවන් කියලා.

    • ඔබේ Perfume එක?

    Dior Gris. ඒක හරි සම්භාව්‍යයි. මම ඒ සුවඳට කැමතියි.

    • තනියම ඉන්න වෙලාවට මොනවද ඔබ කරන්න කැමති ?

    සංගීතය අහන්න. බාහිර ලෝකයෙන් ඈත්වෙලා මට මම එක්ක මොහොතක් ගත කරන්න උවමනා වුනාම මම හෙඩ්ෆෝන් දාගන්නවා.

    Jenna Ortega

    • ආදරය කරන ගායකයා /ගායිකාව කවුද?

    Sade. ඕනම මොහොතක ඇගේ ගීත අහන්න මම ආසයි.

    • ඉදිරි දිනවල ඔබ වැඩද? නැතිනම් නිවාඩු ද?

    නිවාඩු නැහැ. Wednesday Season 2 රූගත කිරීම් සමගින් කාර්යබහුලයි. එය සිත්ගන්නාසුළු දෙයක්.

    Latest news

    Paetongtarn Shinawatra තායි අගමැතිවරියගේ සේවය අත්හිටුවයි

    Paetongtarn Shinawatra - දුරකථන ඇමතුමක් මාධ්‍යයට නිකුත්වීම නිසා ඇති වූ තත්ත්වයක් හේතුවෙන් තායි අගමැතිවරිය වූ Paetongtarn Shinawatra ගේ වැඩ තහනම්...

    Kahawatte වෙඩි තැබීමකින් තරුණයෙක් මරුට

    Kahawatte - කහවත්ත, යාඉන්න ප්‍රදේශයේ සිදුකළ වෙඩි තැබීමකින් එක් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එහිදී තවත් තරුණයෙකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා...

    Bus drivers බස් රථ රියදුරන් ආසන පටි පැළඳීමේ නීතිය අද සිට

    Bus drivers - බස් රථ රියදුරන් ආසන පටි පැළඳීමේ නීතිය අද (01) සිට අනිවාර්යය බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව...

    Passes away හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි

    Passes away - හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යන විට ඔහු 82 වියේ පසු වුණා. වසර ගණනාවක් පාර්ලිමේන්තු...
    - Advertisement -spot_img

    Bus drivers බස් රථ රියදුරන් ආසන පටි පැළඳීමේ නීතිය අද සිට

    Bus drivers - බස් රථ රියදුරන් ආසන පටි පැළඳීමේ නීතිය අද (01) සිට අනිවාර්යය බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව...

    Passes away හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි

    Passes away - හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යන විට ඔහු 82 වියේ පසු වුණා. වසර ගණනාවක් පාර්ලිමේන්තු...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page